Thursday, January 5, 2012

රුපියල් අටසීයකින් අද ලංකාවේ කරන්න පුළුවන් වටිනාම දෙයක් මෙන්න....

රුපියල් දහසකින් අද ලංකාවේ මොනාද කරන්න පුළුවන්.. එහෙනම් ඉතින් අට සියයක් ගැන කවර කතාද නේද? මම කියන්න යන්නේ රුපියල් අට සියයක් වියදම් කරලා ප්‍රතිලාභයක් ලබා ගන්නේ කොහොමද කියලා... හික්.. අර වැප් නිශාන්තගේ ආයෝජන සීන් එක වගේ එකක් නෙමෙයි මේක... එහෙම පිටින්ම බ්ලොග් කරුවන් හා බ්ලොග් කියවන්නන් සඳහාම වෙන් කරපු අවස්තාවක්... රුපියල් 200කිනුත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්.. ඒත් ඒකට  පොඩි වාසනාවක් තියෙන්න ඕන.... මේ තියෙන්නේ විස්තරේ පහල....


ඔන්න දැන් තමයි කතාව... 7 වෙනිදා අපි පිටත් වෙන්නේ කොට්ටාවෙන්... ඒ උදේ 7ට... මාකුඹුරට එන අපි අධිවේගී මාර්ගයේ පින්නදූවට යන්නේ අපි සඳහාම සැකසූ විශේෂ බස් රථයකින්.....  එතනින් අපි යනවා රූමස්සලට.... එතන ගිහින් කට්ටිය කතා කරලා අදුනාගෙන සිංදු කියනවා.. සෙල්ලම් කරනවා... මුහුදේ නානවා.. බඩ පැලෙන්න හිනාවෙනවා මේ ආදී තවත් නොයෙකුත් දේවල් කරනවා.... ඊට පස්සේ අපි දවල්ට හොඳ කෑම එකකුත් කනවා... කාලා හතර වෙද්දි පිටත් වෙලා පස්වරු පහ වෙද්දි කොට්ටාවටත් එනවා.... 


ඉතින් මේ ඔක්කෝටම ඔබට වැයවෙන්නේ රුපියල් අට සියයි....


දැන් එදාට ලැබෙන වාසි මොනාද? සතර දික් භාගයේ යාළුවෝ අදුනගන්න ලැබෙනවා... දවසක් පුරා විනෝද වෙන්න ලැබෙනවා.. කොල්ලෙක් කෙල්ලෙකුට වැඳලා සමාව ගන්නවා බලන්න ලැබෙනවා... ඒ වගේමයි හිත පුරා විනෝද වෙන්න ලබෙනවා... 


ඒ වගේමයි ඔබ කැමති බ්ලොග් කරුවෝ රාශියක් එදාට සහභාගි වෙනවා.... ආදි කාලයේ ඉදන් බ්ලොග් කිහිපයකට හිමිකම් කියන මගේ මරනය, දියත් කුලේ අපි ලියන ලසිත බෙනරගම, මුචලින්ද ලියන රචින්ත මගේ ලෝකය ලියන අසේල (රංග)වගේම තත් එකී මෙකී නොකී ගොඩාක් අය එනවා... ජ්‍යේෂ්ඨ බ්ලොග්කාරියන් දුර ප්‍රශ්ණෙ නිසා අවම සහභාගිත්වයක ඉන්නේ.. ඒත් අන්තිම මොහොතෙ එයාලත් හා කියන්න ඉඩ තියෙනවා... ඉතින් මේ සහෝදර පිරිස එකතු වුනාම එතන මොන තරම් සුංදර තැනක් වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද?  ඇත්තටම ඒක ඉතා සොඳුරු මොහොතක් වේවි....


දැන් ඉතින් මේක කියවලා නහයෙන් අඬන්න එපා අයියෝ අපි දන්නේ නෑනේ කියලා... පටස් ගාලා මේ ලින්ක් එකෙන් ගිහින් මෙන්න මේ ෆොර්ම් එක පුරලවලා සෙනසුරාදා උදේ හතට කොට්ටාවට එන්න...



