Tuesday, February 4, 2014

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.....


අද දවස පෙබරවාරි හතර වෙනිදා... අපේ ශ්‍රී ලංකාවේ 66වෙනි නිදහස සමරන දවස... මේ ගීතය ගැන ප්‍රදීප් මල්ලිගේ මූණු පොතේ දාලා තිබ්බ සටහනක් නිසා මීට අවුරුදු 18කට කලින් මතකය අවදි වෙච්ච  නිසා මට මේ ගැන ලියන්න හිතුනා.. ඒ කාලේ ඉදන්ම මගේ බ්ලොග් එක කියවපු අයට මතක ඇති දේශපාලනික සටහන් වගේම සින්දු ගැන මම දන්න දේත් කිහිපයක් ලියලා තියෙනවා.. එක කාලයක් මමයි වැම්පායි දෙන්නා රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැන ලිපි පෙලවල් දෙකකුත් කරගෙන ගියා... එහෙම ජෝඩු දාලා බ්ලොග් ලිව්ව එකම සටහන් පෙල ඒක කියලා තමයි මට මතක.. ඒත් අද කියන්න යන්නේ දේශපාලන සටහනක්වත් හිනායන කතාවක්වත් ගීතය ගැන කතාවක්වත් නෙවෙයි.. ඔන්න කතාව...

සමහර ගීත තියෙනවා ජීවිතය වෙනස් කරන.. මගෙත් තියෙනවා එහෙම සින්දු තුනක්... ඒකෙ පළවෙනි අත් දැකීම තමයි මේ.. මම බාලදක්ෂ කථාත් කිහිපයක් ලියලා තියෙන නිසා හැමෝම දන්නවනේ මම බාලදක්ෂයෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා කියලා.. මේත් ඒ හා සම්භන්ධ කතාවක්...

පුංචි කාලේ ඉඳන්ම බාලදක්ෂ ජීවිතයට යොමු වෙන ඕනෑම කෙනෙක්ගේ සිහිනය තමයි ජනාධිපති බාලදක්ෂ පදක්කම.. පාසැල් ශිෂයයෙකුට ලංකාවේ ජනාධිපති අතින් අත්සන් කරපු සහතික ගන්න පුලුවන් දෙකයි.. එකක් ජනාධිපති c පදක්කම.. අනෙක හර්මන්ලූස් සහතිකය.. ඔය දෙකම ගත්ත අතිශය දුර්ලබ සිසුවෝත් මේ ලංකාවේ කිහිප දෙනෙක් හරියටම කිව්වොත් අතලොස්සක් ඉන්නවා.. මම ජනාධිපති බාලදක්ෂ පදක්කම ගැන කතා කරන්නම්.. මට ඒක විතරක් තියෙන නිසා..

මේක ගන්න පුංචි කාලේ ඉඳලා මාර කට්ටක් කන්න ඕන.. පුංචි වයසේ ඉන්න කෙනෙකුට ඔරොත්තු නොදෙන තරමේ කැපවීම් කරන්න ඕන.. ප්‍රජා සේවා කරලා, සැතපුම් ගනන් පයින් ගිහින් විවිධ ව්‍යාපෘති මෙහෙයවලා, කඳවුරු බිම් වල දින ගනන් නිදි මරාගෙන කට්ට කලා, වැඩ සතිය කියන සංකල්පෙත් එක්ක විවිද තැන් වල අනේක වද වේදනා විඳින එක වගේ මෙකී නොකී විවිධ වද වේදන සහ අති සුන්දර මතකයන්ගේ අග්‍ර ඵලය තමයි මේ ජනාධිපති පදක්කම.. මේක ගත්ත මිනිහෙකුගේ ජීවිතයේ ඉදිරියට එන විවිද සැප දුක් වේදනා කම්කටොලු එයාට ලොකු දේවල් නෙමෙයි.. 

බාලදක්ෂයෙක් සතුව ලොග් පොතක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ... ඒක පලවෙනි පිටුව ලෝක බාලදක්ෂ ලාංඡනේටයි, දෙවෙනි පිටුව ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයටයි, ඊලඟ පිටු තව ලාංඡන කිහිපයකට්යි තමන්ගේ පුද්ගලික තොරතුරු වලටයි වෙන් වෙනවා... ඊට පස්සේ තමයි තම්න්ගේ න්‍යායත්මක සටහන් සහ ප්‍රායෝගික සටහන් වලට වෙන් වෙන්නෙ.. මගේ ලොග් පොතේ මේ පුද්ගලික තොරතුරු වලටයි තමන්ගේ සටහන් වලටයි අතර පිටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයක් අලවලා මෙන්න මේ ටික ලියලා තිබ්බා....

