බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, April 16, 2012
සයිබරයේ සිහින බක් මහ උළෙල ඇත්තටම පිට කසා ගැනීමක්ද?
පසුගිය ජනවාරි මාසයේ අවසානයේ මම ලියපු බ්ලොග් ලිපියක මම කිව්වා ටිකක් මතවාදී කරුණක් මාසෙකට සැරයක්වත් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.. අද දවසේ "සයිබරයේ සිහින උළෙල" ගැන වෙනත් බ්ලොග් එකක තිබ්බ ලිපියක් දැකලා තමයි මට මෙහෙම ලිපියක් ලිවිය යුතුයි කියලා කල්පනාවට ආවේ... සමහර විට මගේ අදහස වැරදි ඇති... ඔබේ අදහසට කමෙන්ට් තීරුවේ ඉඩ හැමදාමත් වගේම අදත් තියෙනවා.. ඔබේ පෙලපත කෙලෙසා නොගෙන කමෙන්ට් කිරීම ඔබ සතු වගකීමක්...
අදාල ලේඛකයා කියු කරනු කරුණා වලට අමතරව එහි කමෙන්ට් කරපු ඇනොනිමසයන් කියා තිබෙන ආකාරයට සයිබරයේ සිහිණ උළෙළ එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කරුවන්ගේ සුහද හමුවීම් එකිනෙකාගේ පිට කසා ගැනීම් වගේම තමන්ගේ බ්ලොග් වල හිට්ස් වැඩි කරන කරුනක්.. එය ආරම්භ කරලා තියෙන්නේ ලසියලාගේ රචියලාගේ කල්ලිය විසින්.. ඊලඟට මම ඇතුළු පිරිසක්... අවසන් පුරුක ලෙස පොඩි මෑන් ඇතුළු පිරිසක්.. ඉතින් මේක ඇත්තද? ඒ වගේමයි දැන් බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි ඇත්තේ නැද්ද?
පළමු ප්‍රශ්ණය මගේ ඇහින් බලද්දි මට ඇත්තටම හිතෙනවා ඔවුන් යම් තරමකට හරි කියලා... නමුත් අපි සයිබර් සිහින සැනකෙලිය සංවිධානය කලේ දෑසින් නොදැකපු බොහෝ මිතුරන් පිරිසක් එකට එකතු කර ඔවුන්ගේ මිතුදම් තවත් ශක්තිමත් කිරීමටයි.. එහිදී අපි පොරක් උනා කියලා මටනම් තාමත් සිතෙන්නේ නෑ... ඒ වගේම මගේ බ්ලොග් එකට හිට් වැඩි උනා කියලත් මම හිතන්නේ නෑ... උදාහරනයක් ලෙස ආරම්භ කරපු දවසේ ඉඳන් හෙමින් හෙමින් වැඩි වුන හිට්ස් අහස උසට යන්න ගත්තේ ඔබ අපි හැමෝම කියවපු, සමහරු හොඳයි කියපු, සමහරු පලු යන්න බැනපු "ගෑනු පත්තිනි අම්මලා" කියන පෝස්ට් එකෙන්... අනිත් කාරණාව නම් මගේ බ්ලොග් එකට තාමත් ඔය කියන තරම් හිට් මහ ගොඩාක් නැති වීමයි... ඒ නිසා මම ඉතා තරයේ විශ්වාස කරනවා මේ සුහද හමු සංවිධානය කිරීම හා තමන් ජනප්‍රිය වීම අතර මේ කියන තරම් විශාල සම්භන්ධයක් නැති බව.. අනෙක් කාරණය ලෙස හුවා දක්වා තිබෙන කල්ලි ගැසීමත් එලෙසමයි... කල්ලිය තම තම මිතුරන්ගේ පිට කසනවා ඇති.. ඒත් හිට්ස් වැඩි කරගෙන තමන් ජනප්‍රිය එකෙකු බවට පත් කරන්න පුළුවන් යැයි කියන කල්ලියක් අඩු තරමේ කීදෙනෙක් සිටිය යුතු වෙනවාද? මෙයටත් උදාහරණයක් ගන්න පුළුවන්.. අපි කීප දෙනෙක් සෙට් වෙලා ඉන්නව.. අපි හිතමු ගාලු ගෙට්ටුව කියලා... ඒකට 60ක් පමණ සහභාගී වුනා... ඉතින් මේ 60 දෙනාට පුළුවන්ද බ්ලොග් එකක හිට්ස් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කරන්න... මම හිතන්නේ නෑ..
ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කාරණයෙන් ඇත්ත 30%ක් වගේ ප්‍රමාණයක් විතර තමයි ඇත්ත කියලා...
දෙවෙනි කාරණය තමයි දැන් සිංහල බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි නැද්ද? කියවන්න දේවල් තියෙන බ්ලොග් අඩවි නැද්ද කියන මේ මහ විශාල මතය... ඇත්තටම මේ වගේ වැදගත් ලිපි කී දෙනෙක් කියවනවද කියන එක ප්‍රශ්ණයක් උනත් මෙන්න මේ පහළ ලින්ක් වල තියෙන බ්ලොග් අඩවි ගැන මේ අය දන්නේ නැද්ද? එහෙමත් නැත්නම් බලන්නේ නැද්ද කියන එක තමයි ප්‍රශ්ණේ.. මම දන්න විදිහට මම කියන්නේ, තවත් බ්ලොග් රාෂියක් ඇති මේ වගේ,,,,
දැනුම
මල් කැකුළු
ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
සත් සමුදුර
ඉතිහාසය
රජස්
වෛද්‍ය
සොඳුරු සුව අසපුව
වෙද ගෙදර
සාහිත්‍ය
ලියන්නා
බීටල් ලියන අකුරු
හද ගී පොත
දේශපාලන (වැඩිය කියවන්නේ නැති නිසා දන්නෙත් දෙකයි )
බුවාගේ සිතිවිලි
ඇට මැස්සාගේ අඩවිය
විනෝදාස්වාද, ජනප්‍රිය
හිස් අහස
සයිබර් යාය
මාතලන්
විවිධ (මාතෘකා දාන්න නොතේරෙන.)
සිත් විනිවිද
සංසාරේ අපි
ආවාටය
තව ඉතින් මේ වගේ බ්ලොග් රාශියක් කියන්න පුළුවන්... මේ සමහර බ්ලොග් ලියන අයව මම දැකලවත් අද වෙනකන් කතා කරලවත් නෑ... ඉතින් හැමදාම "ටැබූ සබ්ජෙක්ට්", "බියොන්ඩ් ද ෆ්‍රේම්" වගේ අයව කරේ තියාගෙන අයියෝ එයාලා නෑ කිය කිය ඉන්නේ නැතිව ඔබටත් පුළුවන් ඒ අඩුව සම්පූර්ණ කරන්න පෙළඹෙන්න.. මම අදහස් කලේ එවැනි සාර්ථක බ්ලොග් අඩවියක් හරහා අපි අතරට එන්න.. ඉතින් ඇයි පරක්කු වෙන්නේ....
ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ චෝදනා වල යම් පොඩි පහේ සත්‍යතාවක් තිබුනත් මේ කියන තරම් බලපෑමක් මේ වගේ නැති බවයි... ඔබෙ වැදගත් අදහස් ඉතාම අගය කරනවා පහල කමෙන්ට් තීරුවේ......