තව වාසි තියෙනවා... මේ බ්ලොග් ක්ෂේත්‍රයේ අළුත් පරන බේදයකින් තොරවම ඉන්න තනිකඩ බ්ලොග්කරුවෝ දහසක් බලාපොරොත්තු තියාගෙනලු මෙතනට එන්නේ... (මගේ මරණය... ඔන්න මම දැම්මා මචන්..)


වැඩි විස්තර මේ බ්ලොග් අඩවි වලින් දැන ගන්න පුළුවන් වේවි..


රාජ්.. (කොළඹින් එන අය සඳහාමයි...)



පොඩි මෑන්.. 


කිඩෝ...


ප.ප.ලි... අර රුපියල් 200 කතාව කියන්න බැරි වුනානේ.. ඒකට ඉතින් බෙන්තර ගඟෙන් එහා ඉපදෙන්න ඕන..


ප.ලි. අධිවේගී මාර්ගයේ බස් එකේ ගිහින් ආවත් රුපියල් 780ක් යනවා.. එහෙම බලපුහාම මේකෙ දවල් කෑම අතුරු පස විනෝදය අරවා මේවා ඔක්කොම නොමිලේ.... 


ප.ප.ලි. 2012 සයිබර් උළෙල ගැන පළවෙනි පෝස්ට් එක ගොඩාක් දුරට ලබන සතියේ වැටෙයි අපේ සයිබර් සැණකෙළිය බ්ලොග් එකේ.. දැන්මම බ්ලොග් රෝල් එකට ඇතුලත් කරගෙන ඉන්න....

42 comments:

  1. ඕ..යේ.... අර වැදල සමාව ගන්න සීන් එකනම් වෙන්නෙ නෑ හොදේ...... ඒක හිතිං හීනයක් තමයි...

    රු 800ට ඒක අයි කරගන්න... :P

    ReplyDelete
  2. අරවත් තියෙනවද?

    ReplyDelete
  3. හ්ම්ම් ජය වේවා,,

    ReplyDelete
  4. ඇයි උඹලට... සර්පයන් යැවීම පිළිබඳ අබේපාල මාමගෙ දේශණය. සම්පූර්ණයෙන් නොමිලේ....

    ReplyDelete
  5. ඒකනේ කියන්නේ...ඔන්න අපි..නං යනව..ආරංචි වල හැටියට ගාල්ලේ කස්ටියට වැඩිය කොළඹින් යන මිතුරො තමා වැඩි..ඉතින් තව හිත හිත ඉන්නැතුව අර ලින්ක් එකට ගිහින් කන්ෆර්ම් කලානම් නේද හොඳ..ඔන්න විනොද වෙන්ඩ මිතුරන් හමුවෙන්ඩ තියෙන හොඳම අවස්තාවක් මිස්වෙන්ඩයි යන්නේ...ඉක්මන් කලොත් වැඩේ ගොඩ...

    ReplyDelete
  6. අබේ පාල මාමට මාව හැකයිලු.. :D එලැ.. 7 වෙනිදාට බලා ගමු ඈ..

    ReplyDelete
  7. අභීතයියේ මුචලින්ද ලියන රචින්ත නෙමෙයි "ටොපිය ලියන මු‍චලින්ද" :D

    පැණි අයියේ එදා වගේ අපි කකුල් උඩට කරං ඉමු! :D

    ReplyDelete
  8. අභියො මම ආයිමත් ෆෝම් එකක් ෆිල් කරන්නද ????

    ReplyDelete
  9. @ පූසා -උඩ තියා ගන්න යන්නෙ කකුල් හතරමද මල්ලි ?

    ReplyDelete
  10. @ සුලැඟිල්ල
    යකෝ ෆොන් එක ඔන් එකේ තියාගනින් බං..කීසැරයක් කොල් කලාද...