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය

කැබලි වලට නොබෙදී


ඥානය නිවහල් වී


බියෙන් තොරව හිස කෙලින් තබාගෙන


හිඳිනට හැකි කොහිදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ


ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා


නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා


සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා


ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සංකල්පය - රබීන්ද්‍රනාත් තාගෝර්


පද - මහගමසේකර


සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව


ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ



ඉතින් මේවා ඔයාලට මොකටද නේද? මම ඉතින් නිකන් ලිව්වේ... ඉතින් ඔය බාලදක්ෂ ජීවිතේ අග්‍ර ඵලය වෙච්ච ජනාධිපති පදක්කමේ සම්මුඛ පරීක්ෂණයට මම සහභාගී වුනා.. පරීක්ෂණ මණ්ඩලය මාත් එක්ක වචනයක්වත් කථා නොකර මගේ ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. ඒ පිටුව තුන් දෙනාගේ අතින් අත ගියා.. පොත වහලා මට දීලා 

"හරි... ඊලඟ එක්කෙනා එන්න"

කියලා කිව්වා.. මාත් එක්ක වචනයක්වත් කථා කලේ නෑ.. මම හිතුවා කෙළවුනා තමයි කියලා... ඒත් මගේ 17 වෙනි උපන් දිනය දවසේ මට ලැබිච්ච අපූරු උපන් දින තෑග්ග වුනේ මම ජනාධිපති බාලදක්ෂයෙක් කියලා ලිපියක් අපේ ගෙදරට ආපු එකයි...

මේ සින්දුව ඇහෙද්දි දකිද්දි මට නිතරම මතක් වෙන්නේ ඔය සිදුවීම... 


ප.ලි. අවුරුදු හතරකට ආසන්න බ්ලොග් කලාවේ 250 වෙනි පෝස්ටුව මේ වගේ රසබර මතකයකින් සටහන් කරන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.. ස්තූතියි ප්‍රදීප් මල්ලි...

9 comments:

  1. පියාණනී කිව්වේ උඹළයි පියාටද නැත්නම්, වෙන කාගේ හරි පියෙකුටද.. දේශය අවදි කිරීම කෙසේ වෙතත්.. සිහි නැති වෙන්නේ බෙහෙත් විදපු ගමන්, තාම කෝමා එකක ඉන්නේ..

    ReplyDelete
  2. දුකත් හිතෙනවා නමුත් මේක නොලියා බෑ.

    ඔච්චර වටින ඔය සින්දුවේ පදමාලාවේ අදහස මහගම සේකර තාගෝර්ගෙන් ගත්තා විතරක් නොවෙයි, අමරදේවත් තනුව කොප්පේ ගහලායි හදලා තියෙන්නේ.
    http://kathandara.blogspot.com/2013/01/maestro-amaradeva-copies-hindi-movie.html


    ReplyDelete
  3. 250ට සුභ පැතුම් අභීත අයියේ..

    ReplyDelete
  4. //ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. //

    උඹ ඒකාලෙ ඉඳලම මිනිස්සුන්ට පොත පෙරලලා වංචා කරන්න දක්ෂයි වගේ...... උඹට ඒ පදක්කම් දීපු එවුන් අද මැරිලා හිටියත් උඹ දැන් කරන ජරා වැඩ දැක්කොත් වලේ අනිත් පැත්තට පෙරලෙයි....

    ReplyDelete
  5. 250 ට සුභ පැතුම්...

    ReplyDelete
  6. සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
  7. 250 පෝස්ට් එකට කමෙන්ට් 6යි! අපරාදෙ බං සල්ලි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා... මූ අදින්න පුබ්බකගෙන් හරි සල්ලි කඩාගන්න පුළුවන් ඩයල් එකක්.... ඔය උඩ ඉන්න ඕන එකෙක් මෝරා කරගනියි...

      Delete
  8. "හරි... ඊලඟ එක්කෙනා එන්න" like to share this on https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...