Wednesday, February 15, 2012

කෙල්ලන්ව/ කාන්තාවන්ව ආශ්‍රය කරන්නේ කෙසේද? හික්..


මේ ප්‍රශ්ණය මගේ පුංචි කාලයේ ඉඳලම හිතට වද දුන්න ප්‍රශ්ණයක්.... මේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයා ගත්ත කවුරුත් මෙය කියවන පාඨකයින් අතර ඉඳියි කියලා මටනම් හිතෙන්නෙත් නෑ.. හය හතර නොතේරෙන පොඩි එකා සංදියේත්, ගෙදරට ස්ත්‍රී පාර්ශ්වයක් ආපුහාම දුවලා ගිහින් හැංගෙන පුරුද්දක් මට තිබ්බා කියලා තමයි තතු දන්න වැඩිහිටියෝ කියන්නේ.. ඔවුන් කියන්නේ මම ඒ කාලෙත් ගෑණුන්ට බයයි කියලා.. ඒත් මට හිතෙන්නේ ඒ කාලෙත් මට ඔවුන්ව තේරුම් ගන්න බැරි නිසා මම හැංගෙන්න ඇති කියලයි... මට ඉන්නෙත් අක්කලාම තුන් දෙනෙක් නොවැ.. හප්පේ උන්ට නම් මම තවම බයයි... :D :D


ඊට පස්සේ 1 වසරේ ඉඳලා 13 වසරට යනකන්ම ගියේ පිරිමි ලමයි විතරක් යන පාසලකටනේ.. ඒ කියන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයටනේ... කෙල්ලෙක් කිව්වොත් ඔන්න මැජික්.. 7, 8, 9 වසර වලදි අම්මෝ කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඊට එහා දෙයක් නෑ... කෑම්ප් වලට එහෙම ගිහින් ඒවගේ ඉන්න බාලදක්ෂිකාවන් ගාවින් හෙල්ලෙන්නෙ නෑ ඉතින්.. පැණි ගඟයි... ඒත් 11,12 වසර වලට එද්දි කෙල්ලො එච්චර මැජික් උනේ නෑ.... ඒත් වානිජ දිනය, සිංහල සාහිත්‍ය දින අරවට මේවට සහභාගි වෙන්න ගෑණු ලමයි ආපුහාම මේන් හෝල් එක වටේ ගැවසෙන එකනම් පුරුද්දක් විදිහටම තිබුනා... හැබැයි මේ කාලේ මගේ තිබ්බ නරකම පුරුද්දක් තමයි කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඕන දෙයක් කරන එක... ක්ලාස් වල කෙල්ලො මාව රවට්ටගෙන ලොකු අයියලාගේ විස්තර එහෙම අහගත්තා මට අද වගේ මතකයි... උසස් පෙළ කරලා, බාලදක්ශවල ජේෂ්ඨයෝ වෙලා, ශිෂ්‍ය නායකයෝ වෙලා පාසලේ පොඩ්ඩක් විතර කැපී පෙනෙන චරිත උනාට පස්සෙනම් කෙල්ලො නිකන් ටොයිස් උනා... යන හැමතැනම ගෑණු ලමයින්ගේ අවධානය දිනා ගන්න වෙනදට වඩා පුළුවන් වෙනකොට අපි හිතාගෙන හිටියේ අපි පොරවල් කියලා... දැන් මතක් වෙනකොට හිනාත් යනවා අප්පා... 


කොහොම හරි මේ කාලෙදි තමයි මගේ මුල්ම ප්‍රේම සම්භන්ධය ඇති වුනේ... අප්පා.. ඒ කාලේ ලව් එකක් කියපුහාම කොච්චර බයානකද? ඒ ගැන අපිට වඩ පරන අයත් පහලින් කමෙන්ට් කරයි.. නිකන් වහ බෝතලයක් දිවේ තියාගෙන වගේ... සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ලාගෙන වගේ... හැබැයි දැන් වගේ එළිපිට ලව් නොකර හැංගිලා ලව් කරන එකේ තියෙන්නේ වචනයෙන් කිව නොහැකි තරම් වෙච්ච සුපිරි ආතල් එකක්.. ප්‍රේම සම්භන්ධ කීපයක්ම තිබුනත් මට සුදුසුම හා ගැලපෙනම බිරිඳ හොයලා දෙන්න තරම් දෛවය මට කාරුණික වුනා... 