ප.ලි. අන්තිමටම කියන්න ඕන මේ සැරේ සිහිණ උළෙල ගැනත්.. වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගණයේ තියෙන්නට තිබෙන මේ උළෙල ගැන සියළු විස්තර දැන ගත්තැකි මෙන්න මෙතනින්.. බ්ලොග් ගැන ඇඩ් දාන්නත් පුළුවන් මගේ හිතේ,,,
Monday, April 2, 2012
බ්ලොග් කාරයෝ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම... කියවන ඔබ සඳහාමයි.. 18+ නැත.
ඉස්සර ඉඳන්ම මට ලොකු චෝදනාවක් තිබ්බා මම එක එක බ්ලොග් කාරයන්ගේ පිටවල් කහනවා කියලා... අත මගෙනම් කහන්නේ මමනම් ඉතින් උඹට මොකෝ කියලා අහන්න ගියේ නෑ මම ඉතින්... මගේ ලෝකය කියලා ඒ කාලේ තිබ්බ බ්ලොග් එකක් ලියපු රංගයාගේ පිට සහ ඌ මගේ පිට දෙන්නා කථාවෙලා කසාගන්නවා කියලා කමෙන්ට් වැටුනත් එක්ක ගජරාමෙට.... දැන් ඉතින් ඌත් එකලාසයක් වෙලා බ්ලොග් එකත් වැහිච්ච එකේ වෙන උන් ටිකකගේ වත් පිට කහන්න මම තීරණය කලා... ඒත් මේ පිට කසා ගැනීමනම් ඔයාලට ඉතා වැදගත් පිට කසා ගැනීමක්... මම පිට කැසුවට ප්‍රයෝජනේ ඔයාලට... ඒක නිකන් අර "මොක්කුද මොනවද තලනකොට මොක්කුන්ටද මොනවද වගේ..." මොකද කියන්නේ කසමුද පිටවල් ටික එකසිය ගානට...
තාමත් ඔබට තේරෙන්නේ නෑ නේද මම මේ කියන හරුපේ මොකක්ද කියලා... බ්ලොග් කරුවන් අතරේ ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාර කරගෙන, ජීවත් වෙන අය... සමහර ඒවා ලොකු ව්‍යාපාර, සමහර ඒවා මැද හරියේ, සමහර ඒවා ලඳරු අවදියේ... ඉතින් මේ කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි හදන්නේ.. ඉතින් ඒක නිසා මෙතනින් සම්භන්ධතාවය අරගෙන එයාලට කතා කරලා කියන්න.. අයියේ, අක්කේ, මම මෙහෙම කෙනෙක්.. බ්ලොග් වලින් තමයි ඔයා මෙහෙම කරනවා කියලා දැන ගත්තේ... ඔය අදී වශයෙන් චාටු බස් දොඩා පිට කසා වැඩේ ගොඩ දාගන්න වට්ටම් සහිතව....
හරි ඉස්සෙල්ලාම මගේ පිට කහ ගන්න එපැයි... මම කරන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ සේවාවන්... මොනාද කියලා කිව්වොත් ඉතින් හෝටල් වෙන්කිරීම්, වාහන කුලියට දීම්, උත්සව සංවිධාන කටයුතු, බැහැරගත පුහුණු වැඩසටහන් වගේ තවත් සේවා රාශියක් තමයි.. මේ තියෙන්නේ වෙබ් එක... මේ තියෙන්නේ සිංහල බ්ලොග් එක. දෙයියනේ කියලා බ්ලොග් වලින් සෙට් වෙච්ච පාරිභෝගිකයොත් ඉන්නවා ඕසෙට.
ඊලඟට මේ මෑත කාලෙකම තව පොඩි ඇකඩමියක් දැම්මේ අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා... ඒ තමයි ස්ටාර් කිඩ් ඇකඩමිය... වෙන්නප්පුව අවට ඉන්න පුංචි පැංචියන්ට වගේම පුංචි පැංචන්ටත් අකුරු කරන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න, චිත්‍ර අඳින්න, ගණන් හදන්න අපූරු තෝතැන්නක් තමයි මේ ස්ටාර් කිඩ් ඇකඩමි එක.. කෙහෙල්කොටුවේ රොබින් හුඩ් මාමයි, මැරියන් නැන්දයි එක්ක ගෙවන සොඳුරු ලමා කාලේ අපේ පොඩ්ඩන්ට ජීවිතේටම අමතක වෙන්නේ නැතිවෙයි.
zzzz..... මෙයාව මතකද? z අකුරු ගොඩාක් එක්ක සයිබර් අවකාශයේ මෙන්ම බ්ලොග් ලෝකයේත් සැරිසරන චරිතයක් තමයි.. කොන්ඩේ එහෙම වවලා, කොට කලිසමක් ඇඳගෙන කැමරාවකුත් අතේ තියාගෙන කොල්ලෙක් දැක්කොත් ඒ මූ තමයි.. නම ජේඩී... z ක්‍රියේෂන්ස් තමයි ව්‍යාපාරයේ නම.. මම දැකපු නිර්මාණශීලීම ග්‍රැෆික් ශිල්පියෙක්. ඔබට අවශ්‍ය සියළුම ග්‍රැෆික් වැඩ ඔහුගෙන් කරගන්න එක ඉතා සුළු දෙයක්.. හැබැයි මූව අල්ලන්න අමාරුයි.. ටිකක් කර්යබහුල චරිතයක්. මේ තියෙන්නේ දුරකථන අංකය 0756250669.
ඊලඟට තවත් ව්‍යාපාරයක් ගැන මේ කියන්න හදන්නේ... නිදහස් සිතිවිලි ලියන රන්දිකා සමඟ එයාගෙ මහත්තයා තමයි මේක ලියන්නේ... වෙබ් සයිට් එකක්, මූණුපොතේ පිටුවක් තියා අඩුම ගානේ නාම පුවරුවක් නැතිව ගෙදර ඉඳන්ම කරන බිස්නස් එකක් තමයි මේ.. මොනාද දන්නවද කරන්නේ...... ගෙවල් වල සැලසුම් ඇඳීම, අභ්‍යන්තර අලංකරණ කටයුතු වගේ ඔබේ සිහින නිවසට අවශ්‍ය සියළු අවශ්‍යතා කරලා දෙනවා.... සුපිරි වැඩ.. ආයේ ඒකේ දෙකක් නෑ..... මෙයාලව සම්භන්ධ කරගන්න අන්තර්ජාලයෙන් නොහැකි නිසා මෙන්න දානවා නොම්මරේ.... 0772920269
ඊලඟ ව්‍යාපාරය මේ ලඟදි බොහොම සැලසුම් සහගතව එලියට දාපු එකක්.. අපි කවුරුත් හොඳින් හදුනන දුකා තමයි මේ වැඩේ පටන් ගත්තේ එයාගේ භාර්යාව එක්ක එකතු වෙලා.. නම විරූස් ඩෙසයින්ස්. මේ තියෙන්නේ මූණු පොතේ ලින්ක් එක.. ගෑණු ලමයින්ට මේ ලින්ක් එක දිගේ ගියොත් හායි හූයි ගෑවෙන විලාසිතා ටිකක් බලාගන්න පුලුවන් වෙයි. මේක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා වෙන ව්‍යාපාරයක්... තමන්ට අවශ්‍ය විදිහ කියලා තමන්ට අවශ්‍ය විඳිහට වැඩේ කරගන්න පුළුවන්...
ඊලඟ ව්යාපාරයාත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක්ගේ... සිතට දුකක් කරදරයක් දැනුන වෙලාවක අළුතින් වැඩක් පටන් ගන්න හඳන වෙලාවක හරි නැකතක් හදා ගන්න අපි කොච්චර දග දාන්න ඕන.. දුරකථනයෙන් වගේම ස්කයිප් හරහාද මේ ප්‍රවීන ජ්යෝතිශ්ඥ්ඥයාගේ සේවය ඔබට ලබා ගන්න පුලුවන්.. අපි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මාරයා කියලා... ඒත් ඔහුගේ ජ්‍යෝතිශය වෙනුවෙන්ම සැකසූ බ්ලොග් අඩවිය තමයි මේ.. හරි මෙතැනින්ම ගිහින් බලාගන්නකෝ විස්තර..
