Friday, February 11, 2011

බෝඩිමේ හිටපු ගොඩාක් උන් විවාහකයි.... මෙන්න අලුත්ම පුවත්......

බෝඩිමේ කතා මතකනේ....  පොඩ්ඩා බැච් ට්‍රිප් එක ගිය හැටි, ලකියගේ රතිඤ්ඤෙ, අන්කල්ගෙ සුරුට්ටු සෙල්ලම, පොඩ්ඩා වෙඩින් එකට ගිය හැටි, ලුනාට නම වැටුන හැටි ආදී ඔයාලා කැමතිම සීරීස් එකක් නෙ ඒ බෝඩිමේ සීරීස් එක... දැන් ඉතින් ඒකෙ හිටපු ලුනා, රුවන්, මම, පොඩ්ඩා, පබා, අඩා ඔක්කොම විවාහකයි. අවිවාහක උන්ට ඉන්නේ අමිලයයි අන්ජයි විතරයි... අමිලයාට ලව් එකක් තිබ්බත් නිතරම ඉන්නේ සංක්‍රාන්ති සමයේ.... බෝඩිමේ හිටපු නිකැලැල් පිරිසිදු නොකිළිටි චරිතය තමයි අන්ජා.... හිටියොත් හොඳට හැදී... දෙවියොත් නමට වදී... කිව්වට මූව දැක්කොත් අපිට වැදපු උනුත් අහක බලා ගන්නවා...


සුරා සූදුවෙන් තොර අවුරුදු 29ක් තිස්සේ ගෑණු ළමයෙක් එක්ක සමීප සම්භන්ධතා නොපවත්වපු, දෙමවුපියන්ට කීකරු අන්ජාට ගිය සති දෙකේ මම විසින් මල්සරාට කියලා ඊතලයක් අමාරුවෙන් විද්දෙව්වා.... ඔන්න ඇගේ වැදිලා දැන් ප්‍රේමයෙන් මුසපත් වෙලා ලබන මාසෙ විතර වෙද්දි කසාදත් බදින්නද කොහෙද හදන්නෙ.. හික්ස්...


අහ්. මනාලිය.... කවුද කිය නේද දැන් ප්‍රශ්නේ? අනේ මන්දා මේවා කියලත් බෑ.. නොකියත් බෑ... සුන්දර හිතක් තියෙන අපේ බ්ලොග් අවකාශෙම සහෝදරියක්.... බ්ලොග් පෝස්ට් 100කටත් එහා ගිය අපූරු නිර්මාණකාරිණියක්... කෙන්දරේ බැලුවෙත් යක්කල දෛවඥ්ඥයා...  ගැලපෙනවා කියන්නේ ඕසෙට... කවුද කියලා කිව්වොත් දැන්ම අගේ නැතිවෙන නිසා කාලයාට භාරදෙමු තීරණය කරන්න... පුළුවන්නම් ඔයාලාට හිතන නම කමෙන්ට් එකක් විදිහට පල කරලා යන්න....


දැන් මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සෙ මම අන්ජාට කෝල් කලා.. දෙබස මෙහෙමයි.....


අන්ජා.. කොහොමද මචන් වැඩේ.. දැන් නැගලා යනවද?


(කම්මැලි ස්වරයෙන්) ඔව් බන්... කෝල් එහෙම කරනවා.....


තවම හම්බ උනේ නැද්ද?


නෑ බන්.. මම කට වරද්දා ගත්තනේ...


නෑ.. ඇයි මොකද උනේ....


මම හරකා වගේ ඇහුවනේ ගෙදර එන්නද කියලා....


අනේ උඹ වගේ හරකෙක්.... අපෙන් උපදෙසක් වත් ගන්න තිබ්බනෙ කෝල් කරලා.... (ඒත් ඌ කරපු වැඩේත් නරක නෑ මම හිතන්නේ...)


