දවස් කීපයකට ඉහතදි ලියපු පාසැල් කාලයේ මතක සටහන් වල දෙවෙනි ලිපිය අරන් තමයි අද ආවේ.. ඒ ලිපියෙත් කියපු අමිල මල්ලිගේ මූණු පොතේ තිබ්බ ඇල්බම් එකෙන් තමයි තවත් පාරක් ඉස්කෝලේ ගියා වගේ හැඟීමක් ඇවිත් ඒ කාලේ මිහිරි මතකයන් ඇවිස්සිලා ආවේ... ගිය සැරේ ලිව්වේ අපේ ඉස්කෝලේ රසබර මතකයන් හා මුසු වෙච්ච පුද්ගලයෝ ගැනනේ.. අද ලියන්නේ මේ ඡායාරූප එක්කම ඔළුවට ආපු ක්‍රියාකාරකම් කිහිපයක්.... කලින් ලිපිය කියවද්දි මම කිව්වනේ සිනා නොවී කියවන්න කියලා පුළුවන්නම්.. අද එහෙම කියන්නේ නෑ.. අද අනිවා හිනා යනවා.. ඒක වලක්වන්න බෑ.. ක්‍රීඩා උත්සවය දවස්වලට බූලා සර් දාන ඇඩ් ගැන මම මේ ලියලා තියෙනවනේ.. හරි කථා වලට යමු.....
මෙන්න පළවෙණි පිංතූරේ...
අපේ ඉස්කෝලේ නිවාස හතරයි... තිස්ස, පරාක්‍රම, රාජසිංහ, ගැමුණු.. මම හිටියේ තිස්ස නිවාසේ... ස්පෝට් මීට් එකේ නියමම අංගය තමයි මේ හවුස් එක හදන එක.... රටේ තියෙන කෝටුකෑලි, පිදුරු, කිතුල් රෑන්, ක්‍රෝටන් කොළ ඔක්කොම ගේනවා ඉතින්.. පුවක් කොටන් කපාගෙන ලොරිවල දාලා එන වෙලාවේ ඉඳලා සතියක් විතර යනකන් ඉස්කෝලේ පංතියේ ඉගෙන ගන්න එකනම් සදා බොරුවක්... අනික තමයි හොඳම හවුස් එකට හම්බෙන්නේ පත සයිස් කේක් එකක්... ඔය කේක් එක කන්න කට්ටිය මැරෙන පිළිවෙල තමයි මේ.... ස්පෝට් මීට් එකට මාසෙකට කලින් අයිති කාරයෝ රට ඉන්න, කොළඹ ඉන්න, වතුවල තියෙන පුවක් ගස් නෝට් කරගැනීම තමයි ලොකුම රාජකාරිය.... ඊට පස්සේ ලොරියක් අඩුවට හොයාගෙන කොල්ලො 20ක් විතර නැගලා යනවා වත්තට... විනාඩි 10ක් යද්දි පුවක් ගස් කීපයක්ම ලොරියේ..... කට්ටිය හැරෙන තැපෑලෙන් ඉස්කෝලේ.... ඉඩම් අයිති කාරයෝ සරම් ඇදන් පොලු අරන් එන්න රෙඩි වෙද්දි ගහක් කපපු සලකුනක්වත් ඉතිරි නොකර කොල්ලෝ මාරුවෙනවා... ඊට පස්සේ පිදුරු.. එවානම් හොයන්න ලොකු අමාරුවක් නෑ... අන්තිම දවස් දෙකේ රෑ එලිවෙනකම් ඉස්කෝලේ තමයි වැඩ.. මේ ඉස්කෝලේ ඉන්න දවස්වල තමයි ගොඩාක් කොල්ලොන්ගේ චරිතෙට හානි වෙන්නේ.. ජීවිතේ ඉස්සෙල්ලාම සිගරට් එකක් බොන්නේ, අරක්කු ජුංඩක් බොන්නේ මේ දවස්වලට තමයි... පිදුරු ගොඩවල් ගානේ, හට් අස්සේ සර්ලාට පේන්නේ නැතිවෙන්න තමයි මේවා වෙන්නේ.. අහ්.. ඇයි ක්‍රෝටන් කොළ හොයන එක... මහ රෑ තිස්සේ ගෙවල්වලට පැන පැන තමයි මේවා අරන් එන්නේ.. එන ගමන් මල් පෝච්චියක් එහෙමත් මාරු කරලා එන්න අමතක කරන්නෙත් නෑ.. කනතුවල තියෙන මල් වඩම් එහෙමත් සමහර ගෙවල්වල දොරවල් ඉස්සරහාට යන්නෙත් මේ දවස්වලට.... තව ඉතින් කතා ගොඩායි... එහෙම උනොත් ලියන්න වෙන්නේ මේවා විතරයි...
