Wednesday, November 3, 2010

ඇතුවත් බැරි නැතිවත් බැරි තනතුර

අද ලියන්න යන්නෙ ඒ මීට අවුරුදු කීපෙකට කලින් මම ලියපු කවියක්.... ඒ කාලෙ මම සේවය කලේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙක් විදිහට. එහි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කලේ ප්‍රවීණ ලේඛිකා රූපා එස්. ඒකනායක මහත්මියයි... එතුමියගෙ ප්‍රධානත්වයෙන් ඉතා විශිෂ්ඨ ගනයේ බිත්ති පුවත්පතක් අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කෙරුනා.. මගේ නිර්මානත් එහි ඉදලා හිටලා පළවුනා.... එහි පළවුන මගේ නිර්මානවලින් එකක් තමයි මම අද ලියන්න හිතන්නෙ.....



පුද්ගලයෙකු තම දිවි සරි කරගන්නා        තනතුර..
නියමිත වැටුපක් අරගෙන කරගෙන යන තනතුර...
වෙද ගොවි කම්කරු ගුරු ආදී ලෙස වන  තනතුර...
කවුරුත් ආඩම්බර වෙයි පිළිබද තම        තනතුර.....


පැය අටකට අප උඩ යන අප දරනා       තනතුර.....
වෙනකකු සිත රිදවයිනම් වැඩකට නැති තනතුර....
ගේට්ටුවෙන් පිට වූ විට වලංගු නැති       තනතුර...
අයථා වැඩ සිදු වන විට ගහලා යන        තනතුර....



අද පහලින් බලය නැතිව ඉන්න එකා           තනතුරින්......
හෙට වෙනකොට පුදුම ලෙසට ඉහලට යයි    තනතුරින්.....
සමහරු පන්දම් අල්ලා උඩ සිටියත්              තනතුරින්.....
කල අවැඩක් හෙළිවන විට පැනලා යයි        තනතුරින්.....


හොද වැඩ බොරු වැඩ ගොං වැඩ කරනට හැකි  තනතුර...
සමහරුනගෙ ඔලුව ටිකක් පුම්බා ඇති               තනතුර...
කොයික කොහොම උනත් අපිත් රැක ගත යුතු  තනතුර...
මහ ජනයට වාසි වෙන්න යෙදවිය යුතු             තනතුර...  



තමන් ඉහල අනෙකා පහල උනත් විවිධ           තනතුරින්.....
කර ගන්නට බැරි දේ ඇත බලය පෙන්වා          තනතුරින්...
අනෙකගෙ තත්ත්වය පහලට දාන එකා             තනතුරින්....
නිකමෙකු වෙයි වැඩකට නැති ඔහු දරනා           තනතුරින්....


බොරුවට උඩ පනින් නැතුව තම තනතුර ගැන       සිතා...
මනුස්සකම ඉහලට ගමු තනතුර පසුවට                  තබා...
මේ පින්බිම ඇතුලෙ ඉන්න සේවක අප සැම       දෙනා....
සාමය සමගිය පතුරමු සැම මුව නගමින්              සිනා... 



6 comments:

  1. කවිකාරයෝ දැන්නේ එළි බහින්නේ...

    මේ කෑල්ල තමා හොඳම....
    ඉතා විශිෂ්ඨ ගනයේ බිත්ති පුවත්පතක් අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කෙරුනා...මගේ නිර්මානත් එහි ඉදලා හිටලා පළවුනා....

    ReplyDelete
  2. අපේ නිර්මාණ පලවෙන්නෙ වෙන මොකුත්ම තිබ්බෙ නැත්නම් තමයි,,, හිකිස්....

    ReplyDelete
  3. උබත් කවිකරුවෙක් නොවැ...

    ReplyDelete
  4. messek giya uda...me abeethamada liwwe.:P

    ReplyDelete
  5. ටොප් නෙ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...