මේ කාලයේම අපේ ජ්‍යේෂ්ඨයෝ අපේ ඔලුවට කවපු එක දෙයක් තිබ්බා... ඒ කෙල්ලෝ කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන තවත් එක ජන කොට්ඨාශයක් විතරයි කියන එක.. ඒ වගේම වැදගත් න්‍යායක් කියලා දුන්නා.. කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලොත් එක්ක ගහ ගන්න යන්න එපා.. දෙමවුපියන්ට කරදර කරන්න එපා.... කියලා.  හැම කෙල්ලම එහෙම නොවුනත් හුඟක් කෙල්ලො එහෙමයි කියලා තමයි ඔවුන් කිව්වේ.. ජීවිතේ ටික ටික වයසට යද්දි මේ කතාවේ සත්‍යය කොච්චරද, අසත්‍යය කොච්චරද කියන එකත් අපේ මොලෙට වැටහුනා... අපි ඇතුලේ තියෙන සමහර රහසිගත දේවල් එලියට ගියාම ඔවුන් කිව්වේ 


" නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා යකෝ..."  


ඒවා මතක් වෙද්දි තාවම හිනා යනවා.. අනතුරුව වෘත්තීය පුහුනු වලදීත්, රැකියාවේදීත්, අහ්.. මේ බ්ලොග් අවකාශයේදීත් කාන්තාවන්ව හමු වුනා... දැන් නම් අවබෝධයෙන් ඉන්න නිසා ගැටළු අඩුයි.. ඒ වගේ මම වර්තමානයේ කරන ඉවෙන්ට් මැනේජ්මන්ට් (Event Management) වලදි තමයි කාන්තාවන් ගැන අධ්‍යයනය කරන්නට හැකි විවිධ විවිධ කාන්තා චරිත හමු වෙන්නේ.....



"සෑම සාර්ථක පිරිමියෙක් පසු පසම ගැහැණියක් ඇත" කියලාත් කථාවක් තියෙනවනේ.... අන්න ඒක මටනම් ඇත්ත... ඒත් සමහරුන්ට ඕක වහ කඳුරු වගේ වෙන්නත් පුළුවන්.. හරියට ජ්‍යෝතිශය වගේ.... සමහර අය පිලිගන්නවා.. සමහරු පිලි ගන්නේ නෑ... සමහර පිරිමින්ට කසාද බිරිඳ ඇණයක් වෙද්දි සමහර පිරිමින්ට ඇය ඉෂ්ඨ දේවතාවියක් වෙනවා... මේවා වෙන්නේ ඇයි කියන්න අතීතයේදීත් වර්තමනයේදීත් හරියටම කියුවේ නෑ වගේම අනාගතයේදීත් කියන්න පුළුවන් ජගතෙක් නැති වෙයි...


දැන් මම ලිපිය අවසන් කරන්න විදිහක් නැතුව ඉන්නේ.. අර ඉහලින් දුන්න අවවාද මතකනේ කියවන අයට.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් තරහ කර ගන්නවත් දෙමවුපියෝ තරහ කරගන්නවත් යන්න එපා... මට හිතෙන්නේ ඒ කතාවේ යම් ඇත්තක් තියෙනව කියලා... ඒත් කියවන සමහර අයටනම් ඉතා දැඩිව කියන්න තියෙන්නේ දෙවෙනි අවවාදේ.. මෙන්න තියෙනවා ඒකට කෑල්ලකුත් එකතු කරලම...


නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා බන්..... :D. දීලා හිතවතුන් අතරේ චාටර් වෙන්නත් එපා බන්....

48 comments:

  1. මම නම් 1 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම කෙල්ලෝ ඉන්න ඉස්කෝල වල උන්නු හ්න්දා ගෑල්ලමයි කියන්නේ මැජික් නෙමෙයි. හැබැයි 6,7 වසරවල් කියන්නේ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝ අම්බානකට වලි දාගත්තු කාලේ. ඒ දවස් වල කෙල්ලෝ තමයි අපේ ප්‍රධානම හතුරෝ. 8,9 කියන්නේ අපි සාම ගිවිසුම් ගහලා ශේප් වෙච්ච කාලේ 10,11 කියන වසර දෙකනම් මට කවදාවත් අමකත වෙන්නේ නැති වසර 2ක්!
    කරුමෙට 12 වසරෙදි ගණිත අංශයෙන් ඉගෙන ගත්තු හිනදා අපේ පංති වල හිටියේ කෙල්ලෝ බොහොම ටිකයි. හිටපු අයත් වැඩක් නෑ ;)

    පලි : මං මෙච්චර දෙයක් ලිව්වට හිතන්න එපා අභීතයියාගේ කතාවේ අතුලේ තියෙන කතාව මට නොතේරුනයි කියලා! "වදින තැනකට වැදියං" ජාතියේ පෝස්ට් එකක් බව හොඳාකාරවම දනිමි! :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ පූසෝ....

      Delete
  2. මෙයා මේ පවුල් පන්සල් වෙච්චි නිසා මඟුලක් කියනවා... අපි ඉතිං තාම තනිකඩයි නේ... ඒක තේරෙන්නැද්ද මන්දා... :D

    ReplyDelete
  3. නැවතිල්ලේ හිතල බැලුවම...අබියො කතාවේ ඇත්තක් නැත්තේමත් නෑ..

    ReplyDelete
  4. අභීත ඕක ඔයා, මම වගේ සමාජයේ බහුතරයකට ඇති වෙන ප්‍රශ්නයක්. හැබැයි ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙන කොට්ටාෂයකුත් ඉන්නවා. මං වැඩ කරපු ඔෆිස් එකක කොල්ලෙක් හිටියා මාර professional විදියට කෙල්ලො ආශ්‍රය කරපු. අඩුත් නෑ වැඩිත් නෑ. කෙල්ලො අතරත් ඌ තරම් popular කෙනෙක් නෑ තව. කෙල්ලෙක්ගෙන් ඕනැ වැඩක් කර ගන්න හැටිත් දන්නවා. අල වෙන්නෙත් නෑ. පස්සෙ හොයා ගත්තා මූ gay කියලා. උගේ මොළේ සකස් වෙලාමෙ තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් යාළුවො හැටියට විතරක් පේන්න වෙන්න ඇති. අපේ තියෙන ගැටළුව කෙල්ලෙක්/ගෑනියෙක් මොන සම්බන්දෙ ගත්තත් අපේ මනසෙ පැත්තක වෙන දෙයක් වැඩ කරනවා. මනස neutral නෑ. ඉතින් අපි ඕක අවබෝධ කර ගෙන තමයි වැඩ කරන්න ඕනැ. මේ කියන්නෙ හැමෝම වල් කියනවා නෙවෙයි. නමුත් වැලක සායක් දැක්කත් අපේ මොළේ තැනක් අපි නොදැනුවත්වම trigger වෙනවා. ඒක ඕනැ කමින් යටපත් කරගෙන තමයි වැඩ කරන්න ඕනැ. ඕකට ඉතින් විසඳුමකුත් නෑ තමයි. :-)

    ReplyDelete
    Replies
    1. Gay මනුස්සය පිරිමි එක්ක ඉන්න වෙලාවට හැසිරීම කොහොමද කියලත් කිව්ව නං ඉන්ටරෙස්ටින් වෙයි...

      Delete
    2. ඒ කතාව නම් හරියටම හරි ඇනෝ.