ඊලඟ ව්‍යාපාරිකයා අනන්තය ලියන අනුරාධ.. තමන්ගේ මිතුරන් ටිකක් වට කරගෙන දාලා තියෙන්නේ තින්ක් මීඩියා කියන ව්‍යාපාරය... මම මුගෙන් අහපුහාම මේකෙ මොනවාද කරන්නේ කියලා එවලා තිබ්බා මොනවාදෝ හෑලි වගයක්... මට මෙලෝ දෙයක් තෙරුනේ නෑ.. කොහොමහරි මාධ්‍යයට සම්භන්ධ දේවල් කරනවා කියලා තමයි හැඟුනේ... අනුරාධ උඹම යටින් කමෙන්ට් එකක් විදිහට දාහන්.. මට තෙරෙන්නෙ නෑ බන්.... :ඩී මේ තියෙන්නේ වෙබ් එක...
මේ තවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වගේම සමාජ සේවකයෙක්... නුගේගොඩ ඉඳලා පාගොඩ පාරේ යනකොට වම් පැත්තේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවා නේද "නුගේගොඩ ආයුර්වේද රෝහල" කියලා.. දන්නවද ඒ කවුද කියලා.. වෛද්‍ය රෝහණ සුසන්ත මහතා තමයි එහි හිමිකරු... ආයුර්වේද පැත්තෙන් "වෙද ගෙදර බ්ලොග් එක ලියන මහ වෙදනා" කිව්වම තමයි කියවන ඔයාලා දන්නේ.. ප්රවීනත්වය දක්වන්නේ ගොඩාක් දෙනෙකුට අවශ්‍ය වෙන ඒත් හැමෝටම කියන්න ලැජ්ජා වෙන ක්ෂේත්රයක් ගැන.. මේ තියෙන්නේ වෙබ් අඩවිය... ගිහින් බලන්න...
ඊලඟට ගොඩාක් කාලෙකට කලින් බ්ලොග් ලිව්ව තව සිරා පොරක් ඉන්නවා... අර වටේ ගිය බයික් කවියේ නිර්මාතෲ.. සිතැඟි තමයි බ්ලොග් එකේ නම.. අයිති කාරයා කුශාන්... ඉතාම ලස්සන ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්... මේ තියෙන්නේ එයා ගහපු පොටෝ.. ලස්සනයි නේ.. ඔබගේ විවාහයට හොඳ ඡායාරූප අඩු මුදලකට ලස්සනට කරගන්න අමතන්න.. මෙන්න ආයෙත් ලින්ක් එක.... මේ තියෙන්නේ ඔහුගේ දුරකථන අංකය 0777655855
නිතරම එදිනෙදා අවශ්‍ය වෙන භාණ්ඩ සපයා දෙන කෙනෙක් තමයි ඊලඟට වේදිකාවට ගේන්නේ... ලාස්ට් රෝ එකේ ලිපි ලියන අවංක (අවලං) පැට්ට තමයි මේ.... ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න වැසිකිලි බඩු හා නාන කාමර බඩු ගෙන්නන ප්‍රමුඛයෝ තමයි.... නම කියූ සැනින් දන්නවනේ "අන්කොමන් හෝම්ස්" අයිතිකරුවා තමයි මේ... අළුතින් නාන කාමරයක් හදනවානම් එහෙමත් නැත්නම් ටොයිලට් එකක් හදනවානම් කතා කරන්න.. අවංක පැට්ටා කියන්න එපා.. 0772307570න් මුශ්ඨාක් ෆාරූක් අමතන්න.
පෝස්ට් එක දිඟ වැඩි නිසා මෙතනින් නවත්වනවා... මේක කියවන ඔබ, ඔබෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව පහළ කමෙන්ට් වලින් දැනුවත් කරන්න... ඉදලා හිටලා හිනාවෙන එක අත ඇරලා මේ වගේ ලිපියක් ලියන එක බ්ලොග් ලියන අපටත්, කියවන ඔබටත් ප්‍රයෝජනයි කියලා මම හිතනවා.. අවුරුද්දට කලින් මේකේ දෙවෙනි පරිච්ඡේදයත් ගේන්න තමයි බලාපොරොත්තුව.
ප.ලි. සයිබර් සිහින උළෙලට හැමෝම එන්න... මේ පාරත් වැඩේ ජයට යනවා... තාම එනවා කියලා කිව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියන්න... බොරුවට එනවා කියන්න එපා.... මතකනේ ගිය පාරත් වෙච්ච වැඩේ....

Sunday, March 25, 2012
සංගීතය බැරිව, සංගීතය නිසා ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න පුළුවන්ද?
මාතෘකාව දැක්ක ගමන් අඥ්ඥකොරොස් වෙලා යනවා නේද? නිකන් අයිසින් කේකුයි ලුණු මිරිසුයි වගේනේ... කිසිම ගැලපීමක් නෑ.... මීට දින කිහිපයකට කලින් මම විශාරද නීලා වික්‍රමසිංහයන් ගැන ලියූ ලිපිය කියවලා නිසූපා නංගිත් ඇය ගැන මතක සටහනක් ලියලා තිබුනා... ඉතින් ඒක කියවලා මේ කතා ටික මතක් උනේ.. මේ වගේ රස කතා කීපයක් ආපහු මතක් කරලා දුන්න එකටනම් සෑහෙන ස්තූතියි නිසූපා නගේ... පළවෙනි කතාව මගේ ඉස්කෝලේ සංගීත පංතියේ වෙච්ච කථාවක්.... ප්‍රධාන කථාව වුනේ මගේ සුපුරුදු බෝඩිමේ...
ඉස්සර ඉස්කෝල කාලේ අපේ රැස්වීම තියෙන්නේ පිට්ටනියේ... උදේට ගිනි කන අව්ව... ඒත් සංගීත කණ්ඩායමේ උන් ටික පෝලිමක් ඉස්සරහා හෙවනේ ඉන්නවා ජාතික ගීය කියන්නයි, පාසැල් ගීය කියන්නයි... ඉතින් සංගීතය කරන උන් වැඩිය නෝන්ඩි නොවෙන්න ඔය පෝලිමට එකතු වෙනවා.. මොකද හෙවනනෙ උන් ඉන්නේ... ඔය බොරුව මාට්ටු වෙච්ච දවස තමයි සුපිරි... එක දවසක් පාසැල් ගීය කියන්න 100ක් විතර නැග්ගා පැවිලියන් එකට. ගුරු මන්ඩලෙත් ඉන්න නිසා ඉඩ මදි ඔක්කොටම.. එදා තමයි විදුහල්පති තුමාට තේරුනේ මොකක් හරි යටි කූට්ටු වැඩක් මෙතන තියෙනවා කියලා... සංගීත ගුරුතුමා දිහා බලපු විදුහල්පතිතුමා මෙහෙම ඇහුවා..
ඈ මිස්ට අබේසිංහ, ගායක කණ්ඩායමේ මෙච්චර සෙනගක් ඉන්නවද?
