Meemure Jungle Resort

Friday, February 18, 2011

හපොයි.......... ඔන්න 100යි........

2010 මැයි මාසයේ 28... එදා තමයි දවස.. වෙලාව පෙරවරු 10.28යි... ඔන්න මගෙ පළවෙනි පෝස්ට් එක එළි දැක්වුනා.... එදා ඉඳන් අද වෙනතුරු මාස නවයකට ආසන්න කාලයක් තිස්සෙ ගැට ගහගෙන ගහගෙන මෙන්න දානවා සියවන සටහන.... අද දවසේ ආපහු හැරිලා බලනකොට ඇත්තටම බ්ලොග් අඩවිය ගැන තියෙන්නෙ පුදුම සතුටක්..... පහතින් තියෙන්නෙ මගේ බ්ලොග් කලාවේ අවුරුද්දේ ගෙවුනු වැදගත් විස්තර......



බ්ලොග් එකෙන් ලැබුනු වැදගත්ම ප්‍රතිලාභය තමයි මට ලැබුනු යාළුවෝ.... දුකට සැපට එකට ඉන්න ඉතාම හොද යාලුවෝ ගොඩාක් මට මේ බ්ලොග් කලාව ලියන එකෙන් ලැබුනා...නම් වශයෙන් කියන්නේ නැත්තේ එක නමක් හරි මඟ ඇරුනොත් ඔහුට හෝ ඇයට ඇතිවෙන සිත් රිදීම වලක්වා ගන්නයි.... පහුගිය පෝස්ට් වල මේ යාළුවෝ ගැනත් අපූරු විස්තර තියෙනවා... ඒ නිසා මගේ යහලුවනේ.... ඔන්න තරහා වෙන්න එපා මම උඹලගේ නම් සඳහන් කරන්නෙ නෑ... 


ඒ වගේම ලංකාවේ විවිධ ක්ශේෂ්ත්‍ර වල ඉන්න ගොඩාක් දෙනා මට දුරකථනයෙන් කතා කරලා මගෙ මේ වැඩේ පසසලා මාව දිරිමත් කලා... අද වෙනකන් ලැබුනු 1400කට ආසන්න කමෙන්ට්ස් වලින් මම ලැබූ දිරිය වචනයෙන් කියන්න නොහැකි තරම්... පටන් ගද්දි හීනයක් වෙච්ච ෆලොවර්ස්ලා.. හිට්z ආදිය දැන් මම හිතුවාටත් වඩා එහා ගිහින්... ලියන්න වෙලාවක් නැතුව ඉද්දිත් ලියන්නම හිතෙන්නේ මේ අයට පින් සිද්ද වෙන්නයි... ඔයාල දුන්න හයිය මගෙ සිතේ ඇති කරන්නේ අප්‍රමාණ ධෛර්යයක්... ඒ වෙනුවෙන් ස්තූතියි ඔබට..... මුණ ගැහුනම මගේ බ්ලොග් එක ගැන ඔබ දුන්න යෝජනා වගේම චෝදනාත් මාව අඩි ගනනාවකින් ඉදිරියට තල්ලු කලා.... ඒ වෙනුවෙන් මාගේ හදපත්ලෙන් නැගෙන ස්තූතිය පිළි ගන්න...


ඒ වගේම සයිබර් සිහින උළෙල.... මම නිකමට දාපු පෝස්ට් එක.... ඒක සැබෑවක් වෙන්න කට්ටිය එකතු උනේ දවසින්... පිට්ටනිය වෙන් කරගෙන කමිටු හදාගෙන ඒ වැඩේ කරන්න එකතු උන හැටියටම මට හිතුනා මෙහෙම සිහිනයක් දැක්ක එකත් මහම මහ පිනක් හැටියට..... මේ වගෙ ක්‍රියා වලින් සයිබර් අවකාශයේ සමගිය ගොඩ නැගීම වගේම ගොඩාක් ධනාත්මක සිහිනයන් අපිට ඉටු කර ගැනීමට මුල් පියවරක් ලෙස දැකීමටද හැකි වේවි..


අනෙක... සයිබර් අවකාශයේ දැවැන්ත පුණ්‍යකර්මය... දිලුම්ගේ නිහඬ බව බිදීම... ඒ වෙනුවෙනුත් සැලකිය යුතු සහයෝගයක් ලබා දීමට ලැබීම මා ලැබූ විශාල භාග්‍යයක් ලෙස සලකන්න මට පුළුවන්.... ව්‍යාපාර කටයුතු එක්ක එන විවිධ මානසික පීඩනයන් ඇතුලේ මේ වගේ සද් කාර්යයකට අත ගසන්න ලැබීමත් මා ලද භාග්‍යයක්....



කවි, කතා, මඩ, විහිළු ආදී විවිධ මාතෘකා ගැන ලිව්වා වගේම ඉඳලා හිටලා දේශපාලනේ ගැනත් ලියුවා.... සමහරු කිව්වා මම නියමෙට ලියනවා කියලා.... සමහරු කිව්වා උබේ බ්ලොගෙන් කිසිම වැඩක් නෑ කියලා.... ඒත් මම ඔහෙ ලියුවා... හොඳම බ්ලොග් එක උඹේ කියපු අය වගේම මෙලෝ රහක් නෑ කියපු අයත් හිටියා.. සම්මාන වලදි ටැබූ විසින් සම්මානයක් පුද කරලා තිබීමත් මාව දිරිමත් කලා... ඒත් මම ඔහේ ලියුවා....


නම් වශයෙන් කියන්න විශේෂ ස්තූති දෙකක් තියෙනවා...


අංක 01. කතන්දර - ඔබතුමාගේ බ්ලොග් එකෙන් අභාශය ලබාගත්ත මම ලංකාවේ බ්ලොග් ක්ශේත්‍රයේ පොඩ්ඩක් විතර ස්ථාවරයි.... ඔබගේ පළවෙනි කමෙන්ට් එකෙන් කිව්වෙත් පටන් ගත්තට මදි කරගෙන යන්න ගට තියෙන්න ඕන කියලයි.... ඔන්න ඒ ගටෙන් 100ක්ම ලියුවා... ස්තූතියි ඔබට....


අංක 02. වැප් නිශාන්ත - බ්ලොග් එකේ තාක්ෂණික පැත්ත හදුන්වලා දුන්නේ ඔබතුමායි.... සින්ඩි වලට දාන හැටි අරවා මේවා ආදී බ්ලොග් එක ගැන දුන්න ශිල්පීය ඥාණය මට ගොඩක් වැදගත් උනා... ඒ විතරක් නෙවෙයි... සයිබර් ලෝකයේ මගේ හොඳ යහලුවෙක් බවටත් පත් උනා... ඒ වෙනුවෙනුත් මාගේ ස්තූතිය පිළිගන්න..


