Saturday, July 28, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න,,,, 1

ගොඩාක් අය වටේ යන්න කැමතියි... වටේ ගිහින් වටේම තොරතුරු දැනගෙන පින්තූරත් බලලා වටෙන්ම නාලා වටේ තියෙන සිද්ධි දැකලා විනෝද වෙලා එන්න අකමැති කට්ටිය මම හිතන්නේ කොහෙවත් නැතිව ඇති.. ඉතින් ඒක නිසා මම පටන් ගත්තා මගේ දේශාටන සටහන් පටන් ගන්න.. අඩු වියදමින් ගිහින් එන්න පුළුවන් විදිහට තමයි යන්න යන්නේ... දෙවෙනි ගමන යන්නේ සැප්තැම්බර් පලවෙනි සතියේ.. එතකන් බලමු අද ශ්‍රී ලංකාවේ  වයඹ දිග මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක වැදගත් කමකින් යුතු ස්ථාන ගැන.... අද මෑතකදි බ්ලොග් කරුවෝ ගොඩ දෙනෙක් ගිය මන්නාරම ගැන තමයි ලියන්න යන්නේ.... මේ තියෙන්නේ එහි තොරතුරු...


දවස ජූලි මාසේ 19 වෙනිදා.... වෙලාව හවස 7.40යි.. හිටියේ කොළඹ සිට මන්නාරම බලා යන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථයක අංක 16 දරන අසුනේ.... මන්නාරම බලා යන්න සූදානමින් අපි ඉන්නේ.. අපි කිව්වේ මමත් මගේ ගමන් සඟයා වෙච්ච අමිලත්... අමිල ගැන නම් මගේ බෝඩිමේ කථා ගොඩකදි කියවිලත් ඇති.. තව විනාඩි 20කින් අපි ගමන ආරම්භ කරනවා.... අද ගමනේ අවසානය වෙන්නේ මන්නාරම නගරය. බස් රථය මන්නාරමට ලඟා වෙද්දි ජූලි 20 පාන්දර වෙයි කියලා තමයි කියන්නේ....අපි අද බලමු මේ කාලය උදෑසන හතර වෙනකන් ගෙවෙන්නේ කියලා... බස් රථය පිටත් වෙනකන් මම සටහන් පොතක් අරගෙන මේ සටහන අකුරු කරද්දි අමිල දුරකථන ඇමතුමක එල්ලිලා ඉන්න බවක් පෙනුනේ.. කෙල්ලෙක් තමයි... 


හරියටම අටට බස් රථය පිටත් වුනා.. බුදු සරණින් දෙවි පිහිටෙන් අපි මන්නාරමට ලඟවේවි කියන සිතිවිල්ල අපේ හිතේ ඇති වුනා.. බස් රථය 9.20 වෙද්දි මීගමුවට ආවා.. විනාඩි 5ක් පමණ එතන නවත්වගෙන හිටියා.. හැල්මේ ආපු බස් එක නවත්තන්න වුනේ විශාල මාර්ග තදබදයක් තිබුන නිසයි... පාර පුරා සිටි බැලුම් බෝල වෙළෙන්දොයි විසිතුරු බඩු වෙළෙන්දොයි නිසා යම් උත්සවක් යැයි හැඟුනත් මඳ වෙලාවකින් අසුණු කස පුපුරන හඬ අනුව අපිට කලින්ම හිතාගන්න පුළුවන් වුනා මේ පෙරහැරක් කියලා.. මේ තියෙන්නෙ එහි පින්තූර...






විනාඩි 30ක කාලයක් නවත්වාගෙන සිටි නිසා මගීන්ට දැනුන දහදිය හා නොසන්සුන්තාවය නිසා පොඩි පහේ කසු කුසුවක් ඇතිවුනා.. නින්ද හා අඩනින්ද අතර සැරි සැරුව මගීන්ගේ නිහඬතාවය බිඳින්නට එය රුකුලක් වුනා.. යටි හිතින් ඇලුම් කලත් දෙමල බසින් කියවන එෆ් එම් නිවේදිකාවගේ හුරතල් කච කචය කරදරයක් වුනා... ඉන්පසු නැවතුම වුනේ පුත්තලමට මඳක් මෙහායින් වූ නාගවිල්ලු ප්‍රදේශයයි.. ඒ නිමල් හෝටලේ... මඟීන්ට රාත්‍රී ආහාරය සඳහා... ජීවිතේ මම අහපු මිහිරිතම කොත්තු නාදය මම ඇහුවේ මෙහිදී.... එය එතරම් තාලයකට ඔහු වාදනය කලා... වෙලාව 11.45 යි. අපිත් කොත්තු දෙකකටම වග කියලා බසයට නැග්ගා.. වෙලාව 12.05යි.. බසය පිටත් වුනා... ඒ එක්කම අපත් ඇස් පියා ගත්තා....