      Delete
    3. ඔව් ඔව් ඒක ඔබා මාමට නං සෑහෙන වැදගත් වෙයි වගේ.......

      Delete
  5. මං සිරාවට කෙල්ලෙක් කියල ඔය සංකල්පේ ලොකුවට තියන්නැ ඉන්නේ නැහැ හිටියෙත් නැහැ මේ ලඟක් වෙනකම්. කොටින්ම කිව්වොත් මව දන්නා ය කියන්නෙත් මෙකි බඳින කොල්ල මැරුණම කෙලින්ම දිවය ලෝකේ යනවා කියලා මොකෝ උග පව් මේ ආත්මේ ගෙවල ඉවර වෙන හින්ද. කෙසේ හෝ ඕක වැරදි නැහැ ඇත්ත හැබැයි අනිත් පැත්තේ කතාව මේකයි මචන් දෙන්න යන්න එපා බන් ඔච්චර බඩුවක් වෙලා තමා නවතින්න වෙන්නේ

    ReplyDelete
  6. //එළිපිට ලව් නොකර හැංගිලා ලව් කරන එකේ තියෙන්නේ වචනයෙන් කිව නොහැකි තරම් වෙච්ච සුපිරි ආතල් එකක්. //

    මොනාද මේ කතා මම නම් ඔය ආතල් එක පස්සේ ගිහින් තුන් වතාවක්ම ඌයිය කරගත්තා . එකවතාවක් හැඟිලා කරපු ලවකට මුක්කු ගහන්න ගිහිල්ලා රතුපෑනෙන් ලියාපු සෙටිෆිකෙට් එකකුත් ලබාගත්තා .

    //කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලොත් එක්ක ගහ ගන්න යන්න එපා //

    ඔන්න ඉතින් තවත් මල් මසුරං කතාවක් ඔන්න ඔය ගැන ලියාපංකෝ පෝස්ට් එකක් උඹලට හිටපු ජ්‍යේෂ්ඨයෝ නම් සුපිරිම ඩයල් ටිකක් . මට මතක්වෙන්නේ කලවං ඉස්කෝලෙක ගියපු අපි කොයිතරම් ඔය යට සායවල් වලට මරාගත්තද කියලයි .

    ReplyDelete
  7. ඇත්ත කතාව. අපේ ජීවිතෙයේ අත්දැකීම් එකතු වෙනකොට, අපි මුලින් හිතාගෙන හිටපු හැටි / අපි මුලින් විශ්වාස කරන් හිටපු සමහර දේවල් ඇත්ත නෙමේ කියලා තේරුම් යනවා. ඉස්කෝල කාලෙ කෙල්ලන් සම්බන්ද ප්‍රශ්න වලට gang පිටින් ගහගන්නේ, දැන් නම් ඒවා දිහා ආපහු හැරිලා බලද්දී හිනා යනවා.

    ReplyDelete
  8. ප්‍රසිද්ධ බ්ලොග් එකක් ලියන කනබොන මහත්තයෙක් බඩුවකට ## දීල වගේ.. :)

    ReplyDelete
    Replies
    1. මේක කියලානම් තියෙන්නේ අපේම ජනප්‍රිය බ්ලොග්කරුවෙකුට වගේ..... කවුද ගෑණු ළමයි වට කරගෙන බ්ලොග් ලියන හාදයා...

      Delete
    2. වෙන කවුද

      Delete
  9. මේක නම් කතන්දර මාමාගේ පෝස්ට් එකක් වගේමයි..මැද්දට ලින්ක් විතරයි අඩු..

    පිටින් පේන තේරුම නෙමෙයි ඇතුලෙ තියෙන්නෙ..

