Wednesday, August 15, 2012

පුද්ගලික න්‍යාය පත්‍රයක තරම.....

ඔහු නිතරම අභියෝග වලට මුහුණ දුන්න පොඩි කොලු පැටියෙක්.. හැමෝම කිව්වේ ඔහුට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍රයක් කියලා... ඔහු පුංචි කාලේ ඉඳන්ම හෙමයි කියලා දෙමවුපියෝ වගේම ගුරුවරුත් කිව්වා... නමුත් ඒ ක්‍රමේ සමාජයේ ඉන්න ගොඩාක් දෙනෙක් පිස්සු වට්ටන්න පුළුවන් එකක් කියලා ඒ කවුරුත් හිතන්න නැතුව ඇති...

පාසැල් කාලයේ ඔහු ඔහුගේ යාළුවන්ට උදව් කලා.. බැරි බැරි ගාතෙ උනත් ඔහුගෙ හිතේ තිබ්බේ ප්‍රතිලාභයක් ලැබෙනවානම් ලැබෙන්න ඕන තමන්ගෙ එකෙක්ට කියලා... ඔහු හැමෝමත් එක්ක හොඳින් හිටියා... ඔහුට තරහා කාරයෝ හිටියේ නෑ.. සමහර වෙලා වලදි ඒකම ඔහුට පරහට හිටියා... පාසලේදි උත් ඔහුට වගකීම් දෙන්න ගුරුවරු පැකිලුණේ නෑ.. ඔහු ඔහුගේ වැඩේ හරියට කරනවා කියලා ඔවුන්ට විශ්වාසයක් තිබ්බා.. 

ඒ කාලේ ඔහුගේ වටේ හිටපු යහළුවෝ කල්ලිය ඉතාම දැඩි මිතුරුකමින් වෙලිලා හිටියා.. ඔහුට පවරපු රාජකාරි හැම දේකටම ඔවුන් උර දුන්නා.. ඒ නිසා ඔහුගේ සාර්ථකත්වය පසු පස යහලුවෝ  සිටියේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ... ඒ නිසා ඔහු යහළුවන්ට තදින් ඇළුම් කලා.. ඔහුට භාර දුන්න වැඩේ කට්ටිය එකතු කරගෙන සාර්ථකව නිමා කරන්න ඔහු සමත් වුනා..  සාර්කත්වය පිටුපස ඔහුගේ මිතුරන් සිටීම නිසා ඔහු සමඟම ඔහුගේ මිතුරනුත් බැබලෙන්න උනා... ඔහුට සමීප නැති අය ඔහුට සමීප වෙන්න දැඟලුවා.. ඔහු ඔවුන්වත් තම කල්ලියට එකතු කරගත්තා... අළුතින් එකතු වුන ගොඩාක් අය ඔහුගේ රිද්මය නොදන්න නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන්නත් ඔහුත් සමඟ වැඩ කලා.. පාසැල් කාලය ඉවර වෙලා මේ කට්ටිය සමාජ ගත වුනා....

පොඩ්ඩා දැන් තරුණයෙක් වෙලා.. ඒත් මිතුරු සමාගමය තාමත් එහෙමමයි... පාසලට අමතරව විවිධ ක්ෂෙශ්ත්‍රයන්හි මිතුරන් ඔහුට වැහි වැහැලා.. ද්වීතීයික අධ්‍යාපන ආයතනය, රැකියා ස්ථානය, වෙනත් සම්භන්ධතා වලින් ඔහුගේ මිතුරු ජාලය පිරිලා.. ඔවුන්ගෙන් ලබන උදව් වගේම ඔහු කරන උදව්ත් නිසා නිසා ඔහුගේ මිතුරු ජාලය ඉතාම සවිමත් උනා.. ඒ වගේමයි ඔහු එක ක්ෂේත්‍රයක් පිළිබඳ හසලව හැදෑරුවා.. එයද  මිනිසුන්ට විනෝදය සපයන ක්ෂේත්‍රයක් හරහා හොයාගන්නට ඔහුට හැකි වුනා.. එන්න එන්නම මොහුගේ මේ ක්‍රියාව ජනප්‍රිය උනා.. ඒ හරහා ඔහුගේ මිතුරු ජාලය ඉතා විශාල වුනා... ජීවිතේට දැකලා නැති සමහරු මිතුරන් පවා මොහුට ලං වුනේ ඒ සාර්ථකත්වයෙන්...

