Sunday, January 15, 2012

උඹට ලමයි නෑ බන්.. අත බලලා සාත්තරයක් කියමුද?

අත බලලා, කේන්දර බලලා, අරවා බලලා, මේවා බලලා, සාත්තර කියන එක අපේ රටේ බහුලයි... කේන්දර කියන එක, එහෙම නැත්නම් ජ්‍යෝතිෂය කියන දේත් මමත් ගොඩාක් දුරට විශ්වා කරනවා.. මගේ දෛවඥ්ඥයා ගැන මම කලින් කියලා තියෙනවනේ.. චතූශගේ ජ්‍යෝතිශ කාර්යාලයෙන් තමයි ඉතින් මගේ අවශ්‍යතා ඉටුවෙන්නේ... ඉස්සරත් මතකනේ ගූගල් බස් පදිද්දි... දවස කම්මැලිනම් මාරයා ඇවිත් "එන්න බලන්න කේන්දරේ බලන්න" කියලා දානවා බස් එකක්.. හැංගිලා හිටපු ඔක්කොම විනාඩි පහෙන් බස් එකට ගන්න ඒ මාතෘකාව සමත්.... එහෙම හිටපු ගූගල් බස්නේ අප්පා අපිව දාලා ගියේ...


අද කියන්න යන කතාව ඕක නෙවෙයි.. අපි පාසල් කාලේ  වෙච්ච සාත්තර කීමක් සම්භන්ධෙන් සිද්ධියක්.. නාම ලේඛනය ලකුනු කරාට පස්සේ අපි පන්තියේ හිටියානම් හිටියේ එහෙමත් දවසක... 11වසරේ ඉදලා 13 වසර පහුවෙලා උසස්පෙලින් පසු අවුරුද්කුත් අපේ පන්තිය උනේ විද්‍යාලයේ බාලදක්ෂ කාමරය නැත්නම් ශිෂ්‍ය නායක කාමරය... ශිෂ්‍ය නායක කාමරය තිබ්බේ ප්‍රධාන ගොඩනැගිල්ලේ නිසා විදුහල්පතිතුමාගේ මෙන්ම ගුරුවරුන්ගේ අවධානය යොමු වෙනවා වැඩියි... ඒ නිසා ගොඩාක් වෙලාවට අපි හිටියේ  බාලදක්ෂ කාමරේ.... 6 වසරේ ඉඳන් එකටම හිටපු අපේ සෙට් එක ඒ කාමරේ ගත්ත ආතල් නම් කියලා නිම කරන්න බෑ...


දැන් ඉතින් වටේ යනවනේ... කතාව කියන්න අමතක වෙනවා... අපි ඉතින් ඔය කාලේ පත්තර අරවයින් මේවයින් ඔය අත්වල  රේඛා ගැන දැනගෙන හිටියා.. ඒත් ධන රේඛාව, යාලුවෙන ගෑනු ලමයි ගාන, හම්බෙන ලමයි ගාන වගේ දේවල් ගැන කියන පොඩි පොඩි දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියා... දැන් තමයි දන්නේ ඒවත් වැරදියි කියලා... 


බාලදක්ෂ කාමරේ හිටපු එක්තරා දවසක මම දැන් අපේ උන්ගේ අත් අල්ලාගෙන සාත්තර කියනවා... අරවා මේවා කියනව ඉතින්.. රාජා මගෙන් සාත්තර අහන උන් පිටිපස්සෙන් ඉදගෙන මට හොරෙන් කියනවා ඌට කියන්න ඔන දේවල්... ඉතින් මමත් ඒකට ආරළු බීරළු එකතු කරලා ඇත්ත වගේ දෙනවා ලෙසටම සාත්තරේ... තුන් හතර දෙනෙක් ඇහුවා.. වැඩේ ශේප්.. මුන්ට ඇත්තටම හිතිලා මම මේ ගැන දන්නවා කියලා...


අන්තිමට දැන් එකෙක් ආවා අතත් දික් කරගෙන.. මේක බලන සමහර උන් දන්නවා මේ සිද්ධිය.. අපේම එකෙක් (ජනකයා) තමයි මට මතක් කරලා දුන්නෙත් මේ සිද්ධිය ලියපන් කියලා... දැන් අත දික් කරපු එකයි මමයි අතරේ යනවා මේ දෙබස..


අඩෝ ***** මටත් කියපිය සාත්තරයක්...


ඇති බන් දැන් කී දෙනෙකුට කිව්වද? 


හරි හරි.. මටත් කියපන් තෝ අගය කරන්නෙ නැතුව...


හා.. වරෙන්කෝ වරෙන්කෝ...


ආ මෙන්න අත....


