බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, November 2, 2012
මේවා කුණුහරප කවිද? නැද්ද? 18ට අඩු ටියුබ් ලයිට් නොවෙන උන්ට තහනම්....
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම විදිහට ඇලුම් කලා.. තාමත් ටිකක් වල් පැත්තට බර වෙච්ච කවි කට පාඩමින් කියන්න පුළුවන්.. නමුත් මේ කවි කියන්න කලින් ස්වාධීන රූපවාහිනී සේවයේ ගිය වැඩසටහනක් ගැනත් කියන්න ඕන. ඒ තමයි සංහිඳ කියන වැඩසටහන.. අපූරු වැඩසටහනක්.. පරන ගායකයින්ගේ ගීත ප්‍රවීනයින් ලවා ගායනා කරවනවා.. හරිම මිහිරි ගීතයක්.. පහුගිය සතියේ ගියේ වොලී බැස්ටියන්ගේ ගීත. මේකෙදි ප්‍රවීන කණ්ඩායම් ගායකයෙක් වෙච්ච සුනිල් පෙරේරා "රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා" කියන ගීතය ගැන මෙහෙම කිව්වා... (සුනිල් පෙරේරාගේ සම්මුඛ සාකච්චාවක් ගැන මම මෙතනදි කිව්ව මතකනේ..)
" මිනිස්සු නිකන් මේක බයිලා කියලා ලේබල් එකක් අලවලා බල්ලට දාලා.. නටන්න විතරයි මේක අහන්නේ.. ඒත් මේ වගේ පද රචනය වෙනම බලපුහාම මේක හරිම සංවේදී ගීතයක්.."
ඇත්තටම ඒක හරිම අපූරු ගීතයක්.. මම මේ වගේම තවත් ගීතයක් වෙච්ච "සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ.." ගීතය ගැනත් කලින් ලිව්වා ඔයාලට මතක ඇති.. ඉතින් කවිත් එහෙමයි.. සංදේශ කවි වල ඉදන් ඇම්ඩන්ගේ කවි වෙනකන් රස විදින්න දේවල් ඕන තරම්.. ඒත් අපි අපේ පොරත්වය උඩ දාගන්න "මම නම් අහන්නේ මේවා විතරයි, කියවන්නේ මේවා විතරයි" කියල කියවගෙන අපටම රැවටීගෙන ඉන්නවා.. හරි ලියන්න ආවේ කවි ගැනනේ.. උපහාසාත්මක කවි කියපු ගමන්ම මතකෙට ආවේ අන්දරේ.. මතකනේ අන්දරේ රජ බිසවට කියපු කැත කවිය...
කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන...
ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන...
තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන..
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....
මල පැන්න රජ කුමරි ගිහින් දුන්නා මුට්ටිය රජතුමාට.. නිදහසට කරුනුය කියලා අන්දරේ කිව්වේ මෙහෙමයි...
රන් කලයේ දිය උකුලේ තබාගෙන...
රන් කුඹු දෙකක් රන් සළුවෙන් වසාගෙන...
රිදිත් රත්තරන් දෙවගේ තබාගෙන...
මල්මද බිසව් කොහි යනවද උදෑසන...
ඔය වගේම ගෙදර බිරිඳගෙනුත් සිද්ධියක් අන්දරේට වුනා.. අන්දරේ වටේම ඉන්න කෙල්ලන්ට කවි කියනවා අහලා නප්පියට තද වෙලා හිටපු අන්දරේගෙ බිරිඳ අන්දරේට කිව්ව..
මටත් කවියක් කියන්නකෝ අනේ..
හරි එහෙනම් මැනිකේ වතුර කලයක් පුරවගෙන එන්න..
දැන් පවුලත් ආවා වතුර කලෙත් ඉනේ තියාගෙන කැට් වෝක් එකකුත් දාගෙන.. අන්දරේ පවුලට මෙහෙම කිව්වා..
ඔන්න මැනිකේ මම කියනවා කවිය.. ඉවර වෙනකොටම ගහන්න කලේ පොලවේ ඇස්වහ යන්න...
හරි.. ඔයා කියන්නකෝ... මම ගහන්නම් කලේ පොලවේ...
හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා.....
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා....
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා..
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා....
දැන් ඉතින් මොන කල පොලවේ ගැහිලිද? තමන් ගැන මේ වර්ණනාව අහපු අන්දරේ බිරිඳ පැද්දි පැද්දි ඉන්නවා ඒ ගැන හිත හිතා.. දැන් කොහොමද ඇස් වහ යවන්නේ.. නහුතෙට නැගපු අන්දරේ හැරෙන තැපෑලෙන් දුන්නා මේ කවිය...
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා....
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා....
බඳ දෙස බැලිමි කොස් කද වැන්න ආරනා...
ලඳ නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා....
"දඩොස්" ගාලා කලයක් බිඳෙන සද්දයක් ආවා.. කලේ වැදුනේ බිමද? නැත්නම් අන්දරේගේ ඔළුවෙද කියන එක කිසිම පොතපතක සඳහන් වෙලා නෑ...