තවත් ලිව්වොත් ඒවා ලොකු ටෝක් වෙයිද දන්නෙ නෑ... එහෙනම් 101 වෙනි පෝස්ට් එකෙන් හමුවෙමු..... ආයෙත් ටිකක් හිනවෙන්න සැරසෙමු.....


ප.ලි. මම මෙය කියවන හැමෝගෙන්ම එක ඉල්ලීමක් කරනවා.. වෙනදා කමෙන්ට් නොකරට කමක් නෑ... ඔබේ කාලයෙන් පොඩ්ඩක් වැය කරලා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා යන්න... මගේ බ්ලොග් එක ගැන ඔබට හිතෙන දේ... මට එය මහත් රුකුලක් වේවි.... 

Thursday, February 17, 2011

සොඳුරු දැවැන්තයෙකුගේ රසබර මතක කතා..... (මඩ කථා)

ටිකක් හිනා වෙන්න බ්ලොග් එක දැන් මඩ බ්ලොග් එකක් වෙන්න යනවද මන්ද...? ඒත් මඩ නැතුව හිනා යනවද නේද? රත්ගමයා කියනවා වගේ කුප්ප කුජීත මඩ ගහනවට වඩා සුන්දර මඩක් ගහලා ටිකක් හිනාවෙන එක ලස්සනයි නේ... ඉතින් අපි කතාවට බහිමුකො... පහුගිය දවස් ටිකේ අන්වර්ථ නාම වලින් බ්ලොග් ලියන කට්ටිය මුණ ගැහෙන්න අවස්ථාව සැලසුනා.... ඒ අතරෙ දුකා, පිස්සා, ඕනයා, පිටස්තරයා, ලිශ්විශ්නිරහංකාර අහිංසකාවි, මුචලින්ද, ආදී ගොඩාක් දෙනෙක් හමු වුනා.... පිස්සා ලියලා තිබ්බා වගේ ඒ හමුවීම්නම් ඉතා සොඳුරු සිහිවටනයක් උනා.... මගේ ලෝකය ලියන රංග අයියාට නම් රහමෙර නවත්තන තරමට ඒ මොහොත සොඳුරු වුනා... (ඒ කතාව කොටස් වශයෙන් ඉදිරියෙදී බලාපොරොත්තු වන්න..) ඊයෙ හමු උනේ තවත් සුන්දර මිනිසෙක්..... කවුද ඔහු? 



බ්ලොග්කරනයේ  රසවත් කථාවක් වෙච්ච මගේ කථාව ලියන්නෙ ඔහු.... මූණු පොත පුරාම කටු සටහන් අඳින්නෙත් ඔහු... ලංකාවේ ඡායාරූපකරණයේ ප්‍රබල පුරුකක් වූයෙත් ඔහු..... තව මොහු ගැන ලියන්න ගියොත් අද පෝස්ට් එක ලියන්න වෙන්නෙ නෑ.... එච්චරටම පුළුල් පරාසයක් තුල ජීවත් වෙන චරිතයක්.... දැන් නම් දන්නෝ දන්නවා කවුද ඒ කියලා... ඔහු නමින් ඉන්ද්‍රනාථ තේනුවර.....


ඉතින් ඊයෙ රෑ මතුගම තුඩුගල ඇල්ල ගාවදි අපි මුණ ගැහුනා.. ඔහුත් එක්ක රස කවිකාරයින් කිහිපදෙනෙක්ම හිටියා.. ඒ හැමෝම ලොවින් එකෙක් එක දේකට වෙයි සමත කියන කතාව බොරු කල අය... ඡායාරූපකරණයට, කවි සංකල්පනා වලට, ග්‍රැෆික් වැඩ ආදී නොයෙකුත් හැකියාවන් තුල පරතෙරට ගිය උදවිය.... චින්තක අබේරත්නයන්, දීපාල් ගෝමස්, සුභාශ් ගුනවර්ධන, දුමින්ද අලහකෝන්, එරංග පාලතිරත්න, චිරන්ත ජයසේන සහ තවත් ගොඩ දෙනෙක් මෙහිදී මුණ ගහුනා.. සංවිදානය කරලා තිබ්බේ චින්තක අබේරත්න අයියා... සංගීතය, වාද විවාද, රසකතා, රස මසවුළු, සැර බීම, සිසිල් බීම, රාත්‍රී අහාර ආදී සියලු දේ එහි අඩුවක් නැතුව තිබ්බා.... හරි වටේ පිටේ විස්තර ඉවරයි... දැන් යන්නේ කතාවට...



මම ඉතින් අසුන් ගත්තේ දුකා අයියා ලඟිනුයි ඉන්ද්‍රනාත අයියා ලඟිනුයි... දැවැන්තයෙක් එක්ක සම අසුන් ගනිද්දි එනවනෙ කාගෙත් හිතට පොඩි විචිකිච්චාවක්.... ඒත් ඒ දැවැන්ත කම පැත්තකට දාලා හිනාව දෝරෙ ගලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ... ඉතින් ඒ හෝරා කිහිපය තුල ඉන්ද්‍රනාත් අයියා කියපු කතා මගේ, ටිකක් හිනා වෙන්න බ්ලොග් එකේ දාන්න අවසරත් අරගෙනමයි අපි පිටත් උනෙත්... මෙන්න ඒ කතා කිහිපය......


ටිකක් වෙලා යද්දි කණ්ඩායම් සංගීතය අනුව කට්ටිය සිංදු කියන්න පටන් ගත්තා..... ටිකක් වෙලා යද්දි චින්තක අයියගෙන් ආරාධනාව ආවේ ඉන්ද්‍රනාථ අයියට... මෙන්න ඔහුගෙ පිළිතුර....


මචන්. මට පොඩි අවුලක් තියෙනවා.. අද සිංදු කියන්න බෑ... 


ආ.. මොකක්ද?


මගේ දකුනු කකුලෙ සුලැගිල්ලෙ නියපොත්ත පොඩ්ඩක් තුවාල වෙලා මචන්... හඬ හරියට එන්නෙ නෑ ඒ නිසා....