ම්ම් මචන්.. මාර අතක්නේ.. සල්ලි වලින් නම් අඩුවක් නෑ... ලව් කරලා තමයි උඹ බඳින්නේ... වයස අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා.. ඔච්චර තමයි බන් ඉතින්...


අඩෝ.. තව කියපන්... උඹ අරුන්ට කොච්චර කිව්වද?


වෙන මොනාද බන් කියන්නේ.. දන්නේ ඔච්චරනේ...


ඇයි උඹ අරුන්ට කිව්වේ හම්බෙන ලමයි ගනන.....


අහ්.. දියන් බලන්න අත.... 


එතකොටම රාජා පිටිපස්සේ ඉඳන් හොරෙන් "නෑ කියපන්.. නෑ කියපන්..." කිව්වා... අනිත් උනුත් සීන් එක බලාගෙන.. දැන් උගේ අත බලාගෙන මම මෙහෙම කියනවා..


අතේ හැටියටනම් මචන් මේක එච්චර හරියන්නේ නෑ බන්.. නිකන් අවුල් වගේ...


කියන එකක් තේරෙන්න කියපන් ******.......


අතේ හැටියටනම් උඹට ලමයි ඉන්න විදිහක් නෑ මචන්....


මූට මල පැන්නා කියන්නේ එකසිය ගානට.. පුටුවෙන් නැගිටලා මෙහෙම කිව්වා...


තෝ දැන ගනින් ******....... මට දවසක ළමයෙක් හම්බුනොත් තොගේ ගෑනිටත්  *****  දැන ගනින් ... අසභ්‍ය වදන් ගොඩායි ඉතින්....


මෙහෙම කියපු ඌ නැගිටලා දොර පැත්තට ගියා... ටිකක් යන්න ඇරපු රාජා ඌට ඇහෙන්න මෙහෙම කිව්වා...


ඉතින් බන් අභියා කිව්වේ උඹට ලමයි නෑ කියලනේ.. නැතුව උඹේ ගෑණිට ලමයි නෑ කියලා නෙමෙයිනේ....


එතනින් එහාට වෙච්ච දේවල් මම කියන්න ඕන නැහැනේ.... 


ප.ලි. සිහිණ උළෙලේ බ්ලොග් එකට නිර්නාමිකව මගේ නම සම්භන්ධ කරලා ගොඩාක් ඇනෝ කමෙන්ට් දාලා තියෙනවා කියලා සංවිධායක මණ්ඩලය කිව්වා.. දැන් ඒක කරන්නේ අපි නෙවෙයි අපේ අලුත් සාමාජිකයෝ ටික.. ඒ නිසා ඒකට ඇනෝ කමෙන්ට් දාපු කෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ.. 


ඔබ මාගේ විද්‍යුත් ලිපිනය දන්නවා ඇති.. ප්‍රශ්ණයක් මාත් එක්ක තිබේනම් ඒ මගින් විසදගන්න... එහෙම නැත්නම් නමෙන් කමෙන්ට් කරන්න.. ඕනෑම තැනක මම ඒවට උත්තර දෙන්නම්... 


ප.ප.ලි. දැන් මම ලියන්නේ සිහින උළෙලේ බ්ලොග් එක නෙවෙයි.. ඇනෝ 2  :D  

51 comments:

  1. අම්මප බොල . . . ඉස්කෝලෙ යනකාලෙ අත බලල කියපු සාත්තර හරිගියානං කියලා වැඩක් නෑ. අල්ලෙ මයිල් තියන එකත් අත බලා කියන එකක් නේද ??

    ප.ප.ලි.
    අනේ *කේ නන්නානේ . . . .
    &^%$$ ^^%&^ හඳපානේ . . . .

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ.. තොට මම කිව්වයි කියලා හිතා ගං...

      Delete
  2. ඇයි අල්ලෙ වල තීන එක. අපිටනං කවුරුත් සාත්තර කියන්නෙ නෑ, මොකද අල්ලෙ රේඛ අඩුයිනෙ...ගොඩක්ම මැකිල ගිහින්..:D

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඉතින් කාලේ හරි අල්ලේ රේඛා මතු කරගන්න...

      Delete
    2. මොන! දෙවෙනි එකත් ගත්තෙ සීසර් කරලනෙ බං.

      Delete
    3. මොන! දෙවෙනි එකත් ගත්තෙ සීසර් කරලනෙ බං.

      Delete
  3. ස්කෝලෙ යනකාලෙ පොත අල්ලෙමයි... ඒකයි කොහොමද අල්ල බලල සාත්තර කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඕක උඹ කියන්න දෙයක්යැ.. උඹේ ඇග දැක්කම ඕන එකෙකුට තේරෙනවා තාමත් පොත අල්ලෙ කියලා...