මෙන්න ඡායාරූප අංක දෙක
පෙරඩ් එක.... ස්පෝට්මීට් එකට සති තුනක් විතර ඉඳන් කකුල් කඩාන ගුටි කමින් පුහුණු වෙන එක තමයි මේ... මම පිට පිට අවුරුදු පහක් නියෝජනය කලා තිස්ස හවුස් පෙරඩ් එක... කොහොමත් මේකෙදි කෙඩෙට්ලටයි, ස්කවුට්ලටයි ගැලවෙන්න වෙන්නේ නෑ.. පුරුදු කිරීමත් එයාලටමයි භාර දෙන්නේ.... අමතක කරන්න හොඳ නැතිම කාරණේ තමයි මෙහි ජයග්‍රාහකයින්ටත් ලැබෙන්නේ තඩිම තඩි කේක් එකක්... කකුල් වල දිය පට්ට දාගෙන වම දකුණ වම, එහෙම නැත්නම් එක දෙක තුන එක, වගේ ඒවාට අවනත වෙවී මරාගෙන මැරිලා වගේ තමයි අන්තිම දවසේ මේ පෙරඩ් එකට ඉන්නේ... ප්‍රැක්ටිස් කරන දවස්වල වගේ නෙවෙයි, එදාට කොලේජ් ටයි එක දාලා කිට මරලා බෑන්ඩ් එකේ බේස් එකේ බීට් එකට අඩිය තියද්දි එනවා නිකන් මයිල් ඉස්මයිල් වෙන ගැම්මක් හිතට.... ඒ අතරේ කේක් එකත් ආවොත් ඉතින් බඩුම තමයි....
මෙන්න ඡායාරූප අංක තුන..
ඉස්කෝලේ කාලෙටම ක්‍රීඩා උත්සවය දවසේ සහභාගී වෙන්න බැරිවෙච්ච එකම අංගය තමයි මේ.... අපි ගියානම් කඹේට තමයි ගන්නේ.... බර ඉසිලීම, රගර්, ක්‍රීඩා වලට යොමු වුන දැවැන්තයෝ තමයි මේකට සෙට් වෙන්නේ... හැබැයි ඉතින් මදි නොකියන්න චියර් එකනම් හම්බෙනවා අපෙන්.... ඔය ලා නිල් පාට කියන්නේ තිස්ස හවුස් එකේ පාට.. මේ පාරත් කඹේ දිනලා තිබ්බේ ඔවුන් තමයි.. මේක දිනුවොත් ඒත් හම්බෙන්නෙ පත සයිස් කේක් එකක්.... ඊලඟට කියන්න යන කතාව ක්‍රීඩා උත්සවේට සම්භන්ධ නැති නිසා මේකත් කියන්න ඕන.. අපි අවුට් වෙච්ච අවුරුද්දේ ඒ කියන්නේ නිවාසයේ අපි නිලතල දරපු අවුරුද්දේ ඔය කියපු කේක් තුනම හිමි වුනේ තිස්ස නිවාසෙට... ඊට අමතරව සහාය දිවීමේ ශූරතාවයට හිමි කේක් එකත් ආවා... කට්ටිය කොහොම කන්න ඇතිද ඉතින්.....