ඉතින් ඔය වගේ කතා යන අතරෙ තමන්ගේ බිරින්දෑවරුන් ගැන කතාව... සාදයකදි හමු වුන ප්‍රවීන ගේය පද රචකයෙකුට ඉන්ද්‍රනාත අයියා දවසක් මෙහෙම කිව්වලු..


අදනම් ඉක්මනට ගෙදර යන්න ඕන මචන්.... වයිෆ් මාත් එක්ක දැන් මාසෙක විතර ඉඳන් කතා කරන්නෙ නෑ...


නෑ... මරුනේ.... ඒ මටත් කියලා දියන්කො ඕක කොහොමද කර ගත්තෙ කියලා....



අපි ඉතින් පවුල් වල තොරතුරු කතා කර කර ඉන්න තරෙ දරු මල්ලො ගැනත් කතාව ගියා.... ඕව අහගෙන ඉඳලා ඉන්ද්‍රනාත් අයියා මෙහෙම කිව්වා...


මල්ලි දන්නවද? හැත්තෑ ගනන්වල පොඩි ඇඩ් එකක් ගියා ඔය ගැන....


නෑනෙ අයියෙ.. මොකක්ද?


නැනති දනා... 
පමන දැනා....
දරු සුරතල් බලනු මැනා...
ගොනා.....


ඕක අහපු ගමන් දුකා අයියා මහා සුසුමක් හෙලුවා.. අනේ මම දන්නෙ නෑ ඒ මොකද කියලා... නදීශා අක්කගෙන්වත් අහලා බලන්න ඕන මොකද කියලා..... 



අවසන් කතාව... කවි ගැන...එක්තරා ජනප්‍රියම කවියෙකුට හොද පුෂ්ඨිමත් ගැහැනියකගෙන් අභියෝගයක් එල්ල වුනාලු හිටිවන කවියක් කියන්න.. ඒ කවියේ නීති මෙහෙමයි... 


කවියට පේලි හතරයි....
පේලියකට එක වචනයයි....
වචනෙට අකුරු දෙකයි.....


ඒ කියන්නෙ අකුරු දෙකේ වචන හතරකින් කවිය ඉවරයි... අභියෝගය භාරගත්ත කවියා කියපු කවිය තමයි මේ පහල තියෙන්නේ.....


අනේ....
පනේ....
තනේ.... 
වැනේ....


හරි නේද? කාන්තාව ගිය තැන අදටත් හොයා ගන්න නෑ කියලයි කියන්නේ....


ප.ලි. චින්තක අයියගේ කතාත් කටු සටහනක් ගසා ඇත... ඒවාත් ලඟදීම එළි දැක්වීමට බලාපොරොත්තු වෙමි..... :D

Friday, February 11, 2011

හුටා..... මාරම සීන් එකක්.... මාව මැරුවත් මදිද මන්දා.........

ඊයෙ ලියපු පෝස්ට් එක නිසා ඇති වෙච්ච සන්තෑසි ගොඩයි.... මගේ බ්ලොග් එක නිසා ඉතිහාසයේ වෙච්ච පලවෙනි සිත් රිදුම ඊයෙ තමයි උනේ.... ඒ පිළිබඳව සමාව අයදින ගමන් මේ කතාව ආරම්භ කරන්නයි යන්නේ.... අනිත් එක තමයි හපොයි මේ බ්ලොග් අවකාශෙ කොල්ලො කෙල්ලො හොයාගන්න නැතුව කට්ටිය විඳින දුකක්.. ඔක්කොම දාලා තියෙන්නෙ අනේ මටත් මටත් කියලා කමෙන්ට්.... බුදු නංගියේ මල්ලියේ  පුතේ දුවේ අනේ මම නම් ආයෙ කරන්නෙ නෑ මේ වගේ වැඩ..... උඹලම හොයා ගනිල්ලා... මාරයාට කිව්වම පොරොන්දමුත් හුටස් ගාලා බලලා දෙනවා නොවැ..... මේ කතාවත් එක්ක තව රස කතා ගොඩාක් ඇදිලා ආවා..ඒවත් කියලම පටන් ගමු....


බ්ලොග් ලෝකය අන්ජාව දන්නෙ නැති නිසා තමයි ඌව ප්‍රසිද්ධියේ දැම්මේ..ඒත් කතාවට අදාල නංගියාව දැම්මෙ නැත්තෙ එහෙම මඩ ගහන එක හරි නැති නිසා... ඒත් මැය කවුද කියලා හොයන්න කට්ටිය සෑහෙන මහන්සියක් ගත්තා.... ඒත් හොයාගන්න බැරි උනා මම හිතන්නේ... මාව අන්දලා අහගන්න මාරම උත්සහයකුත් ගත්තා.... ඒකෙන් හොඳම නෑම නෑවෙ කවුද කියන කතාව තමයි මම මේ කියන්න හදන්නෙ. නෑවා කියන්නේ හවුලෙ නෑවේ.... කවුද මේ දෙන්නා.. සිහින තවලමේ සුදු හංසි නංගියි මාරයාගෙ හෝරාවේ දෛවඥ්ඥ මහත්තයයි තමයි.. කතාව මෙහෙමයි.....


අද දවසෙ දිව්වේ වැප් මල්ලිගෙ ගමට යන බස් එක.. මේකෙ ඔය උඩ කියපු දෙන්නා චොකලට් එකක් මුල් කරගෙන කතාවක් හෙමින් හෙමින් ගියා... ටිකකින් සුදු හංසි නන්ගි ආවා ගූගල් චැට් එකට.. මෙහෙම දෙබසක් යනවා...


අභී අයියා.. ඉන්නවද?


අභී අයියේ.... අඩේ අභී අයියේ.. තෝ ඉන්නවද ඔතන?


ආ.. නංගි කියන්න.....


මේ.. පොඩි චීත්ත කතාවකට ආවේ....


මොකක්ද කියන්න....


කවුද අයියෙ අර ගෑනු ලමයා...


කියන්න බෑ නංගි.. පුලුවන්නම් හොයාගන්න...


නෑ නෑ... මම රහසක් විදිහට තියාගන්නම්..


අනේ මම නොදන්න ගෑනුන්ගෙ රහස්..... ඒ නිසා කියන්න බෑ....


ඔන්න දැන් ටිකකින් මාරයා එනවා ගූගල් චැට් එකට....


ඒ මචන්.. කවුද බන් අර කෙල්ල..... කොහෙද අම්පාරෙද මඩකලපුවෙද නේද ඉපදුනා කිව්වේ...


