Sunday, September 2, 2012

මගේ බ්ලොග් එක හරහා ඔබට ව්‍යාපාරික අවස්ථාවක් මෙන්න.......

මට මේක ලියන්න හිතුනේම දුකා අයියා දාපු අන්තිම පෝස්ට් එක වෙච්ච, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල අවශ්‍යමද? කියන බ්ලොග් ලිපියේ තියෙන එක වාක්‍යයක් දැකලා... ඒ තමයි "ව්‍යාපාරික කටයුතු, වෙන වෙන ඇජෙන්ඩා වෙනුවෙන් බ්ලොග්ස් භාවිතා කල හැකි උනත් පුද්ගලික බ්ලොග් එකක් ලිවීම කියන්නේ බ්ලොග් කලාවේ නියැලීමක් කියලා මම නම් අනිවාර්යෙන් විස්වාස කරනවා." කියන වාක්‍යය... ඒත් ඉතින් ව්‍යාපාර කරන අපි කවුරුත් තමන්ගේ පුද්ගලික බ්ලොග් අඩවි වලත් තම ව්‍යාපාරය ගැන සඳහන් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක්... ඒ නිසා බ්ලොග් කලාවේ නිරත වන අපිටත් ඔබටත් කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් කෙරෙහි අවධානයක් යොමු කරවන්න තමයි මම මේ ලිපිය ලියන්නේ....

ඊට කලින් මේ බ්ලොග් හරහා කෙරෙන ව්‍යාපාර ගැනත් ඔබ දන්නවා ඇති.. බ්ලොග් ලියන ව්‍යාපාරිකයෝ ගැන මම මේ පෝස්ට් එකෙන් ඔයාලට එක පාරක් කිව්වා.. එහි පෝස්ට් එකේ මෙන්ම කමෙන්ට් වලිනුත් අපේ අය කරන ව්‍යාපාර ගැන අවබෝධයක් ලබාගත හැකියි.. මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පහළින් තියෙන දැන්වීම් වලිනුත් ඒ ගැන අදහසක් ඔබට ගන්න පුළුවන්.. කියවලා බලන්නකෝ... ඒ වගේම සයිබර් උළෙළට ආපු අයත් දකින්න ඇති ඒ වගේ දේවල් වලට බ්ලොග් කරුවෝම අනුග්‍රහය දක්වනවත්... විශේෂයෙන්ම මගේ ''එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල්'' ආයතනය වගේම දුකා අයියගේ ''විරූස් ඩිසයින්ස්'' ආයතනයත්...

ඉතින් බ්ලොග්කරණයේ යෙදෙන ඔබ යම් ව්‍යාපාරයක් කරනවානම් තමන්ගේ බ්ලොග් හරහා ඒ ගැන ප්‍රසිද්ධියක් දෙන්න මැලිවෙන්න අවශ්‍ය නෑ.. ටිකක් හරි පරණ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් මෙය සිදු කරන දෙයක්.. උදාහරණ වශයෙන් ගත්තම ප්‍රධාන වශයෙන් මම සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ දේවල් බ්ලොග් එක හරහා විකුනනවා.. මාරයා, ජ්‍යෝතිශ ලංකා වගේ අය ජ්‍යෝතිශය වගේ වැඩ කටයුතු බ්ලොග් හරහා කරගෙන ආදායමක් ලබනවා.. ඕනයා මාළු පිළිබඳ හසල දැනුමක් ඇති බ්ලොග් එකක් කරමින් ඒ හා සම්භන්ධ උපදේශන වලින් අදායමක් ගන්නවා.. දුකා අයියා සපත්තු අලෙවි කරනවා.. තව උදාහරණ ඕන තරම් දෙන්න පුළුවනි... ඉතින් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් බ්ලොග් එක භාවිතා කරන එකේ වැරැද්දක් මම දකින්නේ නැති නිසා මම මගේ වෙළඳ දැන්වීමක් දමන්න තමයි මේවා කිය කිය මෙච්චර තැටමුවේ... මේ ලින්ක් එකෙන් යොමුවන ලිපියේ කමෙන්ට් වලින් මගෙන් සේවය ලබාගත් අයගේ අදහස් දැනගන්න පුළුවන්.. බ්ලොග් කරුවෝ කිහිපදෙනෙකුත් ඒ අතර ඉන්නවා.. නමුත් මේ සේවාව අපි පසුගිය අගෝස්තු මාසයේ නවතා දැමුවේ ආයතනයේ ප්‍රතිසංවිධානයත් සමඟ.. නමුත් ඔබට අවශ්‍යනම් ඒ සඳහා උදව් කරන්න අපිට පුළුවන්.. ආයතනයේ ප්‍රතිසංවිධාන කටයුතු වලින් පසු විස්තර තමයි පහත තිබෙන්නේ... 


