දවස ජූලි මාසේ 19 වෙනිදා.... වෙලාව හවස 7.40යි.. හිටියේ කොළඹ සිට මන්නාරම බලා යන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථයක අංක 16 දරන අසුනේ.... මන්නාරම බලා යන්න සූදානමින් අපි ඉන්නේ.. අපි කිව්වේ මමත් මගේ ගමන් සඟයා වෙච්ච අමිලත්... අමිල ගැන නම් මගේ බෝඩිමේ කථා ගොඩකදි කියවිලත් ඇති.. තව විනාඩි 20කින් අපි ගමන ආරම්භ කරනවා.... අද ගමනේ අවසානය වෙන්නේ මන්නාරම නගරය. බස් රථය මන්නාරමට ලඟා වෙද්දි ජූලි 20 පාන්දර වෙයි කියලා තමයි කියන්නේ....අපි අද බලමු මේ කාලය උදෑසන හතර වෙනකන් ගෙවෙන්නේ කියලා... බස් රථය පිටත් වෙනකන් මම සටහන් පොතක් අරගෙන මේ සටහන අකුරු කරද්දි අමිල දුරකථන ඇමතුමක එල්ලිලා ඉන්න බවක් පෙනුනේ.. කෙල්ලෙක් තමයි...
හරියටම අටට බස් රථය පිටත් වුනා.. බුදු සරණින් දෙවි පිහිටෙන් අපි මන්නාරමට ලඟවේවි කියන සිතිවිල්ල අපේ හිතේ ඇති වුනා.. බස් රථය 9.20 වෙද්දි මීගමුවට ආවා.. විනාඩි 5ක් පමණ එතන නවත්වගෙන හිටියා.. හැල්මේ ආපු බස් එක නවත්තන්න වුනේ විශාල මාර්ග තදබදයක් තිබුන නිසයි... පාර පුරා සිටි බැලුම් බෝල වෙළෙන්දොයි විසිතුරු බඩු වෙළෙන්දොයි නිසා යම් උත්සවක් යැයි හැඟුනත් මඳ වෙලාවකින් අසුණු කස පුපුරන හඬ අනුව අපිට කලින්ම හිතාගන්න පුළුවන් වුනා මේ පෙරහැරක් කියලා.. මේ තියෙන්නෙ එහි පින්තූර...
අභියා.. මන්නාරමද කොහෙද? බලපන්.. කොන්දොස්තර කෑ ගහනවා...
අඩ නින්දෙන් ඇහැරුනු මම වටපිට බැලුවේ බෝඩ් එකක අකුරු කියවගන්න හිතාගෙන.. කෝ.. මොන බෝඩ් එකක්වත් නෑ.. මිනිසුන් කීප දෙනෙක් බසයෙන් බහින්නට පොරකනවා... මම නැගිටලා රියැදුරු මහතාගෙන් "කොහෙද අයියේ මේ?" කියලා ඇහුවා...
මන්නාරම.. මන්නාරම බහින්න...
දඩ බඩ ගාල තිබ්බ ඔක්කොමත් අරන් බැස්සා.. නිදිමත කොහෙ ගියාද නෑ.. කලින් දැනුවත් වෙලා හිටපු පරිදි අපේ නවාතැන වෙච්ච ගෝල්ඩන් රෙස්ට් එක තියෙන්නෙ මුවර් වීදියේ.. ඒත් මේ මහ රෑ කාගෙන් අහන්නද? අහන්න හිතනකොටම අමිල ත්‍රිරෝද රථයකට නැගලා මුවර් ස්ට්‍රීට් කිව්වා... විනාඩි 2ක් ගත වෙද්දි අපි හිටියේ නවාතැන ඉදිරිපිට.. ත්‍රිරෝද රියේ රුපියල් 50 දුර.