    ReplyDelete
  10. වටිනා උපදෙස් ඇතුලත්.
    //මම ඒ කාලෙත් ගෑණුන්ට බයයි කියලා//:)
    කාන්තාවන් සහ පිරිමින් අතරෙදි මම දකින විශාලම වෙනස තියෙන්නෙ බොසීලත් බොසාලත් අතරෙදි. කොච්චර දක්ෂ උනත් කාර්යාලයක් පාලනය කිරීමේදී මට මුනගැහුන සහ මම දන්න කාන්තාවන් අසාර්ථකයි.

    ReplyDelete
  11. එළ එළ අභියෝ...ඔය කතාවෙ සාරාංශය ගත්තම ඒකට කියන තව වචනයක් තියෙනවා.. '' #ම්බක් නිසා ගෙම්බෙක් වෙන්නෙපා '' කියලා...

    අනේ ඇත්තටම අපේ කස්ටිය ගෙම්බො නොවී රම්බො වෙනව නම් කොච්චර ශෝක් ද නේ?...

    ReplyDelete
    Replies
    1. උඹත් Gay ද කියල හිතුන කොමෙන්ට් එක දැක්කම

      Delete
  12. එළ එළ අභියෝ...ඔය කතාවෙ සාරාංශය ගත්තම ඒකට කියන තව වචනයක් තියෙනවා.. '' #ම්බක් නිසා ගෙම්බෙක් වෙන්නෙපා '' කියලා...

    අනේ ඇත්තටම අපේ කස්ටිය ගෙම්බො නොවී රම්බො වෙනව නම් කොච්චර ශෝක් ද නේ?...

    ReplyDelete
  13. ම්ම්ම්......

    කෙල්ලෝ නේද?

    අනේ මන්දා මම නම් කෙල්ලෝ ළඟින්ම ආශ්‍රය කරන්න ගත්තේ පේරාදෙණියේ පස් පෑගුවට පස්සේ...අයියගේ කතාව නම් හරි

    //නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා බන්..... :D. දීලා හිතවතුන් අතරේ චාටර් වෙන්නත් එපා බන්....//

    ඕක ගැන නම් මට පොත් පිරෙන්න උදාහරණ දෙන්න පුළුවන් මගේ යාළුවොන්ගේ සීන් වලින්....

    ReplyDelete
  14. හ්ම්..... අනේ මන්දා..

    ReplyDelete
  15. කි#$%% හින්දා ගෙම්බෙක් වෙන්න එපා කියලත් කියනවා නේ ද ..??

    ReplyDelete
  16. හා,හා ඔන්න උපදෙස් පිළිපදින්නම් අපිත්

    ReplyDelete
  17. සිරා මචං.. අපේ ඉස්කෝලෙ අපේ වයසෙ එවුන් කෙල්ලො නිසා කවදාවත් තරහ වෙලා නැහැ.

    කන්න පුලුවන්නම් බෙදා ගෙන කෑව මිස. නැත්තම් කාලා ඇති වුනාම අනිත් එකාලට දුන්න මිස :))

    ReplyDelete
  18. දෙයියෝ දනී අපි නොදනී.....

    ReplyDelete
  19. අපි නමි ඕවට මරා ගත්තේ නැ සාමකාමිව බෙදා හදාගෙන හිටියා
    දැන්නමි අවබෝධයෙන් ඉන්නවා

    ReplyDelete
  20. ස්කෝලෙ කාලේ හොරෙන් ලව් කරන එකේ තියෙන්නේ අමුතුම මෙව්ව එකක්.... මතක් වෙද්දිත් ආයෙ යන්න හිතයි ඒ කාලෙට...

    ReplyDelete
  21. අදහන්න වටිනවා පුතා...කතාව

    ReplyDelete
  22. ශාස්ත්‍රාලෙ හිටපු අවුරුදු 3 ඇරෙන්න හෝඩියෙ පංතියෙ ඉඳල කලවං ඉස්කෝලවලට ගිය නිසා කෙල්ලො මැජික් එකක් උනේ නෑ.

