බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Sunday, March 25, 2012
සංගීතය බැරිව, සංගීතය නිසා ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න පුළුවන්ද?
මාතෘකාව දැක්ක ගමන් අඥ්ඥකොරොස් වෙලා යනවා නේද? නිකන් අයිසින් කේකුයි ලුණු මිරිසුයි වගේනේ... කිසිම ගැලපීමක් නෑ.... මීට දින කිහිපයකට කලින් මම විශාරද නීලා වික්‍රමසිංහයන් ගැන ලියූ ලිපිය කියවලා නිසූපා නංගිත් ඇය ගැන මතක සටහනක් ලියලා තිබුනා... ඉතින් ඒක කියවලා මේ කතා ටික මතක් උනේ.. මේ වගේ රස කතා කීපයක් ආපහු මතක් කරලා දුන්න එකටනම් සෑහෙන ස්තූතියි නිසූපා නගේ... පළවෙනි කතාව මගේ ඉස්කෝලේ සංගීත පංතියේ වෙච්ච කථාවක්.... ප්‍රධාන කථාව වුනේ මගේ සුපුරුදු බෝඩිමේ...
ඉස්සර ඉස්කෝල කාලේ අපේ රැස්වීම තියෙන්නේ පිට්ටනියේ... උදේට ගිනි කන අව්ව... ඒත් සංගීත කණ්ඩායමේ උන් ටික පෝලිමක් ඉස්සරහා හෙවනේ ඉන්නවා ජාතික ගීය කියන්නයි, පාසැල් ගීය කියන්නයි... ඉතින් සංගීතය කරන උන් වැඩිය නෝන්ඩි නොවෙන්න ඔය පෝලිමට එකතු වෙනවා.. මොකද හෙවනනෙ උන් ඉන්නේ... ඔය බොරුව මාට්ටු වෙච්ච දවස තමයි සුපිරි... එක දවසක් පාසැල් ගීය කියන්න 100ක් විතර නැග්ගා පැවිලියන් එකට. ගුරු මන්ඩලෙත් ඉන්න නිසා ඉඩ මදි ඔක්කොටම.. එදා තමයි විදුහල්පති තුමාට තේරුනේ මොකක් හරි යටි කූට්ටු වැඩක් මෙතන තියෙනවා කියලා... සංගීත ගුරුතුමා දිහා බලපු විදුහල්පතිතුමා මෙහෙම ඇහුවා..
ඈ මිස්ට අබේසිංහ, ගායක කණ්ඩායමේ මෙච්චර සෙනගක් ඉන්නවද?
දැන් සර්ට වෙච්ච ලැජ්ජාව ගැන කියන්න දෙයක් නෑනේ... ආවා ගායක කණ්ඩායම ලඟට... නායකයා ලඟට ගිහින් කණට කරලා කිව්වා... ඌ විනාඩි දෙක යද්දි ඔෆිස් එකේ තිබ්බ පත වේවැලත් අරන් ආව... මූණ බලනවා ගහනවා දෙකක්... හොඳම වැඩේ කියන්නේ ගායක කණ්ඩායමේ උන්ටත් ගැසුවා... කොහොමද මුළු ඉස්කෝලෙම ඉස්සරහා ස්ටේජ් එකේ ඉඳන් කද්දි..... වාසනාව කියන්නේ එදා විතරයි මම ඔය ඉස්සරහා පේලියට නොගියේ....
ඒ කිව්වේ අනු කතාව.. මෙන්න ප්‍රධාන කථාව.. මේක සිද්ද වුනේ අපේ අර අමරණීය බෝඩිමේ.... ලුනා මතකනේ... ඔව් අංජාගේ අයියා තමයි.... අපි දවසක් ඔය අනන්මනන් ගැන කතා කර කර ඉන්නවා බෝඩිමේ.... දැන් මාතෘකාව කට්ටිය කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි සහ භාහිර ක්‍රියාකාරකම් වලින් ලකුණු අරගෙන ගොඩ ගිය උන් ගැන..
උඹලා දන්නවද සංගීතෙන් ඉන්ජිනේරින් ගිය එකෙක් ගැන... එහෙම කිව්වේ ලුනා...
අනේ පලයන් බන් යන්න.. මියුසික් කරලා කොහොමද යකෝ ඉන්ජිනේරින් යන්නේ... දැන් අනික් උන් මූට වදේ ගහනවා..
නෑ බන් ඌ මියුසික් කලේ නෑ... ඌට මියුසික් කියලා මෙලෝ මඟුලකුත් බෑ.. ඒත් ඌ ඉන්ජිනේරින් ගියෙනම් මියුසික් නිසා.... අරූ අපේ කුතුහලේ වැඩි කරනවා....