දැන් සර්ට වෙච්ච ලැජ්ජාව ගැන කියන්න දෙයක් නෑනේ... ආවා ගායක කණ්ඩායම ලඟට... නායකයා ලඟට ගිහින් කණට කරලා කිව්වා... ඌ විනාඩි දෙක යද්දි ඔෆිස් එකේ තිබ්බ පත වේවැලත් අරන් ආව... මූණ බලනවා ගහනවා දෙකක්... හොඳම වැඩේ කියන්නේ ගායක කණ්ඩායමේ උන්ටත් ගැසුවා... කොහොමද මුළු ඉස්කෝලෙම ඉස්සරහා ස්ටේජ් එකේ ඉඳන් කද්දි..... වාසනාව කියන්නේ එදා විතරයි මම ඔය ඉස්සරහා පේලියට නොගියේ....
ඒ කිව්වේ අනු කතාව.. මෙන්න ප්‍රධාන කථාව.. මේක සිද්ද වුනේ අපේ අර අමරණීය බෝඩිමේ.... ලුනා මතකනේ... ඔව් අංජාගේ අයියා තමයි.... අපි දවසක් ඔය අනන්මනන් ගැන කතා කර කර ඉන්නවා බෝඩිමේ.... දැන් මාතෘකාව කට්ටිය කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි සහ භාහිර ක්‍රියාකාරකම් වලින් ලකුණු අරගෙන ගොඩ ගිය උන් ගැන..
උඹලා දන්නවද සංගීතෙන් ඉන්ජිනේරින් ගිය එකෙක් ගැන... එහෙම කිව්වේ ලුනා...
අනේ පලයන් බන් යන්න.. මියුසික් කරලා කොහොමද යකෝ ඉන්ජිනේරින් යන්නේ... දැන් අනික් උන් මූට වදේ ගහනවා..
නෑ බන් ඌ මියුසික් කලේ නෑ... ඌට මියුසික් කියලා මෙලෝ මඟුලකුත් බෑ.. ඒත් ඌ ඉන්ජිනේරින් ගියෙනම් මියුසික් නිසා.... අරූ අපේ කුතුහලේ වැඩි කරනවා....
අනේ පලයන් ලුනා... තොගේ තව බෙගලයක් තමයි ඔය... මේ ටෝක් දෙන්නේ පොඩ්ඩා....
නෑ බන්.. මමත් හිටියා අපේ ඔකෙස්ට්‍රා එකේ... සමස්ත ලංකා තරඟ තිබ්බ දවසේ එකෙක් ආවේ නෑ බන්... අපිත් එක්ක ගිය එකෙක් හිටියා උට මෙලෝ මලදානයක් බෑ.. මිස් කලේ කොම්බුවක් අතට දීලා ඌව කෙලවරෙන් හිටවලා කොම්බුව අල්ලපු එකාට තාලම්පට දීලා වැඩේ මැනේජ් කලා..
ඉතින් කොම්බුව අල්ලපු එකෙයි, කැම්පස් සම්බෙන්ධෙයි මොකක්ද බන්...
කරුමෙට අපි සමස්ත ලංකා පළවෙනියා උනා බන්...
ඉතින්....
ඉතින් ##$% ඒකෙන් ලකුණු 10ක් හම්බෙනවනේ කැම්පස් යන්න... ෆිසිකල් තෙරිච්ච ඌ ලකුණු 10න් ඉන්ජිනේරින් ගියා... අර කැප වෙලා පන්ති කට් කරගෙන මියුසික් කරපු උන් තාම බෑන්ඩ් හදාගෙන දුක් විදිනවා අරහේ....
අනේ පලයන් ලුනා බොරු නොකියා....
කොහොමත් අංජා ඒ කථාව තහවුරු කල නිසා තමයි අපේ උන් කතාව පිළිගත්තේ...
පේනවනේ මිනිස්සුන්ගේ වාසනාව......
Wednesday, March 21, 2012
සඳරූ මචන්........., සතුටු කඳුළු අතරින්, හිස් අහසට සුභම සුභ පැතුම්......
මම මූ ගැන ලියන දෙවෙනි දවස.. පළවෙනියට ලිව්වේ අර කෙල්ලෙක් සෙට් වෙච්ච හැටිනේ... අපේ බ්ලොග් අවකාශයේ වැඩිම දෙනෙක් කියවන හිස් අහස බ්ලොග් අඩවිය අද ඉතාම ලොකු ජයග්‍රහණයක් ලැබුවා.... "අසෙනිය කුසුම" සාහිත්‍ය උළෙලේදී,
හොඳම බ්ලොග් අඩවිය
හොඳම පෞද්ගලික බ්ලොග් අඩවිය
කියන සම්මාන දෙකම හිමි කරගෙන ඉතා දිගු පිම්මක් පැන්න එකට සතුටින් තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියවෙන්නේ...
ඔහු කියන විදිහට මිනිහා ඉන්නේ උතුරු වැව්ගම් පත්තුවේ... එක්තරා දවසක මටත්, සෝරෝටත්, බ්ලොග් පාඨිකාවක් වෙච්ච දීටත් අවස්ථාව ලැබුනා මොහුගේ ගම් පලාතෙ රස්තියාදුවක් ගහන්න... මේ මම ඔහු දැකපු හැටි සහ ඔහු හැඟුණ හැටි....
මිනිස්සු ගොඩාක් අවශ්‍යයි කියන මූලික සාධක ඔක්කොටම පයින් ගහලා, ගැමිකමයි මනුස්සකමයි විතරක් ඔළුවට අරගෙන ලොකු මහ මන්දිර ගැන නොසිතා එදා වේල කාල ඇඳලා ඉන්න මනස හදාගෙන ඉන්න සුපිරි කොල්ලෙක්.... "අඩෝ උඹ සුපිරියට ලියනවා" කියලා අපි කියද්දි, "මොනවද බන් එදිනෙදා වෙන ඒවා බන් ලියන්නේ" කියලා සරලව කියපු එකෙක්.... ඒ සරලකමනම් උපරිමයි මචන්...
සඳරු, උඹට මතකද? අපි උඹලගේ ගෙදර දවස් දෙකක් හිටියා... ඒ දවස් දෙක ඇතුලේ උඹට සලකන්න පුළුවන් උපරිමේටම අපිට සලකපු හැටි... අලි බලන්න කැලේ එක්ක ගිය හැටි... උඹේ බ්ලොග් එකේ තියෙන උඹලගේ ගෙවල් පැත්තටම ආවේනික ඒවා අපිට කවලා පොවලා උඹ හැබෑ ආගන්තුක සත්කාරයක් අපිට ලබා දීලා උඹ තනියෙන් සතුටු වෙච්ච හැටි අපි දැක්කා....
උඹනම් හැබෑ දක්ෂයෙක් මචන්, කොළඹ ආපුහාම උඹට යන්න දෙන්නේ නැතුව තව දවසක් හරි තියාගන්න අපි උත්සහා කරන්නෙත් උඹේ ඒ දක්ශකමයි මනුස්සකමයි නිසා.. උඹ ගැන තව බොහෝ දේවල් ලියන්න පුළුවනි... වෙන්නේ පෝස්ට් එක දික්වෙන එක විතරයි..
එහෙනම් ලොක්කා... උඹේ තවත් ලිපියකින් ආයේ හම්බෙමු.. ඉස්සෙල්ලාම හමු වුන දවසේ මම උඹට කියපු කතාවම මම අදත් උඹට කියන්නම්....
"උඹ ඉන්න ඕන තැන මෙතන නෙවෙයි, තව ගොඩාක් ඉස්සරහා දුරක......"
සුභ පැතුම්... සඳරුවා... 7 වෙනිද සෙට් වෙමු එහෙනම් කොල්ලෝ.....