    ReplyDelete
  11. මම නම් ඔය රූමස්සල තවම ගිහිල්ල නෑ. හැබැයි මම අහල තිබ්බෙ නම් ඕකෙ පළතුරු පිරිල තියෙනවයි කියලා... ඕන තරම් කඩාගෙන කන්න පුලුවන් .. නමුත් ගේන්න බෑ කියලා ... [ඉතින් දවල් කෑම මක්කටෙයි]
    මගෙ මේ අදහස මිත්‍යාවක් කියලද ඔයගොල්ලො කියන්නෙ ...

    ReplyDelete
  12. මම නම් ඔය රූමස්සල තවම ගිහිල්ල නෑ. හැබැයි මම අහල තිබ්බෙ නම් ඕකෙ පළතුරු පිරිල තියෙනවයි කියලා... ඕන තරම් කඩාගෙන කන්න පුලුවන් .. නමුත් ගේන්න බෑ කියලා ... [ඉතින් දවල් කෑම මක්කටෙයි]
    මගෙ මේ අදහස මිත්‍යාවක් කියලද ඔයගොල්ලො කියන්නෙ ...

    ReplyDelete
  13. @ කුමාරයා :- යකෝ ඒ වැඩිහිටි කන්ද.. මේකෙ ඇති පලතුරක් නෑ...


    @ මාතලන් :- තියේ.. එවුව රහස් .... එතකොට 800+ හොදේ... ;)

    ReplyDelete
  14. මෙච්චර වටින ආතල් එකකට සෙට් මෝල් වෙන්ඩ මට වාසනාව නැති හැටි ..

    සොරි අභියෝ මට මෙදා සැරෙත් එන්ඩ වෙන්නේ නෑ බං ..හේතුව මම විස්තර සමග උඹට හෙට අනිද්දා දිහෑවට කියන්නම් .

    තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්‍ෂාවෙන් රැකවරනෙන් උඹලා ඔය ගමන ගිහින් වරෙල්ලා ..

    ජය වේවා !!

    ReplyDelete
  15. අනේ මටත් එන්න වෙන්නේ නෑ. දුක තමයි රංජනී මොනවා කරන්නද?

    ReplyDelete
  16. ප.ලි.අපේ සයිබර් සැණකෙළිය බ්ලොග් එකේ ලින්ක් එකක් එවන්නකෝ... gpcguna@gmail.com

    ReplyDelete
  17. දුකයි,දුකයි..ඉරිසියයි..ඒත් හොඳට සතුටුවෙන්න ලැබේවා කියලා පතනවා..
    අර කකුල් අල්ලලා වදින්න ඉන්න පොඩි ලමයා නම් පව් ඇත්තටම..

    ReplyDelete
  18. මරු චාරිකාවක් නෙව... හපොයි මෙදා පාරවත් සෙට් වෙන්න කියල හිටියට මේ පාරත් සයුරෙන් එතෙර :( හපොයි මම තව මාසයක් ඉස්සෙල්ල මට එන්න තිබුනනම් කියල හිතෙනව.. :( කට්ටියටම සුභ පැතුම්.... උපරිම විනෝදයක් ලබල .. උපරිම ආරක්ෂාවෙන් ගිහින් එන්න .... !!!

    ReplyDelete
  19. පළතුරු තියෙන්නෙ බත්තලන්ගුණ්ඩුවේ (මංජුල වෙඩිවර්ධන)
    රූමස්සල තියෙන්නෙ ගල්

    ReplyDelete
  20. ඇවිල්ලම බලමුකෝ නේ...

    ReplyDelete
  21. Palayaw... Kaapiyaw... Beepiyaw...naapiyaw... Mata moko... Mata patteta irisiyay :D:D

    Ay yako game thiyena get eka miss wenawane.

    Jaya wewa. Kattiya fun eka ganna :D

    ReplyDelete
  22. කට්ටියටම ජය වේවා කියල තමයි කියන්න තියෙන්නේ
    පරිස්සමට ගිහිං එන්ඩලා...