      Delete
    2. ලොල් සිරාවට :D :D හූ හූ

      Delete
  4. අල්ලට ළමයි හම්බෙනා නං අභීතට ඉන්න ළමයි ගාන ගණන් කොරන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. අභීතට එහෙමනම් ඔබාට කොහොම වෙයිද?

      Delete
    2. Beri on the cad sheet . . . .!!!

      Delete
  5. තාමත් කියන්න පුලුවන්දෑ?
    සික් ඒ පාර අභීතයියට බ්ලොග් උණ බෝ වෙලා නේද මේ වෙද්දී කීයක් කරනවද

    ReplyDelete
    Replies
    1. 6ක් විතර තියෙනවා බන් අර ඩෑෂ් බෝර්ඩ් කියන එකේ...

      Delete
  6. මගෙත් රේඛා නැත. අනේ මන්ද මන්දැයි නොදනී.

    ReplyDelete
    Replies
    1. හික්... ඒ කාලේ හරිය ඉතින් කවුරුත් තේරුම් ගනීවි වෙද මහත්තයෝ.....

      Delete
  7. දැන් කවුරු කවුරුත් අභීතට අත දෙන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. අත විතරක් දියන් පැනියා...

      Delete
  8. අභීතයියා මෑතකදි කියපු සාස්තරෙ කිව්වෙ කාගෙ අත බලලද?
    මං කිව්වෙ අර පික්ෂු හැදෙන අනාවැකි සාස්තරේ..? අර අර හරියටම වැරදුන එක...

    ReplyDelete
    Replies
    1. ඒකේ ඔබා අයියා දාපු කමෙන්ට් එක කියෙව්වානම් උත්තරේ එතන තියෙනවා නාකි මල්ලි.... :D

      Delete
  9. අතේ තියෙන ඉරි වල හැටියට ලමයි හම්බෙනවා නම්.අම්මෝ!

    ReplyDelete
    Replies
    1. http://goo.gl/ljgtu මෙන්න මෙතන අන්තිම කමෙන්ට් එකට කලින් කමෙන්ට් එකෙ මාරයා දීලා තියෙනවා ඕකට උත්තරේ....

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අභීත අයියේ දැන් බැරිද අත බලලා සාත්තර කියන්න...???

    ReplyDelete
  12. මගේ අල්ලේ නම් සාත්තරයක් කියන්නවත් රේඛාවක් ඉතුරු වෙලා නෑ.
    මේ අවුරුද්දේවත් රේඛා ටික මතු කරගන්න ප්ලෑනක් දාන්න ඕනා.

    ReplyDelete
  13. මම ඉතින් රයිට් හෑන්ඩ් කාරයානෙව . ඉතින් රයිට් හෑන්ඩ් එකේ රේඛා නෑ . වමේ තියන එවුවයෙං මොනවත් දැනගන්න බැරි වෙයිද ?

    ඒක නෙවෙයි බං ළමයි එන්නේ කොහෙන්ද ?

    ReplyDelete
  14. හික්ස්....පට්ට සීන් එක..

    ReplyDelete
  15. අපිත් ඉස්සර සාත්තරයක් කිව්වා කවියෙන්

    " අල්ලේ රේඛා වැ‍ටුනොත් හරහට
    මොනවද මොනවද එල්ලෙයි පහලට"

    කියලා

    henryblogwalker the Dude

    ReplyDelete
  16. අනේ මටත් සාස්තරයක් කියන්න්කෝ..මැරෙන දවස හරියටම දැනගන්නේ කොහොමද..?

    ReplyDelete
  17. සිරාවටම අතේ රේඛා බලලා කොහොමදෑ ළමයි ගැන කියන්නේ??
    O.o

    ReplyDelete
  18. මන් වමත් කාරයෙක් අභියො මගේ දකුණු අත බලලා කියහන් සෑත්තරයක් ! ළමයි ගැන ..

    ReplyDelete
  19. හික්ස්ස්... එහෙම කොහොමෙයි ළ්මයි ගාන කියන්නෙ?? මරුනෙ...

    ReplyDelete
  20. අත බලලා සාත්තර කියනව වගේද ලොකු අයියේ..අතේ කොටන එව්වත් මුන් වරද්ද ගන්නකොට...හික්....මේව්වා තනිකරම DCSL..නොවැ

    ReplyDelete
  21. මට දවසක් අත බලන්න දුනුන ගෑණු ළමයෙක්ට විහිලුවට කිව්ව උඹ වඳයි කියලා. වචනේ ඉවර කරන්න කලින් චටාස් කියල වැදුනනේ කම්මුලට. ඒ තමයි පලවෙනි සහ අවසාන වතාව කම්මුල්පාරක් කෙල්ලෙක්ගෙන් කාපු. ඊටපස්සේ ළමයි ගැනනම් ඇතත්ටවත් මක්කවත් කියන්න යන්නෑ. :D