අභියා.. මන්නාරමද කොහෙද? බලපන්.. කොන්දොස්තර කෑ ගහනවා...


අඩ නින්දෙන් ඇහැරුනු මම වටපිට බැලුවේ බෝඩ් එකක අකුරු කියවගන්න හිතාගෙන.. කෝ.. මොන බෝඩ් එකක්වත් නෑ.. මිනිසුන් කීප දෙනෙක් බසයෙන් බහින්නට පොරකනවා... මම නැගිටලා රියැදුරු මහතාගෙන් "කොහෙද අයියේ මේ?" කියලා ඇහුවා...


මන්නාරම.. මන්නාරම බහින්න...


දඩ බඩ ගාල තිබ්බ ඔක්කොමත් අරන් බැස්සා.. නිදිමත කොහෙ ගියාද නෑ.. කලින් දැනුවත් වෙලා හිටපු පරිදි අපේ නවාතැන වෙච්ච ගෝල්ඩන් රෙස්ට් එක තියෙන්නෙ මුවර් වීදියේ.. ඒත් මේ මහ රෑ කාගෙන් අහන්නද? අහන්න හිතනකොටම අමිල ත්‍රිරෝද රථයකට නැගලා මුවර් ස්ට්‍රීට් කිව්වා... විනාඩි 2ක් ගත වෙද්දි අපි හිටියේ නවාතැන ඉදිරිපිට.. ත්‍රිරෝද රියේ රුපියල් 50 දුර. 


වෙලාව පාන්දර 04.15 ට පමණ වුවත් නවාතැනේ කළමණාකරු ඔගස්ටින් මහතා අපිව පිලිගත්තේ තානායම්පල්ලකු සතුව තිබිය යුතු අව්‍යාජ සිනාව මුව රඳවාගෙනමයි... ඇත්තටම ඔහු හරි අපූරු සේවකයෙක්... මනාව සැකසූ වායු සමීකරණය කරණ ලඳ කාමරයක් අපට සැපයූ ඔහු, මේ වෙලාවේ අපට අවශ්‍ය මොනවාදැයි කැඩුණු සිංහල බසින් ඉතා ආචාරශීලීව අපෙන් අසා සිටියා...


අපට අවශ්‍ය වෙලා තිබ්බේ නින්දයි... ඔහුට ඒ බව කියා අපි ඇන්දට වැටුනා... එලාම් තිබ්බේ 6.30ට... ඒත් අවදි වුනේ 7.15ට.... අද දවසේ අපේ අරමුණ පහත සඳහන් දේවල් බලා ගැනීමයි...


1. බයෝබැබ් ගස
2. සාන්ත ලුසියා දේවස්ථානය
3. මන්නාරම් දුම්රිය ස්ථානය හා පුපුරවා හැරි දුම්රිය පාලම
4. කරවලා වාඩි සහ කරවල වේලීම
5. මන්න්නාරම් ලුණු ලේවාය
6. තලෙයි මන්නාරම් පියරය, ප්‍රදීපාගාරය හා ආදම්ගේ පාලමෙහි දෙවන වැලි පරය, මුහුදේ නෑම..
7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය


ඉතින් මේ සියළු දේවල විස්තර ඊලඟ ලිපියෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා... රැදී ඉන්න වටේ යාම දෙවන කොටස එනතෙක්...


ප.ලි. මේ ලියන්නේ මම ලියපු දිගම ප.ලි. එක.. ජැකී චාන්ගේ ෆිල්ම් බලන අපි, ආසයි ඊට පස්සෙ එන වැරදිච්ච කෑලි ටික බලන්න.. මේ දේශාටන සටහන් පෝස්ට් වලත් මම එහෙම අංගයක් එකතු කලා.. ඒ ගමනේ උ රසබර සිද්ධි ටික අවසානයට කියන්න.... අපි බස් එකේ එද්දි නොයෙකුත් දේවල් අපේ මාතෘකා වුනා..  මේ එකක්.. අමිලයා තමයි පටන් ගත්තේ...


නිමල් ලක්ශපතිආරච්චි මලා නේද බන්...


ඔව්.. හොඳ ටැලන්ට් එකක් තිබ්බ මිනිහෙක්...


ඒ වුනාට සංස්කෘතිය නන්නත්තාර කලේ සිරස මචන්..


ඒකනම් ඇත්ත කියලා මාත් හිතනව බන්... අවුරුදු කීයක ඉදන් ආපු දේවල් ඒත් එක්ක වෙනස් වුනාද කියලත් හිතෙනවා...


අවුරුදු 2500කටත් එහා ඉඳන් ආපු සංස්කෘතියක් අවුරුදු 15කින් වෙනස් කරපු හැටිත් ආතල් නේද බන්....?


මේ දෙවෙනි එක... 