    ReplyDelete
  23. එදාටම එහෙමනම් මුන ගැහෙමුකෝ... ජයවේවා

    ReplyDelete
  24. එල එල මේ දවස්ටිකේම මේ විස්තර දැකලා ඉරිසියාවෙන් ඉන්නේ....

    ReplyDelete
  25. සුබ පැතුම්...හොඳයි. හොඳයි. සතුටුවෙලා එන්ටකෝ. :D

    ReplyDelete
  26. mamath enna try karannam

    ReplyDelete
  27. එන්නම්ම කියල හිත හිත හිටියෙ,.. කොහෙද නෝ පර්මිශන් මට.......................... :((((

    ReplyDelete
  28. අනේ දෙයියනේ.... දුක හිතෙනවා මේවා හැමදාම දැක්කාම.පින් කරලා මදි ඇති සංසාරෙ කිව්වලු.. :(((

    ReplyDelete
  29. ඔය යන ලිස්ට් එක දැක්කාම නම් හිතෙනවා ගමන නොගියත් විස්තරේ නම් වෙනදා වගේම කියවන්න පුළුවන් වෙයි කියලා ඇනෝනිමස් ආතල් බ්ලොග් එකෙන්. හිකිස්.

    ReplyDelete
  30. Apitath enna puluwanda? Galle mama inne.

    ReplyDelete
  31. කැමති කෙනෙක්ට එන්න පුලුවන්

    ReplyDelete
  32. කට්ටිය පරිස්සමෙන් ගිහින් එන්න,ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙන්නම්

    ReplyDelete
  33. තව මාස හයකින් (අප්‍රේල් වලට පස්සේ ) තවත් ට්‍රිප් එකක් යමුද,මේ පාර එන්න වෙන්නේ නෑ(මම ලංකාවට එන්නේ මාර්තු පැනල).එත් පස්සේ අනිවා එන්න පුළුවන්.

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. සුභ ගමන් උඹල සේරටම. මේකාලෙ මටනම් කොළඹින් පිට යනව කියන්නෙ හිතන්නවත් බැරි දෙයක්.

    ReplyDelete
  36. අනේ මම නම් කොහොම හරි ඒනවා මේ ට්‍රිප් එක... අර ''දියත් කුලේ අපි'' සහ තව බ්ලොග් ගනනාවක් ලියන ලසිත බෙනරගම අයියවයි ''මගේ ලෝකය'' ලියන රංග මාමයි ''ලියන්නා'' ලියන වෙනි අංකලුයි එක්ක ඉඳල මට පොටෝ එකක් ගහගන්ට ඔනෑ.. තව මට එයාලගෙ අත්සනත් ගන්නත් ඕනා.... මේ වගේ ප්‍රවීන බ්ලොග් කරුවන් හැබැහින් දැක ඔවුන් සමග දවසක් ම ප්‍රීතියෙන් ගත කරන්න ලැබීම මම ලබපු භාග්‍යක්. මම ෆොර්ම් එක පුරවන්නම්... එදාට 7 වෙද්දි අනිවාර්‍යෙන්ම මම ඉන්නවා පීසා හට් එක ලඟ. ඔන්න මම එනවා හොඳේ...!!!

    ReplyDelete
  37. @ nawammawatha
    මොකෝ ගෙදර ප්‍රෂ්නයක්ද ? :-)

    ReplyDelete
  38. ශික් කරුමේ කියන්නේ අපේ ගේ ලගින් පටන් ගන්න මේ වැඩේට මට එන්න විදිහක් නැති හැටිනේ....

    ReplyDelete
  39. බ්ලොග් අවකාශේ මිතුරු හමුවට මගෙන් සුබ පැතුම්.. සතියක ඉඳං උණක් නිසා දුක්විඳිනවා...නැත්තං අනිවාර්යයෙන්ම මේ ගමනට එකතුවෙනවා...හැමෝටම උපරිමෙන් විනෝදවෙන්න හැකියාව ලැබේවා!!! :))

    ReplyDelete
  40. ඉහි ඉහි අනේ මට ඇඬේනවා...... :(

    ReplyDelete
  41. meka aluth business ekak da ?

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...