ඒත් ඔහුටම ආවේණික මිතුරු ප්‍රතිපත්තියේ ඔහු තාමත් හිටියා... ඒ කොහෙන් හරි ප්‍රතිලාබයක් ලැබෙනවානම් එය ඔහුගේ හිතවත් එකෙකුට කියන මතය ඔහු තදින් විශ්වාස කලා.. ඒ නිසා ඔහුගේ ක්‍රියා වලින් ඔහුගේ මිතුරන් විවිධ ප්‍රතිලාභ ලබනවා.. මිතුරන්ගේ උදව්වෙන් ඔහුත් ප්‍රතිලාභ ලබනවා.. මේ හේතුව නිසා ඉතා දැඩි මිතුරු සංසදයක සමාජිකයෙක් බවට ඔහු පත් වෙලා තිබුනා.. හැම වෙලාවෙම හැම කාර්යයකදීම ප්‍රධාන තැනක් ඔහුට හිමි වුනා.. 

අභියෝග වලට මුහුණ දීම ඔහුගේ පුරුද්දක් වෙලා තිබ්බා.. විවාහ වෙලා තරුණයාගෙන් මිදී මිනිසෙක් වීමේදීත් ඔහුට තිබ්බේ පුද්ගලික න්‍යාය පත්‍රයක්.. ඔහු ඒක වෙනස් කලේ නෑ.. රැකියාවෙන් මිදිච්ච ඔහු තමන් විශේශීකරණය ලද  ක්ෂේත්‍රයෙන් ව්‍යාපරයක් ආරම්භ කලා.. එහිදීත් ඔහුට මිතුරන්ගෙන් අඩුවක් උනේ නෑ.. ඒ නිසා දෙස් විදෙස් ඔහුගේ ව්‍යාපාරය ජනප්‍රිය වුනා.. ඔහුට ඉතා සරු කාලයක් ලැබුවා... මිතුරෝ ඔහු වටේ හිටියා... ඔහුට ලැබෙන සෑම දෙයක්ම ඔහු මිතුරන්ගේ උදව්වෙන් කරගත්තා.. ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දුන්නා.. ඔවුන් ඔහුගෙන් උදව්වක් ඉල්ලූ විගස කෙසේ හෝ එය ඉටු කරලා දෙන්න වෙර දැරුවා.. තමන් යටතේ තිබෙන රැකියා වලට මිතුරන් ගත්තා.. ව්‍යාපාර අවස්ථා මිතුරන් වෙත බෙදා දුන්නා... පාසලේ මිතුරන් සේම සමාජයේ මිතුරන් ඉතා දැඩිව ඔහු හා බැඳුනා.. මී විත සමහර මිතුරු කම් සවිමත් කලා... නන්නාදුනන අනවශ්‍ය මිතුරුකම්වල සැබැඳියාව වැඩි කරන්න මීවිත රුකුලක් වුනා.. ඔහුගේ ව්‍යාපාර සවිමත් වෙද්දි ඔහුගෙන් උදව් ලබන පිරිස වැඩි වුනා..

සමහර විදෙස්ගත මිතුරන්ගේ රැකියා අවදානම් වෙද්දි ඔහුත් එක්ක එකතු වෙන්න ඔවුන් වෙර දැරුවා.. ඔහුගේ උදව් ලබන්න කල්පනා කලා.. ඔහුත් උදව් කලා.. ඒ වෙනුවෙන් ඔහුගේ කාලය වැය කලා.. ධනය ශ්‍රමය වැය කලා... ඔවුනුත් උදව් කලා.. අහවල් ව්‍යාපාරය කරන කෙනා මගේ යහළුවෙක් කියමින් ඔහුව අදුන්වලා දුන්නා.. විවිධ සමාජ සේවා වැඩ අතරේ ඔහු පෙරමුණ ගත්තා.. කිසිම ප්‍රතිලාභයක් නැති ක්‍රියා වෙනුවෙන් ඔහු මුදල් වියදම් කලා.. සමහර මිතුරන්ගේ කටයුතු වෙනුවෙන් කාලය නාස්ති කලා.. මිතුරු සමාගමය වෙනුවෙන් ධනය මෙන්ම ශ්‍රමයද නාස්ති කලා.. මේ හැම දෙයක්ම සිදු වෙමින් කාලය ඉතා හොඳින් ගෙවී ගියා... 

