අද මම කියන්න යන්නෙ මම විවාහ වෙන්න කාලෙකට කලින් මගේ අප්පච්චි මට කිව්ව අපූරු කතාවක්..... අප්පච්චි ගැන කතා කිහිපයක්ම කියලා තියෙනවනේ.. ඒ නිසා අප්පච්චි වෙලාවකට යකෙක් වගේ තරහ යන වෙලාවකට යාලුවෙක් වගේ හිතවත් වෙන කෙනෙක් කියලා දැනටමත් ඔයාලා දන්නවනෙ... මේ අප්පච්චි යාලුවෙක් වගේ හිතවත් වෙච්ච වෙලාවක කියපු කතාවක්...
මම ඉතින් මගෙ ආදර සම්භන්ධතාවය ගැන ගෙදරට එහෙම කියලා මගේ විවාහ කටයුතු කරන අයුරු ගැන ගෙදර සාකච්ඡා වෙන කාලෙදි තමයි මේ කතා සිද්ධ වුනේ..... බදින්න යන එකා බයිට් වෙන එක කොතනත් සිරිතක්නෙ... ඒක නිසා මටත් ඒ ධර්මයෙන් මිදෙන්න බැරි උනා... අප්පච්චියි මමයි දවසක් ගියා මෙහෙම දෙබසක්...
ආ.. දැන් මොකද වැඩ කටයුතු?
හොදයි අප්පච්චි.. මම බදිනවා කියන්නෙ...
ආ එහෙමද? අප්පච්චි ඇහුවෙ හිනා වෙවී....
කමක් නැද්ද අප්පච්චි?
මම උඹට කමක් නෑ කියන්නෙත් නෑ.... කමක් තියෙනවා කියන්නෙත් නෑ.....
ඈ.. ඒ මොකද?
බදින්න එපා කිව්වොත් උඹ හිතයි මම ඉරිසියාවට කියනවා කියලා....
කොහොමද කතාව... ටිකක් වෙලා ගියාට පස්සෙ මට තේරුනා මාව බයිට් උනා තමයි කියලා.....
අභීත අයියාගේ අප්පච්චිගේ නියම කතානේ තියෙන්නේ. අප්පච්චි තාමත් ඉන්නවාද අයියේ ?
ReplyDeleteමාටත් නිකං ලාවට ලාවට වගේ හිතෙනවා ඒ කතාව ඇත්ත කියලා සහෝ...
ReplyDeleteදෙයියනේ කියලා ඉන්නවා මල්ලි.. මගේ ආයුෂත් අරන් ඉන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ...
ReplyDeleteඑදා උන්දෑ නොකියා කියාපු දේ ඇහව්වනං අද මෙ දුක නැහැ නෙව..හෙහ් හෙහ්...
ReplyDeleteඇත්ත කතාව නොවැ බං! හික් හික්!!
ReplyDeleteඅප්පච්චිගේ කතාව නම් ඇත්ත , එහෙනම් අපිටත් හිතන්න බලන්න වෙනවා ...
ReplyDeletepatta.....
ReplyDeletemaru kathawa
ReplyDeleteඅම්මප එදා කවුරුත් කිව්වෙ නෑනේ බඳින්න එපා කියල
ReplyDeleteහෙ හෙ
අහ් ටෑබූ සම්මනෙට සුබ් පෑතුම්
මොක වුණත් ඇත්ත නේද..?
ReplyDeleteමම tikakhinawenna blog සහ kathandara ගෙන මම Taboo කරපු නිර්දෙශය තමයි මෙතියෙන්නෙ
ReplyDelete""""""""""Nuwan said
November 5, 2010 at 12:39 pm
“2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්”
For this category you should have considered about “tikakhinawenna.blogspot.com” and “kathanaradara.blogspot.com”. Though these bloggers don’t present highly sciencific findings, They present interesting stories creativily which others cannot do.
“Ranaral” should be come to first place as it expose very big fraud of society.
Thanks"""""""""""""""
ඒක දැකලා අභිත අයියා ආපහු ලියන එකනම් මට මර සතුටක් ගෙනදෙන කාරනයක්.ඒක දැකලා මම අද තව එකක් දැම්මා.
hello Ayye,
I requested to taboo to consider ur blog(tikakhinawenna) and kathandarablog for awards. However it is very glad to here that now u started writting again. I didn’t believe that u would too engergized due to my post. I’m very happy.
This comment has been removed by the author.
ReplyDeleteබොහොම ස්තූතියි නුවන්....
ReplyDeleteඅම්මප මරු කතාව නොවැ :D
ReplyDeleteඅදයි මචං මම මේක කියෙව්වේ. කොහේද දැන් කියවන්න වෙලාවක් නෑනේ.
ReplyDeleteඅළුතින් කියන්න දෙයක් නෑ. ඇත්ත ඕක තමයි.