මගේ ව්‍යාපාරය ගැන දැනටමත් ගොඩාක් දෙනෙක් දන්නවා.. ඒ තමයි එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් කියන ව්‍යාපාරය.. මම දැන් හදන්නේ ඒ පිළිබඳ පොඩි ඉදිරිපත් කිරීමක් බ්ලොග් එකෙන් කරන්න...

මගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් තුනයි..



1. උත්සව සංවිධාන කටයුතු (Event Management)


අපි ප්‍රමුඛතාවක් දෙන්නේ මේ ගැන.. ඒ නිසා විවිධ සමාගම් වල වාර්ශික සුහද හමු (Annual Get together), විවිධ සම්මන්ත්‍රන (Other Conferences) , නව නිශ්පාදන හඳුන්වාදීම් (Product Launch), වාර්ශික චාරිකා (Annual Trips) වැනි දේවල් ආයතනික වශයෙන් අපි ඉටු කරනවා... පුද්ගලික කටයුතු වලින් විවාහ මංගල්‍යයන් (Weddings), උපන් දින සාද (Birthday Parties) වැනි කටයුතුත් අපි විසින් මෙහෙයවනවා.. ඔබේ හිතේ තියෙන ප්‍රශ්ණෙට මට උත්තරයක් දෙන්න පුලුවන්..නෑ.. අපි අවමංගල්‍ය කටයුතු අධ්‍යක්ෂණය කරන්නේ නෑ... අපි විසින් සංවිධානය කරපු එක් සමාගමක වාර්ෂික රැස්වීම හා තෑගි බෙදාදීම මෙතැනින් බලන්න ඔබට පුළුවන්.. මේ තියෙන්නේ එක් සමාගමක වාර්ෂික චාරිකාවක්...

2. පුහුණු හා සංවර්ධන කටයුතු.. (Training and Development)


මෙය ගොඩාක්ම කෙරෙන්නේ ආයතනික වශයෙන්... බැහැරගත පුහුණු වැඩමුළු (Outward Bound Trainings), නායකත්ව පුහුණු වැඩමුළු (Leadership Trainings), කුසලතා වර්ධන වැඩමුළු (Skills Development Programmes) වැනි පුහුණු වැඩමුළු අපි වෙතින් සංවිධානය කෙරෙනවා.. දැනට ලංකාව තුල තියෙන ගුණාත්මක වශයෙන් ඉහළම පුහුණු වැඩමුළුව ලබා දෙන්නෙත් අපි කියන කාරණය ඔබට කියන්නේ හද පිරි සතුටෙන්.. ලංකාව තුල කෙරුණු වැඩිම සාමාජිකයින් පිරිසක් එක් දිනක පුහුණු කිරීම අප සමාගම විසින් සිදු කල හැටි තමයි මෙතන තියෙන්නේ... මේ තවත් එකක්... රාජ්‍ය අංශයට අපගේ සේවාව සැපයුන හැටි තමයි මේ ඇල්බමයෙන් දැක්වෙන්නේ....