මේ තියෙන්නේ ඡායාරූප අංක හතර
මේ තියෙන්නේ අපේ පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම, මට මේකේ සාමාජිකයෙක් වෙලා ඉන්න ලැබුනේ මාස දෙකයි... එහෙම වෙන්න හේතුවත් බ්ලොග් පෝස්ට් එකකින්ම දාන්න වෙනවා.... කථාව මේක නෙවෙයි... හැම පෙබරවාරි හතර වෙනිදාම කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නිදහස් උත්සවේට කුරුණෑගල නගරයේ තියෙන හැම පාසලකින්ම බෑන්ඩ් එකක් සහ පෙරඩ් එකක් සහභාගී වෙනවා.. සාමාන්‍ය ජාතික දින උළෙලෙකින් පසු ඒ ආපු හැම විද්‍යාලයේම තූර්‍ය වාදක කණ්ඩායම් වලින් සංදර්ශන පැවැත්වෙනවා.... ඕකට යන්නෙත් එන්නෙත් පාර දිගේ අත් සැහැල්ලුවෙන් ස්ටෙප් එකට බෑන්ඩ් එකත් එක්ක.... අපේ ඉස්කෝලෙන් මේකට කණ්ඩායම් දෙකක් සහභාගී වෙනවා... ඒ කැඩෙට් බෑන්ඩ් එකත් එක්ක ශිෂ්‍ය භටයෝ, අනෙක අපරදිග තූර්‍ය වාදක කණ්ඩායමත් එක්ක ශිෂ්‍ය නායකයෝ.. මම නියෝජනය කලේ දෙවෙනි පෙරඩ් එක....
දැන් මේ කටයුත්ත ඉවර වෙලා අපි ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා ඉද්දිම මලියදේව බාලිකාවේ බෑන්ඩ් එකයි පෙරඩ් එකයි පිටත් උනා.... ඒ එක්කම මලියදේව පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම පිටත් උනා.. ශිෂ්‍ය භටයො සූදානම් වෙලා නොහිටපු නිසා ශිෂ්‍ය නායක පෙරඩ් එක මෙයාලත් එක්ක පිටත් උනා.. මලියදේව බාලිකාවේ පෙරඩ් එක අපිට ඉස්සරහින් යනවා කියලා දන්න නිසා බෑන්ඩ් එක ෆාස්ට් නම්බර්ස් ගහගෙන පන්නනවා... හරියටම කුරුණෑගල ටව්න් එකේ ඔරලෝසු කණුව ලඟදි අපි දැම්ම ඒ පෙරඩ් එක ඇතුලෙන්... ඔරලෝසු කණුව ලඟ හන්දියෙන් අපි හැරෙනව දකුනට.. බාලිකාවෝ යන්නේ කෙලින්ම.... දැන් හිතන්නකෝ කෙළින්ම යන බෑන්ඩ් එකක් මැද්දෙන් තව බැන්ඩ් එකකුයි පෙරඩ් එකයි ගිහින් දකුණට හරවපුහාම අර කෙළින් යන කණ්ඩායමට වෙන දේ..... කොල්ලන්ට අවුලක් නෑ.. උන් දන්නේ නෑ වගේ ස්ටෙප් එක කඩා ගන්නේ නැතුව ගල් ගිල්ලා වගෙ ගියා... අර බෑන්ඩ් එකේ පේලි, බීට් අරවා මේවා ඔක්කොම අනාතයි.... දැන් නම් ඒවා මතක් වෙද්දි උන් පව් කියලත් හිතෙනවා... කොහොමත් ඒ කණ්ඩායම් වල ඉන්නෙත් අපිත් එක්කම අමතර පංති යන කෙල්ලෝ නිසා මාස තුනක් විතර යනකන් බැනුම්නම් අහනවා උන්ගෙන් ලෙසටම...