ඔන්න එතකොට මට මතක් උනා මුන් දෙන්නගේ චොකලට් කතාව... බz එකේ ගිය.... මම නිකමට කණා පාරක් ගැහුවා කෝකටත් කියලා....


අනේ පලයන් මාරයියේ යන්න... උඹ සුදු හංසිත් එක්ක එකතුවෙලා මාව අන්දලා අහගන්න නේද හදන්නෙ කෙල්ල කවුද කියලා.....


ඒ පිස්සුද බන්......


මොකක්ද පිස්සු.. සුදු හංසි උඹට චොකලට් එකක් දෙනවා කියලා මගෙන් අහගන්න කිව්ව කියලා අර මාත් එක්ක කිව්වෙ චැට් එකේදි... 


යකෝ.. ඕකි කිව්වද? හිටුකො මම ඕකිට කියන්න.....


මම ඊලඟට හැරුනේ සුදු හංසි නංගි පැත්තට.... ගූගල් චැට් එක යන්නෙ මෙහෙමයි.....


අනේ නංගි.. උඹලට බෑ මාව තම්බන්න... උඹ මාරයාට චොකලට් එකක් දෙනවා කියලා මගෙන් ගෑනු ලමයගෙ නම අහගන්න කිව්ව නේද?


හී හී... අනේ අයියෙ මම කරනවද ඔහොම වැඩ....?


එහෙනම් අර මාරයා කිව්වේ....?


හිකිස්..අයියෝ..එහෙම කිව්වද? ශිහ්.... හිකිස් හී හී.....


කෙල්ලන්ගෙ චොකලට් එකක් වෙනුවෙන් කඩේ යනවට මාරයාටත් හොඳ පාඩම් මේවා..... :D ඕකට කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියලා.... ආයෙත් :D


මේ කතාවත් අන්ජා ගැන... අත්තටම ඒ පෝස්ට් එක ලිව්වට පස්සෙ මට හෙන අවුල්.. සැරින් සැරේ කතා කරලා ඌට කියවන්න කියලා ඇහුවා "මචන් උඹ බලලා අවුල්නම් කියපන්.... මම මේ පෝස්ට් එක ඩිලීට් කරන්නම්" කියලා. මොකද කොච්චර මඩ ගැහුවත් අපේ හිත දන්නවනේ මූ අපි වගේ චොර වෙච්ච නැති ඩයල් එකක් කියලා... ඒත් මූට හවස් වෙනකම්ම මේක බලන්න උනේ නෑ... ඉතින් කතා කලා අමිලට... උගෙන් වත් උපදෙසක් ගන්න හිතාගෙන.... ඒ දෙබස මෙහෙමයි.....


මචන් අමිලයා... මාර සීන් එකක් බන්....


ඇයි බන්....


මම අන්ජට මඩක් ගැහුවා... ඒක ටිකක් සැර වැඩියි වගේ.... පොඩ්ඩක් උඹත් බලලා කියහන් ඒක සැරද කියලා... එහෙමනම් ඒක ඩිලීට් කරලා දාමු..


හිටපන් බලන්න.. මොකේද?


මගෙ බ්ලොග් එකෙ.. ඔන්න ෆේස්බුක් එකේ ලින්ක් එක එව්වා....


දැන් අමිල කියවනවා.. මම ෆෝන් එකට කන තියාගෙන ඉන්නවා... විනාඩි දෙකක් විතර ගියාට පස්සෙ මූ මෙහෙම කිව්වා....


ආ... මේ තියෙන්නෙ ලස්සනට..... ශෝයි එකට ලියලත් තියෙන්නේ.. ඇයි ඩිලීට් කරන්නේ.. ඔහොමම තියහන්....


ඒ උනාට සැර වැඩිද මන්දා බන්.. ඌ හොඳ එකානෙ....


මේ !@#$#@..... තෝ #$^%&%&%& හදන්න එපා.... ඕකාට ඒ කාලෙ ඉදන්ම මඩක් ගහන්න බැරි උනා... ඕකවත් තියපිය... නැත්නම් ඕකට කොහොමත් මඩක් ගහන්න වෙන්නෙ නෑ ජීවිතේට..... (ගොඩාක් සැර වචන හිතන්න එපා..ලියලත් බැරි නොලියත් බැරි වචන තමයි මූ පාවිච්චි කලේ...)


උදේ ඉඳන් අවුල් වෙච්ච හිත හදාගෙන මම පෝස්ට් එක ඩිලීට් නොකර ඉන්න තීරණය කලා... 


ප.ලි. ඊයෙ කමෙන්ට් විදිහට මගුල් කපුකම් ඉල්ලලා එවපු අයගෙන් සමාව ඉල්ලන්න ඕනෙ.. දෛවඥ්ඥ මහතාගේ සහාය ඉදිරියට නොලැබෙන බව දන්වා ඇති හෙයින් මම ඒ රස්සාව ලත් තැනම නවත්තන්න තීරනය කලා.....


ප. ප. ලි.   හෙට හවස දෙකට.... ඒ කියන්නෙ 2011 පෙබරවාරි 12 වෙනිදා පස්වරු දෙකට විහාරමහාදේවි එකට ඔක්කොම එකතු වෙන්නෙ ඉලන්දාරියාව ගොඩ ගන්න.... එතනට එන අය පහත දුරකතන අංකවලට කතා කරන්න... 0779917666 දුකා, 0718689555 නිශාන්ත 0714449162 අභීත සහ 0773652592 අසංක

බෝඩිමේ හිටපු ගොඩාක් උන් විවාහකයි.... මෙන්න අලුත්ම පුවත්......

බෝඩිමේ කතා මතකනේ....  පොඩ්ඩා බැච් ට්‍රිප් එක ගිය හැටි, ලකියගේ රතිඤ්ඤෙ, අන්කල්ගෙ සුරුට්ටු සෙල්ලම, පොඩ්ඩා වෙඩින් එකට ගිය හැටි, ලුනාට නම වැටුන හැටි ආදී ඔයාලා කැමතිම සීරීස් එකක් නෙ ඒ බෝඩිමේ සීරීස් එක... දැන් ඉතින් ඒකෙ හිටපු ලුනා, රුවන්, මම, පොඩ්ඩා, පබා, අඩා ඔක්කොම විවාහකයි. අවිවාහක උන්ට ඉන්නේ අමිලයයි අන්ජයි විතරයි... අමිලයාට ලව් එකක් තිබ්බත් නිතරම ඉන්නේ සංක්‍රාන්ති සමයේ.... බෝඩිමේ හිටපු නිකැලැල් පිරිසිදු නොකිළිටි චරිතය තමයි අන්ජා.... හිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වදී... කිව්වට මූව දැක්කොත් අපිට වැදපු උනුත් අහක බලා ගන්නවා...