ප.ලි. මේ දැන් ඌ ගැන අදහස් මේකේ දාලා උගේ බ්ලොග් එකේ සුභ පතන්න...
ප.ප.ලි. අවුරුදු උත්සවේ වෙනවද හැබෑට....... මොකද මූට අම්පාරේ ඉඳන් ඇවිත් හැරිලා යන්න වෙයිද දන්නේ නෑ...
Monday, March 19, 2012
පෝලියෝ, පිළිකා පරදපු යකඩ හිතක් ඇති ගැහැණියක් දුටිමි......
ජීවිතයට ගත හැකි පාඩම් විවිධයි... අනෙක් අයගේ චරිත තුලින්... උදාහරනෙකට පිළිකාවක් පැරදවූ ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි ක්‍රීඩකයින් ගන්න පුළුවන්.. ඒ වගේම සිත එඩිතර කාන්තාවන් භයානක රෝග පරදවා ජය ගන්නවානම් එය අපේ ජීවිතවලටත් ඒ වගේම සංවේදී කාන්තා සිත්වලටත් ඉතා හොඳ පිටු වහලක් වෙන නිසා මම මේ කතාව අකුරු කරන්න හිතුවා....
දවස, මීට සති දෙකකට විතර කළින් දවසක්... තැන මගේ කාර්යාලය... අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන යද්දි එකපාරටම මගේ කාර්යාල සගයා වෙච්ච සෝරෝ මෙහෙම කිව්වා....
අභීත අයියා.... සිරා වැඩක් තියෙනවා යමුද?
මොකක්ද?
ඉන්න මම ලිංක් එක එවන්නම්...
හැරෙන තපෑලෙන්ම ලින්ක් එක එව්වා මිනිහා මට... ඒකේ සටහන්ව තිබුනේ ලංකාවේ සිටින ඉතා ප්‍රවීණ ගායිකාවක් වන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ මාස්ටර් සර් ප්‍රසංගය මාර්තු 17වන දින නෙළුම් පොකුන රඟහලේදී පැවැත්වෙන භවයි.... ඒ වගෙම එහි තිබ්බ දුරකථනයකට කතා කලොත් එහි ප්‍රවේශපත්‍ර නොමිලයේ ලබා ගන්න පුළුවන් කියලා තිබ්බා... අපි ඉතින් පටස් ගාලා කථා කරලා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්තා.... මොන වැඩ තියාගත්තත් එදාට යන්නත් අපි අමතක කලේ නෑ... මමත් මගේ ප්‍රිය බිරිඳත්, මගේ මරණයත්, ජේඩීත්, වාසලත්, තුශාර රවීන්ද්‍රත් (රවා) එදා ඇවිත් හිටියා... තංගල්ලේ ගොසින් සිටපු නිසා සෝරෝට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුනේ නෑ....
මේ තියෙන්නේ ඒ දැන්වීම....
නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ.. මගේ ලොකු පුංචි මාව නලවපු කාලේ කියපු සිංදුවක් තියෙනවා.... ඒක තමයි මට නීලා වික්‍රමසිංහයන්ගේ ගීත වලින් කලින්ම සිහියට එන්නේ.... මෙන්න බලන්නකො මට කළින්ම මතකෙට එන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ ගීත ටික....
1. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ.....
2. බෝධියේ.. විහාරයේ.. පිදූ පියුම් වැනි වූ.....
3. වියෝ ගී ගැයෙනා හදේ.....
4. රහසේ හඬනා අප පැතුම්... (ක්ලැරන්ස් සමඟ.. මේකනම් ඉතින්..)
5. පාලොස්වක සඳ (පණ්ඩිත් අමරදේවයන් සම්ඟ.)
6. තුන් සිත දැහැන් ගත වෙනා... (කමල් සමග.)
7. හිරුට අයිති බව හිරු පවසනවා...
8. දුවෙක් සිටියානම්..... (මේක එන්න ඕන තුන්වෙනියට විතර.)
මේ තමයි ලිස්ට් එකේ උඩම ඉන්නේ.... තව පෝලිමක් ලිව්වෑකි... ඒත් ඉතින් පෝස්ට් එක ඉවර කරන්නත් එපායැ... ගොඩාක් ගායක ගායිකාවන් තමන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග වල ගායනා කරන්නේ උපරිම සිංදු 20යි.. ඇය ඇගේ රසිකයින් වෙනුවෙන් ගීත 37ක් ගායනා කලා... අවසානයේ තව ගීත කොටස් 6ක් විතරත් ගායනා කලා.. පැය 5ක ප්‍රසංගයක සජීවී අත් දැකීමක් වින්දමයි මම.. ඉදිරියටත් විඳින්නේ නැතිවෙයි.. ඒ ඇගේ මනුස්සකම.... ඒ මනුස්සකමටත් එහා ගිය හැකියාව.. පොඩ්ඩක් හිතලා බලන්න.. විවිධ වූ ස්වර පරාස ගොඩාක් ඇතුලේ ලියවෙච්ච සින්දු 36ක් පැය 5ක් තිස්සේ එක දිගට ගායනා කරලා අවසානයට මාස්ටර් සර් ගීතය ගයන්න කොපමණ නම් හැකියාවක් ඇය සතුව ඇතිද?
ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියො රෝගියෙක්... 1989 වසරේ ඇය පෝලියො රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා... 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති.... ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා.. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා... පෙලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා...
පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි...
ප.ලි. අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර වේවා...
ප.ප.ලි... මම 8 වෙනියට දාලා තියෙන දුවෙක් සිටියානම් ගීතයේ අන්තර්ජාල සබැඳියක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මම ස්තූති වන්ත වෙනවා...

ඒ නිසා මැතිණියනි.. ඔබට දීර්ඝායු වේවා.....
ප.ලි. අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ දෑස්, ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර වේවා...
ප.ප.ලි... මම 8 වෙනියට දාලා තියෙන දුවෙක් සිටියානම් ගීතයේ අන්තර්ජාල සබැඳියක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මම ස්තූති වන්ත වෙනවා...
Friday, March 16, 2012
පාසල් කාලය.. කාටද අමතක කරන්න පුළුවන්.... කියවමු එහෙනම් මේක.... කට කොනට හිනා එන්නේ ඇයි මේ....? II
දවස් කීපයකට ඉහතදි ලියපු පාසැල් කාලයේ මතක සටහන් වල දෙවෙනි ලිපිය අරන් තමයි අද ආවේ.. ඒ ලිපියෙත් කියපු අමිල මල්ලිගේ මූණු පොතේ තිබ්බ ඇල්බම් එකෙන් තමයි තවත් පාරක් ඉස්කෝලේ ගියා වගේ හැඟීමක් ඇවිත් ඒ කාලේ මිහිරි මතකයන් ඇවිස්සිලා ආවේ... ගිය සැරේ ලිව්වේ අපේ ඉස්කෝලේ රසබර මතකයන් හා මුසු වෙච්ච පුද්ගලයෝ ගැනනේ.. අද ලියන්නේ මේ ඡායාරූප එක්කම ඔළුවට ආපු ක්‍රියාකාරකම් කිහිපයක්.... කලින් ලිපිය කියවද්දි මම කිව්වනේ සිනා නොවී කියවන්න කියලා පුළුවන්නම්.. අද එහෙම කියන්නේ නෑ.. අද අනිවා හිනා යනවා.. ඒක වලක්වන්න බෑ.. ක්‍රීඩා උත්සවය දවස්වලට බූලා සර් දාන ඇඩ් ගැන මම මේ ලියලා තියෙනවනේ.. හරි කථා වලට යමු.....
මෙන්න පළවෙණි පිංතූරේ...