3. සංචාරක කටයුතු සම්භන්ධීකරණය...

මෙහි කොටස් තුනයි...


i . ලාංකිකයින් විදේශයන්ට සංචාරය සඳහා යනවිට එහි සියළුම සම්භන්ධීකරණ කටයුතු.. (Outbound Tours)

ii . විදේශිකයින් ලංකාවට සංචාරය සඳහා පැමිණීමේදී ඒ සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Inbound Tours)

iii . ලාංකිකයින් ලංකාව වටේ කරන සංචාරයන් හිදී ඒ හා සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Local Tours)

ඉතින් ඔන්න ඔය ටික තමයි සංචාරක සම්භන්ධීකරණ කටයුතු වශයෙන් අපි කරන්නේ... මේ තියෙන්නේ එවැනි එක් ඇල්බමයක්... යාල වනෝද්‍යානයේ කූඩාරම් සහිතව එක් රැයක්...

දැන් ඉතින් ඔබේ හිතේ තියෙන්නේ මේක කොහොමද ඔබට ව්‍යාපාර අවස්ථාවක් වෙන්නේ කියලා... එය මෙසේයි... දැනටමත් අප ආයතනය සතුව නිදහස් අලෙවිකරුවන් දහ දෙනෙකු සේවය කරනවා.. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් ඒ අතර දැනටමත් සිටිනවා.. ඉතින් මේ හා සම්භන්ධ වීමට කැමති ඔබටත් පුළුවනි නිදහස් අලෙවිකරුවෙකු වශයෙන් අපත් එක්ක සම්භන්ධ වෙන්න.. ඔබගේ අධ්‍යාපන කටයුතු වගේම රැකියා කරන ගමන් මේ හා සම්භන්ධ වීමට ඔබට පුළුවන්... ඒ සඳහා ඔබට ආයතනික නාම පත්‍රයක් (Company Visiting Card), ආයතනික ආකෘතියක් (Company Profile), විවිධ පැකේජ පිළිබඳ පුහුණුවක් (Package Details) ලැබෙනවා...

මේ වෙනුවෙන් ඔබට ලැබෙන්නේ මොනවද? එය මෙසේයි...

මසකට ඔබ කරන ව්‍යාපාර වෙනුවෙන් කොමිස් මුදලක් හා වෙනත් ත්‍යාග ලබන්නට ඔබට පුළුවන්... එය පහත පරිදි සිදුවෙනවා...

* මසකට රුපියල් දහසේ සිට මිලියන තුන දක්වා..

 මුළු වෙළඳ වටිනාකමින් 5%ක මුදලක් ඔබ සතු වෙනවා.. මගේ ව්‍යාපාර කටයුතු වල මෙම ඉලක්කය මහන්සි වෙන අලෙවිකරුවෙකුට ඉතා සුළු දෙයක්...

** මසකට රුපියල් මිලියන තුනේ සිට මිලියන පහ දක්වා...

 මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින දෙකක ඉන්දියානු සංචාරයක්..

*** මසකට රුපියල් මිලියන පහට වැඩි නම්..

 මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින තුනක මැලේසියානු සංචාරයක්...

මීට අමතරව තවත් දේවල් තිබෙනවා.. එය ඔබ කැමති විදිහට අපත් සමඟ සාකච්ඡා කරගත හැකියි.. ඒ සඳහා අමතන්න මගේ ජංගම දුරකථන අංකය වන 0714449162 අංකයට.



ප.ලි. ඔබගේ ව්‍යාපාරික කටයුත්තක් නම් ඔය තියෙන මුදල අඩු වෙනවා කියන එකත් අමතක කරන්න එපා..

ප.ප.ලි. පහුගිය රැස්වීමකදි ආපසු මතක් වෙච්ච බෝඩිම් කතා කිහිපයක් තියෙනවා ලියන්න... ඒවා ඉදිරියට..

