Wednesday, September 25, 2013

අභියෝග දිනීම, ජයග්‍රහණ හා ඇනොනිමස්ගෙන් දිරි ගැනීම..


ජීවිත අත්දැකීම් වලින් ජීවිතය දිනන්නට ලැබීම මම නම් හිතන්නේ සැබෑ වාසනාවක් කියලයි... මමත් බොහෝ දුරට ජීවිතය සාර්තක කරගත්තේ ජීවිත අත්දැකීම් වලින්.. එහි සැබෑ ඵලය විදීමේ සුවය හිතට ගෙන එන්නේ අපූරු හැඟීම් සමුදායක්.. මම මේ දිනවල ඒ වගේ අපූරු මිහිරි සුවදායක හැඟීම් හා සිතිවිලි එක්ක සිර වෙලා.. බාධාවන් ගොඩාක් එක්ක ඒ අභියෝග ජය ගැනීම මෙතරම් විනෝද ජනකයි, තෘප්ති ජනකයි කියලා මම කවදාවත් හිතිලා නෑ.. දැනිලත් නෑ.. ඇත්තටම ඒක හරි සුන්දර අත්දැකීමක්.. මේ ඒ කථාව...

කාලයක් තිස්සේ මගේ හිතේ ඇදිච්ච හීනයක් වෙච්ච Adventure Reality TV Show එක යථාර්ථයක් වෙන්න දැන් ඉතා ලඟයි... මේ වැඩසටහනේ Pilot Episode එක.. ඒ කියන්නේ පූර්ව රූගත කිරීම.. මේකෙදි මම විසින් කලයුතු වැඩ සටහන් රාශියක් තිබුනා.. පූර්ව රූගත කිරීම් සඳහා පිරිස සොයා ගැනීම.., ඔවුන්ට ප්‍රවාහන, නවාතැන්, කෑම බීම සැපයීම, වීඩියෝ කණ්ඩායම සම්භන්ධීකරණය කිරීම, මගේ හිතේ ඇඳුනු වැඩසටහනම ඔවුන්ගෙන් එළියට ගන්න ක්‍රියා කිරීම වගේම මේ වැඩසටහන සඳහා ආයෝජනය කිරීමත් මගේ කාර්‍යභාරයක් වුනා... ඉතින් මේ සියළු දේම සති දෙකකට කලින් නිසි විදිහට සැලසුම් වුනා.. මමත් හිතේ ප්‍රීතියෙන් යුක්තව වැඩේට ලැහැස්ති වුනා.. දැන් තමයි කණ කොකා හඩන්න පටන් ගත්තේ... මෙන්න ඒ සිද්ධිය..

අංක එකටම වුනේ ලංකාවේ බැංකුවක් විසින් මට දෙන්න තිබ්බ ණය මුදල එක අත්සනක් නොමැති කම නිසා නිසි දවසට ගන්න නොලැබීම.. එතනින්ම හිතේ සැනසුම නැත්තට නැති වෙලා.. ඊලඟට වුනේ සහභාගිත්වයට එන්න හිටපු මගේ සඟයන්ට නොවැලැක්විය හැකි දින තුනක වැඩ මුළුවක් ඒ දිනවලටම සෙට් වෙච්ච එක.. දැන් වැඩෙන් 75% ක්ම ඉවරයි.. අන්තිමට වුනේ එන්න හිටපු වීඩියෝ කණ්ඩායමට අත්‍යාවශ්‍ය කර්තව්‍යයක් නිසා ඒ දිනවලට කොළඹ රැදෙන්න සිදුවීම... වැඩේ ඉවරෙටම ඉවරයි... නමුත් මේ සඳහා මම සියළුම දේවල් සූදානම් කරලා තිබ්බ නිසා මගේ හිතේ කිසිම අදහසක් ඇති වුනේ නෑ මේ කාර්‍යය කල් දමන්න.. හිතේ තිබ්බේ මොන දහං ගැටේ දාල හරි මේක කරනව කියන එක විතරයි.. අභියෝග ගොඩක්.. එකක් නම් මොනවහරි කරගත්තැකි.. මෙන්න ඒවා විසදුන හැටි..