දෙයියනේ කියලා මේ සිද්ධිය අපේ බෝඩිමේ අනිත් උන්ට දැනුම් දීලා ගත්තා අර කියන ගෑනු ලමයට කෝල් එකක්....


හෙලො... ::::::::: නංගිද?


ඔව්..... කවුද? (පට්ටම කම්මැලි ස්වරයෙන්)


ආ නංගි නිදාගෙනද හිටියේ? සොරි නංගි.. මම පස්සෙ ගන්නම්..


න්.. නෑ.. කවුද කතා කරන්නේ... (මම කුරුණෑගල ගෙදර ෆෝන් එකෙන් ගත්ත නිසා හිතන්න ඇති අන්ජාගේ ගෙදරින්වත්ද කියලා..)


නංගි මම අන්ජගෙ අයියා.. අපේ මල්ලි කිව්වා මේ ඔයත් එක්ක සම්භන්ධයක් තියෙනවා කියලා...


ම්ම්....


ඉතින් ඒකට ඔයාලගෙ ගෙදරත් එක්ක කතා කරගන්න කිව්වා.. ඉතින් මම ගෙදරත් එක්ක කතා කරන්න කලින් ඔයාට කෝල් කලේ....


අ.අ..ආ.. අ.. අ.. අ.. අ..


නංගි බය වෙලාද? බය වෙන්න එපා... මම ඔයාලගෙ අම්මත් එක්ක කතා කලාට කමක් නෑ නේද එහෙනම්....


අ.. ආ.. අ.. අ... අ..අ ..අ...


බය වෙන්න එපා නංගි... මම අන්ජාගෙ අයියා ලුනා නෙමෙයි.. මම අභීත කියලා කෙනෙක් කතා කරන්නේ....


අනේ අභීත අයියෙ.. මම........ @#%$%^@@*@*!!*@#&#&##& (ඉතිරි ටික මම හිතා ගත්තා....) 


දෙවෙනි කොටස ඉවරයි.. දැන් තුන්වෙනි කොටස....


ඊයෙ මට හම්බුනා අන්ජාගේ අක්කා.... අක්කත් ඉතින් මේ ගැන මමත් එක්ක කතා කලා.. 


මල්ලි මොකක්ද මල්ලි මේ අපේ එකා කරගෙන තියෙන්නේ...


ඔයාලා කරලා දෙනකන් බලාගෙන හිටියට කෝ නෑනේ... ඔන්න අපි එකක් කරලා දුන්නා....


අපෝ ලොකු දෙයක්.... මට කෙල්ලගෙ පොටෝස් එහෙම පෙන්නුවා ඉන්ටනෙට් එකේ...


ආ..ඉතින් නෑනා පොඩ්ඩ ලස්සනද?


වැරැද්දක් නෑ නේද? තාත්තත් එහෙට කතා කලා.. ලබන සතියෙ එහෙ යන්නත් දා ගත්තාද කොහෙද? (කිරි අප්පට බල්ලො පැනපි... දවස් 6ට මුන් ගිහින් තියෙන දුර...) 


දවස් 6ට මෙච්චර කතා ලිව්වනම් මාස 6ක් ගිය තැන මට ලියන්න වෙන්නෙ මුගෙ කතා විතරයි බ්ලොග් එකේ.... කොහොම උනත් කමක් නෑ අන්ජා.... උඹලා දෙන්නට යහපත් අනාගතයක්.... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා මචන්....


ප.ලි. අන්ජා මම උඹට දැන්මම කියන්නේ.. මගෙ ඉස්සර හිටපු දුලිප් කියලා යාළුවෙකුටත් මම මෙහෙම උදව් කරලා දැන් ඌ බැදලා ලමයෙකුත් ඉන්නවා.... දැන් ඌ මගෙ මූනවත් බලන්නෙ නෑ... උඹලා දෙන්නා මට එහෙම කරන්න එපා මචන්.....