බස් රථය කුමක් හෝ අරභයා නැවැත්තුවා හන්දියක.. බෝඩ් එකක් බලපු අමිල මගෙන් ඇහුවා


මේ අපි යන්නෙ මැනාර් කියලා ශුවර්ද උඹට..?


ඔව්.. ඇයි? මමත් ඇහුවේ නින්දෙන් නැගිට්ට ගමන්...


අර බෝඩ් එක බලපන්කො. අපි ඉන්නේ පුදුකුඩි ඉරුප්පු කියන්නේ....


මමත් බැලුවා ඇත්ත තමයි...


යකෝ පුදුකුඩිරිප්පු තියෙන්නේ මුලතිව් වලනේ...


ඉතින් එහෙනම් මේ තියෙන්නේ බෝඩ් එකේ...


හිටපන් ටිකක් ඉවසලා.. අපි බලමු.... මමත් ලොක්ක වගේ හිටියට ඔන්න දැන් සැකයි....


ටික වෙලාවක් යද්දි මුන්දලම කියලා ගහපු බෝඩ් එකක් දැක්කා.. 


බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්...

21 comments:

  1. ෆෙඩ්‍රික් නෝර්ත්ගේ ගෙයක් හරි බලකොටුවක් හරිත් ඔය පැත්තේ තියෙනවා නේද ??

    ReplyDelete
  2. // 7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය //

    මෙන්න මේකේ විඩියෝ තිබේනම් දාන්න.මට බලා ගන්න ඕන කතරගම ගිණි පෑගිමයි මන්නාරමේ ගිණි පෑගිමෙයි වෙනසක් තියේද බලන්න

    ReplyDelete
  3. මන්නාරමට නම් ගිහින් තියෙනවා. බයෝ බැබ් ගස් බලලාත් තියෙනවා.අපි කල්පිටියේ ඉඳන් පාලවී ඇවිත් ගෙදර එන්නේ තලෙයිමන්නාරම් බස් එකේ.

    ReplyDelete
  4. බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්

    අහලා තිබුනෙම නැ එහෙම එකක්

    ReplyDelete
  5. පුදුකුඩිරිප්පු හරහා මන්නාරමට..
    නරකම නෑ..
    දෙවනි කොටස ඉක්මනට එයි කියලා හිතනවා..

    ReplyDelete
  6. ෂාඃ හොඳ ටුවර් එකක් වගේ
    මට තාමත් මන්නාරම් යන්න බැරිවුනා.

    ReplyDelete
  7. කෝ පින්තූර නැහැනේ? වැඩිය

    ReplyDelete
  8. ආඩේ මම මන්නාරම ගිහින්ම නෑ... ආහ් ඇයි බං ඔය පැත්තේ තිබ්බේ නැඩ්ග්ඩ්ග මාතර බත් කඩයක් :D

    ReplyDelete
  9. මේ පලාතට මාත් යන්න හරිම ආසාවෙන් ඉන්නවා . මේ විස්තර මටත් වැදගත් වෙයි .

    ReplyDelete
  10. බොහොම ස්තුතියි! මමත් මන්නාරම් ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...

      Delete
  11. හික් හික් ජැකී ජෑන්ගේ ‍ෆිල්ම් වගේ තමා ආතල්ම ‍ෆිල්ම් එක අස්සේ වෙච්ච සීන් , අනික් විස්තරත් ඉක්මනින්ම දාන්න.....

    ReplyDelete
  12. නියමයි. ගොඩක් ස්තූතියි. කොළඹ සිට මන්නාරමට දුර, පසු කරන ප්‍රධාන නගර වගේ දේවලුත් ටිකක් වැඩිපුර දාමුද? මන්නාරම කිට්ටුව නවාතැන් පහසුකම් සොයාගන්න පුලුවන් වෙබ් සයිට් ටිකකුත් දාමුද?

    ReplyDelete
  13. අපිත් මතක ඇති කාලෙකින් අනුරාධපුරෙන් උඩහට ගිහින් නෑ. ඔය පැත්තෙන් පුත්තලම.
    henryblogwalker the Dude

    ReplyDelete
  14. මම නම් ජීවිතේට ඔයි පලාත්වල අඩිය තියලා නෑ බං . තව බොහොම කාලෙකට ඔයි දිහාවට යන්න චාන්ස් එකක් ඒවි කියලා හිතන්නත් බෑ .ඒක නිසා ඉතින් කියෝලා බලලා හරි සැනසෙමු තව පින්තූර ටිකකුත් දාපං බං ..

    ReplyDelete
  15. එල මචං. සෑහෙන්න ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...

      Delete
  16. අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්‍රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...

    ReplyDelete
  17. මමත් ඔන්න වටේ යන්න සෙට් උනා.........

    ReplyDelete
  18. ටුවර් වැඩේ නම් එල...!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...