ත්‍රීවීල් වල තමයි හොදම කතා තියෙන්නෙ.... පිඹගෙන යන ත්‍රීවීල් එකක පිටි පස්සෙ මෙහෙම ගහලා තිබ්බා...
මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න.....
ඇත්ත තමයි.... මිනිහා ගිය විදිහටනම් මට හිතුනෙ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලයි.....
කොහොමත් ත්‍රී වීල් රියැදුරෝ එහෙන් මෙහෙන් දාලා අස්සෙන් රිංගලා යන්න සමත් අයනෙ... එක පාරට තමන්ගෙ වාහනේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් මතුවෙනවා දැකලා ඉබේටම තිරිංග තද කරන වාහන රියැදුරන්ගෙ මුවෙනුත් පිට වෙන්නෙ මරුම වදන් තමයි... ඉතින් මෙහෙම අස්සෙන් රිංග රිංග යන ත්‍රී වීල් එකක් පිටි පස්සෙ ගහලා තිබ්බ මෙහෙම වැකියක්....
පොඩි උනාට දග නෑ පැටියෝ.....
බනින්න හදනකොටම මේ වැකිය දැක්ක අයට බනින්න අමතක වෙනවා ඇතිනේද?
පුද්ගලික බසුත් ඉදලා හිටලා ලංගම බසුත් මේ වගේ වැකි ප්‍රදර්ශනය කරනවා.. පුද්ගලික බස් වල ජනප්‍රියම කවි තමයි විල්ඹට් අඹතලාව මහත්තයාගෙ කවි.. ඒ ගැනනම් වෙනම ලිපියකුත් ලියන්න පුළුවන්.. ඔන්න වටේ යනවා.. ආයෙ කතාවට එන්න ඕන.. හරි ඉතින් දවසක් රියදුරු මහත්තයගෙ අසුන උඩින් මගී ජනතාවට කියවන්න පුළුවන් වෙන විදිහට මේ වගේ වැකියක් මම දැක්කා.....
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...
ඇත්තටම ගෑනු ලමයි රියැදුරු මහත්තයා දිහා බල බල ගිහින් අන්තිමේට එයත් බල බල යන්න ගත්තම බස් එකේ යන මගීන්ට ඊලග මොහොතෙ අත්වන ඉරනම ගැන හිතාගන්න පුළුවන් නේද?
අද මට මේ කතාව කියන්න පාදක උන වැකිය තමයි මේ... අතේ සතයක් නැතිව කෝටි ගනන් ගැන කතා කරන අයට හිතේ හැටියට ගහන අතුල් පහරක් වගේ තමයි මට මේක දැනුනෙ... බලන්නකො මොකද්ද මේ වාක්‍යය... පරණ ආතල් එකක්ද දන්නෙනම් නෑ..... ඒත් මම නම් අදමයි දැක්කෙ..
හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?
ඇත්තට මොකටද?
http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs043.snc4/34503_404204078041_595203041_4424217_1564264_n.jpg
ReplyDeleteඒ වගේම කැත කතාවලුත් ඔය වගේ ගහලා තියෙනවා. මං දැක්කා වාහන කීපෙකම "ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි" කියලා ගහලා තියෙනවා. මම නං හිතන්නේ ඒක මාර කියමනක් විදිහට ගහගෙන ඉන්නේ හොඳටම ඉරිසියාව දැනෙන මිනිස්සු.
ReplyDeleteඔතාගෙන ආපු හැටියට නොවැ පතාගෙන යන්න වෙන්නේ....
ReplyDeleteමල සේකයි...කිව්වේ අනිත් පැත්තට....
"පතාගෙන ආපු හැටියටනේ ඔතාගෙන යන්න වෙන්නේ..."
හප්පන්න එපා පුපුරයි බෝම්බේ....!!!
එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි...
කකුල කිව්වේ ත්‍රිවීල් එකේ රෝදෙට නෙවැ.
යනවානම් අනේ මං අරන්
යන තැනකට හෙමින් යමුකෝ බං....
මල්ලී චූ බරද හයියෙන් යන්නේ..??
හැප්පුවොත් කුකුල් පැටව් පව්...
ගෙනියන්නේ බිත්තර....
How is my driving...???
call XXX XXXXXXX
අහ් ඒක අර වගේ රුවන් වැකියක් නෙවේද මන්ද...
අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්! (ත්‍රී වීල්)
ReplyDelete"හැටත් වයසක්ද"
ReplyDeleteමම මේ රුවන් වැකිය දැක්කේ තොළඹ දී......
කටු ගෙට යවන්න වටින 60ශ්‍රී**** බස් එකක පිටි පස්සේ ගහලා තිබ්බා.
මේක ටෙලියකින්:
ReplyDeleteබුදු රදුන් නිසා සමහරු නිවන් ගියා
බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා
මලින් පිරි විලක් වුනත්, කලකදී පලක් නැති වලක් වේ...
ReplyDeleteහරියටම මතක නෑ.. ඔකතමයි මන් දැක්කෙ බුස් එකක දාල තියෙනව..
අත හිත නැන්දම්මාගෙනි.
ReplyDeleteඅහක බලන් යන්නෙ නංගි ඇයි අපි කලුද?.
සදේ ඇයි සරදම්?.
ම්.... මෙහෙමත් තිබුන එක ත්‍රීවීල් එකක. හැබැයි හිනා යන්නෙ නම් නෑ.
රියදුරා අබාධිත රණවිරැවෙකි.
"අත හිත නැන්දම්මාගෙන්..." අනේ මෙහෙම නැන්දම්මලා අපිටත් හම්බුවෙනවා නම්... හික්ස්.... :D
ReplyDeleteඔබ පසු වුනා නෙමෙයි මා ඔබ පසු කලා...!!!
ReplyDeleteඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?
ReplyDeleteවද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..
මොකද හදිස්සි?
ReplyDeleteඅපිත් යන්නෙ එහෙට තමයි....
ත්‍රිවීල් එකක තිබ්බේ..
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ReplyDeleteMaahasayta.blogspot.com
මෙන්න මෙතනයි මේක තිබ්බේ.
ඇයි තව හොඳ හොඳ ඒවා මම දැකලා තියෙනවා
ReplyDelete"අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ?"
"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"
"අත හිත බාප්පාගෙනි"
"ආලෝකය නැතිවිට සෙවණැල්ලද මග හරී"
මාලෙ ගෙලේ - චේ පපුවේ
ReplyDeleteකිසිම දෙයක් නෑ ඔලුවේ
බස් එකක තිබුනේ
" Anunge photo Apita MOto" Tree weel
ReplyDeleteමාත් ඔය වගේ අමුතු දේවල් ටිකක් දැකල තියනව
ReplyDeleteවමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
පිඔගෙන එන්නෙ... ඉඔගෙන යන්නද....
මැක්ස් කතාව අයියේ... මාත් මේ ළඟදි දැක්කා...
ReplyDeleteමේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට
ReplyDeleteසිනී දිය උනාට ගොනි දියවෙන්නෙ නැ...
ReplyDeleteරෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා
ReplyDeleteතව දවස් 2kma තියෙනවා.... ඔන්න ඔහේ දැන් නිදා ගෙන හෙට Assignment 1ka පටන් ගන්නවා
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව..
ReplyDelete"අනුන්ගේ දුර්වලතා සිනහවෙන් ඉවසන්න"
ReplyDeleteමේක තිබුනෙ නම් ආටා එකක හැබැයි මාතලී නම් කොකු රාජයෙක්.
ඔයානං කියයි.. අම්ම මට බනියි.. (වැල්ලම්පිටියෙදි ත්‍රීවීල් එකක)
ReplyDelete"අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ, අහස් මාලිගා තැනුවට මම ඇඹවයි සිටින්නේ" ත්‍රීවිල් එකක තිබ්බේ.
ReplyDeleteඅදීත අයියගේ මේ පෝස්ට් එක මට මේල් එකකින් ආවා. මටත් නිකමට හිතුනා මේල් එකේ පොඩ්ඩක් කොපි කරලා ගූගල් වල සර්ච් කරලා බලන්න. එතකොට තමා මේල් එකේ තිබ්බ ලිපිය කොපි කරලා තිබ්බ තන හම්බ උනේ. මේ ලිපියම එලකිරි එකෙත් තියෙනවා. කොහොමද වැඩේ !!
ReplyDeleteතව එකක් මතක් උන මටත් වතුරෙන් හැදෙන ලුණු වතුරෙන්ම දිය වේ මේක තිබුනේ බස් එකක ගහල
ReplyDelete