අංක එකට ප්‍රශ්ණේ උනේ සල්ලි.. ලක්ශ දෙකක් විතර වැයවෙන වැඩසටහනක් නිසා මේක තමයි ලොකුම ප්‍රශ්ණේ.. හැමෝටම කථා කරලා සති දෙකකට ක්‍රෙඩිට් එකක් ගත්තා.. අතේ තිබ්බ සල්ලි වලින් මූලික දේවල් කර ගන්න හිතා ගත්තා.. සල්ලි ප්‍රශ්ණේ හිතුවට වඩා ලේසියෙන් විසදගත්තා...

ඊලඟ ප්‍රශ්ණේ කට්ටිය.. බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දැම්මා.. ඒක තමයි ටර්නින් පොයින්ට් එක.. ඒකට ඇනෝලා දාපු කමෙන්ට් වලින් මම හිතුවා දැන්නම් ආපහු හැරෙන්නේ නෑ.. මේ වැඩේ ඉවර කරනවමයි කියලා.. ඇනෝලාට අවංකවම ස්තූතියි මාව ගොඩ දැම්මට.. මැලවිලා තිබ්බ මගේ හිතට ජීවය පිම්බේ උඹලා.. ඒකට නම් පට්ට ස්තූතියි.. බ්ලොග් පෝස්ට් එක හරහා එක දවසෙම ටීම් එකක් සෙට් වුනත් මම හිතුවා බ්ලොග් එකෙන් ටීම් හොයන්නේ නෑ.. වෙන අතක් බලාගන්නවා කියලා.. ඇනෝලා නිසා මට මාර කික් එකක් ඇවිත් තිබ්බේ මේ වැඩේ ගොඩ දාන්න.. මේ ගැන කල්පනා කරද්දි එක පාරටම හිතට ආවේ අපේ බ්ලොග් ෆෙස්ටිවල් එකටත් ලොකු උදව්වක් කරපු කෙනෙක්ව.. එක කෝල් එකකින් ඒ වැඩේත් ගොඩ... දැන් දැන් හිතට සතුටු හිතෙනවා.. ඒ අතරේ ඇනෝලාට පින් දෙනවා හිත ධෛර්යමත් කරලා දුන්නට..

ඊලඟ ප්‍රශ්ණේ වීඩියෝ ටීම් එක.. වීඩියො කියපු ගමන් බ්ලොග් ලියන කියවන අයට ඔලුවට එන්නේ අනන්තය ලියන අනුරාධ මල්ලිනේ.. මගේ ඔළුවට ආවෙත් එයා.. ඒ එක්කම කෝල් කලා.. සංවාදය පහත විදිහට අවසන් උනා..

පණුවා.. පොඩි හදිස්සියක්, ලොකු උදව්වක්..

කියන්න අභීත අයියා..

මගේ මෙහෙම වැඩක් තියෙනවා දවස් තුනක් තියෙනවා.. අඩු වියදමින් කරගන්න ඕන.. කැමරා දෙකක්වත් ඕන වෙයි.. උඹට පුලුවන්නන්ම් වැඩේ ඩිරෙක්ට් කරලා කරගෙන පලයන්.. මට ඔය සම්භන්ධ අයිඩියා එකක් නෑ.. බ්ලා.. බ්ලා...

අයියේ, කැමරා රෙන්ට් කරන්න ගියොත් නම් ලොකු වියදමක් යනවා.. ඔයා පුළුවන්නම් HD High Quality Vedio තියෙන DSLR කැමරා කීපයක් හොයා ගන්න.. අපි ඒවගෙන් වැඩේ කරමු.. මම එන්නම් වැඩේට..

උඹට ශුවර්ද වැඩේ..? මම එහෙම ඇහුවේ මට නිකන් කිචි කිචි වගේ තිබ්බ නිසා...