වෙලාව පාන්දර 04.15 ට පමණ වුවත් නවාතැනේ කළමණාකරු ඔගස්ටින් මහතා අපිව පිලිගත්තේ තානායම්පල්ලකු සතුව තිබිය යුතු අව්‍යාජ සිනාව මුව රඳවාගෙනමයි... ඇත්තටම ඔහු හරි අපූරු සේවකයෙක්... මනාව සැකසූ වායු සමීකරණය කරණ ලඳ කාමරයක් අපට සැපයූ ඔහු, මේ වෙලාවේ අපට අවශ්‍ය මොනවාදැයි කැඩුණු සිංහල බසින් ඉතා ආචාරශීලීව අපෙන් අසා සිටියා...
අපට අවශ්‍ය වෙලා තිබ්බේ නින්දයි... ඔහුට ඒ බව කියා අපි ඇන්දට වැටුනා... එලාම් තිබ්බේ 6.30ට... ඒත් අවදි වුනේ 7.15ට.... අද දවසේ අපේ අරමුණ පහත සඳහන් දේවල් බලා ගැනීමයි...
1. බයෝබැබ් ගස
2. සාන්ත ලුසියා දේවස්ථානය
3. මන්නාරම් දුම්රිය ස්ථානය හා පුපුරවා හැරි දුම්රිය පාලම
4. කරවලා වාඩි සහ කරවල වේලීම
5. මන්න්නාරම් ලුණු ලේවාය
6. තලෙයි මන්නාරම් පියරය, ප්‍රදීපාගාරය හා ආදම්ගේ පාලමෙහි දෙවන වැලි පරය, මුහුදේ නෑම..
7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය
ඉතින් මේ සියළු දේවල විස්තර ඊලඟ ලිපියෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා... රැදී ඉන්න වටේ යාම දෙවන කොටස එනතෙක්...
ප.ලි. මේ ලියන්නේ මම ලියපු දිගම ප.ලි. එක.. ජැකී චාන්ගේ ෆිල්ම් බලන අපි, ආසයි ඊට පස්සෙ එන වැරදිච්ච කෑලි ටික බලන්න.. මේ දේශාටන සටහන් පෝස්ට් වලත් මම එහෙම අංගයක් එකතු කලා.. ඒ ගමනේ උන රසබර සිද්ධි ටික අවසානයට කියන්න.... අපි බස් එකේ එද්දි නොයෙකුත් දේවල් අපේ මාතෘකා වුනා.. මේ එකක්.. අමිලයා තමයි පටන් ගත්තේ...
නිමල් ලක්ශපතිආරච්චි මලා නේද බන්...
ඔව්.. හොඳ ටැලන්ට් එකක් තිබ්බ මිනිහෙක්...
ඒ වුනාට සංස්කෘතිය නන්නත්තාර කලේ සිරස මචන්..
ඒකනම් ඇත්ත කියලා මාත් හිතනව බන්... අවුරුදු කීයක ඉදන් ආපු දේවල් ඒත් එක්ක වෙනස් වුනාද කියලත් හිතෙනවා...
අවුරුදු 2500කටත් එහා ඉඳන් ආපු සංස්කෘතියක් අවුරුදු 15කින් වෙනස් කරපු හැටිත් ආතල් නේද බන්....?
මේ දෙවෙනි එක...
බස් රථය කුමක් හෝ අරභයා නැවැත්තුවා හන්දියක.. බෝඩ් එකක් බලපු අමිල මගෙන් ඇහුවා
මේ අපි යන්නෙ මැනාර් කියලා ශුවර්ද උඹට..?
ඔව්.. ඇයි? මමත් ඇහුවේ නින්දෙන් නැගිට්ට ගමන්...
අර බෝඩ් එක බලපන්කො. අපි ඉන්නේ පුදුකුඩි ඉරුප්පු කියන්නේ....
මමත් බැලුවා ඇත්ත තමයි...
යකෝ පුදුකුඩිරිප්පු තියෙන්නේ මුලතිව් වලනේ...
ඉතින් එහෙනම් මේ තියෙන්නේ බෝඩ් එකේ...
