Wednesday, January 18, 2012

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...

දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....



ඔරිජිනල් ලිපිය මෙතනින්.....

25 comments:

  1. එම සත් කාර්යයට මම දායක වුනේ නැති නමුදු සැත්කම සාර්ථක වීම පිලිබද බොහොම සතු‍ටු වෙනවා..
    මෙවැනි දෙයකට ඔබ සැමගේ සහයෝගීතාව බොහෝ සෙයින් අගය කරමි..

    ReplyDelete
  2. හරිම සතුටුයි අයියේ..... හැම දේම හොදින් වුනා නේද???

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. උනා.උනා.... උඹලා දැන් තමයි අහන්නෙ.......... අනේ මොකටද මගේ කට....

      Delete
  3. ඔය වැඩේට සල්ලි එකතු කරත්දි සමහරක් එවුන් කිව්ව ඕකත් අබේපාලයගෙ මොත්තයක් කියලා.. උන්ගෙන් උඹ අහපන්, මේ අහින්සකීට දැන් කන් අහෙන්නේ *&#@$ ද කියලා.
    මගේ අවංක ගෞරවනීය උපහාරය උඹ ඇතුලු සියලු දෙනාට.

    ReplyDelete
  4. හරිම සතුටුයි . . ඇයට ඉක්මනින් සුවය ලැබේවා . .

    ReplyDelete
  5. හරි සෝක් වැඩකි..

    ReplyDelete
  6. සතුටුයි වැඩේ සාර්තක උනාට

    ReplyDelete
  7. ඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඒ දේ මේතරම් දුර ගෙනාපු උබල ඔක්කොටම පින්.

    ReplyDelete
  8. මෙපින් බලෙන් දිලුම්ගේ ආත්මයට නිවන්දක්නා ජාති දක්වා මෙවන් අකල් මරණ අත්නොවේවා !
    මේ සද් කාර්යයට දායක වෙච්ච හැමටත් පිං සිද්ද වේවා !

    ReplyDelete
  9. සතුටුයි කියන්නට දෙයක් නැත.. උපරිමයි !

    ReplyDelete
  10. නියමයි.අපිටත් හරිම සතුටුයි.

    ReplyDelete
  11. ගොඩක් සතුටුයි..ඇයට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා..!

    ReplyDelete
  12. ඇත්තටම සන්තෝසයි . යන දවසකට ගෙනියන්න ඉතිරි වෙන්නේ මේ වගේ පිනක් විතරයි .

    ReplyDelete
  13. හද පත්ලෙන්ම සතුටු වෙනවා...!

    ReplyDelete
  14. ඒ කාලේ බ්ලොග් එකේ හිටියේ නැති උනාට සතු‍ටු ආරංචියක්....

    ReplyDelete
  15. ඉතා හොඳ වැඩක්. සාර්ථක උනා කියන එක අහන්නත් සතුටුයි. මටනම් සල්ලි දෙන්න බැරි උනා පොඩි එකා නිසා. කොහොම උනත් ලඟපාත නිසා බලලා එන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  16. ඉතාමත් හොඳ වැඩක්. පුංචි ගෑනු ළමයාගේ මූන දකිද්දි ඒ වැඩේ සාර්ථක වීම ගැන ලොකු සතුටක් දැනෙනවා.

    ReplyDelete
  17. බොහොම හොඳ වැඩක්

    ReplyDelete
  18. හ්ම්ම් හරිම සතුටුයි. ඉදිරියට මේ වගේ දේවල් වලට මමත් සම්මාදම් වෙන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  19. ඇත්තට ගොඩාක් සතුටුයි..ජෙරූශා දැරියගේ ඉදිරි කටයුතුත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...