Wednesday, November 10, 2010

පට්ට රුවන් වැකි.......

අද කියන්න යන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක්.... ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්‍රී වීල් වල ලොරිවල එහෙම ගහලා තියෙන වැකි... අද මම පොඩි ගමනක් යද්දි දැක්ක රුවන් වැකියක් නිසා මට ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුනා.... මේ පෝස්ට් එක කියවන ඔයාලත් කමෙන්ට් විදිහට ඔයාලා මගතොට දැකපු වාක්‍යයන් දමාවි කියලත් මම හිතනවා....



ත්‍රීවීල් වල තමයි හොදම කතා තියෙන්නෙ.... පිඹගෙන යන ත්‍රීවීල් එකක පිටි පස්සෙ මෙහෙම ගහලා තිබ්බා...


මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න.....


ඇත්ත තමයි.... මිනිහා ගිය විදිහටනම් මට හිතුනෙ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලයි.....


කොහොමත් ත්‍රී වීල් රියැදුරෝ එහෙන් මෙහෙන් දාලා අස්සෙන් රිංගලා යන්න සමත් අයනෙ... එක පාරට තමන්ගෙ වාහනේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් මතුවෙනවා දැකලා ඉබේටම තිරිංග තද කරන වාහන රියැදුරන්ගෙ මුවෙනුත් පිට වෙන්නෙ මරුම වදන් තමයි... ඉතින් මෙහෙම අස්සෙන් රිංග රිංග යන ත්‍රී වීල් එකක් පිටි පස්සෙ ගහලා තිබ්බ මෙහෙම වැකියක්....


පොඩි උනාට දග නෑ පැටියෝ.....


බනින්න හදනකොටම මේ වැකිය දැක්ක අයට බනින්න අමතක වෙනවා ඇතිනේද? 



පුද්ගලික බසුත් ඉදලා හිටලා ලංගම බසුත් මේ වගේ වැකි ප්‍රදර්ශනය කරනවා.. පුද්ගලික බස් වල ජනප්‍රියම කවි තමයි විල්ඹට් අඹතලාව මහත්තයාගෙ කවි.. ඒ ගැනනම් වෙනම ලිපියකුත් ලියන්න පුළුවන්.. ඔන්න වටේ යනවා.. ආයෙ කතාවට එන්න ඕන.. හරි ඉතින් දවසක් රියදුරු මහත්තයගෙ අසුන උඩින් මගී ජනතාවට කියවන්න පුළුවන් වෙන විදිහට මේ වගේ වැකියක් මම දැක්කා.....


නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...


ඇත්තටම ගෑනු ලමයි රියැදුරු මහත්තයා දිහා බල බල ගිහින් අන්තිමේට එයත් බල බල යන්න ගත්තම බස් එකේ යන මගීන්ට ඊලග මොහොතෙ අත්වන ඉරනම ගැන හිතාගන්න පුළුවන් නේද?



අද මට මේ කතාව කියන්න පාදක උන වැකිය තමයි මේ... අතේ සතයක් නැතිව කෝටි ගනන් ගැන කතා කරන අයට හිතේ හැටියට ගහන අතුල් පහරක් වගේ තමයි මට මේක දැනුනෙ... බලන්නකො මොකද්ද මේ වාක්‍යය... පරණ ආතල් එකක්ද දන්නෙනම් නෑ..... ඒත් මම නම් අදමයි දැක්කෙ..


හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?

ඇත්තට මොකටද?

27 comments:

  1. http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs043.snc4/34503_404204078041_595203041_4424217_1564264_n.jpg

    ReplyDelete
  2. ඒ වගේම කැත කතාවලුත් ඔය වගේ ගහලා තියෙනවා. මං දැක්කා වාහන කීපෙකම "ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි" කියලා ගහලා තියෙනවා. මම නං හිතන්නේ ඒක මාර කියමනක් විදිහට ගහගෙන ඉන්නේ හොඳටම ඉරිසියාව දැනෙන මිනිස්සු.

    ReplyDelete
  3. ඔතාගෙන ආපු හැටියට නොවැ පතාගෙන යන්න වෙන්නේ....
    මල සේකයි...කිව්වේ අනිත් පැත්තට....
    "පතාගෙන ආපු හැටියටනේ ඔතාගෙන යන්න වෙන්නේ..."

    හප්පන්න එපා පුපුරයි බෝම්බේ....!!!

    එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි...
    කකුල කිව්වේ ත්‍රිවීල් එකේ රෝදෙට නෙවැ.

    යනවානම් අනේ මං අරන්
    යන තැනකට හෙමින් යමුකෝ බං....

    මල්ලී චූ බරද හයියෙන් යන්නේ..??

    හැප්පුවොත් කුකුල් පැටව් පව්...
    ගෙනියන්නේ බිත්තර....