අනේ පලයන් ලුනා... තොගේ තව බෙගලයක් තමයි ඔය... මේ ටෝක් දෙන්නේ පොඩ්ඩා....
නෑ බන්.. මමත් හිටියා අපේ ඔකෙස්ට්‍රා එකේ... සමස්ත ලංකා තරඟ තිබ්බ දවසේ එකෙක් ආවේ නෑ බන්... අපිත් එක්ක ගිය එකෙක් හිටියා උට මෙලෝ මලදානයක් බෑ.. මිස් කලේ කොම්බුවක් අතට දීලා ඌව කෙලවරෙන් හිටවලා කොම්බුව අල්ලපු එකාට තාලම්පට දීලා වැඩේ මැනේජ් කලා..
ඉතින් කොම්බුව අල්ලපු එකෙයි, කැම්පස් සම්බෙන්ධෙයි මොකක්ද බන්...
කරුමෙට අපි සමස්ත ලංකා පළවෙනියා උනා බන්...
ඉතින්....
ඉතින් ##$% ඒකෙන් ලකුණු 10ක් හම්බෙනවනේ කැම්පස් යන්න... ෆිසිකල් තෙරිච්ච ඌ ලකුණු 10න් ඉන්ජිනේරින් ගියා... අර කැප වෙලා පන්ති කට් කරගෙන මියුසික් කරපු උන් තාම බෑන්ඩ් හදාගෙන දුක් විදිනවා අරහේ....
අනේ පලයන් ලුනා බොරු නොකියා....
කොහොමත් අංජා ඒ කථාව තහවුරු කල නිසා තමයි අපේ උන් කතාව පිළිගත්තේ...
පේනවනේ මිනිස්සුන්ගේ වාසනාව......
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අඩේ මාරයිනේ මම ෆුල් හොල්මන් වෙලා කියෙව්වේ කොහොමද මේක වුනේ කියලා....ඒ අයියට නම් වාසනාව පන්න පන්න දීලා...
ReplyDeleteමේං මං එක වෙලා
Deleteමුලින් දාපු කොමෙන්ට් එක උස්සා ඇත....දෙවෙනි කොමෙන්ට් එක මට පේන්න ඇත....
ReplyDeleteOyata mongal da ??
Deleteකව්ද උඹේ එක ඉස්සුවේ ??? :ප
Deleteනෑ ගැමියෝ.... ස්පෑම් එකේ තිබ්බේ... ඊට පස්සේ මම හැදුවා....
Deleteඇනෝලා නාන්නෙම හොයන්නෙ බලන්නෙ නැතිකම නිසා.... :D
මම දැම්ම එකත් ඒකෙද බලපන්කෝ... :(
Deleteආනේ තියෙනවා තියෙනවා.... තැන්කූ අභී අයියේ
Deleteස්ටේජ් එක උඩ ගායක කණ්ඩායමේ අභි අයියත් හිටියමයි කියලයි මගේ හිත කියන්නේ.
ReplyDeleteකැම්පස් යන්න පල දුන්න වාසනාව තමයි වාසනාව.
ඒකට තමයි වාසනාව කියන්නේ.. මම ඒත් මාතෘකාව දැක්කම බැලුවා මේ මොකක්ද කියලා..
ReplyDeleteඅන්න වාසනාවන්ත පොරවල්... ප්‍රින්සිපල්ලට පන්දම් අල්ලන අයට ලකුණු හම්බුවෙන්නේ කොහොමද දන්නේ නෑ ....
ReplyDeleteමාර වාසනාව.අඥ්ඥකොරොස් කියලා ලිව්වේ කොහොමද? :-D
ReplyDeleteඅඥ්ඥකොරොස් කියලා ලියන විදිහට
Deleteබොටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නෙ, ඔය ඇනෝ දීල තියෙන්නෙ උත්තරේ..... හික්.
Deleteමටත් ඔය 10 නම් තිබුනා.. නැතිවුනේ ඉතුරුවා තමයි... :)
ReplyDeleteඋපන්දින සුභ පැතුම් අභීත.....
පාර්ටිය 22 ම ගමු..:)
පෙර පින... අපිට නැත ඒ පින
ReplyDeleteඅහ් ඔව්වට කියන්නේ පොට්ට චාන්ස් කියලා....හි හි හි
ReplyDeleteඇහින්දාස් කට්ටියටයි පැරශුට්ටන්ටමයි ගිය රටනෙ අභීත!