ඊලඟට එන්නේ ගජමන් නෝනා... පික්ශු හැදෙන කවි.. ගජමන් නෝනට කවි කියපු වුනුත් එකයි, ගජමන් නෝනාත් එකයි, කියලා හිතෙන්නේ මෙන්න මේවා කියවද්දි... මේ තියෙන්නේ පොරක් ලොකු ටෝක් දීලා ගජමන් නෝනාගෙන් ලාවට වගේ අහගත්ත හැටි...
පාලා සරඹ ජයකොඩි බඳිති සැම දිනේ...
සීලාචාර කම්සේ පාන අවගුනේ....
බාලා ගෑනුන්ගේ තව් කපන තොරපනේ...
ගාලා කොතන මුවහත් කොරමිද නෝනේ...
මේ තියෙන්නේ උත්තරේ...
පසන් නැණ ගුණැති මිතු සඳිනි සසොබනේ...
සපන් පිරිමින්ගේ ඔද බිඳින ජල බනේ...
වසන් කර තිබෙන මගේ පලිඟු ගල් වනේ...
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ...
මේකේ ගජමන් නෝනාගෙන අහලා තියෙන්නේ අර මගේ සඳ බ්ලොග් එක ලියන පසන් මල්ලිද කොහෙද? පිළිතුරු කවියේ උඩින්ම පසන් කියලා තියෙන්නේ ඔය...
කාන්තාවක් දැක්කම පිරිමින්ට දන්න වැඩත් අමතක වෙනවා.. හොදටම දන්න වැඩක් අමතක වෙලා ඒක කරන්නේ කොහොමද කියලා ගජමන් නෝනාගෙන් මනුස්සයෙක් ඇහුවේ මෙහෙමයි...
රුති රති ලඳ ලියෙනි අප අසන පැනෙකිය...
නැති විය බාල කාලේ සිට රති කෙලිය...
ඇති විය මෙමට දැන් සිල් රැකපු අවදිය...
රති සැප විඳින හැටි මට කියව ලඳලිය...
මේක කිව්වේ ඇලපාතම් උදලි කියලත් පොඩි විශ්වාසයක් තියෙනවා.. ඒ වැල් බයිලා මොකටද නේද? උත්තරේ ඉක්මනට දාන්නද? .. හරි හරි.. මෙන්න පිළිතුරු කවිය...
වහා තිබු සලුව උනමින් කර අහකා....
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා...
පහා නොව හඬන කොව්ලිඳු හඬ වලකා...
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා...
ඔන්න ඔහොමලු ඒ වැඩේ.... ඊලඟට අහපු කවිය මතක නෑ... මතක එකෙක් ඉන්නවනම් දාන්න පහලින් කමෙන්ට් එකක් විදිහට.. අහන ප්‍රශ්නේ නිකන්, නෝනට කැමතියි.. නිකන් ඉශ්ඨ කර ගන්න තේරෙන්නේ නෑ වගේ... කොහොමද වැට පනින්නේ වගේ තේරුමක්.. මෙන්න ගජමන් නෝනගේ උත්තරේ...
බොන්නෝ මෙගඟ දිය බොර කරලා බොද්ද?
යන්නෝ මෙමඟ රැය දහවල හිඟ වෙද්ද?
දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද?
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිද්ද...?
කොහොමද? පුලුවන්නම් කොරහන්.. බැරිනම් නිකන් හිටහන් වගේ... මේ වගේ කවි ලියන්න ගියොත් තව කොච්චර ලිපි ලිව්වැකිද? කොළඹ යුගයේ කවියෙක් සමන්මලීව දැකලා මෙහෙම කිව්වලුනේ...
සමන්මලිගේ පියයුරු දෙස නැවත හැරී....
තබන්නෙමි නැවත උවමක් කොහොම හරී..
සුලං පිරී පිපිරෙන්නට ලංව ඇතී....
ජපන් බැලුං යුවලක් ඊට නොවෙද සරී....
මේ කියන්න හඳන්නේ අන්තිම කවිය... මේක තිබ්බේ කැලෑ පත්තරේක කියලයි ආරංචි.. මම වැඩි විස්තර දන්නේ නෑ... නමුත් ගැමියාගේ කවි හැකියාව බලනවනම් මෙන්න කවි...
සිංහල නොකියවෙන ලිඳ ගාවා ගෙදර...
ඉංග්‍රිසි මහත්තයා කුමටද වී දබර....
අමනාපයට බී මැස්සන්ගේ වතුර.....
ඉකි බිද බිද හැඩුවා සුදු සූකිරි පතුර...
"සුදු සූකිරි පතුර.." මැවෙනවා නේද හිතේ.....
ප.ලි. මෙන්න තවත් සුපිරි බ්ලොග් එකක් ඇරඹුමක්.. මට ලියන්න වෙලාවක් නැති වුනාට කොල්ලා ලියනවා එළකිරි වගේ.. මෙතනින් යන්න...
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඉස්සෙල්ලම අබියට ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක ගැන කීවාට. අනේ අම්මපල්ලා.... මමත් ඉස්කෝලේ යන කාලේ ඉදංම ඔය ජාතියේ කවි වලට පුදුම කැමැත්තක් අප්පා තියෙන්නේ. කවි ගැන වෙනම බ්ලොගක් ලියමුද උඹයි මමයි එකතු වෙලා. මොකෝ කියන්නේ?
