Wednesday, May 22, 2013

ඔබේ තොල් සෙක්සි පාට නැත්නම් මෙන්න උපදෙස්...... කොල්ලන්ට ස්පෙශල්...



ධනුක ගේ චැට් ඩික්ශණරි එකෙන් "සෙක්සි" කියන එකේ තේරුම අහපුහාම කිව්වේ "ලිංගික ආකර්ෂණය ඇති" කියන එක තමයි ඒකේ තේරුම කියලා.. ඉතින් අපි කවුරුත් කැමතිනේ "ලිංගික ආකර්ශණය ඇති" පිරිමියෙක් හෝ කාන්තාවක් වෙන්න. ඉතින් ඔය සෙක්සි කියන එක ගත්තම නොයෙකුත් ගැජමැටික් තියෙනවනේ.. හමේ පාට ඉඳලා ගත්තොත් කොන්ඩේ, ඇගේ හැඩය සහ එකී මෙකී නොකී දේවල් කොච්චර තියෙනවද? මාතලන් පහුගිය දවසක කතා කලේ ටෑන් පාට කාමුකද කියන ටොපික් එකනේ... අද මම කථා කරන්නේ කොහොමද ඔබේ තොල් සෙක්සි පාට කරගන්නේ කියලා.. මටත් මේක ලැබුනේ අහම්බෙන් කෝච්චියේ කතා කර කර එද්දි ගෑණු ලමයෙක් එක්ක.... 

මේ දවස්වල මම නිතරම මීමුරේ යනවනේ.... අළුත් සංචාරක නිකේතනයේ වැඩ වලටයි ඒකෙ පටන් ගත්ත වගා කටයුතු ව්‍යාපෘතියයි මේ ටිකේ නිතරම ඉන්නෙ එහේ.. ඉතින් ගොඩාක් මම පාවිච්චි කරන්නේ කෝච්චිය... උදේ 7.30ට නුවරට තියෙන ඉන්ටසිටි එක තමයි මේකට මම යොදාගන්නේ.. පහුගිය දවසකත් මේකේ එද්දි වේයන්ගොඩ හරියෙදි බ්‍රේක් බයින්ඩ් වෙලා පැය 2ක් විතර ප්‍රමාද වුනා.. ඉස්සරහා අසුනේ හිටපු ගෑණු ළමයත් එක්ක මම ඉතින් කතාව පටන් ගත්තා.. සතියේ දවසක් නිසා මුළු දුම්රිය මැදිරියටම හිටියේ මගීන් 10ක් විතර... අපි දෙන්නා මූණෙන් මූණ බලාගන්න සීට් එකක.. දැන් ඉතින් කයිය..


කෝච්චිය ගොඩාක් පරක්කු වෙයි වගේ නේද?

ඒක තමයි.. මටනම් හොඳටම පරක්කු වෙනවා... 10 වෙද්දි මම නුවර ඉන්න ඕන...

එහෙම නම් මෙතනින් බැහැලා නිට්ටඹුවට ගිහින් බස් එකේ යන්න තියෙන්නේ...

මම දන්නේ නෑ අයියේ....

ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා..   මගේ විවාහක තත්ත්වය, ඇයගේ පෙම්වතාගේ සමුගැනීම, වෙන කොල්ලො පස්සෙන් ඇවිත් කරදරයක් වෙන හැටි ඔය ආදී ඉතා පෞද්ගලික මාතෘකා වලටත් ඇවිත් දැන් කතාව ගලාගෙන යනවා..  ඒ අතරේ කෝච්චිය බලන දුම්රිය ස්ථානයේ නතර කලා ඉදිරියෙන් එන දුම්රියකට ඉඩ දෙන්න... "දිවි නැගුම" ජැකට් එකක් දාගෙන හිටපු වෙළෙන්දෙක්ගෙන් එයා වතුර බෝතලයක් ගත්තා.... මම බුලත් විටක් ගත්තා...

අයියා බුලත් විට කනවද?

ඔව්..

දුංකොලත් කනවද?

ඔව්.. ඇයි ඔයා බුලත් විට වලට අකමැතිද?

අනේ නෑ. මම කැමතියි බුලත් විට කන අයට...

ඒක ටිකක් අසාමාන්‍යයි වගේ.. වෙන ගෑණු ළමයි කැමති නෑනේ බුලත් විට කණ අයට...

ඒ උනාට මම කැමතියි.. විට කන අයගේ තොල් මාරම "සෙක්සි" පාටයි.....

කියපුහාම විශ්වාස කරනවා ඕයි... මම ලැජ්ජාවෙන් ඇඹරුනා...... (මොකද අහන්ඩද "මගේ තොලුත් සෙක්සි පාටද නංගි" කියලා..)