සුරා සූදුවෙන් තොර අවුරුදු 29ක් තිස්සේ ගෑණු ළමයෙක් එක්ක සමීප සම්භන්ධතා නොපවත්වපු, දෙමවුපියන්ට කීකරු අන්ජාට ගිය සති දෙකේ මම විසින් මල්සරාට කියලා ඊතලයක් අමාරුවෙන් විද්දෙව්වා.... ඔන්න ඇගේ වැදිලා දැන් ප්‍රේමයෙන් මුසපත් වෙලා ලබන මාසෙ විතර වෙද්දි කසාදත් බදින්නද කොහෙද හදන්නෙ.. හික්ස්...


අහ්. මනාලිය.... කවුද කිය නේද දැන් ප්‍රශ්නේ? අනේ මන්දා මේවා කියලත් බෑ.. නොකියත් බෑ... සුන්දර හිතක් තියෙන අපේ බ්ලොග් අවකාශෙම සහෝදරියක්.... බ්ලොග් පෝස්ට් 100කටත් එහා ගිය අපූරු නිර්මාණකාරිණියක්... කෙන්දරේ බැලුවෙත් යක්කල දෛවඥ්ඥයා...  ගැලපෙනවා කියන්නේ ඕසෙට... කවුද කියලා කිව්වොත් දැන්ම අගේ නැතිවෙන නිසා කාලයාට භාරදෙමු තීරණය කරන්න... පුළුවන්නම් ඔයාලාට හිතන නම කමෙන්ට් එකක් විදිහට පල කරලා යන්න....


දැන් මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සෙ මම අන්ජාට කෝල් කලා.. දෙබස මෙහෙමයි.....


අන්ජා.. කොහොමද මචන් වැඩේ.. දැන් නැගලා යනවද?


(කම්මැලි ස්වරයෙන්) ඔව් බන්... කෝල් එහෙම කරනවා.....


තවම හම්බ උනේ නැද්ද?


නෑ බන්.. මම කට වරද්දා ගත්තනේ...


නෑ.. ඇයි මොකද උනේ....


මම හරකා වගේ ඇහුවනේ ගෙදර එන්නද කියලා....


අනේ උඹ වගේ හරකෙක්.... අපෙන් උපදෙසක් වත් ගන්න තිබ්බනෙ කෝල් කරලා.... (ඒත් ඌ කරපු වැඩේත් නරක නෑ මම හිතන්නේ...)


දෙයියනේ කියලා මේ සිද්ධිය අපේ බෝඩිමේ අනිත් උන්ට දැනුම් දීලා ගත්තා අර කියන ගෑනු ලමයට කෝල් එකක්....


හෙලො... ::::::::: නංගිද?


ඔව්..... කවුද? (පට්ටම කම්මැලි ස්වරයෙන්)


ආ නංගි නිදාගෙනද හිටියේ? සොරි නංගි.. මම පස්සෙ ගන්නම්..


න්.. නෑ.. කවුද කතා කරන්නේ... (මම කුරුණෑගල ගෙදර ෆෝන් එකෙන් ගත්ත නිසා හිතන්න ඇති අන්ජාගේ ගෙදරින්වත්ද කියලා..)


නංගි මම අන්ජගෙ අයියා.. අපේ මල්ලි කිව්වා මේ ඔයත් එක්ක සම්භන්ධයක් තියෙනවා කියලා...


ම්ම්....


ඉතින් ඒකට ඔයාලගෙ ගෙදරත් එක්ක කතා කරගන්න කිව්වා.. ඉතින් මම ගෙදරත් එක්ක කතා කරන්න කලින් ඔයාට කෝල් කලේ....


අ.අ..ආ.. අ.. අ.. අ.. අ..


නංගි බය වෙලාද? බය වෙන්න එපා... මම ඔයාලගෙ අම්මත් එක්ක කතා කලාට කමක් නෑ නේද එහෙනම්....


අ.. ආ.. අ.. අ... අ..අ ..අ...


බය වෙන්න එපා නංගි... මම අන්ජාගෙ අයියා ලුනා නෙමෙයි.. මම අභීත කියලා කෙනෙක් කතා කරන්නේ....


අනේ අභීත අයියෙ.. මම........ @#%$%^@@*@*!!*@#&#&##& (ඉතිරි ටික මම හිතා ගත්තා....) 


දෙවෙනි කොටස ඉවරයි.. දැන් තුන්වෙනි කොටස....


ඊයෙ මට හම්බුනා අන්ජාගේ අක්කා.... අක්කත් ඉතින් මේ ගැන මමත් එක්ක කතා කලා.. 


මල්ලි මොකක්ද මල්ලි මේ අපේ එකා කරගෙන තියෙන්නේ...


ඔයාලා කරලා දෙනකන් බලාගෙන හිටියට කෝ නෑනේ... ඔන්න අපි එකක් කරලා දුන්නා....


අපෝ ලොකු දෙයක්.... මට කෙල්ලගෙ පොටෝස් එහෙම පෙන්නුවා ඉන්ටනෙට් එකේ...


ආ..ඉතින් නෑනා පොඩ්ඩ ලස්සනද?


වැරැද්දක් නෑ නේද? තාත්තත් එහෙට කතා කලා.. ලබන සතියෙ එහෙ යන්නත් දා ගත්තාද කොහෙද? (කිරි අප්පට බල්ලො පැනපි... දවස් 6ට මුන් ගිහින් තියෙන දුර...) 


දවස් 6ට මෙච්චර කතා ලිව්වනම් මාස 6ක් ගිය තැන මට ලියන්න වෙන්නෙ මුගෙ කතා විතරයි බ්ලොග් එකේ.... කොහොම උනත් කමක් නෑ අන්ජා.... උඹලා දෙන්නට යහපත් අනාගතයක්.... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා මචන්....


ප.ලි. අන්ජා මම උඹට දැන්මම කියන්නේ.. මගෙ ඉස්සර හිටපු දුලිප් කියලා යාළුවෙකුටත් මම මෙහෙම උදව් කරලා දැන් ඌ බැදලා ලමයෙකුත් ඉන්නවා.... දැන් ඌ මගෙ මූනවත් බලන්නෙ නෑ... උඹලා දෙන්නා මට එහෙම කරන්න එපා මචන්.....


