උදේ 7.15ට පමණ අවදි වූ අපි ඔගස්ටින් මහතා(තානායම් කළමණාකරු)ලබා දුන් කිරි තේ එකින් සැහීමට පත්වීමු... ඇත්තටම එය ඉතා මැනවින් සැකසූ තේ එකකි.. පසුව ඔගස්ටින් මහතා ඇමතූ අපි අපේ අනිත් අවශ්‍යතාවය ඔහුට කියා පෑවෙමු.. ඒ ත්‍රිරෝද රියක අවශ්‍යතාවයයි... සුදර්ශන්, ඔහු අපූරු ත්‍රිරෝද රිය රියැදුරෙකි... සිංහල යාන්තමට තේරුම් ගත හැකි නමුත් අමිලට භාශා තුනම එක සේ හැකි වූ නිසා සංනිවේදන ගැටළුවට අපි මුහුණ නොදුන්නෙමු... මන්නාරම් යාමේදී මෙම භාශා ප්‍රශ්ණයට විකල්ප විසදුමක් සකසා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය. සුදර්ශන්ට අප කීවේ හැකි ඉක්මනට අපව උදෑසණ ආහාරය සඳහා නතර කරන ලෙසයි... ඔහු "නිව් සිවා හොටෙල්" අසල නතර කල අතර, එය නම් කදිම ඉන්දියානු භෝජන අවන්හලක් විය... එය කෙතරම් පිරිසිදුද හා ආහාරවල ඇති ප්‍රණීත බව කියතොත්, අපි මන්නාරමෙන් පිට වනතුරු සිටි වේල් පහටම කෑවේ ඉන්දියානු අහාරයි.
Add caption |
ඊට පස්සේ අපි නැරඹුවේ පල්ලිමුණේ ශාන්ත ලුසියා දේවස්ථානය.. 1920 ඉදන් පවත්වගෙන ආපු ශාන්ත ලුසියා දේවස්ථානයේ පිංතූර තමයි මේ පහල තියෙන්නේ..
දහම් පාසලේ විභාගයක් අතරෙ හිනාවෙන මේ දැරිවිගේ හිනාව දැක්කම ඔයාලට මතක් වෙනවද අපේ පුංචි කාලේ...
වෙලාව උදේ 9ට විතර ඇති... අපි ඊලඟට මන්නාරම් කළපුවේ පල්ලිමුණේ පෙදෙස නැරඹීමට ගියත් එහි තිබූ අප්‍රසන්න ගතිය නිසාම අපි ආපසු හැරිලා ආවා.. එම වෙරළ තීරය ඇත්තටම ගොඩාක් දූශණය වෙලා තිබ්බේ.. අපේ මීලඟ අරමුණ මන්නාරම් දුම්රිය පල හා ම්ලේඡ්ච එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් විසින් පුපුරවාහරි මන්නාරම් දුම්රිය පාලම නැරඹීමයි.. ඉස්සෙල්ලාම අපි දුම්රිය ස්ථානය ගැන කතා කරමු...
1914 මෙම දුම්රිය මාර්ගය ඇරඹුනේ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ භාණ්ඩ කොළඹට ගෙන ඒමේ පහසුව තකායි.. තලෙයි මන්නාරම් ජැටිය හරහා ගොඩ බහින මගීන්ද මෙම දුම්රියෙන් කොළඹ බලා පිටත් වුනා කියලා වැඩිහිටියෝ පවසනවා.. ඉන්දියානු රජයේ ආධාර ඇතිව නැවත සකසන දුම්රිය මඟ සෑදීමේ ක්‍රියාවලියට මමයි අමිලයි සහභාගී වුන හැටි තමයි මේ...
සංදුක්කේ.. මොකට කියනවද? ඒ කාලේ විරාජමානව බැබලුන මන්නාරම් දුම්රිය ස්ථානයේ අද හැටි....