    How is my driving...???
    call XXX XXXXXXX
    අහ් ඒක අර වගේ රුවන් වැකියක් නෙවේද මන්ද...

    ReplyDelete
  4. අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්! (ත්‍රී වීල්)

    ReplyDelete
  5. "හැටත් වයසක්ද"
    මම මේ රුවන් වැකිය දැක්කේ තොළඹ දී......
    කටු ගෙට යවන්න වටින 60ශ්‍රී**** බස් එකක පිටි පස්සේ ගහලා තිබ්බා.

    ReplyDelete
  6. මේක ටෙලියකින්:

    බුදු රදුන් නිසා සමහරු නිවන් ගියා
    බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා

    ReplyDelete
  7. මලින් පිරි විලක් වුනත්, කලකදී පලක් නැති වලක් වේ...
    හරියටම මතක නෑ.. ඔකතමයි මන් දැක්කෙ බුස් එකක දාල තියෙනව..

    ReplyDelete
  8. අත හිත නැන්දම්මාගෙනි‍.
    අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කලුද?.
    ස‍දේ ඇයි සරදම්?.

    ම්.... ‍‍‍මෙහෙමත් තිබුන එක ත්‍රීවීල් එකක. හැබැයි හිනා යන්නෙ නම් නෑ.

    රියදුරා අබාධිත රණවිරැ‍‍වෙකි.

    ReplyDelete
  9. "අත හිත නැන්දම්මාගෙන්..." අනේ මෙහෙම නැන්දම්මලා අපිටත් හම්බුවෙනවා නම්... හික්ස්.... :D

    ReplyDelete
  10. ඔබ පසු වුනා නෙමෙයි මා ඔබ පසු කලා...!!!

    ReplyDelete
  11. ඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?

    වද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..

    ReplyDelete
  12. මොකද හදිස්සි?
    අපිත් යන්නෙ එහෙට තමයි....
    ත්‍රිවීල් එකක තිබ්බේ..

    ReplyDelete
  13. ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.

    Maahasayta.blogspot.com
    මෙන්න මෙතනයි මේක තිබ්බේ.

    ReplyDelete
  14. ඇයි තව හොඳ හොඳ ඒවා මම දැකලා තියෙනවා

    "අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ?"

    "සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"

    "අත හිත බාප්පාගෙනි"

    "ආලෝකය නැතිවිට සෙවණැල්ලද මග හරී"

    ReplyDelete
  15. මාලෙ ගෙලේ - චේ පපුවේ
    කිසිම දෙයක් නෑ ඔලුවේ

    බස් එකක තිබුනේ

    ReplyDelete
  16. මාත් ඔය වගේ අමුතු දේවල් ටිකක් දැකල තියනව

    වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
    පිඔගෙන එන්නෙ... ඉඔගෙන යන්නද....

    ReplyDelete
  17. මැක්ස් කතාව අයියේ... මාත් මේ ළඟදි දැක්කා...

    ReplyDelete
  18. මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට

    ReplyDelete
  19. සිනී දිය උනාට ගොනි දියවෙන්නෙ නැ...

    ReplyDelete
  20. රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා

    තව දවස් 2kma තියෙනවා.... ඔන්න ඔහේ දැන් නිදා ගෙන හෙට Assignment 1ka පටන් ගන්නවා

    ReplyDelete
  21. රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව..

    ReplyDelete
  22. "අනුන්ගේ දුර්වලතා සිනහවෙන් ඉවසන්න"
    මේක තිබුනෙ නම් ආටා එකක හැබැයි මාතලී නම් කොකු රාජයෙක්.

    ReplyDelete
  23. ඔයානං කියයි.. අම්ම මට බනියි.. (වැල්ලම්පිටියෙදි ත්‍රීවීල් එකක)

    ReplyDelete
  24. "අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ, අහස් මාලිගා තැනුවට මම ඇඹවයි සිටින්නේ" ත්‍රීවිල් එකක තිබ්බේ.

    ReplyDelete
  25. අදීත අයියගේ මේ පෝස්ට් එක මට මේල් එකකින් ආවා. මටත් නිකමට හිතුනා මේල් එකේ පොඩ්ඩක් කොපි කරලා ගූගල් වල සර්ච් කරලා බලන්න. එතකොට තමා මේල් එකේ තිබ්බ ලිපිය කොපි කරලා තිබ්බ තන හම්බ උනේ. මේ ලිපියම එලකිරි එකෙත් තියෙනවා. කොහොමද වැඩේ !!

    ReplyDelete
  26. තව එකක් මතක් උන මටත් වතුරෙන් හැදෙන ලුණු වතුරෙන්ම දිය වේ මේක තිබුනේ බස් එකක ගහල

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...