Saturday, January 28, 2012

මෙන්න මේ තුන් දෙනා ගැන තේරුම් ගන්න මරුම උදාහරණේ....

පහුගිය ලිපි දෙක මනා ආංදෝලනයක් ඇතිකරමින් උඩට ගිහින් යටට ඇවිත් නරා වලක් වෙලා දැන් ටිකක් උණුසුම අඩුවෙලා ගිහින් තියෙනවා.... ඒත් තාමත් කට්ටිය නිතර ඒ පැත්තට ගොඩ වෙලා ඇනෝ කමෙන්ට් එකක් එහෙම ඔබලා කාට හරි මඩක් ගහලා යනවා... මේ පෝස්ට් දෙක ඩිලීට් කරන්නවත් කමෙන්ට් ඩිසේබල් කරන්නේවත් නැත්තේ මම ඒ දෙකෙන්ම මතු කල කාරණයකට මමම එයින් විරුද්ධ වෙන නිසා.. ඒ නිසා බ්ලොග් එක පවතින තාක් කල් ඒ ලිපි දෙකත් මම ලියපු අනිත් ලිපි වගේම ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපුවාවේ.... හරි දැන් කතා කරන යන්නෙත් ඒ වගේ දෙයක් ගැන.... ඒ කියන්නේ මිනිස්සු පිස්සු වට්ටන තුන් දෙනෙක් ගැන.. බ්ලොග් අවකාශේ කට්ටියත් යහමින් හම්බෙන තුන් දෙනාගේ අන්තිම ප්‍රථිපලය කොහොම වුනත් වෙනස මෙන්න මේකයි කියන්න තමයි හදන්නේ....


දුප්පතාගේ හිතවතා (ගල් අරක්කූ), තනි අකුරේ බඩු (රා), තණමල්විල ගුවන් යානා (ගංජා) මෙන්න මේ තුන් දෙනා ගැන තමයි අද කියන්න යන්නේ.... දැන් කවුරු හරි ඉන්නවාද කටට කෙල ගිලපු අය... එයාල අද හවසම සෙට් වෙන්න එහෙනම්.... මේ තුන් දෙනා ගැන නියම විදිහට තේරුම් ගන්න මරු කථාවක් ඇහුවා මම ඊයේ... ඒක තමයි අද මම මේ කියන්න හදන්නේ... වටේ තලා අවසන්... මෙන්න කථාව....



එකම බෝඩිමේ ඉන්න යාළුවෝ තුන් දෙනෙක් බාර් එකක් සෙට් වෙලා නද වෙන්න ගහනවලු... එකෙක් බොන්නේ ගල්... අනිකා බොන්නේ රා.... මේ දෙකම පාවිච්චි නොකරන අනිත් එකා මලක් ගහනවලු මුල්ලකට වෙලා.... කොහොමහරි යහමින් ගත්ත තුන් දෙනා තමන්ගේ පාඩුවේ බෝඩිම වෙතට ආවලු නිදා ගන්න... එතකොට තමයි තුන් දෙනාට මතක් උනේ යතුර නෑ කියලා.... ඒ කියන්නේ සෙට් වෙච්ච තැන යතුර...  මේක අවබෝධ වෙච්ච තුන් දෙනා ඒ සම්භන්ධව දක්වපු ප්‍රතිචාරය තමයි මෙ තියෙන්නේ.....


ගල් බීපු එකා : තොපිට පිස්සුද යකෝ.. යතුර අමතක කරලා එන්න.. තොපි වගේ $&$&$$& එක්ක මොකුත් කරන්නේ බෑ.. හැම #$@#@ ම අමතක කරල එනවා යන හැම තැනම....


රා බීපු එකා : හරි බන් බෙරිහන් දෙන්න ඕනේ නෑ.. මම ගිහින් ගේන්නම්.. උඹලා හිටපල්ලා....


පාවෙවී හිටපු මල් ගහපු එකා : අනේ උඹ යන්න ඕන නෑ බන්.. යතුරු හිලෙන් රිංගලා නිදාගෙන හෙට උදේ ගිහින් යතුර ගේමු බන්....


ප.ලි. දැන් කියන්න එපා සුපියල් පා කෑව තෝ කියලා.... :D


ප.ප.ලි. අර අවුරුදු උත්සවේ තියෙනවලුද බන්... :(

45 comments:

  1. මේක අන්තිම පේලියේ ගියා

    ReplyDelete
    Replies
    1. මම ඊයෙනේ ඇහුවේ....

      Delete
    2. අන්තිම පේලිය බලපු එක්කෙනෙක් ලොක්ක වගේ කියන්න ඇති :P

      Delete
    3. හපෝ ඕක අන්තිම පේලියේ යන්න කලිං මම නම් අහලා තිබුනා

      Delete
  2. බ්ලොග් පිටිය යුධ පිටියක් වෙලාද???
    මොකද මන්ද ???
    දවසක් දෙකක් මේ පැත්තට එන්න බැරුව හිටිය විතරයි මේක තනිකරම අනිත් පැත්ත ගැහිලා නෙව..O.o

    ReplyDelete
  3. මාත් මේක අන්තිම පෙලියෙ දැක්කො..
    උඹ අපෙ සුපියල් පා කේවා..!! :D

    ReplyDelete
  4. කෑවෙ නේන්නම් සුපියල් 5...

    ReplyDelete
  5. සයියෝ මගේ සුපියල් 5 :D :D

    ReplyDelete
  6. ෂික් විතරක්.. සුපියල් පා කෑව තමයි උඹ.