ප.ලි. : හෙට තියෙනවා වාද්දූවෙ කොළඹ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සුහද හමුව.... 24 වෙනිදා බිග් මැච් යන්නත් ඕන.... ගෙදරින් එළවයිද මන්දා..... :D
ඉස්කෝලේ කාලේ තරම් , පිස්සු කෙලපු , එත් සුන්දරම කාලයක් තවත් නෑ, ඒ කාලේ කරපු දේවල් මතක් වෙද්දී හිනාවක් මතු වෙන එක නවත්තන්න කොහොමත් බෑ, එච්චරටම සුන්දරයි ...
ReplyDeleteBLOG :www.thunsitha.tk
පරාක්‍රමයි, ගැමුනුයි නම් හොඳයි. අනික් රජවරු දෙන්නට වඩා හොඳ රජවරු ලංකා ඉතිහාසයේ ඉඳලා නැද්ද?
ReplyDeleteස්පෝර්ට් මීට් කාලෙ තරම් ආතල් කාලයක් ආයෙ නෑ. ඒ දවස් වල අවුරුද්දටම ඇති වෙන්න ෆන් ගන්නවා.
ReplyDeleteමේ දවස්ව්ල ගොඩාක් අය සුන්දර පාසැල් සමය ගැන ලියනවා තමන්ගේ බ්ලොග් වල.
ReplyDeleteකොහොම උනත් ඒ කාලෙත් දැන් වගේ බොහෝ ක්‍රියාකාරී ලමයෙක් වෙලා ඉඳලා තියන බව පේනවා.
පාසල් කාලෙ කියන්නෙ රස සාගරයක් නොවැ.......
ReplyDeleteහෙහ්.. ස්පෝට්ර්ස් මීට් කියන්නෙ එකම රස ආකරයක් ! අම්මප උඹලට කේක් ගෙඩියක්වත් දුන්න.. හැබෑට අපේ ඉස්කෝලෙන් දුන්නෙ මොනවද කියල කම්පනාවක් නෑ නෙබං.
ReplyDeleteඅපිට දුන්නේ ග්ලුකෝස් ජුන්ඩක් විතරයි නේ..cake දුන්න නම් අපි බෙලි කඩාගෙන මෙලහට පරලොව,
ReplyDeleteමලියදේවේ සපෝර්ට් මීට් එකයි / වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ සපෝර්ට් මීට් එකයි තමයි මම දැකල තියන සුපිරිම ඒවා.. පාසල් කාලය ගැනනම් මතක් කරනකොටත් සුන්දරයි ..
අහ් ඔයා ඒකෙද ?
ReplyDelete;)
අපි නම් ඉතින් තාමත් ඔය වගේ සීන් රස විඳිනවා. ඒ උනාට ශිෂ්‍යයෙක් වෙලා ගන්න ෆන් එක අපිට ගන්න බෑ නෙ :( එතකොට නම් හරි දුකයි
ReplyDeleteඅපේ ඉස්කෝලේ තිබ්බේ තිස්ස , පැරකුම් , ගැමුණු....පැරකුම්බෝ නිදි කුම්බෝ කියලා කෑ ගහනවා අපි අනික් උන්ට...
ReplyDeleteමොකෝ ඔය හැටි කේක් දුන්නෙ...ලකුණු නෙමේද දුන්නෙ?
ReplyDeleteකේක් එකත් ඉතින් ඉස්කෝලෙන් 1/4කට කන්න පුලුවන් තරම් ලොකු වෙන්නත් ඕනනෙ...