44 comments:

  1. iyandi ubata hadissi una wadi kiyala hitenne natida me post ekata tibuna kalabala asse lol

    ReplyDelete
    Replies
    1. මට කලබලයක් තිබ්බේ නෑ බන්.... තාමත් කලබලයක් නෑ.. දැනටම කෝල් දෙකයි..

      Delete
  2. Replies
    1. කොහෙද බන් හිටියේ... දවස් ගානක් තිස්සේ ට්‍රයි කරනවා අල්ල ගන්න...

      Delete
  3. what sort of training your team have? whats the level of professionalism? any certifications, HR qualifications, commendations, references for any member of your team?

    ReplyDelete
    Replies
    1. I'd like to give further details in a e mail as I do not see a need of mentioning some of the "Well known personnel".My personal openion is, a genaral idea could be taken from these flyers and links. therefore, for more information and further details please mail abeetha@explorelankainternational.com or contact the above number.

      Delete
  4. අයියෝ....අපි වැඩක් කලොත් හැමෝටම ඒක පේනවනේ...
    බ්ලොග් එක හරහා එන හදහන් වැඩ වලින් ලැබෙන ආදායම මම වෙනම එකවුන්ට් එකකට දාලා තියෙන්නේ..ළඟදිම ඒකෙන් කොළඹින් ඉඩමකුයි ගේකුයි අරගෙන හයිබ්රීඩ් කාර් එකකුත් ගන්න ඕන....හික්....

    මොකටද බොරු කියන්නේ බ්ලොග් එක ලියන්නේ ආදයම් ලබා ගන්න නෙවෙයි..ඒත් අපි බ්ලොග් එකෙන් හම්භ නොකළත් කිසිකෙනෙක් ඒක විශ්වාස කරන්නේ නෑ..හැමෝම හිතන්නේ මම බ්ලොග් එකෙන් හොදට හම්භ කරනවා කියලා.....බ්ලොග් එක හරහා මුන ගැහුණු මාතර පැත්තේ මල්ලියෙක්ගේ වදෙන් බේරෙන්නම බැරිව ගෙදරට එන පාර කියලා හදහන් වැඩක් කරලා රුපියල් දෙසීයක් අරගෙන තියෙනවා.සයිබර් අවකාශයේ හෝ වෙනත් අයෙකුගෙන් මා මේ දක්වා බ්ලොගය හරහා ජ්‍යොතිෂ වැඩ කරමින් මුදල් ලබාගෙන නැත.එවැනි අයෙකු සිටීනම් ඇනෝ කමෙන්ට් නොදමා නියම නම ගමින් දන්වන්න.මට ඔහුගේ හෝ ඇයගේ මූණ දැක ගැනීමට අවශ්‍යය.
    හැබැයි මම එහෙම කලැයි කියලා ජ්‍යොතිෂය කරන අනිත් අයත් එහෙම කරන්න ඕන කියලා මම කියන්නේ නැහැ.මගේ ගාවට තාත්තා සීයාගේ කාලේ ඉදන් එන කට්ටිය තවම එන නිසා මටනම් බ්ලොග් එකෙන් සෙනඟ අවශ්‍ය නෑ...මමත් මාරයා වගේ අළුතින් ජ්‍යොතිෂය කරන කෙනෙක් වුනා නම් අනිවාර්යෙන් මමත් බ්ලොග් එකෙන් ආදායමක් ලබා ගන්නවාමයි.ඒක කිසිම විදියකට ශාස්ත්‍රීය අගෞරවයක් වෙන්නේ නෑ.....අනිත් එක මම දැනට අය කරන්නේ අපේ තාත්තා දැනට අවු 10 කට 15 කට ඉස්සෙල්ලා අයකළ මිළ ගනන්.අනිත් අයත් ඒ වගේ ගත්තොත් ඒ අයට හාල් පරිප්පු ගන්නවත් ආදායම මදි වෙනවා.අනිත් එක ඒකෙන් තරමක් දුරට හෝ ශාස්ත්‍රය හෑල්ලු වීමක් වෙනවා.එය මා කරන වැරැද්දක්.....
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජ්‍යොතිෂය කියන්නේ හොද ආදායමක්(නියම විදියට කියනවනම් සල්ලි කන්දක්) ලබා ගත හැකි වෘත්තියක් එය ගෞරවයෙන් කිරීම ජ්‍යොතිෂවේදියා සතු වගකීමකි.