ReplyDeleteෂා.... නියම කවි ටික. මං නං හිතන්නේ කළාවේ රාගය කියන දේ තියෙනවා කියලයි. වැඩේ තියෙන්නේ එළිපිටම අමු අමුවේ කියනවද හංගලා කියනවද කියන එකේ. ජය..!
ReplyDeleteමරු කවි ටිකක් මතක් කොරලා තියෙන්නේ..
ReplyDeleteරාජසිංහ රජ්ජුරුවොත් (කොයි රාජසිංහද දන්නෙ නෑ) හොඳ කයි පද බඳින්නෙක්ලූ. වෙස් වලාගෙන යන රජ්ජුරුවෝ අඳුන ගත්ත ගෑල්ලමෙක් රජා දැකලා දුවන්න පටන් ගත්තම රජා මෙහෙම කිව්වලු
විකලා මරණ සිහ රජෙකුත් නොවේනම්
විදලා මරණ වැදි රජෙකුත් නොවේනම්
ඇනලා මරණ කුළුමීමෙක් නොවේනම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බයේනම්
රජා එන්නෙ මොකට කෙලින්නද් දන්න ගෑල්ලමය මෙහෙම කිව්වලු
රෑණ පිට රෑණ තුඩුරෑණ දීයන්
ඇදලා අගට දුන්නෙත් අහට ඊයන්
බලලුන් දුටුවාම බය නැද්ද මීයන්
දුටුවාම බය නැතිද රාසිංහ දෙයියන්
ගජමන් නෝනත් මරු නෝනා නේ...
ReplyDeleteඅනිවා අනිවා... මාර කට නේද? මාර සිතුවිලිනි පහල වෙලා තියෙන්නේ ...
Deleteඅර උඩින්ම තියෙන කවිය නම් පට්ට.
ReplyDeleteඅන්දරේගේ කවි සෙට් එක නම් අහලා තියෙනවා.
හික්z
ReplyDeleteනියමයි.... පෝස්ට් එක සම්පූර්ණයි.
ReplyDeleteකලෑපත්තර කියන්නෙ අවලාද - චෝදනා - මඩ ගැහිලි වුනත් ඒවගෙත් තියෙනවා රසයක්...
මේක නවකතාවක තිබුණ කැලෑපත්තර කවියක්
ශීලා ශීලා දීලා දීලා දොස්තරයට දෙක..........දීලා
වීලා වීලා බඩ වීලා ගබ්සාවට.............සැරසීලා
බීලා බීලා පෙති බීලා ඒත් වැඩේ.......නොකෙරීලා
රීලා රීලා චුත කරපන් වෙන කිසිවක් නැත...මෙකලා
පස්ටයි...
Deleteහික්ස්... කියවද්දී මතක් වුනේ මාතලන් අයියගේ සීගිරි කුරුටු ගී පෝස්ට් එක..
ReplyDeleteමේවා අපේ සාමාන්‍ය දැනීමට ගොඩක් වැදගත් අයියේ..:D
සුපිරියි මචන්
ReplyDeleteමේ කුණුහරුප කවි නම් මතක හිටිනවා එක පාරක් ඇහුව ගමන්, ඉස්සර සැලළිහිණි සංදෙශය මතක හිටින්නෙ නෑ, හැබැයි ඒ තාලෙට තිබ්බ වල් කවි සෙට් එකනම් නියමට මතක තිබ්බ
සිරා කවි ටික .... :D
ReplyDeleteබොහොම රසවත් කවි පෙළක්ම කියැවීමි... සංහිද වැඩසටහන කරන නිවේදක තුමා මගේ හිතවතා... සහෘද නරඹන්නෙක් විදියට ඔබේ අදහස් ඔහුට සැළ කරන්නම්... ජය !
ReplyDeleteකවියකින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද? ඔය කවි ටික සාහිත්‍යයට එකතු උනේ කවි රසය නිසා. ඒත් ඔය ටිකම වදනකින් කිව්වනම්.. අනිවා පිහියක් බඩට බැස්ස ගත්තහැකි.
ReplyDeleteඅර මුලින්ම තිබුණු කවිය තමයි සුමිත් අයියගේ පොස්ට් ඒකෙ මං මතක් කරලා දාන්නම් කියපු කවිය.
"bonno me ganga diya..." kaviya kiyala tiyenne "Pramila" bisawa, "daskon" ta. mama ahala tiyenne ehema.
ReplyDeleteඅපෝ මන් නම් කවි කියෙව්වට කාටවත් ඇහෙන්න කියන් නෑ.. (අහන් ඉන්න අය ගැන හිතලා) :)
ReplyDeleteසුපිරිම සංවාදයකට ගෙනෙන පෝස්ටුවක් මේක.කියන්න දේවල් බොහෝයි. ඒත් මං මේ කොටන්නෙත් බොහොම අවිවේකයෙන්. ආයි එන්නම්.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
අනේ අනිච්චං
ReplyDelete