එතැන් සිට පාලම ලඟට අපි ගියේ පයින්මයි.. කිලෝ මීටරයක පමණ දුරක් නම් තිබුනා... නටබුන් වූ දුම්රිය මාවතේ සලකුණු පමණක් ඉතිරිව තිබුනා... මේ තියෙන්නේ එම සලකුණු හා පුපුරුවා හැරීමෙන් පසු කඩා වැටුණු දුම්රිය පාලම...
ඊට පස්සේ අපි ගියේ කරවල වාඩි බලන්න... කරවල වාඩිනම් අනන්තවත් තිබුනා.. ඒත් කරවල වේලීම කරගෙන කිහිප පලක විතරයි... මේ තියෙන්නේ එහි ඡායාරූප....
මෙන්න මුහුදු වෙරළ පුරා දුව ගියපු අපේ යාළුවෝ...
මේ ඉන්නේ ඈත ඉඳන් ගිය මසුන් මරන්නෙක්....
මෙතනින් පස්සේ අපි ගියේ මන්තායි ළුණු ලේවාය බලන්න.. ඇත්තටම ඒක හරි අපූරු අත් දැකීමක්... එහි කළමණාකරු වෙච්ච ලෙනාඩ් මහත්මයාට මම අතිශයින් ස්තූතිවන්ත වෙනවා ඡායාරූප දාන්නට අවසර ලබාදීමත් එහි විස්තර මුලක ඉඳන් අපට කියා දීමත් පිළිබඳව.... එක අවවාදයක්... පොලේ තියෙන 20ට දෙකයි කියන ලුණු පැකට් ගන්න එපා.. රජ ලුණු කියන එක හදන ආකාරය දෑසින් දැක්ක නිසා අපි එයනම් අනුමත කරනවා.. මේ ලුණු සම්භන්ධ පාඩම තමයි අපි ඒ සංචාරයේ හදාරපු හොඳම පාඩම... ඒ කථාව මේ සටහන් පෙළ අවසන් වෙලා වෙනමම කියන්නම්.... මේ තියෙන්නේ එහි ඡායාරූප.. ඔය මාත් එක්ක තොප්පියක් දාගෙන ඉන්න මහත්තය තමයි ලෙනාඩ් මහතා... ඔහු නම් සැබැවින්ම ඉතා සුහදශීලී චරිතයක්....
වෙලාව මධ්‍යන්‍ය 12ට විතර ඇති.. ගිනි රස්නෙට හිතෙන්නේ ඉරට හැතප්මක් විතර ඇති කියලා..
උදේ වරුව ඉවරයි... ලඟම මත්පැන් අවන්හලින් කූල් බියර් කෑන් දෙකක් ගත්ත අපි නැවතත් තානායමට ගියේ තවත් මඳ වෙලාවකින් පිට වීමට බලාගෙන... ඔන්න දෙවෙනි දවසේ උදේ වරුව අවසන්... පහුගිය ලිපිය අවසානේ දාපු ඉතිරි ටික බලමු ඊලඟ ලිපියෙන්...
ප.ලි.. ත්‍රිරෝද රථයේ වෙච්ච කතා බහ...
මචන් අභියා, මේ මුළු ගමනට එකෙක්ගෙන් කීයක් යයිද බන්....
රුපියල් 6000ක් විතර යයි බන්...
අඩෝ මම හිතුවේ දහයක් විතර යයි කියලනේ... ඉතිරි ටිකට මොකුත් කරගන්න බැරි වෙයිද බන්..?
බලමු..
ත්‍රී වීල් මල්ලිගෙන් දන්නා ශිල්ප යොදා මේ මුදල් වියදම් කරන්නට ක්‍රමයක් හෙව්වත් උත්සහය අපතෙ ගියා..
ප.ප.ලි. මේ ලිපි පෙළ ලියන ගමන් මම පටන් ගන්නවා මගේ ජීවිතයේ අඳුරු පැත්ත ගැන ලියන්න... පාසැල් කාලේ කරපු ආනාඩි වැඩ.. ටැක්සි රියැදුරෙක් වෙච්ච හැටි.. බුකියක වැඩ කරපු හැටි.. හෝටලයක වැඩ කරපු හැටි... සල්ලි නැතුව පයින් ගියපු හැටි... පොලීසියේ හිටපු හැටි.. පට්ටෙට කුඩු ගහන එකෙක් එක්ක පොලිස් කූඩුවේ රැයක් නිදි මැරූ හැටි ආදී වශයෙන් මගේ මතකය ගොඩාක් ඈතින් තියෙන දේවල් ලියන්නයි යන්නේ.. අපි බලමු ඉතින්...