යකෝ දැන් ටෙලිත් ගහන්නේ ඒවගෙන්.. උඹ බඩු ටික හොයාගනින්.. මම වැඩේ කරලා දෙන්නම්..

එළ...

ඊලඟට කතා කලේ මූණු පොතේ හොම්බ දිග කැමරා වලින් වැඩ දාන උන් ටිකට.. කැමරා crew එක වෙනුවෙන් ගිය මේල් ත්‍රෙඩ් එකේ අපි සතුවන කැමරා පිළිබඳව සටහන් වුනේ මෙහෙමයි...

කැමරා අංක 1


මගෙ කමරාව Canon 60D 1k
lens 18-200mm
50mm  1.8/f
tripod 1k tino

කැමරා අංක 2

i have a gorpo so im nt sure if it conts as a normal camera. basically if you want to mount the camera or take underwater shots it will help.

කැමරා අංක 3

Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
tripod එකයි.
Canon Legria FS20 කැමරාවයි.

Dell Insprion i5  6GB x64 OS Laptop එකයි
clip on mike එකයි.

කැමරා අංක 4


01. Naked Eye,
02. තාරක අයියාගේ එක් කැමරාවක් පාවිච්චි කිරීමේ හැකියාව
03. Nikon P510 Camera Can be use as HD Video Recording

කැමරා අංක 5

Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
Asus F 80q ලැප්ටොප් එකයි..

මේ ටික අනුරාධට දුන්නම ඌ කිව්වේ මේ ටික ඕනවටත් වැඩියි කියලා.. මේ ටිකට අමතරව පනුවා ක්ලිප් ඕන් මයික් එකකුයි වොයිස් රෙකෝර්ඩර් එකකුයි ගෙනත් තිබ්බා.. 

දැන් ඉතින් වැඩේ කරන්න විතරයි ඕන.. අන්තිමට මේ වැඩේ මම හිතුවටත් වඩා හොඳට ඉවර වුනේ ලංකාවේ රූගත ගත කෙරුන සුපිරිම Adventure Video Program එකක සියළු හිමිකම් මා වෙත හිමිවෙමින්... 

ඊලඟට ස්තූතිය.. සහභාගී වන්නන් සම්භන්ධීකරණය කරන්න මට ඉතා විශාල සහයෝගයක් එක් දුරකථන ඇමතුමකින් පමණක් ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකරී අධ්‍යක්ශ මිලින්ද රාජපක්ශ මැතිතුමාට, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සචින්ත අබේසූරිය මැතිතුමාට හා වැඩ සටහන සාර්ථක කරදීමට ඒ සඳහා සහභාගී වූ විමුක්ති රත්නායක, තිලිණි ආශා, සමීරා කමිල්ඩීන්, අමිල ප්‍රදීප්, ඉනෝකා ප්‍රියදර්ශනී, නයෝමි වැරැල්ලගම, තිළිණි ලක්මාලි, භවන්තිනී තඹවිට, රංදුල ගුණතිලක, දුශ්‍යන්ත රත්නායක, ඉන්දික රත්නායක, කෝසල ප්‍රේමරත්න, ගයාන් විජේසිංහ යන නංගිලා මල්ලිලාට

ඉතා අනර්ඝ ආකාරයේ වීඩියො පටයක් ලබා දීමට කටයුතු කරන ලද මාගේ වීඩියෝ කෲ එක අධ්‍යක්ශණය කල අනුරාධ නානායක්කර මල්ලිට, ඒ වගේම කැමරා අටවගෙන ගිනිඅව්වේ දහ දුක් විදිමින් කැමරා හැසිරවූ ඔශාන් රූබසිංහ මල්ලිට, බනිගෙ සිතුවිලි ලියන අනුශ්ක ලක්මාල් මල්ලිට, ගයාන් තාරක මල්ලිට, යසන්ත හෙන්නායක මල්ලිට වගෙම මෙම කටයුත්ත සම්භන්ධීකරණය කරමින් මගේ කටයුතු වලින් 50%ක කටයුතු වෙනුවෙන් උරදුන් තිසර මධුවන්ත (සිහින) මල්ලිට මේ වෙලාවේ මගේ විශේ ස්තූතිය පුද කරන්න මම මේ වෙලාවේ පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ..