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
අපේ තියෙන්නේ විජය ගැමුණු තිස්ස පරාක්‍රම කියන නිවාස හතර ඒකෙන් මම නියෝජනය කලේ ගැමුණු අපේ පන්තියේ 3/4 ගැමුණු....අපිත් ඔය හවුස් හදන කෙලි වලට ගිහිල්ලා කරපු වැඩ මතක් වෙද්දි ආයේ යන්න හිතෙනවා ඕවට සෙට් වෙන්න...හැබැයි ඉතින් මම නම් අරක්කු අනම් මනම් බීලම නෑ මතක් වෙද්දිත් සන්තෝසයි ඒ ගැන
ReplyDeleteඔය කිව්ව ඒවට වඩා දැන් කේක් මාර ගොඩක් හම්බ වෙනව. හට් හදද්දි දැන් පිදුරු, ක්‍රෝටන් කොළ එහෙම පාවිච්චි කරොත් ලකුණු කපනව. කොච්චර වුනත් මේ පාරනම් හට් එකේ කේක් එකයි පෙරඩ් එකේ කේක් එකයි දෙකම හම්බ වුනෙ අපේ හවුස් එකට, අපේ කීවෙ රාජ සිංහ.
ReplyDeleteමේ පාර වුන සිද්දියක් තමයි මේ: http://isuru71.wordpress.com/2012/03/08/sportsmeet1/
අභීත අයියත් එක්ක හම්බ වෙලා කාතා කරන්න මාර ආසවකින් ඉන්නෙ. මේ පාර බිග් මැච් එකට එනවනම් කාතාකරන්න චාන්ස් එකක්කුත් හම්බ වෙයිනෙ.
මමත් තිස්ස. එක එක සැරේට එක එකා එක උනාට අපි හැමදාම දෙක. අපේ සැරේ ආචාර පෙලපාලියයි හවුස් එකයි දෙකම අන්තිම. ආචාර පෙලපාලිය නම් හතර උන එක සාධාරනයි. මොකද මමත් ගියානේ ඒකේ . හවුස් එකත් අපි ගැහුවේ ඔය පත්තිරිප්පුව වාගේ(මම හිතන්නෙ පලවෙලි වතාවට අපි තමා එහෙම ගැහුවේ).විනිශ්ච මන්ඩලේ ආවට පස්සෙ තමා දන්නේ ඒක ගහන්ඩ ඔනේ තනි පලේට හරි පල දෙකට හරි කියලා.තාම ඒ නීතිය තියනවද දන්නෑ.
ReplyDeleteතව සීන් එකක් උනා. බූලට නෙවේ පපංට. අපේ වෙස්ටන් බෑන්ඩ් එක පැවිලියන් එකේ ප්‍රැක්ටිස් කරද්දි පපං යනවලු ගුරු නිවාසෙට. අපේ ***ගමයා ට්‍රම්පට් එක අරන් ඇදලා පැදලා ලස්සනට "පපං පපං පපං ......." කියලා ගහල. සර්ට මල පැනලා අපේ එකාට කෙලියා.
ReplyDeleteතව ස්ටොරියක් තියනවා. ඒක කිව්වොත් චරිත ඝාතන වෙන හින්දා පොඩ්ඩක් කියන්න අමාරුයි. තව ප්‍රෙෆෙcට් බෝඩ් එකේ හිටපු එකෙක් කියපු කතාවක් තියනවා. මම හිතන්නේ අභීතලා කාලෙ හරි ඊටත් කලින් ඉඳන් එන කතාවක් වෙන්න ඕනේ. ඒ තමා ඉස්කෝලේ ඉස්සරලාම වැල ෆෝටෝ එකක් අල්ලලා බූලට දුන්නට පස්සෙ කියපු කතාව. :).
තව සීන් එකක් . මම හිතන්නේ අභීත දන්නවා ඇති ***කුමාරව. පොරගෙත් අයියලා මල්ලිලා සෙට් එකක්ම හිටියා ඉස්කෝලේ. හවුස් මිට් එකේ සෙටිෆිකට් වලට නම් දෙන්න ගියාම තමා මම දැක්කේ පොරගෙ නම "***කුමාර" විතරමයි කියලා. මුල නම් වාසකම් මොකවත් නෑ. මම පලවෙනි වතාවට එදා තමා තනි නම්ක් තියන එකෙක් ගැන ඇහුවේ.