    ReplyDelete
  22. මම අනුරාධපුරේ ගිහිල්ලා ගෙදර කස්ටිය එක්ක අර සාස්තර කියන ගෑනු කෙනෙක් ලං කාරා අපේ වෑන් එක ලගට..අපි එපා කියද්දී මේ ගෑනි කිව්වනේ මේ මාත්තියානං මනමාලයා කියලා...මගේ රෙදි ගැලවුනා ඔක්කොම ඉස්සරහ....ඩ්‍රයිවර් බුවාට සිග්නල් එක දුන්න ගමන් ඌ ඇද්දා.නැත්තං ඉතුරු ටිකත් කියනවා.....

    ReplyDelete
  23. අනේ අබිත අයියේ දෑන් නම් ඔය සාස්තර වෑඩේ කරන්න එපා... එතකොට එවා කරන අයටත් තියන වෑඩ අඩු වෙනවනේ...

    (හොරෙන් අහන්නේ බෑරිද මට එකක් කියන්න )

    ReplyDelete
  24. දවසක් මම බම්බලපිටිය පැත්තේ ක්ලස්ස් යද්දි පාරේ වාඩි වෙලා ඉදපු ගෑණු මනුස්සයෙක් " මහත්තයා එන්න මුන බලලා සාස්තරයක් කියන්නම්" කියලා.. මම මට නෙමෙයි වගේ ආවා.. නැත්නම් අර පාර මැද මොනවා කියයිද කවුද දන්නේ...

    ReplyDelete
  25. උඹට *ක බලලා සාස්තර කියන්ඩ බැරිද අභි අයියේ... හික්ස්....

    ReplyDelete
  26. උබලගෙ ස්කෝලෙ එව්වොන්ගෙ අත්වල රේකා තිබුනද බන් සාස්තර කියන්න...

    ReplyDelete
  27. හික්ස්.... මරු සාස්තරේ...

    ReplyDelete
  28. අම්මෝ සාත්තරනම් කතා කරන්න එපා, එක පාරක් සාත්තරයක් අහලා තව පොඩ්ඩෙන් ගුටි කාල එන්න වෙන්නේ...

    ReplyDelete
  29. සාස්තර කියන්න අත බලන්නම ඕනේ නැහැ :)

    ReplyDelete
  30. හලේ.. කටත් ඇරගෙන කියෙව්වෙ.. හොදම ටික ලොප් කොරලනෙ.. :(

    ReplyDelete
  31. ශාෂ්තරේ.... ශාෂ්තරේ....ශාෂ්තර කියනවා

    හික්z.. මරු සාස්තර කිවිල්ල

    ReplyDelete
  32. මම කිව්වෙ බොරුද මම ඔයාගේ ඇනෝනිමස් බ්ලොග් එක බලලා සාත්තරේ කීවේ ඔයාට දරුවෝ හදන්න බැහැ කියලා. ඔයාට ප්‍රශ්නයක් ආවාම කරන්නේ ඌට මේල් කරන එකද? පල පොන්සියෝ යන්න. උඹ කරන්නේ ඇනෝ කමෙන්ට් දාන එක. ඇනෝ2 බ්ලොග් එක කරන්නේ උඹනේ. මම ඇනෝ 3 වෙන්නම්. ඇනෝ4ත් උඹ හදලා කියලා අරංචියි. ඔහොම යමු.
    ප. ලි. මගේ දරුවෝ ටික මතක් කලා කියහං.

    ReplyDelete
  33. උඩ කමෙන්ට් එක නං සැර වැඩියි. අභීත කියන පුද්ගලයා කරන වේස වැඩ බැලුවාම නං අතිශයින්ම සාදාරනයි.

    ReplyDelete
  34. අනේ මගෙත් සාස්තරයක් කියන්ටකො අභීත අයියා :ඩි

    ReplyDelete
  35. අනේ මෙයාගේ සාස්තරේ.....

    ReplyDelete
  36. මටත් ඔහොම චා වැඩක් වෙලා තියනවා සාත්තර බලන්න ගිහින්. අපේ අයිය ඔය පත්තර බලල එහෙම ඕව ගැන ටිකක් දන්නවා. ඌ මගේ අත බලල කිව්වා මට ළමයි දෙකයි, ගෑනිට ළමයි තුනයි කියලා. වැඩේ කියන්නේ, එහා ගෙදර අයියට ළමයි තුනයි, උගේ ගෑනිට ළමයි දෙකයි.

    ReplyDelete
  37. අභී.. සෑමා අද තමා මේ පැත්තට ආවේ.. මට සාස්තර එපා මචෝ... මාව විනාස වෙයි කිව්වොත්...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...