ඒ වගෙම මට සහය වූ ගිහාන් කටුපිටිය මල්ලිට වගේම තීක්ශණ ගුණරත්න මල්ලිටත් මීමුරේ සුදු මල්ලි, තිලකේ මල්ලි හා අප්පෝ අයියටත් මගේ විශේෂ ස්තූතිය පුද කල යුතුමයි...

ඒ වගේම උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කිත්සිරි විජේකෝන් මැතිතුමා ප්‍රමුඛ මී මුරේ ගම්වාසීන් මට දැක්වූ සහයෝගයට ඔවුන්ටද මගේ හදවතින් නැගෙන ස්තූතිය ප්‍රකාශ කල යුතුමයි..

එහෙනම් මෙන්න.. අර කලින් පෝස්ට් එකේ ඇනෝලා දාලා තිබ්බනේ මී මුරේ මිනිස්සුන්ට ගැන්බැන් එහෙමත් බලන්න පුළුවන් කියලා... මේ තියෙන්නේ එහෙම වීඩියෝ එකක්...


මෙන්න අපේ ඉදිරි දින කිහිපය ගැන යසන්ත මල්ලිගේ වචනයෙන්...  






26 comments:

  1. බලාපල්ලා හම්බවෙන ළමයින්ට අභීතගෙ මූන හිටින්නෙ නැද්ද කියලා..... ඔය වීඩියෝ එකට නම දාපන් හොරු සමග හෙලුවෙන් කියලා....

    ReplyDelete
  2. බල්ලෝ බත් කති.

    ReplyDelete
  3. අනිත් එවුන් කඩේ යවලා උඹ ගාන ගරා ගත්තා නේද.... කොහොම උනත් අත්සන් කරන්න හිටපු එකා මොළේ ඇති එකෙක්.....

    ණය ගන්න හදපු බැංකුව මොකක්ද කිව්වනම්.... අපි ඒ පැත්තෙනුත් සප් එකක් දෙනවා.....

    පල් හොරා....

    ReplyDelete
  4. කරුමෙ කියන්නෙ බන් උඹට එක සුදු කෑල්ලක් සෙට් වෙන්නෙ නෑනෙ....

    ReplyDelete
  5. එකනම් ඉන්ටරස්ටින් වැඩක් වෙයි ....

    ReplyDelete
  6. මෙලෝ රහක් නැහැ බං මේ ටිකනං. හැබැයි ඉතිං ඇලක් දැකලා නැති.ආසාවට වැවකට බැහැලා නැති,මුහුදු වෙරළකටවත් ගිහින් නැති ගෙවල් වල හැදුන බබාලටනං මේක මාර ඇඩ්වෙන්චර් වෙන්න ඇති. ඔය යසන්තයත් ඉන්නේ. ඒකම ඇති හොදම උදාහරනෙට.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බන්.... මඩ වලක් දැක්කාම ජංගිය තෙමාගන්න බුවාලට මේවා ආතල්..... අභීතට ඉතින් සල්ලි කිව්වොත් බලු පුකක් උනත් කනවනෙ......

      Delete
    2. "මෙලෝ රහක් නැහැ බං මේ ටිකනං. හැබැයි ඉතිං ඇලක් දැකලා නැති.ආසාවට වැවකට බැහැලා නැති,මුහුදු වෙරළකටවත් ගිහින් නැති ගෙවල් වල හැදුන බබාලටනං මේක මාර ඇඩ්වෙන්චර් වෙන්න ඇති."

      මේක නම් සිරාම කතාව බං.