    මෙම කමෙන්ටුව පබ්ලිෂ් කරන මෙන් අභීතගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔන්න කලා.... දුරකථන ඇමතුමේ තිබූ සියළුම දේ කමෙන්ටුවෙත් තිබෙන නිසා මම මොකුත් එකතු කරන්නේ නෑ ඔන්න..

      Delete
  5. හොඳ වැඩක් අයියා... මමත් බැලුවේ මටත් යමක් කරන්න පුලුවන්ද කියලා..
    ඒත් මගේ studies එක්ක ඒක ටිකක් අමාරුයි.. පුළුවන් නම් මට පාර්ට් ටයිම් ජොබක් හොයලා දෙන්න.. අපි කවදා කැම්පස් ගනීවිද දන්නේ නෑ.. ඒකයි.. එතකන් දිගටම කරන්නත් ඊට පස්සේ weekend වැඩ කරන්නත් පුළුවන්නේ... පුළුවන් නම් ලොකු උදව්වක් මේ මට කියන්න මෙතන කොටන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණේ ඉවරයි නේද මල්ලි.. හෙට බලමු...

      Delete
  6. මේකත් හරියට අර "මනස" සගරාව විකුණනවා වගේ වැඩක්ද? :D

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ රජිත මාස දෙක තුනකින් බැලුම්ගලේ යයිද දන්නේ නෑ විස්තරේ.... ;)

      Delete
  7. මසකට ඔබ කරන ව්‍යාපාර වෙනුවෙන් කොමිස් මුදලක් හා වෙනත් ත්‍යාග ලබන්නට ඔබට පුළුවන්... එය පහත පරිදි සිදුවෙනවා...

    * මසකට රුපියල් දහසේ සිට මිලියන තුන දක්වා..

    මුළු වෙළඳ වටිනාකමින් 5%ක මුදලක් ඔබ සතු වෙනවා.. මගේ ව්‍යාපාර කටයුතු වල මෙම ඉලක්කය මහන්සි වෙන අලෙවිකරුවෙකුට ඉතා සුළු දෙයක්...

    ** මසකට රුපියල් මිලියන තුනේ සිට මිලියන පහ දක්වා...

    මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින දෙකක ඉන්දියානු සංචාරයක්..

    *** මසකට රුපියල් මිලියන පහට වැඩි නම්..

    මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින තුනක මැලේසියානු සංචාරයක්...//

    නිකම් බොරු කරලා අන්දන්න හදන්න එපා බං.ඉන්දික,ඔබා මාමා,දුකා අයියාට කලා වගේ අනිත් උන්ට කරන්න ටිකක් අමාරු වෙයි.

    ReplyDelete
  8. මමත් මේදවස් වල පොඩි බිස්නස් පාරක් කරමින් ඉන්නේ ඒත් ඒක බ්ලොග් එකේ දාන්නේ කෝමද කිලයි මම මේ ලතවෙන්නේ .. ඔන්න ඔහේ කියලා දාන්නත් හිතයි .. පොලීසියෙන් ඒවි කියලා බයයි .

    ReplyDelete
    Replies
    1. අනේ සඳරුවෝ... උඹට කියන කට හොඳයි ගලක උලා ගන්නවා.. මට කියන කටත් ගලේ උලාගන්න එක හොදයි කියලා මට කියන උන් කියනවා...

      Delete
    2. ගල් බෝතලේක කට උලාගම්මු ..