ජීවිතේ හැමෝටම බලපාන නරක කාලය ඔහුටත් බලපෑවා.. ඔහු දිගින් දිගටම අසාර්තක වෙන්න පටන්  ගත්තා.. ඔහුගෙන් උදව් ගත් මිතුරන් ඔහුට උදව් කලා.. නමුත් දිගින් දිගටම අසාර්ථක වුනා.. ව්‍යාපරය වැටුනා.. මිතුරන් ටිකින් ටික ඔහුගෙන් ඈත් වෙන්න පටන් ගත්තා... මිතුරන් ඔහුගේ වැරදි දකින් පටන් ගත්තා.. ඔහුව තෙරුම් ගනිපු සැබෑ මිතුරන් ඔහුගේ වටේ එකතු වෙලා හිටියා... ඔවුන් ඔහුට හයියක් වුනා.. නමුත් ඔහුගෙන් ඈත් වෙලා ඔහුට පරිභව කරපු ඔහුගේ මිතුරෝ ප්‍රමාණය වැඩි වුනා.. ගොඩාක් දෙනෙක්ගේ දෑස් පාට කණ්ණාඩි වලින් වැහුනා... මිතුරන් පිළිබඳව ඔහු පාඩම් ඉගෙන ගන්න පටන් ගත්තා... හැමෝම හිතවතුන් කියලා හිතාගෙන හිටපු ඔහුට හිතවතුන් කවුද කියලා වැටහෙන්න පටන් ගත්තා... ව්‍යාපාරික පරමාර්ථ වලින් ඔහුත් සමඟ එකතු වුන අය ඔහුව හෙළා දකින්න වුනා... සමහරු ඔහුව හිරේ දාන්න හැදුවා.. ඔහුව හොරෙක්, මංකොල්ල කාරයෙක්, කපටි නරියෙක්, භේද භින්න කරන්නෙක්, යටි කූට්ටු කාරයෙක්, දිය යටින් ගින්දර ගෙන යන්නෙක් ආදී ලෙස හංවඩු ගහන්න උත්සාහ කලා... ඒත් හැම දෙයක්ම බොරු වෙමින් කාලය ප්‍රශ්ණ විසදද්දි ඔවුන් අදටත් ඔහුව ආපහු වලට ඇදලා දාන්න දරන උත්සාහය නවත්තලා නෑ...  ඒත් ඔහු තාමත් යහතින් ඉන්නවා... ගොඩාක් මිතුරන්ගේ වෙස් මුහුණු ගැලවෙන්න පටන් ගත්තා... ඔහුගේ බිඳ වැටීම, ඔහුට පෙනේරයක් වුනා.. මිතුරන්ගේ වැරදි සම්භන්ධයෙන් ඔහු ඉවසපු තරම, ඔහුගේ වැරදි සම්භන්ධයෙන් බොහෝ මිතුරන් නොඉවසන බව ඔහුට පසක් වෙද්දි ඔහු ප්‍රමාදයි කියලා ඔහුට වැටහුනා... ඒ වගේම ඔහුව පහළට ඇද දමමින්, තමන් ඉතා සුවිශේෂී පුද්ගලයෙක් යැයි හඳුන්වා ගන්නත් ඔහුගේ සමහර මිතුරන් අදටත් වහෙන් ඔරෝ ක්‍රියා කරනවා කියලා ඔහු දන්නවා.... ඔහු අතින් වුනු වැරදි වලට ඔහු දෙවියන්ට ස්තූතිවන්ත වුනා... පාසැල් කාලයේ යහළුවෝ හා අළුතින් ඇතිවුනු සැබෑ මිත්‍රශීලීන් ඔහු වටේ ඉතුරු වුනා... ඔවුන් ඔහුත් සමඟ ඉදිරියට යන්න එකතු වුනා... 

ෆීනික්ස් පක්ෂියා සේ ඔහු අළු මතින් නැගිටින්න වෙර දැරුවා.. ඔහු නැගිට්ටා.. දැන් ඔහුගේ මිතුරු ජාලය අඩු වෙලා.. පාසැල් කාලයේ ඔහුත් සමඟ හිටපු මිතුරන් හා තවත් ලැබැදි මිතුරන් ගොඩ දෙනෙක් ඔහු වටේ එකතු වෙලා... ඔහු යහපත් ගමනකට පය ඔසවන්නට පටන් අරන්... පරණ කාලය නැවත ආරම්භ කරලා... ඔහුගේ ගමන ඔහු පාඩුවේ යන්න ඔහු අධිශ්ඨාන කරගෙන අවසන්...