      Delete
  7. කියන්නට දෙයක් නැත... ලස්සන ඇතැයි මම සිතමි

    ReplyDelete
  8. අඩේ පනුවගෙන් අහපන් කෝ ක්ලිපොන් මයික් එකක් ගත්තේ කොහෙන්ද කියලා

    ReplyDelete
  9. අභීත මේ ටුවර් එකෙන් ගත්තේ මුදල් වාසියක් ද ? ලිංගික වාසියක් ද ?
    වාසියක් ගත්තේ නෑ කියන්ඩ එපා. මොකද උබ වාසියක් නැත්නම් කට අරින ජාතියේ එකෙක් නෙමෙ !!!

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට එළි වෙයි ඔය වීඩියෝ ටික එලියට දැම්මාම.....

      Delete
  10. එළ කිරි වැඩක් ලගදිම හොද වැඩසටහනක් බලා ගන්න පුලුවන් වෙයි එහෙනම්

    ReplyDelete
  11. එළ කිරි වැඩක් ලගදිම හොද වැඩසටහනක් බලා ගන්න පුලුවන් වෙයි එහෙනම්

    ReplyDelete
  12. දන්නෝ දනිති මේවා .....

    ReplyDelete
  13. දැන් මේ බ්ලොග් එකේ නම් වෙනස් කරන්න කාලෙ හරි....

    " ටිකක් හුX ගන්න ඇවිත් යන්න "

    ReplyDelete
  14. සිංහල බ්ලොග් අවකාශයේ නැවුම් ලිංගිකමය ක්‍රියාන්විතය කවදත් ජල්තර වැඩට කුප්‍රකට අභියාගෙන් .....විහිලු නෙමේ බන් ඔය ආපු කෙල්ලෝ තුන් හතර දෙනා ගෙවල් වලින් පැනල ආපු උන්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ කෙල්ලො ආයෙ කවදා හොද තැනකින් කසාදයක් කර ගන්නද.... මුගේ ගුබ්බෑයමට රින්ගුවා කියන්නෙ ආයෙ සොරි තමා.....

      උඹට ලැජ්ජ නැද්ද බන් ගෙදර ගෑනි තියන් වටේ යන්න.....

      යකෝ පොලු තියනව මදිවට උඹ අවලං වැඩත් කරනවා කියලා දන්නෙ නෑනෙ....

      Delete
  15. අතින් වියදම් කරගෙන මේ වගේ හාල් වැඩ කරන්න කාටද බැරි මචෝ...

    ReplyDelete
  16. කවුද ඇත්තට උබට loan දෙන බැංකුව??? යකෝ මාත් boys ගිය කොල්ලෙක් .ස්කෝලෙ නම කන්න එපා යකෝ.

    ReplyDelete
  17. රෙකෝඩ් කරපු වැල ටික දාන්නෙ නැද්ද......

    මචන් අර බැංකුව මොකක්ද කියපන් බන්..... උඹට ණය ටික ඉක්මනට අරන් දෙන්නන්........

    උඹ ආස නැද්ද සුදු කෑල්ලක් මීමුරේ එක්ක යන්න......

    ReplyDelete
  18. ශා.. මරුනෙ

    මොනව උනත් අභීතව ප්‍රොමොට් කරන්න අනොලා ටික දෙන්නෙ මාර සප් එකක් නේද?

    (ඊලග ෆමිලි ට්‍රිප් එක අපි මීමුරෙ එන්නම්)

    ReplyDelete
    Replies
    1. හා ඒක හොදයි.... අතේ ලක්ෂ දෙකක් විතර තියනවානම් ඒකත් අරන් යන්න අභීත ගාව පරිස්සමට තියන්න පුලුවන්......

      කොච්චර පරිස්සම්ද කියනවනම් දීපු එකා ආයෙ ඉල්ලුවත් දෙන්නෙ නෑ....

      ගෑනිව උනත් පරිස්සමට තියලා යන්න පුලුවන් වෙයි......

      Delete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...