ප.ප.ලි.  දිලුම්ගෙ නිහඩතාවය බිදින්න සයිබර් යාලුවෝ ටික රැස් වෙන්න... 2011 පෙබරවාරි 12 වෙනිදා හවස දෙකට විහාරමහාදේවී එකට එන්න.... වැඩි විස්තර මෙතනින් ගන්න... නිහඬ සවනතට හඬ පිඹින්න එන්න....


Monday, February 7, 2011

නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කතා..... මේ කතාව ටිකක් හිනාවෙන්න නෙමෙයි....


ඊයෙ රෑ මමයි තව මගෙ ගාල්ලේ යාළුවෙකුයි දෙන්නා අපේ ගෙදරට වෙලා කතා කර කර හිටියේ අපි ගමේ ඉඳලා කොළඹ ඇවිත් කර ගත්තු වින්නැහියක තරම.... ඒ කතා කරලා උදේ වෙද්දි මෙන්න නවම් මාවත කොල්ලා උදේම ඒ ගැන පෝස්ට් එකක් දාලා... පොල් බඩ කෙසේ වුවත් ගම දාලා ආපු එකනම් පට්ටම පට්ට පට්ටපල් මෝඩකමක් කියලා මටනම් හිතෙන්නේ....  ඒ ගැන කෙටියෙන් කියනවානම් මෙහෙමයි....



ගමේ කුඹුරු ඉපැනැල්ලකයි ලෝකෙ ඕනෑම හෝටලේක සුව පහසු යහන් මතයි අපිට අත පය විදා සැනසිල්ලේ නිදා ගන්න ඕනවටත් වඩා හැකියාව තියෙනවා... ඒත් කුඹුරු ඉපනැල්ලේ තියෙන මිහිර, අර කියන විසල් සයනයේ නෑ කියලත් අපිට හිතෙනවා නේද?  ඒ හැකියාව ගැන විශ්වාසය තියලා අපි කොළඹ ආවේ ඇයි? අපි කොළඹ ඇවිත් මොනාද කරගෙන තියෙන්නේ.. මම ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්නේ.. ඒත් මොන හේතුවටද මන්දා මේ ගැන හිතද්දි මම හරිම සෘනාත්මකයි.... වෙල් ඉපනැල්ලේ සරුංගල් යවලා, අල්ලපු ගම්වල කොල්ලොත් එක්ක ඔට්ටුවට ක්‍රිකට් ගහලා, රෑ එලි වෙනකන් ගොයම් පාගලා, පංසලේ කඨින චීවරේ එක්ක ගම වටේ ඇවිදපු අපි, දැන් ඒ මොකුත් නැති ගන්ධබ්බයෝ වගේ වෙලාද අප්පා....


ඉස්සර ගමේ මිනිස්සු අපිට කතා කලේ පුතා කියලා.. අපේ වයසෙ උන් නම කිවුවා... මල්ලි, අයියෙ කියලා කතා කරපු ඔක්කොම දැන් මට මහත්තයා කියනවා... මොන මගුලක්ද ඒ... එහෙම කතා කරද්දි අපි ඉන්නේ හැතප්ම ගානක් ඈතින් වගේ.. එකට පිස්සු කෙලපු උනුත් මහත්තයා කියද්දි, ඒත් අපිට වඩා උන් සරලව සුගමව ජීවිතය ගෙවනවා දකිද්දි මට ඇතිවෙන්නෙ දුකක්ද, ඉරිසියාවක්ද එහෙම නැත්නම් කළකිරීමක්ද කියලා මට තවමත් හිතා ගන්න බෑ... ඒ මිනිස්සුන්ගෙ අවශ්‍යතා සීමිතයි... ගමේ  කඩේ ප්‍රමාණවත්, ගමේ රෝහල ප්‍රමාණවත්... සණස බැංකුව ඉහටත් උඩින්... තැපැල් කන්තෝරුවේ දුරකථනය ගමටම ප්‍රමාණවත්.. ඒත් දැන් ජංගම දුරකථන වගේම ස්ථාවර දුරකථන තිබ්බත්, වටේටම සංඥා නැතුව අඩපන වූ රූපවාහිනී සේවා සඳහා විකල්පයක් ලෙස ලබාගෙන තියෙන ඩයලොග් සැටලයිට් ගමේ බොහොමයක් ගෙවල් සතුව තිබ්බත් ඔවුන්ගේ සරල බව.. නිදහස් බව.. හිතකාමී බව.. ප්‍රසන්න බව කියන මේ කිසිවකින් ඔවුන් දශමයක් වෙනස් වෙලා නෑ.... ඒ වගේම යටින් ගේම් ගැහිලි, නූල් සූත්තර, ආදී ඔවුන් සතුව තිබෙන අහිංසක වැරදි වලත් අඩු වැඩියක් පේන්න නෑ... 



උදේට එළියට බහිද්දි හිනාවක් නැති මූණු, මඩ වළක් ගාවින්වත් වේගය අඩු නොකර අපටම රවාගෙන යන රියැදුරෝ, හදිස්සියට අසනීපෙට මඟුලට මරණෙට නැති අසල්වැසියෝ, මූනිච්ඡාවට හිනාවෙන වෙළෙන්දො, අපිත් එක්ක යන්න වගේ ඉඳලා යන්නේ නැති වෙළඳ සහායිකාවො, සල්ලි දෙනකම් කොර ගහලා සල්ලි දුන්නම පිඹගෙන යන හිඟන්නෝ, ජීවිතේට දැකලා නැති ප්‍රාදේශීය දේශපාලකයෝ, මේ ආදී නොයෙක් මිනිස්සු අපිට හුරු පුරුදු උනත් උන් අපිට හරි ඈතයි..... උන්ගෙ හිනාව අපිට හරි යන්නෙ නෑ..දැනෙනවා ඒ හිනාව කෘතිමයි කියලා...


ගමෙන් ආවෙ ඇයි අපි? හොඳට ඉගෙන ගෙන මහත්තයෙක් වෙන්න.. ආඩම්බරෙන් ගමට යන්න... අම්මලාට අපි ගැන ආඩම්බරෙන් රටට කියන්න පුළුවන් චරිතයක් වෙන්න... ඒ ඔක්කොම වෙලාද? ඔව්..වෙලා... අපි මහත්තුරු වෙලා... හිත යටින් වැලපි වැලපි ආඩම්බරෙන් ගමට යනවා...  අම්මලා අප්පච්චිලා අපි ගැන ආඩම්බරෙන් කතා කරනවා.. ගමේ හැමෝම අපි ගැන තෘප්තිමත්... තමන්ගෙ දරුවන්ට අපිව පෙන්නලා අපි වගේ හැදෙන්න කියන්න තරම් ඔවුන් අපි ගැන තෘප්තිමත්. ඒත් අපි...? 