අපේ ඉස්කෝලේ නිවාස හතරයි... තිස්ස, පරාක්‍රම, රාජසිංහ, ගැමුණු.. මම හිටියේ තිස්ස නිවාසේ... ස්පෝට් මීට් එකේ නියමම අංගය තමයි මේ හවුස් එක හදන එක.... රටේ තියෙන කෝටුකෑලි, පිදුරු, කිතුල් රෑන්, ක්‍රෝටන් කොළ ඔක්කොම ගේනවා ඉතින්.. පුවක් කොටන් කපාගෙන ලොරිවල දාලා එන වෙලාවේ ඉඳලා සතියක් විතර යනකන් ඉස්කෝලේ පංතියේ ඉගෙන ගන්න එකනම් සදා බොරුවක්... අනික තමයි හොඳම හවුස් එකට හම්බෙන්නේ පත සයිස් කේක් එකක්... ඔය කේක් එක කන්න කට්ටිය මැරෙන පිළිවෙල තමයි මේ.... ස්පෝට් මීට් එකට මාසෙකට කලින් අයිති කාරයෝ රට ඉන්න, කොළඹ ඉන්න, වතුවල තියෙන පුවක් ගස් නෝට් කරගැනීම තමයි ලොකුම රාජකාරිය.... ඊට පස්සේ ලොරියක් අඩුවට හොයාගෙන කොල්ලො 20ක් විතර නැගලා යනවා වත්තට... විනාඩි 10ක් යද්දි පුවක් ගස් කීපයක්ම ලොරියේ..... කට්ටිය හැරෙන තැපෑලෙන් ඉස්කෝලේ.... ඉඩම් අයිති කාරයෝ සරම් ඇදන් පොලු අරන් එන්න රෙඩි වෙද්දි ගහක් කපපු සලකුනක්වත් ඉතිරි නොකර කොල්ලෝ මාරුවෙනවා... ඊට පස්සේ පිදුරු.. එවානම් හොයන්න ලොකු අමාරුවක් නෑ... අන්තිම දවස් දෙකේ රෑ එලිවෙනකම් ඉස්කෝලේ තමයි වැඩ.. මේ ඉස්කෝලේ ඉන්න දවස්වල තමයි ගොඩාක් කොල්ලොන්ගේ චරිතෙට හානි වෙන්නේ.. ජීවිතේ ඉස්සෙල්ලාම සිගරට් එකක් බොන්නේ, අරක්කු ජුංඩක් බොන්නේ මේ දවස්වලට තමයි... පිදුරු ගොඩවල් ගානේ, හට් අස්සේ සර්ලාට පේන්නේ නැතිවෙන්න තමයි මේවා වෙන්නේ.. අහ්.. ඇයි ක්‍රෝටන් කොළ හොයන එක... මහ රෑ තිස්සේ ගෙවල්වලට පැන පැන තමයි මේවා අරන් එන්නේ.. එන ගමන් මල් පෝච්චියක් එහෙමත් මාරු කරලා එන්න අමතක කරන්නෙත් නෑ.. කනතුවල තියෙන මල් වඩම් එහෙමත් සමහර ගෙවල්වල දොරවල් ඉස්සරහාට යන්නෙත් මේ දවස්වලට.... තව ඉතින් කතා ගොඩායි... එහෙම උනොත් ලියන්න වෙන්නේ මේවා විතරයි...
මෙන්න ඡායාරූප අංක දෙක
පෙරඩ් එක.... ස්පෝට්මීට් එකට සති තුනක් විතර ඉඳන් කකුල් කඩාන ගුටි කමින් පුහුණු වෙන එක තමයි මේ... මම පිට පිට අවුරුදු පහක් නියෝජනය කලා තිස්ස හවුස් පෙරඩ් එක... කොහොමත් මේකෙදි කෙඩෙට්ලටයි, ස්කවුට්ලටයි ගැලවෙන්න වෙන්නේ නෑ.. පුරුදු කිරීමත් එයාලටමයි භාර දෙන්නේ.... අමතක කරන්න හොඳ නැතිම කාරණේ තමයි මෙහි ජයග්‍රාහකයින්ටත් ලැබෙන්නේ තඩිම තඩි කේක් එකක්... කකුල් වල දිය පට්ට දාගෙන වම දකුණ වම, එහෙම නැත්නම් එක දෙක තුන එක, වගේ ඒවාට අවනත වෙවී මරාගෙන මැරිලා වගේ තමයි අන්තිම දවසේ මේ පෙරඩ් එකට ඉන්නේ... ප්‍රැක්ටිස් කරන දවස්වල වගේ නෙවෙයි, එදාට කොලේජ් ටයි එක දාලා කිට මරලා බෑන්ඩ් එකේ බේස් එකේ බීට් එකට අඩිය තියද්දි එනවා නිකන් මයිල් ඉස්මයිල් වෙන ගැම්මක් හිතට.... ඒ අතරේ කේක් එකත් ආවොත් ඉතින් බඩුම තමයි....
මෙන්න ඡායාරූප අංක තුන..
ඉස්කෝලේ කාලෙටම ක්‍රීඩා උත්සවය දවසේ සහභාගී වෙන්න බැරිවෙච්ච එකම අංගය තමයි මේ.... අපි ගියානම් කඹේට තමයි ගන්නේ.... බර ඉසිලීම, රගර්, ක්‍රීඩා වලට යොමු වුන දැවැන්තයෝ තමයි මේකට සෙට් වෙන්නේ... හැබැයි ඉතින් මදි නොකියන්න චියර් එකනම් හම්බෙනවා අපෙන්.... ඔය ලා නිල් පාට කියන්නේ තිස්ස හවුස් එකේ පාට.. මේ පාරත් කඹේ දිනලා තිබ්බේ ඔවුන් තමයි.. මේක දිනුවොත් ඒත් හම්බෙන්නෙ පත සයිස් කේක් එකක්.... ඊලඟට කියන්න යන කතාව ක්‍රීඩා උත්සවේට සම්භන්ධ නැති නිසා මේකත් කියන්න ඕන.. අපි අවුට් වෙච්ච අවුරුද්දේ ඒ කියන්නේ නිවාසයේ අපි නිලතල දරපු අවුරුද්දේ ඔය කියපු කේක් තුනම හිමි වුනේ තිස්ස නිවාසෙට... ඊට අමතරව සහාය දිවීමේ ශූරතාවයට හිමි කේක් එකත් ආවා... කට්ටිය කොහොම කන්න ඇතිද ඉතින්.....
මේ තියෙන්නේ ඡායාරූප අංක හතර
මේ තියෙන්නේ අපේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම, මට මේකේ සාමාජිකයෙක් වෙලා ඉන්න ලැබුනේ මාස දෙකයි... එහෙම වෙන්න හේතුවත් බ්ලොග් පෝස්ට් එකකින්ම දාන්න වෙනවා.... කථාව මේක නෙවෙයි... හැම පෙබරවාරි හතර වෙනිදාම කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නිදහස් උත්සවේට කුරුණෑගල නගරයේ තියෙන හැම පාසලකින්ම බෑන්ඩ් එකක් සහ පෙරඩ් එකක් සහභාගී වෙනවා.. සාමාන්‍ය ජාතික දින උළෙලෙකින් පසු ඒ ආපු හැම විද්‍යාලයේම තූර්ය වාදක කණ්ඩායම් වලින් සංදර්ශන පැවැත්වෙනවා.... ඕකට යන්නෙත් එන්නෙත් පාර දිගේ අත් සැහැල්ලුවෙන් ස්ටෙප් එකට බෑන්ඩ් එකත් එක්ක.... අපේ ඉස්කෝලෙන් මේකට කණ්ඩායම් දෙකක් සහභාගී වෙනවා... ඒ කැඩෙට් බෑන්ඩ් එකත් එක්ක ශිෂ්‍ය භටයෝ, අනෙක අපරදිග තූර්ය වාදක කණ්ඩායමත් එක්ක ශිෂ්‍ය නායකයෝ.. මම නියෝජනය කලේ දෙවෙනි පෙරඩ් එක....