හිටපන් ටිකක් ඉවසලා.. අපි බලමු.... මමත් ලොක්ක වගේ හිටියට ඔන්න දැන් සැකයි....
ටික වෙලාවක් යද්දි මුන්දලම කියලා ගහපු බෝඩ් එකක් දැක්කා..
බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්...
ෆෙඩ්‍රික් නෝර්ත්ගේ ගෙයක් හරි බලකොටුවක් හරිත් ඔය පැත්තේ තියෙනවා නේද ??
ReplyDelete// 7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය //
ReplyDeleteමෙන්න මේකේ විඩියෝ තිබේනම් දාන්න.මට බලා ගන්න ඕන කතරගම ගිණි පෑගිමයි මන්නාරමේ ගිණි පෑගිමෙයි වෙනසක් තියේද බලන්න
මන්නාරමට නම් ගිහින් තියෙනවා. බයෝ බැබ් ගස් බලලාත් තියෙනවා.අපි කල්පිටියේ ඉඳන් පාලවී ඇවිත් ගෙදර එන්නේ තලෙයිමන්නාරම් බස් එකේ.
ReplyDeleteබලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්
ReplyDeleteඅහලා තිබුනෙම නැ එහෙම එකක්
පුදුකුඩිරිප්පු හරහා මන්නාරමට..
ReplyDeleteනරකම නෑ..
දෙවනි කොටස ඉක්මනට එයි කියලා හිතනවා..
.
ReplyDeleteෂාඃ හොඳ ටුවර් එකක් වගේ
ReplyDeleteමට තාමත් මන්නාරම් යන්න බැරිවුනා.
කෝ පින්තූර නැහැනේ? වැඩිය
ReplyDeleteආඩේ මම මන්නාරම ගිහින්ම නෑ... ආහ් ඇයි බං ඔය පැත්තේ තිබ්බේ නැඩ්ග්ඩ්ග මාතර බත් කඩයක් :D
ReplyDeleteමේ පලාතට මාත් යන්න හරිම ආසාවෙන් ඉන්නවා . මේ විස්තර මටත් වැදගත් වෙයි .
ReplyDeleteබොහොම ස්තුතියි! මමත් මන්නාරම් ගිහින් නැහැ.
ReplyDeleteඅපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...
Deleteහික් හික් ජැකී ජෑන්ගේ ෆිල්ම් වගේ තමා ආතල්ම ෆිල්ම් එක අස්සේ වෙච්ච සීන් , අනික් විස්තරත් ඉක්මනින්ම දාන්න.....
ReplyDeleteනියමයි. ගොඩක් ස්තූතියි. කොළඹ සිට මන්නාරමට දුර, පසු කරන ප්‍රධාන නගර වගේ දේවලුත් ටිකක් වැඩිපුර දාමුද? මන්නාරම කිට්ටුව නවාතැන් පහසුකම් සොයාගන්න පුලුවන් වෙබ් සයිට් ටිකකුත් දාමුද?
ReplyDeleteඅපිත් මතක ඇති කාලෙකින් අනුරාධපුරෙන් උඩහට ගිහින් නෑ. ඔය පැත්තෙන් පුත්තලම.
ReplyDeletehenryblogwalker the Dude
මම නම් ජීවිතේට ඔයි පලාත්වල අඩිය තියලා නෑ බං . තව බොහොම කාලෙකට ඔයි දිහාවට යන්න චාන්ස් එකක් ඒවි කියලා හිතන්නත් බෑ .ඒක නිසා ඉතින් කියෝලා බලලා හරි සැනසෙමු තව පින්තූර ටිකකුත් දාපං බං ..
ReplyDeleteඑල මචං. සෑහෙන්න ප්‍රයෝජනවත්.
ReplyDeleteඅපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...
Deleteඅපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...
ReplyDeleteමමත් ඔන්න වටේ යන්න සෙට් උනා.........
ReplyDeleteටුවර් වැඩේ නම් එල...!
ReplyDelete