ගමේ මළ ගෙදරකට ගිහින් ඉද ගද්දි අපේ වයසෙ උන් රන්චු ගැහිලා අපිව අමතක කරලා කාඩ් කුට්ටම අනද්දි අපි කොච්චර අසරණද? අපි කාඩ් කුට්ටමට සෙට් වෙලා සරම කැහැපොට ගහ්ගෙන ඉදගද්දි උන්ගෙ ඇස් වල තියෙන විචිකිච්චාව දකිද්දි මම කොච්චර හිතෙන් විදලා ඇත්ද? විට තට්ටුව අරන් විටක් කන්න පුවක් ගෙඩියක් කපන්න ගිරෙ අතට ගද්දි, ඒක ගමේ මනුස්සයෙක් උදුරගෙන කපලා දෙන්න තරම් අපි පිට මිනිස්සු උනේ කොහොමද?  මේ ගැන හිතද්දිත් පුදුම දුකක් හිතට එන්නේ.... ඒ කාලේ හිනා වෙලා කතා කරපු එකට පන්සලේ සිල් ගත්තු ළමිස්සියෝ අද අපි දැක්කම දාන ආගන්තුක හිනාව.... අපි කතා කරනකොට ලමයවත් උකුලෙ ගහගෙන කරන ආගන්තුක කතාව.... මොන මගුලක්ද දන්නෑ අප්පා... අපි හරියට අඟහරු ලෝකෙන්  ඇවිත් වගේ....


කපුගේගෙ දවසක් පැල නැති හේනේ අහද්දි, ක්ලැරන්ස්ගේ ගමෙන් ලිවුමක් ඇවිල්ලා අහද්දි, අමරසිරි පීරිස්ගෙ ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න අහද්දි, රෑ පැල් රකින කුරහන් පැහේනා හේනේ ඇහෙද්දි, තව තව ගොඩාක් සින්දු ඇහෙද්දි අපි හිතින් ගමට යනවා.... ඊට පස්සෙ ගංජා ගහපු එකෙක් වගේ සුන්දර සිතිවිලි යායක තනිවෙලා නොසෑහෙන වෙලාවක් ඉන්නවා තනියෙන් හිනා වෙවී...



නගරයෙන් මට උනේ එකම හොඳ දෙයයි... ඒ මේ ලෝකෙ ඉන්න හොඳම බිරිඳ මටම මුන ගස්සපු එක විතරමයි... වෙන කියන්න කොච්චර හේතු කල්පනා කලත් මගෙ හිතට එන්නෙ නෑ.... ඒ කියන්නෙ ඒක විතරයි හොඳකට වෙලා තියෙන්නේ... නගරේ තියෙන්නෙ සල්ලියි වැදගත්කමයි.... ගමේ තියෙන්නෙ මනුස්සකමයි, අපේකමයි... ගමේ උන්ට හිතෙන්නේ සල්ලියි වැදගත්කමයි තමයි අවශ්‍ය කියලා.. නගරෙ උන්ට හිතෙන්නෙ මනුස්සකමයි අපේ කමයි වැදගත් කියලා... මේ හතරම එකට යන එක මැච් වෙන්නෙ නැද්ද මන්දා...? මේ හතරම තියාගෙන ජීවත් වෙන්න නම් පට්ටම අමාරු වැඩක් ඉතින්..


සමහර වෙලාවට මම මගෙ හිතෙන් මෙහෙම අහනවා.....


මොන මඟුලකට කොළඹට ආවද බන් උඹ...? 


උත්තරයක් නැති තැන මෙහෙම හිතලා හිත හදා ගන්නවා... 


අපිට මෙහෙමනම් රට ගිය උන්ට කොහොම ඇත්ද?

Saturday, February 5, 2011

කසියා ගහපු අපිට මොන විස්කිද?

ලියන්න කතාවක් නැතුව කැරකි කැරකි ඉන්නකොටම  මෙන්න මගේ ලෝකයෙන් පෝස්ට් එකක් දාලා මමත් චරිතයක් කරලා.... මගේ කොටස ඒකෙ කමෙන්ට් එකක් විදිහට දැම්මත් පස්සෙ රංග අයියා (කොල්ලා වගේ හිටියට මටත් වඩා නාකියි ඌ...) දාපු කමෙන්ට් එකක් නිසා කතා තොගයක් මතක් උනා... ඒකටනම් මචන් බොහොම පින්.... බීම ගැන මම කියවනවා වැඩියි වගේ මට හිතෙනවා.. ඒ නිසා මේකෙන් පස්සෙ පෝස්ට් 25ක් යනකන් බීපු කතා කියන්නෙ නෑ ඔන්න... කාලෙකට කලින් මගෙ පෝස්ට් එකකට සොඳුරු සිතේ වත් දාපු කමෙන්ට් එකක් මගෙ ඔළුවෙ තවම තියෙනවා...... ඒ නිසාම මම ඒ ගැනනම් පරිසම් වෙනවා....



මේ කතාව පාසල් කාලෙ ගැන.. ශිෂ්‍ය නායක දින වලට සහභාගී වෙන්න යන හැටි ගැන මම කලින් කියලා තියෙනවනේ.... ඔව්.. අර  චොසා අයියා මාතර ඉඳන් කොළඹ ආපු හැටි කතාවේ තමා.... ඒ නිසා හැදින්වීම ඕනෙ නෑ කෙළින්ම කතාවට බැස්සෑකි... ඉතින් ඒ කතාවේ උඩින්ම තියෙන ඉස්කෝල අතරේ අපේ නවම් මාවතගේ, රංගගෙ, පිස්සගේ ඉස්කෝලත් ඇතුලත්... දැන් අපි යන හැටි දන්නවනේ.. කලින් දවසෙ තුන විතර වෙද්දි අදාල පලාතට ගොඩ බහිනවා... ඊට පස්සෙ එයාලා දීල නවාතැනට ගිහින් පොඩි වොෂ් එහෙම දාලා ඊවිනින්ග් ගමන් වලට සෙට් වෙනවා.... ඒ ගමන් ගෙන කිව්වොත් වර්ග තුනයි... උදාහරණයක් විදිහට අපි ගාල්ලේ ගියා කියමුකො..