මමත් ඔය බෑන්ඩ් එකේ ආඩම්බරයෙන් ගිය කාලයක් තිබ්බා. දකිත්දිත් දුකයි. එක අවුරුද්දක නිදහස් උත්සවයට බෑන්ඩ් එක ගහගෙන වෙලගෙදර ග්‍රවුන්ඩ් එකට යද්දී ට්‍රැෆික් කර කර හිටපු පොලිස් පොරක් දඩ බඩ ගාලා ග්ලවුස් එහෙම ගලවලා ගැහුවා දඩ සැලියුට් එකක් අපේ බෑන්ඩ් එකට.... තාමත් මතකයි අපි දවසම ඒ සීන් එකට හිනාවුනා. දැන් නම් බෑන්ඩ් එකේ කොලිටිය නෑ මයේ හිතේ. ඒ කාලේ ලංකාවේ එක වෙච්ච බෑන්ඩ් එක. ස්කොලේ බෑන්ඩ් එක ගහද්දි ස්පිරිතාලෙ දිහාට ඇහෙනවා සද්දේ..................
ReplyDeleteනිදහස් දිනේ,
ReplyDeleteසමරන්නේ නිදහස උනාට ඒ දවස්වල අපිට කිසිම නිදහසක් තිබ්බේ නෑ,
මත් ඔය අපරදිග තුර්ය වාදක කණ්ඩායමේ සහ ශිෂ්‍ය නායක කණ්ඩායමේ හිටි නිසා ඔය අත්දැකීම් හොදට තියනවා,අපි ඊට වඩා දියුණු වෙලා වගේ අපි ඔරලෝසු කනුව වට රවුම අතහැර පොලිසිය අසලින් කොන්වන්ට් පාරෙන් ගිය නිසා ශුධවූ පව්ලේ කන්‍යාරාම කණ්ඩායම මුහුණට මුහුණයි හමු උනේ.බාලිකාවේ කණ්ඩායම මුහුණ දුන්නටත් වඩා දරුණු තත්වයකටයි කන්‍යාරාම කණ්ඩායමට මුහුණ දෙන්න උනේ.පසු දිනවල උපකාරක පන්තිවලදී පාසැල් දෙකේම උන්ගෙන් බැනුම් කෝටියයි.
ක්‍රීඩා උත්සවේ,
මාත් ඔය තිස්ස නිවසේ තමා හිටියේ අපි අවුරුදු 17කින් තමා හවුස් 1ක 1 කරේ.මාත් ඔය බාලදක්ෂ කණ්ඩායමේ හිටපු නිසා හවුස් 1ක හදන්න නැතිවම බැරි කෙනෙක් උනා.කැඩෙට්ල,ස්කවුට්ල වෙස්ටන් බෑන්ඩ් 1කේ වැඩිම පිරිසක් හිටිය තිස්ස නිවසේ නිසා ආචාර පෙලපාලියත් ගොඩ දාගත්ත.
ඊට පස්සේ බිග් මැච් ඔය ඔක්කොම ඉවර පන්තියට යනකොට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වාර විභාගේ.ඒ කලෙ මතක් වෙද්දී ආයෙත් පාසල් යන්න හිතෙනවා.
හ්ම්ම්ම් මාත් හිටියේ තිස්ස,අපේ කාලෙ නම් හැමදාම දෙක තමයි.අතීතය නැවත මතක් උනා,,,
ReplyDeletehmmm mama nam parakrama!!!
ReplyDeletedevans kollo godai...amuthuma kick ekak enawa mewa kiyawanakota...:D mamath parakrama...(unicode natha....kanagatu wemi)
ReplyDelete