ඒත් ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රය තවමත් එලෙසමයි....

යමක් ලැබෙනවානම් ලැබෙන්න ඕන අපේ එකෙකුට....

ප.ලි. තව දවස් දෙකකින් මන්නාරමේ අනිත් විස්තරේ එනවා...

23 comments:

  1. නියමයි මචං.. කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  2. හැමදේම නැති උනත් එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක්වත් තියෙනවා නම් ඒකට ලොකු දෙයක් කරන්න පුළුවන්. ජය වේවා අභීත අයියා ....

    ReplyDelete
  3. තමන්ගෙ ගතිගුණ
    තමන්ම මාකට් කරගන්න
    ප්‍රථම පුරුෂයෙන් බයිල ලියල
    කබ්බො රවට්ටගන්න එක

    මහ තුප්පහි වැඩක්

    ReplyDelete
  4. අගේ ඇති ලිපියක්.. ගතයුතු දෑ ඇත බොහෝ..

    ReplyDelete
  5. හ්ම්ම්ම්...
    අපිට කෙලවෙන්නම ඕනා වටේ ඉන්නේ මොක්කුද කියලා අදුර ගන්නනං..

    ReplyDelete
  6. හැම වැඩක්ම පටන් ගත්තයි කියන කොට කිව්වා වගේම
    මගේ උණුසුම් සුබ පැතුම් !
    කියලා කියන්නම්..
    ඒත් කාලෙ වෙනස්.. තාලෙ වෙනස්..

    ReplyDelete
  7. ෆීනික්ස් පක්ෂියා!!! හරියටම හරි. අන්තිම ධූවිල්ලටම අළු වෙලා ගියත්, ඒ අළු මතින් නැගිටින්න ඕනා.

    ReplyDelete
  8. සාර්ථක ඉදිරි ගමනකට සුභ පැතුම්!!1

    ReplyDelete
  9. පෞද්ගලික න්‍යාය පත්‍රය
    හ්ම්ම්ම්

    ReplyDelete
  10. මන්හිතුවෙ මේ මෙ මම ගැනයි කියන්නෙ කියල.. හරි ශෝක්

    ReplyDelete
  11. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ අයියේ ..!!, බැරිඋන ටික කියවන්න ඕනේ මුල ඉදලම..!!
    ජයන් ජය ම වේවා සාර්ථක ඉදිරි ගමනකට..!!

    ReplyDelete
  12. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ අයියේ..!! සාර්ථක ඉදිරිගමනකට සුබපැතුම් ...!!
    (කොමන්ට් එකක් දාලාම බැරි උණ ටික මුල ඉදන් කියවන්න ඕනේ )

    ReplyDelete
  13. ඔබගේ බ්ලොග් එකත් Face Book සිංහල බ්ලොග් group එකට ඇතුලත් කරන ලදී,ඔබ මෙහි ලිපියක් පල කල වහාම එය එහිද ස්වයංක්‍රියව පළවේ. පහත Link එකෙන් එකට ගොස් බලන්න.වැඩි විස්තර අවශ්‍ය නම් සඳහා Admin ට Messege එකක් එවන්න

    http://www.facebook.com/groups/276525075781945/

    ReplyDelete
  14. මගේ උණුසුම් සුබ පැතුම්....!!

    ReplyDelete
  15. කොල්ලා දිගටම ලියපන් !

    ReplyDelete
  16. ඔහොම යමු. ජයවේවා..

    ReplyDelete
  17. ආයෙමත් පටන් ගත්ත එක හොදයි

    ReplyDelete
  18. කල කල දේ පල පල දේ" මම හරිද

    ReplyDelete
  19. අපිට වරදින්නම් ඕනෙ මේ වගේ අය නේද අපි වටේ හිටියෙ කියල හඳුනා ගන්න. අට ලෝ දහම කැරකෙන කොට ඔහොම තමයි අභීත මල්ලි. දුක සැප හැම දේම විඳ දරා ගන්නට වෙනවා. එහෙම උනාමම තමයි ජීවිතයෙ හරි හැටි යථාර්තය හඳුනා ගැනෙන්නෙ. ජයන් ජය ම වේවා! සාර්ථක ඉදිරි ගමනකට මගේ උණුසුම් සුබ පැතුම්!!!.

    ReplyDelete
  20. සුභපැතුම් අභියෝ. එතනින් එහාට මුකුත් කියන්න ඕනෙ නෑ කියල උඹ දන්නවනෙ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...