Saturday, November 6, 2010

අප්පච්චි ගැන තවත් කතාවක්.....

බ්ලොග් එකක් ලියන්න පටන් ගද්දි හිතුවෙ නැති තරම් මම දැන් දුර ඇවිත්ද කියලා හිතෙනවා.. ඒ මම අද 76 වෙනි ලිපියත් ලියන නිසා වගේම කවුන්ටරේ පෙන්නන තුන්දහස් හයසිය ගානක පැමිනීම වගේම මගේම වෙලා ඉන්න 97 දෙනාත් දැක්කම.... මාස පහකදි මම ආපු දුර ගැන මම නම් හොදටම සෑහීමකට පත් වෙලා ඉන්නෙ... ඒ අතරෙ ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන ටැබූ පොඩි බ්ලොග් සම්මාන ප්‍රධානයකුත් කරලා.... ඔන්න එකෙනුත් පොඩි සම්මානයක් මට ලැබිලා... ඒකට ස්තූතියි කියලත් ටැබූට කියන ගමන්, හිතේ ගොඩ නැගිච්ච පුංචි පහේ සංතෝසෙකුත් එක්ක තමයි අද ලියන්න ගත්තෙ......



අද මම කියන්න යන්නෙ මම විවාහ වෙන්න කාලෙකට කලින් මගේ අප්පච්චි මට කිව්ව අපූරු කතාවක්..... අප්පච්චි ගැන කතා කිහිපයක්ම කියලා තියෙනවනේ.. ඒ නිසා අප්පච්චි වෙලාවකට යකෙක් වගේ තරහ යන වෙලාවකට යාලුවෙක් වගේ හිතවත් වෙන කෙනෙක් කියලා දැනටමත් ඔයාලා දන්නවනෙ... මේ අප්පච්චි යාලුවෙක් වගේ හිතවත් වෙච්ච වෙලාවක කියපු කතාවක්...


මම ඉතින් මගෙ ආදර සම්භන්ධතාවය ගැන ගෙදරට එහෙම කියලා මගේ විවාහ කටයුතු කරන අයුරු ගැන ගෙදර සාකච්ඡා වෙන කාලෙදි තමයි මේ කතා සිද්ධ වුනේ..... බදින්න යන එකා බයිට් වෙන එක කොතනත් සිරිතක්නෙ... ඒක නිසා මටත් ඒ ධර්මයෙන් මිදෙන්න බැරි උනා... අප්පච්චියි මමයි දවසක් ගියා මෙහෙම දෙබසක්...


ආ.. දැන් මොකද වැඩ කටයුතු?


හොදයි අප්පච්චි.. මම බදිනවා කියන්නෙ...


ආ එහෙමද? අප්පච්චි ඇහුවෙ හිනා වෙවී....


කමක් නැද්ද අප්පච්චි?


මම උඹට කමක් නෑ කියන්නෙත් නෑ.... කමක් තියෙනවා කියන්නෙත් නෑ.....


ඈ.. ඒ මොකද?


බදින්න එපා කිව්වොත් උඹ හිතයි මම ඉරිසියාවට කියනවා කියලා....



බැදපන් කිව්වොත් පස්සෙ කාලෙක උඹ හිතයි.. යකෝ අප්පච්චිවත් මට බදින්න එපා කිව්වෙ නෑනෙ කියලා.....


කොහොමද කතාව... ටිකක් වෙලා ගියාට පස්සෙ මට තේරුනා මාව බයිට් උනා තමයි කියලා..... 

15 comments:

  1. අභීත අයියාගේ අප්පච්චිගේ නියම කතානේ තියෙන්නේ. අප්පච්චි තාමත් ඉන්නවාද අයියේ ?

    ReplyDelete
  2. මාටත් නිකං ලාවට ලාවට වගේ හිතෙනවා ඒ කතාව ඇත්ත කියලා සහෝ...

    ReplyDelete
  3. දෙයියනේ කියලා ඉන්නවා මල්ලි.. මගේ ආයුෂත් අරන් ඉන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ...

    ReplyDelete
  4. එදා උන්දෑ නොකියා කියාපු දේ ඇහව්වනං අද මෙ දුක නැහැ නෙව..හෙහ් හෙහ්...

    ReplyDelete
  5. ඇත්ත කතාව නොවැ බං! හික් හික්!!

    ReplyDelete
  6. අප්පච්චිගේ කතාව නම් ඇත්ත , එහෙනම් අපිටත් හිතන්න බලන්න වෙනවා ...

    ReplyDelete
  7. අම්මප එදා කවුරුත් කිව්වෙ නෑනේ බඳින්න එපා කියල

    හෙ හෙ

    අහ් ටෑබූ සම්මනෙට සුබ් පෑතුම්

    ReplyDelete
  8. මොක වුණත් ඇත්ත නේද..?

    ReplyDelete
  9. මම tikakhinawenna blog සහ kathandara ගෙන මම Taboo කරපු නිර්දෙශය තමයි මෙතියෙන්නෙ

    """"""""""Nuwan said
    November 5, 2010 at 12:39 pm
    “2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්”

    For this category you should have considered about “tikakhinawenna.blogspot.com” and “kathanaradara.blogspot.com”. Though these bloggers don’t present highly sciencific findings, They present interesting stories creativily which others cannot do.

    “Ranaral” should be come to first place as it expose very big fraud of society.

    Thanks"""""""""""""""

    ඒක දැකලා අභිත අයියා ආපහු ලියන එකනම් මට මර සතුටක් ගෙනදෙන කාරනයක්.ඒක දැකලා මම අද තව එකක් දැම්මා.

    hello Ayye,

    I requested to taboo to consider ur blog(tikakhinawenna) and kathandarablog for awards. However it is very glad to here that now u started writting again. I didn’t believe that u would too engergized due to my post. I’m very happy.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. බොහොම ස්තූතියි නුවන්....

    ReplyDelete
  12. අම්මප මරු කතාව නොවැ :D

    ReplyDelete
  13. අදයි මචං මම මේක කියෙව්වේ. කොහේද දැන් කියවන්න වෙලාවක් නෑනේ.
    අළුතින් කියන්න දෙයක් නෑ. ඇත්ත ඕක තමයි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...