    වැඩේ තියෙන්නෙ සමහර එවුංට කෙල්ලෙක් හිනාවෙලා කතාකරාම උංගෙ මොලේ ඇට දෙකට බහිනව, ඊට පස්සෙ උං කරන්නෙ මොනාද කියල උංම දන්නෑ

    ReplyDelete
  23. අයියාගේ කතාව ඇත්ත.... අර උඩ රූපේ ගෑණු ලමයා ලස්සනයි ඇ....

    ReplyDelete
  24. මේකාටත් ගැල්ලමයෙක් හන්දා නොසෑහෙන පුරස්න වලට මුහුණ දෙන්න වුණානේ පහුගිය දොහේ.

    ReplyDelete
  25. //සමහර පිරිමින්ට කසාද බිරිඳ ඇණයක් වෙද්දි සමහර පිරිමින්ට ඇය ඉෂ්ඨ දේවතාවියක් වෙනවා... මේවා වෙන්නේ ඇයි කියන්න අතීතයේදීත් වර්තමනයේදීත් හරියටම කියුවේ නෑ වගේම අනාගතයේදීත් කියන්න පුළුවන් ජගතෙක් නැති වෙයි..//

    ReplyDelete
  26. මන් මේ දහ අතේ කල්පනා කොරන්නෙ අපි සාමාන්නියෙන් දෙන දේ ඇරෙන්න වෙන දෙන්නෙ මොනවදකියල

    ReplyDelete
  27. ඉස්කෝලෙ ගැන කතාවනම් සහතික ඇත්ත. අපේ ඉස්කෝලෙ (මලියදේවෙම තමයි)තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගැහැණු ළමයි ‍එක්ක සෘංජු සම්බන්ධකම් පවත්නවන්න හැකියාවක් නැති එක. ඒක නිසාම ගෑණු කියන ජාතියට කෙලින් මහුණ දෙන්න පුලුවන් පිරිස ඉස්කෝලෙ ඇතුලෙ අඩුයි.
    කිව්වට මොකද මමත් ඒ වගේ චරිතයක් කියල නිකමට වගේ හිතෙනව.

    ReplyDelete
  28. ඉස්කෝලෙ ගැන කතාවනම් සහතික ඇත්ත. අපේ ඉස්කෝලෙ (මලියදේවෙම තමයි)තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගැහැණු ළමයි ‍එක්ක සෘංජු සම්බන්ධකම් පවත්නවන්න හැකියාවක් නැති එක. ඒක නිසාම ගෑණු කියන ජාතියට කෙලින් මහුණ දෙන්න පුලුවන් පිරිස ඉස්කෝලෙ ඇතුලෙ අඩුයි.
    කිව්වට මොකද මමත් ඒ වගේ චරිතයක් කියල නිකමට වගේ හිතෙනව.

    ReplyDelete
  29. මමත් පොඩි කාලෙ ඉඳලම ගියෙ මිශ්‍ර පාසැල් වලට හින්ද කෙල්ලො මැජික් වුනේ නෑ...
    පුංචි කාලෙ ඉඳලම උන් මගෙ හොඳ යාලුවො හැටියටයි හිටියෙ. කොටින් ම අපි ඉඳහිට උන්ගෙ ගෙවල් වලට ගියාම උන් එක්ක කෙලින්ම කාමරේටම යනව. [වල් කමට එහෙම නෙවෙයි .. නිකම් මේ... මිත්‍ර කමට]
    ඒවයෙදි මට අත් දකින්ට ලැබුණ විශේෂම දේ තමයි චූ සුවඳ කියන එක. මම ගියපු හැම කෙල්ලෙකුගෙම කාමරේ අනිවාර්යයෙන්ම ඒක තිබුන.... වගේම මගෙ හිතට තදින් ම කා වැදුන දෙයකුත් වුන. මට සමහර වෙලාවල්වලට හිතුන දෙයක් තමයි .. මුං චූ කරන්නෙ කාමරේම ද .. කියන එක.දැන් වුනත් මට කෙල්ලෙක් දකින කොට ඉස්සෙල්ලම මතකයට එන්නෙ ඒ සුවඳ ...
    හැබෑට කොලු කාලෙ වෙන දේවල් කොයි තරම් තදට හිතේ කා වැදිල තියෙනවද ..?