1. කලින් ශිෂ්‍ය නායක දින වලට ගිහින් සෙට් වෙච්ච ගෑණු ළමයි ඉන්නවනම් ඔවුන්ගේ ගෙවල්වලට යෑම හෝ වෙන තැනකදි හමුවී රෑ වෙනකන් දෙඩීම...


2. අහින්සක උදවිය, සංචාරය.. ගාලු කොටුව.. උණවටුන.. ආදී නොයෙක් තැන්..


3. අදාළ පාසලේ බොන එවුන් අපි වෙනුවෙන් සකසා ඇති සංග්‍රහය භුක්ති විදීමට යෑම....


ඔය තුන් වෙනි කාරණාව තමයි නැගලා යන්නේ... තමන්ගෙ පාසලට එන උන්ට හොඳට සලකන්න ගොඩාක් එවුන් මහන්සි වෙනවා.. අතේ සල්ලි නැති නිසා අඩු වියදමින් වැඩි ආතල් දෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ.... අනිවාර්යයෙන් සඳහන් කල යුතු දෙයක් තියෙනවා... මගේ ලෝකය බ්ලොග් එකේ කතා කීපෙකින්ම හම්බුන කළු මල්ලි තමයි එදා මෙදා තුර අපට හොඳටම සලකලා තියෙන්නෙ.. රංගයත් පැත්තකින් ඉන්න ඇති.. ඒත් ඌ වැඩිය මතක නෑ... 


දැන් ඉතින් අපි ගාල්ලෙ මොන ඉස්කෝලෙට ගියත් කළුවාට කෝල් එකක් දීලා තමයි යන්නේ... රට වටේ තියෙන නම ගිය විද්‍යාල කීපෙකම කොල්ලො ටික සෙට් වෙනවා 8 විතර වෙද්දි ගාළු කොටුවට.... තඩි සයිස් ප්ලාස්ටික් භාජන කීපෙක එනවා කෝඩියල් පාට බීමක්... රහ වෙනස්.... උඩ මාතෘකාවෙන් වැඩි ප්‍රමානයක් දාලා තව ඔය ගනන් අඩුම ගල් කියන එකෙනුත් බෝතල් දෙක තුනක් රහ එන්න වගේ දාලා කෝඩියල් බෝතලේකුත් හලාලා භාජනේ පිරෙන්න වතුර දාලා ඇපල් අන්නාසි කෑලි කපලා දාලා තඩි පොල්ලකින් කලවම් කරලා තමයි ඔය භාජන දෙක තුන එන්නේ.... ගෙවල් වලින් උස්සපු ප්ලාස්ටික් කෝප්ප තමයි පිහිටට එන්නේ.. මොකද පේපර් කප් කියන ඒව ගන්නවත් ඒ එන කවුරුත් අතේ සල්ලි නෑ.... 


විශේෂත්වය මේකයි.... පලවෙනි කෝප්පේ ගහපු ගමන් ඇස් දෙක හීනි වෙනවා... දෙවෙනි කෝප්පෙ ගහපු ගමන් තොලකට වේලෙනවා... තුන්වෙනි කෝප්පෙ ගහපු ගමන් බෙල්ල කඩන් වැටිලා ගොත ගහන්න ගන්නවා.... කරුමෙටවත් හතර වෙනි කෝප්පෙ ගැහුවොත් නොදන්න එකෙක් ඌව ගෙනියන්න වෙන්නෙ කරේ.... ඕන චන්ඩියෙක් ඔය බීමට නාග සලං.... අපි ඉතින් බොහොම පරිස්සමින් තමයි ඕක බොන්නෙ.. මොකද බීලා චොර උනොත් අරුන් හෙට උදේ ඔක්කොටම කියනවානේ.... 


ඉතින් ඕක ගහලා පටන් ගන්නවා සිංදු.... හෙමීට පටන් ගන්න සින්දු විශාල ගෝශාවක් වෙන්න ටික වෙලාවයි යන්නේ.. අහල පහල උන් කෝල් කරනවා පොලීසියට.... ඊට පස්සෙ පොලීසියේ ජීප් දෙකක් විතර සැර දාගෙන කුණුහරප කියාගෙන එක සද්දෙන් බහිනවා... දෙබස මෙහෙමයි...


කෝ කෝ කවුද කවුද ඔතන. නැගපියව් ඔක්කොම ජීප් එකට... මුන් කොල්ලො නෙමෙයි කොලු තාත්තලා... බේබද්දෝ වගේ බීලා මෙතන අහල පහල ගෙවල් වලට නිදා ගන්නත් නෑ... ඔහොම බැනලා ඉවර වෙද්දි අපේ ගාල්ලේ උන් අතරින් දෙන්නෙක් විතර ඉස්සරහට එනවා පොලිස් අන්කල්ගෙ නමම කියාගෙන....


ආ.. xxxxx අන්කල්..මේ අපි යාළුවෝ ටිකක් එක්ක සෙට් උනා.. හරි ආ... අපි ඉකමනට යන්නම්.. හරි හරි..


ආ.. සර්ලත් ඉන්නවද? යාලුවෝත් එක්ක ඉක්මනට යන්න සර්.. නැත්නම් අපියි තැලෙන්නේ....


කවුද මේ ඉස්සරහට යන උන්... ගාල්ලේ ඒඑස්පීලගෙ, ඩීඅයිජීලගෙ, ඇමතිවරුන්ගෙ පුත්තු.. උනුත් මේ ඉස්කෝල වල ශිෂ්‍ය නායකයොනේ.... ඉතින් ඔන්න ඔහොමයි අපේ පාටිය අවසන් උනේ ඒ කාලේ......


ඊට පහුවදා නැගිටලා ලස්සන සුදු ඇඳුම් ඇඳලා බ්ලේසර් දාලා ඉතා විනය ගරුකව අපි අපේ විද්‍යාලය නියෝජනය කරලා එනවා....


මම මේ කතාව කිව්වේ ටිකක් හිනා වෙන්න නෙවෙයි.... කවුද අපට මේ ජරා වැඩ පුරුදු කලේ කියලා කියන්න... මේ පෝස්ට් එකේ පහලින්.... "observer : ඔව් ඔව් ඒ කාල කසිය එහෙම ගහපු එකා දැන් විස්කි නැත්නම් බොන්න බැරිලු." කියලා කමෙන්ට් කරපු උන් තමයි අපිට ඕවා පුරුදු කලේ කියන්නයි.....


ප.ලි. රංගයා...  ශේප් මචන්.... ආයෙ නෑ..... (ලාවට හිනා)