    ReplyDelete
  7. ඕක තමා කියන්නේ ලෝකල් උනත් වදින්නේ වෙනස් වෙනස් විදිහට කියල. මිනිස්සුත් ඔහොමයි

    ReplyDelete
    Replies
    1. කොහොමද හරියටම ලෝකල් කියන්නේ??? KG දන්නේ නැහැ නේ

      Delete
  8. අනේ මන්දා.............

    ReplyDelete
  9. අත්දකීම්නේද කිව්වේ. රා බොන එක හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. රා හොදයි . . .
      කංසා හොදාදාදායි . . . . .

      Delete
  10. හොඳ ලිපියක් ....

    ReplyDelete
  11. උඹ හිට් බලන්මද කොහෙද ලියන්නෙ..මාතෘකාවෙන්ම පේනවා

    ReplyDelete
    Replies
    1. මම හිට් බලාගෙනම ලියනවයි කියමුකෝ මචන්... ඉතින් උඹට පාංද කියපන්කෝ....

      Delete
    2. මට ඉරිසියයි බං

      Delete
  12. අයියෝ.. මගෙ තූති සුපියල...

    ReplyDelete
  13. The last row කලින් ඕක ජනප්‍රිය කතාවක් නිසා සුපියල් පා ගැන ගනං ගන්න එපා.

    ReplyDelete
  14. මේ මම අහල තියන විදිය,
    ගල් - අඩොව්....අපි දොර කඩාගෙන ඇතුලට යං.
    රා - දොර කඩන්න ඕනි නෑ බං. අපි මෙන්න මේ එලියට වෙලා නිදාගමු.
    මල් - ආ...තල් එක කන්ඩ එපා...... ආ..තල් එක කන්ඩ එපා......අපි තුන්දෙනා හෙමි...හිට යතුරු සිදු..රෙන් ඇතුලට යමු

    ReplyDelete
  15. //ඒ කියන්නේ සෙට් වෙච්ච තැන යතුර...//

    සෙට් වෙච්ච තැන යතුර මොන හුන්නස්ගිරියකටද බෝඩින් කාමරේට රිංගන්න ?

    ReplyDelete
  16. ඊයේ බිව්වෙ පැට්ටත් එක්කද? ෂුවර් එකටම ඌ තමා කතාව කියන්න ඇත්තෙ

    ReplyDelete
  17. හපොයි සුපියල් පහ... ;)

    ReplyDelete
  18. අන්තිම පේලියේ මේ ළගදි ගියේ!

    ReplyDelete
  19. ෂැහ් අපි ආවේ මේ කඩු පයිට් පෙන්නනවා කියලා හිතාන.රුපිය්ල් පා කේවා... :D

    ReplyDelete
  20. ප.ප.ලි. - එක ගැනනම් මටත් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්..... :)

    ReplyDelete
    Replies
    1. හනේ හනේ උඹට අවුරුදු උත්සව අරහේ උඹලගෙ එකෙක් නේද මැරෙන්න යන්නෙ.

      Delete
    2. Who is going to die ?

      Delete
    3. @AnonymousJan 28, 2012 04:13 AM:
      බය වෙන්න එපා මෙයා . . . . "සද්ද දාල අරින පඩේ ගද නෑ" කියනවනෙ . . . ඕකත් එහෙමම තමයි

      Delete
  21. මල් ගැන ලියවුන හොඳම ගීතය.
    "මලක් වෙලා ඔබ පිපෙන්න... ආදරේ සුවඳ දෙන්න.."
    මේවා කවුරුත් දන්නේ නෑ.. උන් හිතන්නේ
    "තනමල්විල මල් පිපුනට" කියන එක තමයි හොඳම එක කියලා

    ReplyDelete
  22. රා ගඳයි... අරක්කු තිත්තයි... (දැන්නම් අඹ ඇපල් අනං මනං ගොඩයි...) මල කෑම රුචිය වඩවයි

    ReplyDelete
  23. නියම කතාව.. හොද වෙලාවට මගේ රුපියල් පහේ ඒවා කැපෙන්නේ නෑ...

    ReplyDelete
  24. ආදර්ශය: රා බොන්නා සමාජ සේවකයෙකි...

    ReplyDelete
  25. මලක් ගහලම answer එකක් දෙන්නම් ..............shit පසට කතාව

    ReplyDelete
  26. ගත හැකි ආදර්ශය මල් ඇදීමෙන් ඕනෑම කුඩා සිදුරක් හරහා ඉතා පහසුවෙන් යාමට හැකි වීම.

    ReplyDelete
  27. හරි හරි විස්කි බ්‍රැන්ඩි ගහන උන් කරන දෙවල් හොඳයි කියලනෙ ඔය කියන්නෙ

    ReplyDelete
  28. අපි ආවේ කඩු පයිට් බලන්න කෑවා මාත්තියා කෑවා අපේ සුපියල් පහ

    ReplyDelete
  29. අයියෝ මගේ සුපියල් පහ.. :(

    ReplyDelete
  30. සුපියල් 5 පාඩු නැත...අවුරුදු උත්සවය පැවැත්වෙන බවට වාර්තා වී ඇත....අර යතුරු හිලෙන් රිංග්වේ අබියා බවට සැකයක් ඇත....

    ReplyDelete
  31. එළ එළ මලේ ආතල්ම සීන් එක දැක්කේ අපේ එකෙක් සිගරට් පැකට් එක සාක්කුවේ දාගෙන වැටිච්ච එක ගන්න ඇලට පැනපු වෙලාවේ....කාටවත් කරදරයක් නැති පානයක්....

    ReplyDelete
  32. අවුරුදු උත්සවේ තියනවො.....මේදා පොටේ වැල්ලවත්ත පැත්තේ කියලයි ආරංචී.....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...