      Delete
    3. ඔය ඔක්කොම ඇතෑරල අන්න ඒක කොරමු බන්. ඉන්නවයින්නෙ මේ ඔක්කොම

      Delete
    4. Ada ati heta ati kiyala hamdakma "hisahasta" enwa uba wena post walata comment danwa. uba hodin enwada kiyalwat liyapan.
      Jayawewa.
      Sajith.

      Delete
  9. මේ අබීත. තමුංගෙ බිස්නස් ප්‍රමෝට් කරාට කමක් නෑ. අර අහිංසකයන්ට කතා හදන්නෙ නැතුව හිටහං. අර ජ්‍යෝතිශ්‍ය අයියට දුක හිතිලා.

    මට කාලය කළමනාකරණය සහ අනුන්ට වද නොදී සිටීම වගේ ට්‍රේනිං එකක් ගන්න පුළුවං වෙයිද?? :D

    ReplyDelete
    Replies
    1. කාලය කළමණාකරණය මන්දා? අනුන්ට වද නොදී සිටීම පුරුදු කලොත්නම් බිල ගෙවයි ලාංකීය ගෲප් එකේ ඉන්න එවුන්...

      Delete
  10. ඒ කියන්නේ මටත් මැසිමක් දෙකක් හදාගත්තහැකි බ්ලොග් එක හරහා

    ReplyDelete
    Replies
    1. අනිවා... ඇඩ් එකක් දාගෙන බැස්සනම් ඉවරයි ගේමට...

      Delete
  11. ඉස්සරහට බලමු මචන්.. මේ දවස් වල ජොබ් එකත් එක්ක හිර වෙලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ දෙන උදව් ටික ඕනවටත් වඩා ඇති මචන්...

      Delete
  12. අභීත අයියේ සම්පූර්ණ විස්තරයක් කොහොමද දැන ගන්නේ...?

    ReplyDelete
    Replies
    1. උඩ නම්බර් එකට කෝල් එකක් දෙන්න මල්ලි...

      Delete
  13. හලේ මන්දා........ බුද්ධ දේශනාවේ තියෙන මී කුණෙනුත් වැඩ කටයුතු සලසා ගැනීමේ ආදර්ශය අනුව බැලුවහම බ්ලොග් එකත් ආදයම් උපදවා ගැනීමට උදව් කර ගැනීමත් එක්කරා මාර්ගයක් තමයි. වැඩේ කියන්නේ මට නං වස කම්මැලියිනේ ඔය වැඩේට. ඇයි මන්දා. හ්ම්... බලමු ඉස්සරහටවත්

    ReplyDelete
    Replies
    1. මම ඒ කාලෙත් කිව්වනේ නඟේ.. අන්තිමේ බැරිම තැන මම දාලා දුන්නා... අර ලින්ක් එක එව්වානම් දකුණු පැත්තට එකතු කරන්න තිබුනා...

      Delete
  14. තමන්ගේ ව්‍යාපාරය සම්බන්දව තමන්ගේ බ්ලොග් එකේ ප්‍රමෝට් කරන එක හරිද වැරදිද කියන එක මම නම් දන්නේ නෑ. මොකද මම බ්ලොග් එකක් නොලියන නිසා,
    නමුත් ව්‍යාපාරිකයෙක් ලෙස මම නම් අදහන දෙයක් තමයි කෙතරම් දුරට තමන් තමන්ගේ ව්‍යාපාරය විවිද ක්‍රම උපයෝගී කරගෙන ජනතාව අතරට ගෙනියනවද එතරම් දුරට තමන්ට සාර්තකත්වයට යන්න පුළුවන් කියන එක. වපුරන තරමට තමයි අස්වැන්න කියනවනේ.

    අබියා උඹේ අලුත් බිස්නස් එකට සුබ පැතුම්. ජය වේවා.!