4000 ආපහු ගෙදර ගෙනාපු එක ගැන සතුටුයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete/වෙලාව මධ්‍යන්‍ය 12ට විතර ඇති./
ReplyDeleteමේක මධ්‍යහ්න වෙන්ඩ ඕනෙ නේද??
ඇනෝ උබල වගේ කබ්බෝ ඒව දන්නෙ නැහැ
Deleteමේ ඉන්නේ බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක්.. දක්ෂ බ්ලොගෙක්.
//ත්‍රී වීල් මල්ලිගෙන් දන්නා ශිල්ප යොදා මේ මුදල් වියදම් කරන්නට ක්‍රමයක් හෙව්වත් උත්සහය අපතෙ ගියා..//
ReplyDeleteහෙහ් හෙහ් මොකක්ද බොල මේ, උඹලා අනාචාරයේ යන්නද හැදුවෙ ඈ ? නැත්නම් ඉතිං කන්න බොන්න නං නැතෑ ඔහේ ඇති පදං.
මසාලා නේද අර කන්නෙ? ම්ම්ම්.....
ReplyDeleteමාරයගේ බ්ලොග් එකේ ස්ටයිල් එක කොපි කරනවා :)
ReplyDelete6000ක් යනවැයි????
ReplyDeleteහෙන ගනංනෙ
ඔය ගමන්ම ලියපං කෝ බං අම්පාරට ආ හැටිත් ආපහු ගිය හැටිත් ..
ReplyDeleteඅභියා උඹට තිබ්බේ ඔය රේල් පාර මේ පැත්තට හරවලා හයිකරන්න .. ඒනං ඉතින් අපිටත් කෝච්චි ..
බලමු අඩු වියදම් ගමනක අත්දැකීමක් වගේ
ReplyDeleteමමත් යා යුතුමයි....තාම ලංකාවෙ නොගිය තැන් එමටයි.
ReplyDeletepatta patta ban liyapan duk widapuwath ewath godak watinawa ban
ReplyDeleteඔන්න ඒ විස්තරයත් බැලුවා . කෑම ගන්න හොද අවන්හලුත් තියනවා වගේ .
ReplyDeleteඅෆ්ෆා ගහ විතරනේ බොලේ අපි බලලා තියෙන්නේ මන්නාරමේ :/
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteawit yana "blog lipinaya" tibuna naha. "ornaya" gen gata. ituru kotasa balagena inwa.
ReplyDeleteJayawewa.
SAjith
wachaakaara hora detuwaa,
ReplyDeleteසහෝදරයා..මගේ නමින් තැන තැන කමෙන්ට් දාන කෙනෙක් සිටින බව ආරංචි උනි.
ReplyDeleteඔබේ අඩවියේද ඒ කෙනා මා මෙන් කමෙන්ට් කර තිබුනා කියා කෙනෙක් පැවසුවා.
මෙය පමණයි මගේ ඔර්ජිනල් සහ එකම ප්‍රොෆයිලය.
පොස්ටුව කදිමයි.
ඔබට ජය!
oya denna thana thana yanawa kiyala apita aranchi una
Deleteවගකීමෙන් ද කියන්නෙ
Deleteඅභීත, ඔයාගෙ මේ ලිපි පෙල හොඳයි. ඒත් ටිකක් හිනා වෙන්න ආවම හිනාවෙන්නෙ නැතුව මට දැනෙන්නෙ ආයෙමත් ඉස්ක්කෝලෙ ගියා වගේ. ඒක නිසා ආයෙත් හිනා යන කතා ටිකක් ලියන්න.
ReplyDeleteපස්ට ටුවර් එකක් නෙ අයියා.......
ReplyDelete