24 comments:

  1. හෑ.... ඔහොම කතාවක් ඇහුවමයි

    ReplyDelete
  2. යකෝ මගේ භාවය පවා උද්දීපනය උනා මේ කෙල්ල කියපු එක ඇහුවම.

    ( ඉතින් ඊට පස්සේ මොකද උනේ.සුදුසු නම් පමණක් කියන්න )

    ReplyDelete
  3. මීමුරේ බුලත් හැදෙනවද සරුවටම ???

    ReplyDelete
  4. නන්ගිව අලුත් රෙස්ටුරන්ට් එක පෙන්නන්න අරන්ගියේ නැද්ද? ඔයා හරි දස්සයිනෙ නන්ගිලට රෙස්ට්ටුරන්ට් පෙන්නන්න....

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට තමයි කියන්නේ නිර්නාමික ලිංගික කුහකත්වය....

      Delete
    2. අනේ නෑ සුදූ ඔයා ගන්න ආතල් ඔයා ගන්න... අපිට මොන ත්‍රීසම්ද....

      Delete
    3. බලාගෙන ඔහොම ඉල්ලන් කාපු අයියලා ගොඩක් අද 33 වාට්ටුවෙ තමා ඉන්නෙ...

      Delete
  5. මචන් උඹ ලකෆෑන්ස් බ්ලොග් එක දැන් ලියන්නෙ නැත්තෙ වෙලා මදි නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ මචන්.. පෝස්ට් එකක් පරක්කු කලාට සමාවෙයන්..... හෙට අනිද්දම එකක් දාන්නම්....

      Delete
    2. තෑන්ක්ස් අභීත... අපි වේලි වේලි ඉන්නෙ... ෆන් එකක් ගන්නත් එක්ක දාමු මැක්සා පෝස්ට් එකක්...අද මීමුරේ ගියෙ නැද්ද?

      Delete
  6. ඒකනේ සෙක්ස් බයිබල් එකේ නින්දට පෙර බුලත් කන්න කියලා තියෙන්නේ.. ඔකේ වෙන ගුණත් තියෙනවා. දන්නෝ දනිති.. නොදන්නෝ හඬති වැලපෙති.. බෙහෙත් බොති..

    ReplyDelete
  7. වෙන කබ්බෙක්May 22, 2013 at 12:54 PM

    //ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා.. //
    ඒ කතාව ඔයාගේ බිස්නස්, ඔයාගෙ ගනුදෙනු පැත්තට ඇදී නොගිය එක හොඳට ගියා...
    ඒකෙන් ඒ කෙල්ල බේරුනා...

    නැත්තන් ඒකිටත් නයෙක් ඇරල ණයක් අරන් පොල්ල තියනවා ෂුවර්!

    ReplyDelete
  8. Hari shoak neda

    ReplyDelete
  9. හිටපියව් කනවා අද ඉඳලා බුලත්විට හිටු කියලා ............

    ReplyDelete
  10. අදහගන්න බැරි කතාවක්.. ඒත් ඇත්තම කියලා හිතනවා. ඉන් පස්සේ වූ දේවල් ටිකත් කිවුවනං කතාවේ රසය මැරෙනවා..

    ReplyDelete
  11. අඩේ මමත් කන්න ඕනේ ආපහු විටක් එහෙනම්. දැනට කන්නේ දානේ ගෙදරක ගියාවම විතරයි.

    ReplyDelete
  12. ඒකි නියම ගෑනු ළමයෙක් වෙන්න බැහැ.රෑ දෙමන්දිරේ ළමය වඩන් එන මෝහිනීගේ ගෙ අවතාරෙ මුණගැහිල්ල තියෙන්නෙ.
    නම අහන්ඩ තිබුනෙ ෂුවර් එකට ඇහැව්වනම් කියයි "මම රෝහිණි"කියල.

    ReplyDelete
  13. දැන් ඉතින් කට්ටියම බුලත් කන්න පටන් ගනියි ද දන්නේ නැහැ
    හික්ස්!

    ReplyDelete
  14. මඩ පුවක් එක්ක කෑවාම ෆුල්ම සෙක්සි කිව්වේ නැද්ද අභීත?

    ReplyDelete
  15. සෙක්සි කියන්නෙ "ආකර්ශණීය" තමයි, හැබැයි ලිංගිකම නෙවෙයි.

    ReplyDelete
  16. මල මගුලයි. :D :D :D

    ReplyDelete
  17. මාත් විට කනෝ :o

    ReplyDelete
  18. මචං මෙක ඇත්ත කතාවක්ද

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...