ReplyDeletehenryblogwalker the Dude
යකෝ කොම්බුව තියෙන්නෙ නිකන් අල්ලන්න නෙවෙයි හක් ගෙඩිය වගේ පිබින්න...
ReplyDeleteහික් හික් උගේ වාසනාව...මට නං ලකුණු 132ක්ද කොහේද මදි උනා කැම්පස් යන්න.....
ReplyDeleteමොකද්ද මේ කොම්බුව ?
ReplyDeleteඔය ගෑල්ලමය අතේ තියං ඉන්නේ...අපේ සහෝදර ගෑනු ඉස්කෝලේ මහත කෙල්ලෙක් ඕක උස්සන් ගියේ..කහ පාට රෙද්ද හැට්ටේ ඇඳලා..ඇඟ හිරිවැටෙනවා ඒ කාලේ මතක් වෙනකොට ඔබා මාමේ.....
Delete@ ඔබ නොදුටු ලොවක්,
DeleteThanx
විශ්වවිද්‍යාලවලට යාමට කැමති අය මීට පසු සංගීතය හදාරත්වා....:D
ReplyDeleteවෙලාව වෙලාව.................
ReplyDeleteසමහර වෙලාවට අපි අවාසනාව කියල හිතන දේ ඇතුලේ අපේ වාසනාව තියනවා .
ReplyDeleteවාසනාව තියේ නම් වැල්ලෙත් ඹබරේ කැරකෙවෙනවා ලු නේද ???
ReplyDeleteහෆොයි දෙය්යනේ. මියුසික් හරියට කළ උන්ට මොනා හිතෙන්න ඇද්ද. :D
ReplyDeleteඒක නෙමෙයි නිසුපගෙ නම ලියල තියෙනව වැරදියි. නිසූපා නෙමෙයි නිසුපා.
හැබෑට වැරදියි නේන්නම්.මාත් දැක්කෙ ඔයා කිව්වට පස්සෙනෙ.. :D
Deleteමරු කතාව.. ඇත්තමද මචං
ReplyDeleteela dannawa num Buddie th music karanawa engineering faculty yanna :(
ReplyDeleteමාර ලක් එකක්නෙ ඒක.
ReplyDeleteඅපි සමස්ත ලංකා ගිය පාර අපිට ප්ලේස් එකක් හම්බ වුනේ නෑ නෙ.අපරාදෙ...:((
හැබැයි වෙලාවට ලකුනු මදි වුනේ නෑ. :)))
ඉංජිනියරින් දමල ගහල ඇවිල්ල මියුසික් වලින නමක් හදාගත්ත අයත් ලංකාවේ ඉන්නවා නේද??
ReplyDeleteහෙහ් ඕක මොකක්ද බං ඔය ඉන්නෙ "මියුසික් ඉන්ජිනේරුවො" දැං වැහි වැහැල
ReplyDeleteමටනම් ප්‍රදාන එකට වඩා අනු කතාව පට්ට අභීත අයියේ ආ ඒක නෙවේ හැපි බර්ත් ඩේ ඈ
ReplyDeleteබලපං ඉතිං අපිට කොම්බුවක් තියා බම්බුවක් වත් අතට දෙන්ට එකෙක් හිටපු නැති හැටි...
ReplyDeleteහික්ස්...
ReplyDeleteහොද වෙලාවට ඌට කොම්බුව සෙට් වුනේ...වෙන මොකක් හරි අහුවුනා නම් නාන්න තිබුනා :D
97න් පස්සේ වෙච්ච එකක් මගෙ හිතේ. එතකන්නම් ම්ලියදෙවයේ ඔහොම උනේ නෑ.
ReplyDeleteiyaa koo ban rangaya mokada unee ekata...kallak set wela adinawada..?
ReplyDeleteපෙර පිං ඕවා....
ReplyDeleteඅපෝ මේවා කොහොම විශ්වාස කරන්නඩ මන්දා..:D..
ReplyDeleteකොහොම උනත් අර කැම්පස් ගියපු කෙනා නම් හරිම ලකී...
ඕකට තමයි මචං කියන්නෙ කන්න පින තියනවනම් , ඉබ්බා තුන පහ පිටේ බැඳගෙන එනවා කියලා.
ReplyDeleteමන් හිතුවේ මියුසික් බැරි නිසා ගණන් ඉගෙන ගෙන කැම්පස් ගියා කියල . මෙයාට ඊට වඩා පිනක් පල දීලනේ
ReplyDeleteඕකට කියන්නෙත් වාසනාව කියලම වෙන්න ඇති නේද....
ReplyDelete