දැන් මේ කටයුත්ත ඉවර වෙලා අපි ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා ඉද්දිම මලියදේව බාලිකාවේ බෑන්ඩ් එකයි පෙරඩ් එකයි පිටත් උනා.... ඒ එක්කම මලියදේව පෙරදිග තූර්ය වාදක කණ්ඩායම පිටත් උනා.. ශිෂ්‍ය භටයො සූදානම් වෙලා නොහිටපු නිසා ශිෂ්‍ය නායක පෙරඩ් එක මෙයාලත් එක්ක පිටත් උනා.. මලියදේව බාලිකාවේ පෙරඩ් එක අපිට ඉස්සරහින් යනවා කියලා දන්න නිසා බෑන්ඩ් එක ෆාස්ට් නම්බර්ස් ගහගෙන පන්නනවා... හරියටම කුරුණෑගල ටව්න් එකේ ඔරලෝසු කණුව ලඟදි අපි දැම්ම ඒ පෙරඩ් එක ඇතුලෙන්... ඔරලෝසු කණුව ලඟ හන්දියෙන් අපි හැරෙනව දකුනට.. බාලිකාවෝ යන්නේ කෙලින්ම.... දැන් හිතන්නකෝ කෙළින්ම යන බෑන්ඩ් එකක් මැද්දෙන් තව බැන්ඩ් එකකුයි පෙරඩ් එකයි ගිහින් දකුණට හරවපුහාම අර කෙළින් යන කණ්ඩායමට වෙන දේ..... කොල්ලන්ට අවුලක් නෑ.. උන් දන්නේ නෑ වගේ ස්ටෙප් එක කඩා ගන්නේ නැතුව ගල් ගිල්ලා වගෙ ගියා... අර බෑන්ඩ් එකේ පේලි, බීට් අරවා මේවා ඔක්කොම අනාතයි.... දැන් නම් ඒවා මතක් වෙද්දි උන් පව් කියලත් හිතෙනවා... කොහොමත් ඒ කණ්ඩායම් වල ඉන්නෙත් අපිත් එක්කම අමතර පංති යන කෙල්ලෝ නිසා මාස තුනක් විතර යනකන් බැනුම්නම් අහනවා උන්ගෙන් ලෙසටම...
ප.ලි. : හෙට තියෙනවා වාද්දූවෙ කොළඹ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සුහද හමුව.... 24 වෙනිදා බිග් මැච් යන්නත් ඕන.... ගෙදරින් එළවයිද මන්දා..... :D
Friday, March 9, 2012
පාසල් කාලය.. කාටද අමතක කරන්න පුළුවන්.... කියවමු එහෙනම් මේක.... කට කොනට හිනා එන්නේ ඇයි මේ....?
ජීවිතේ සුන්දරම සමයනේ පාසල් කාලය... ඒක තරම් මතකයන් තියෙන කාලයක් අපි කාටවත් තියෙයි කියලා හිතන්න බෑ....ඒවා මතක් වෙලා නේද ඔය කට කොනට හිනාවක් එන්නේ... මතකද ඒ කාලේ කරපු ඒවා.... හිනා වෙන්නේ නැතුව පුළුවන්නම් මේ ලිපිය කියවන්න.. ඒ කියන්නේ මගේ දේවල් වලට හිනාවෙන්න කියලා නෙවෙයි.. මේවා කියවද්දි මතක් වෙන ඔයාලගේ මතකයන් වලට හිනා නොවී කියවන්න.... එහෙම කියවපු කෙනෙක් ඉන්නවානම් යටින් කියන්න මට හිනා ගියේ නෑ ඒ කාලේ මතක් වෙලා කියලා.....
මොකෝ මේ හදිස්සියේම පාසැල් කාලය මතකෙට ආවේ කියලා හිතුනාද? පහුගිය දවසක අපේ ක්‍රීඩා උත්සවය තිබුනා.... මූණු පොතට ආවා අපූරු ඇල්බම් එකක් ඒකේ... අමිල මෛත්‍රී කියන සුපිරි ඡායාරූප ශිල්පියා (අපිටනම් අමිල මල්ලී) තමයි මේක අයිතිකරු... මේ ඇල්බම් එක බලන අපි අනික් උනුයි දාපු කමෙන්ට් දැක්කම හිත පාසල් කාලෙට ඇදිලා ගිය එක අහන්නත් දෙයක්ද? ඒකේ තියෙන ෆොටෝස් එක්කම මේ බ්ලොග් ලිපිය ලියන්න මම අමිලගෙන් අවසර ගද්දි දෙවරක් නොසිතාම අවසර දුන්න එකට උඹට බොහොම ස්තූතියි අමිල මල්ලි....
මෙන්න පළවෙනි ෆොටෝ එක....
මලියදේවය සරසපු ගුරු මෑණිවරු සිව් දෙනෙක්..... මේ හතර දෙනාගෙම පුතාලා හය දෙනාම මලියදේවේම ශිෂ්‍ය නායකයො.... වම් පැත්තේ කෙළවරේම ඉන්නේ ගුණතිලක මැඩම්.. ප්රාථමිකෙට ආවේ. එතකොට යන්තම් ප්‍රාථමිකෙ පාස් වෙලා හිංදා ඒ මැඩම් ගෙන් ගුටි කාලා නෑ.. ඊලඟට ඉන්නේ ධර්මරත්න මැඩම්.. පහ වසරේ පංතිභාර මැඩම්.. ගහන්නේ නෑ.. අව්වේ හිටවන්නේ.... පළවෙනියටම කොපි කරපු දවසෙම මාට්ටු වෙලා චිත්‍ර කාමරේ ලඟ කොට්ටම්බා ගහ පාමුළ විනාඩි 20ක් හිටගෙන හිටියා.... ඊලඟට ඉන්නේ 10 සහ 11 වසරවල සමාජ අධ්‍යයනය උගන්නපු මැඩම්... මේ මැඩම් ගෙන් තමයි හොර අත්සන් ගහලා ගුටි කෑවේ අර.... මගේ අම්මා නිසා ඉස්කෝලෙදි ගහලා ඇවිත් ආයේ ගෙදරදිත් ගහනවා.... ඊලඟට ඉන්නේ ශ්‍රීමතී මැඩම්.. 9 වසරේ සමාජ අධ්‍යයනේ ඉගැන්නුවේ මට.... මේ මැඩම්ට කොල්ලෝ දාලා තියපු නම කියලා කෑ ගැහුවා කියලා අපි ඔක්කොටම ලෙසට නෙළුවා ඔෆිස් එකේ තිබ්බ පත වේවැලක් ගෙනල්ලා....
මෙන්න දෙවෙනි ෆොටෝ එක....