    ReplyDelete
  15. තමන්ගේ ව්‍යාපාරය සම්බන්දව තමන්ගේ බ්ලොග් එකේ ප්‍රමෝට් කරන එක හරිද වැරදිද කියන එක මම නම් දන්නේ නෑ. මොකද මම බ්ලොග් එකක් නොලියන නිසා,
    නමුත් ව්‍යාපාරිකයෙක් ලෙස මම නම් අදහන දෙයක් තමයි කෙතරම් දුරට තමන් තමන්ගේ ව්‍යාපාරය විවිද ක්‍රම උපයෝගී කරගෙන ජනතාව අතරට ගෙනියනවද එතරම් දුරට තමන්ට සාර්තකත්වයට යන්න පුළුවන් කියන එක. වපුරන තරමට තමයි අස්වැන්න කියනවනේ.

    අබියා උඹේ අලුත් බිස්නස් එකට සුබ පැතුම්. ජය වේවා.!

    ReplyDelete
  16. යම් සේවාවක් ගන්න අපි විස්තර දැන ගන්න ඕනා නේ,ඉතින් ඒක බ්ලොග් එකෙන්ද මොකෙන්ද කියන එක නෙමේ වැදගත් විස්තරෙයි වැදගත්.බලමු ඉස්සරහට මේ සේවාවන් අවශ්ය වෙන වෙලාවල් එන්නේ නැතුව නෙමේ නේ අපටත්,ජය වේවා අලුත් වැඩ කටයුතු වලට

    ReplyDelete
    Replies
    1. එළයැ.. උඹලා ඔහේ ඉඳන් දෙන සපෝට් එක අහස උසට තරම්ය ඩිලා..

      Delete
  17. මම දැක්කා... මේ දවස්වල මම ෆ්‍රී.. ඔයාගේ කණ්ඩායමට එක් නොවුනත් මට මේ වගේ දෙයක් සෙට් උනොත් වෙන විකල්ප නෑ අයියේ...

    ReplyDelete
  18. මමත් මූල්‍යමය කටයුත්තක් පටන් ගන්න ඉන්නේ. උපදේශන සේවාවක් වගේ එකක්. බ්ලොග් එක හරහා ප්‍රමෝෂන් කරනවද නැද්ද කියලා තවම තීරණය කරලා නෑ. කොහොමවුනත් ව්‍යාපාරයේ අළුත් පියවරට සුබපතනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔය සේවාව වැදගත් එවුන් වැඩි පුරම ඉන්නේ බ්ලොග් ලෝකේ.. ඒ නිසා අනිවා කල යුතු දෙයක් ප්‍රදීප්...

      Delete
  19. දැන් මෙව්වට අපි මොනවද කියන්න ඕනි...
    අද මොකද මූ තාම බැනුං අහලා නැත්තෙ ඇ...... :-D

    ReplyDelete
    Replies
    1. කිසි අඩුවක් නෑ පසා... ඔක්කොම ඇනෝ... මොඩරේට් කරලා නිසයි උඹලට පේන්නෙ නැත්තේ...

      Delete
  20. නයෙක්ද මන්දා.....:D
    තමන්ගේ බ්ලොග් එක හරහා ව්‍යාපාරයක් කරනවාද නැද්ද කියන එක මං හිතන්නේ බ්ලොග් හිමිකරුවාගේ කාර්යයක්.

    ReplyDelete
  21. We also arrenged training for our office staff on Expolanka International.It was Out Bound Training, and our office staff were very satisfied about it. Kitulgala is very suitable place for training like that.So I think it is good place for anyone who are waiting to take Out Bound tarinings.Abeetha and his staff gave very good service to us. He also add our photographs in his site also.

    ReplyDelete
  22. අඩා මම දැං මගෙ සීන් එකේ කන්සල්ටිං නවත්තල ඉන්නෙ. අලුත් ජොබ් එක නිසා.

    සුභ පැතුම් "දෙවනි ගමනට"

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...