    ReplyDelete
  30. හය හතර නොතේරෙන පොඩි එකා සංදියේත්, ගෙදරට ස්ත්‍රී පාර්ශ්වයක් ආපුහාම දුවලා ගිහින් හැංගෙන පුරුද්දක් මට තිබ්බා කියලා තමයි තතු දන්න වැඩිහිටියෝ කියන්නේ....හිකිස්....අභීත අයියා ඒ දවස්වල class ගියෙත් අක්කත් එක්කනේ..ඒ ත් බය හින්දද ??

    ReplyDelete
  31. හය හතර නොතේරෙන පොඩි එකා සංදියේත්, ගෙදරට ස්ත්‍රී පාර්ශ්වයක් ආපුහාම දුවලා ගිහින් හැංගෙන පුරුද්දක් මට තිබ්බා කියලා තමයි තතු දන්න වැඩිහිටියෝ කියන්නේහිකිස්....අභීත අයියා ඒ දවස්වල class ගියෙත් අක්කත් එක්කනේ..ඒ ත් බය හින්දද ??

    ReplyDelete
  32. මාතෘකාවෙ තියෙන කෙල්ලො ආශ්‍රය කරන්නෙ කොහොමද ? කියලා අහන එකට නම් කියන්න වෙන්නෙ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියලා තමයි..

    ReplyDelete
  33. ## දුන්නට අවුලක් නෑ වාසියක් තියෙනවනම් (හෙහ්.... හෙහ්..)

    ReplyDelete
  34. කෙල්ලන්ට ## දීලා වැඩක් නෑ උංගේ ## වැඩකට ගන්නවා මිසක්.....

    ReplyDelete
  35. සෑම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙන්ම ගෑනු කෙනෙක් ඉන්නේ ඇයි???? එහෙම වෙන්නේ උන් යන්නේ සාර්ථක පිරිමින්ගෙ පස්සෙන් විතරක් නිසා :D

    ReplyDelete
  36. මේ තියෙන්නේ අනේ බ්ලොග් එක.:D

    ReplyDelete
  37. මමනම් උපන්දා ඉඳලා ගැහැනු යාලිවො ආශ්‍රය කලා ඒත්.මට තාමත් ගෑනු කියාන්නෙ මොන වගේ ජාතියක්ද කියලා සර්ව සම්පූරනව නිර්වචනය කරන්නවත් බෑ ඕං

    ReplyDelete
  38. "සෑම සාර්ථක පිරිමියෙක් පසු පසම ගැහැණියක් ඇත" ඒකත් ඇත්ත.
    "සෑම අසාර්ථක පිරිමියෙක් පසු පසම ගැහැණුන් දෙදෙනෙක් ඇත" මේක තමයි ඒ කතාවෙ extended version එක.

    ReplyDelete
  39. කෙල්ලෙක් නිසා කොල්ලෙක් තරහ කර ගන්නවත් දෙමවුපියෝ තරහ කරගන්නවත් යන්න එපා කිවුවට 9 වසරේ ඉස්කොලෙන් out වෙනකන් අපේ ජ්‍යේෂ්ඨයෝ කරේ ඔකනේ ඉට පස්සේ "නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා බන්" කියලා පොර talks දෙනවා අපේ ජ්‍යේෂ්ඨයෝ. :P අර කිවුවා වගේ හැංගි හැංගි ලව් කරන එකයි ලව් වලට ගහමරා ගන්න එකයි ලව් ඉලව් වෙලා මුණ එල්ලන් ඉන්න එක්ය් පරන දෙවල් අමතක කරලා තව කාගෙ හරි පස්සෙන් යන කොට තියෙන ආතල් එකයි විදලම බලන්න ඔනි. එතකොට තමා අපිත් ජිවතය වින්ද කියලා දැනෙන්නෙ...........

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...