කවුද මේ ඉන්නේ.. ආනන්ද පීරිස් සර්.... ඒ කාලෙනම් හරිම හැඩ කොල්ලා... මගේ 10 වසර 11 වසර දෙකේම පංති භාර... ඉගැන්නුවේ ඉංග්‍රීසි..... ආයේ ඉතින් මනමාලකමනම් ඒ කාලේ ඉඳලම... අපේ ඉතාම හොඳ යාළුවෙක්.. හැබැයි තරහා ගියාම යකෙක්.... වැඩි පුරම කියන්නේ " ගත්තහම " කියන වචනේ.. මල පැන්නම ඒක දෙකෙන් වැඩි වෙනවා... "තොපිට උගන්නලා වැඩක් නෑ.. මම යනවා යන්න ගත්තහම...... වෙන පංතියක් ඉල්ලගෙන මෙන්ඩිස් සර්ට කියලා" කියන එක සර්ට තරහ ගිහින් කියන්නේ මෙහෙම... " තොපිට ගත්තහම උගන්නලා වැඩක් නෑ ගත්තහම මම යනවා ගත්තහම වෙන පංතියක් ඉල්ලගෙන ගත්තහම මෙන්ඩිස් සර්ට කියලා ගත්තහම" කොල්ලො ඉතින් පීරියඩ් එකේ අන්තිම විනාඩි පහේ කොහොමහරි සර්ව තරහ ගස්සනවා ඔය ටික අහගන්න.... අපරාදේ කියන්න බෑ කොල්ලන්ගේ ලව් වලට එහෙම පට්ට සපෝට්.. සර් අහලා කරලා දෙන්නේ.....
මෙන්න තුන්වෙනි ෆොටෝ එක......
මේ ඉන්නේ ජයසිංහ සර්... මලියදේවෙට තමන්ගේ අම්මට වගේ ආදරය කරපු සර් කෙනෙක්... ඉස්කෝලේම බයයි... ඉගැන්නුවේ පීටී.... විනය පාලක මණ්ඩලයෙත් හිටියා... ස්පෝට් මීට් එකේ රියසල් වැරදිලා ගහපු කණේ පාර තවම කූං ගානවා සර්.... ඕනෑම කරදරේකින් අපිව බේරගන්න ඉදිරිපත් වෙනවා හැබැයි ඇත්ත කියන්න ඕන... අහ්.. වැවේ නාන්න ගිහින් මාට්ටු වෙච්ච වෙලේ හිනා වෙලා ගිය එකත් මට අද වගේ මතකයි සර්....
මෙන්න හතරවෙනි ෆොටෝ එක....
මේ ඉන්නේ පාදෙනිය මැඩම්.. අපේ කාලේ ඉඳලා අද වෙනකම් ඕන කෙනෙක් ගෙන් ඔයාල ආදරේම සහ ඒ වගේම භය ටීචර් කවුද කියලා ඇහුවොත් උත්තර දෙකක් නෑ..ඒ පාදෙනිය මැඩම්... ඒ වගේමයි වර්ථමාන මලියදේවයෝ චෙස් වලින් ගේන අන්තර්ජාතික ජයග්රහනවල මුල් පුරුක තමයි මේ.... පාදෙනිය මැඩම් ගැන පොතක් ලිව්වෑකි..එච්චර රස කතා තියෙන්නේ.... මැඩම් කියවනවානම් තරහා වෙන්න එපා.. මේ කතාවනම් කියවන අයට නොකියාම බෑ.... වෙනම ඡේදෙකින්ම පටන් ගන්නම්....
මැඩම්ගේ තියෙන ආතල්ම ගතිය තමයි ඉක්මනින් කලබල වෙන එක.. කොරහටත් අත ඔබන්න බැරි තරමට කලබලයි.. ඉන්නේ දුවෙකුයි පුතුකුයි.... දවසක් මැඩම් ගෙදර ඉද්දි මැඩම්ගේ රට හිටපු මල්ලි නොදන්වාම ගෙදර එනවා... ඒක දැක්ක පොඩි උන් දෙන්නා "අන්න චූටි මාමා එනවා" කියාගෙන ගිහින් දණ ගහලා වැන්දා.... මල්ලි දැකලා උතුර දකුණ මාරු වෙච්ච මැඩමුත් දුවලා ගිහින් මල්ලිට වැන්දා.... ඔන්න ඔහොමයි පාදෙනිය මැඩම්ගේ හැටි.. මෙච්චරයි මැඩම් කියන්නේ... අර ටෙලිෆෝන් සීන් එක මම කියන්නේ නෑ ඕන්....
මේ තියෙන්නේ පස්වෙනි ෆොටෝ එක......
මේ නිකටට අත තියාගෙන ඉන්නේ පොල්හේන සර්... උසස්පෙළ වාණිජ අංශය භාරව හිටපු සර්... මම හිතන්නේ අපි හින්දා වැඩිම වදයක් වින්ද ගුරුතුමා තමයි මේ.... ලොකු ඔරලෝසුවක් බැඳන් තමයි ඉස්කෝලේ ආවේ.. කොල්ලෙකුට ගහන එක වාරයක් පාසා මේ ඔරලෝසුවේ ලොක් එක පනිනවා... දවසකට ඔරලෝසුවේ ලොක් එක පනස් පාරකට වඩා දාන්න වෙනවාමයි සර්ට.. ඒ සර් නපුරු නිසා නෙවෙයි.. කොල්ලො කරන තිරිසන් වැඩ නිසා තමයි ඉතින්.. සෙක්ශන් එක කලා වණිජ නේ... හැමදාම මොකක් හරි සීන් එකක් ඉතින්... මටනම් ගැහුවේ අර ගුරු මේසේ උඩ ප්ලේන්ටී බෝතලයක් තිබ්බ දවසෙනේ... අප්පේ එහෙම ගැහිල්ලක්....
මෙන්න ෆොටෝ අංක හය
මේ ඉන්නේ සුනිල් අයියා... අපි දන්න කාලේ ඉඳලා අපේ ග්‍රවුන්ඩ් බෝයි වස්තු කැටේ... පිට්ටනිය පිටිපස්සේ ගේට්ටුව ඇරලා අපිව කලින් යවපු එකම ම්දැයි අයියේ උඹ නිවන් යන්න... ඒ විතරක්ද ඉල්ලන ඕනේම ක්‍රීඩා උපකරණයක් "පරිස්සම් කරලා ගෙනත් දියන් මල්ලි" කියලා ගෙනත් දෙන්නේ වෙන මොන ග්‍රවුන්ඩ් බෝයිද බන් උඹ මිසක්... ඇයි හොස්ටල් එකේ කෑම කොච්චර හොරෙන් කවලා ඇත්ද? පීරියඩ් කට් කරන අපි කොච්චර නම් උඹේ කාමරේ නිදා ගන්නවද අර ගද ගහන මෙට්ටවල....
අමිල... ආයෙත් ස්තූතියි මේ මතකයන් අළුත් කලාට.... මේ ගුරුවරු පිළිබඳ මතකයනම් පෙරාපු රත්තරන්... තව එක දෙයක් තියෙනවා.. කල්ල සර්ත් මෙතන හිටියානම්.. අප්පා.. කියන්න වචන නෑ ඉතින්....
මේ ඇල්බම් එකේ තිබ්බ පුද්ගලයෝ ගැන කථා ඉවරයි.... ඊලඟට තමයි ඇක්ටිවිටි මතකය එන්නේ.. ඒකනම් ලියන්න සීරීස් එකක්ම...
ප.ලි. කොළඹ වෙසෙන ආදී මලියදේවයින්ටයි මේ පණිවිඩේ.. මාර්තු 17 වෙනිදා වාද්දුව හොලිඩේ රිසොර්ට් එකේ පැවැත්වෙනවා කොළඹ වෙසෙන මලියදේවයින්ගේ සුහද හමුවක්... වැඩි විස්තර 0714449162 අංකයෙන් මගෙනුත්, 0772975584 අංකයෙන් ටිකිරිගෙනුත් දැන ගන්න පුලුවන්..
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...