ප.ප.ලි.  දිලුම්ගෙ නිහඩතාවය බිදින්න සයිබර් යාලුවෝ ටික රැස් වෙන්න... 2011 පෙබරවාරි 12 වෙනිදා හවස දෙකට විහාරමහාදේවී එකට එන්න.... වැඩි විස්තර මෙතනින් ගන්න... නිහඬ සවනතට හඬ පිඹින්න එන්න....


39 comments:

  1. ඒකත් ජයසිරි මoගලම්!!!!!!!

    ReplyDelete
  2. චිරං ජයතු සොඳුරු සිතේ

    ReplyDelete
  3. ඇනෝ... වැරදි උපකල්පනයක්.....

    ReplyDelete
  4. සොඳුරු සිතට writer's block හැදිලා තියෙන්නෙ මල්සරා විදලා තියෙන්නෙ අතටද දන්නෙ නෑ.

    ReplyDelete
  5. වැරදි උපකල්පනය නැවතත්... සොදුරු සිත නෙවෙයි අයියෝ.....

    ReplyDelete
  6. අනේ...අහින්සක අන්ජාත් ඉවරයි....

    ReplyDelete
  7. ඉතින් උඹ දීපු criteria එකට ගොඩක්ම ගැලපෙන්නෙ වත්සලා තමයි. ඇයි ඉතින් උඹ කියන්නෙ "සුන්දර හිතක් තියෙන අපේ බ්ලොග් අවකාශෙම සහෝදරියක්.... බ්ලොග් පෝස්ට් 100කටත් එහා ගිය අපූරු නිර්මාණකාරිණියක්... " කියලනේ. වත්සලාත් තාම බැඳලා නෑනෙ. හැබැයි මට මතක විදිහටනම් වත්සලාට දැන් 29ට වඩා වැඩියි වගේ. (ගුටි කන්න වෙයිද දන්නෙ නේ මේවා මෙහෙම ලියලා)

    ReplyDelete
  8. වත්සලා දැන් පෝස්ට් 200ත් පැනලා.. මම කියන්නේ 100 පැනපු එක්කෙනෙක් ගැන

    ReplyDelete
  9. හපොයි කොරල තියෙන වින්නැහියක්.....

    මේ අභීත මහත්තයෝ... මල් සරා මහත්තයගෙ බුදු පිට් එකක් වගේ...
    බැරිවෙයිද මටත් ඔය ඊතලයකිං විද ගන්ට (කීයක් හරි දෙන්නං ඉතිං) හොඳ ගුනයහපත් කෙනෙකුට හිහ්

    ReplyDelete
  10. කවුද බොලේ අපි නොදන්න සෙන්චරි ගහපු බ්ලොග් කාරිය? තව පොඩි ඉඟියක් දියන්

    ReplyDelete
  11. ටුවරිසම් වලට වඩා මගුල් කපු කම හොඳද අභීත, කළු කෝට් එකකුය් කුඩ කබලකුය් හොයා ගත්තද?

    ReplyDelete
  12. ඒ දෙන්නටත් ජය සිරි මංගලම්... ඇත්තටම කවුද මේ බ්ලොග්කාරි?

    ReplyDelete
  13. හප්පට සිරා... කිව්වලු අභි අයිය කපුකමුත් කරනවද... හොදා හොදා.... අපිටක් යමක් කමක් කරගන්න පුළුවන් වෙයි වගේ.... :)

    ReplyDelete
  14. නෙද්දකිං..තෝ මට කියලා වැඩේ කොරවගන්නකොට මං දන්නවද ඔය වගක්..නැත්තං පොරොංදං බලන්ට නමත් ඕනේ කියලා හරි මං අහ ගන්නවනේ ඕක..
    ඒත් ඉතිං ගම් පළාතනං දන්නවා..ටිකක් කල්පනා කොලොත් හොයා ගන්ටත් බැරි නැහැ..
    ඒත් ඉතිං ඔච්චර මහන්සි වෙන්ට ඕන නැහැ..

    විශේෂ දැන්වීමයි..

    අදාල කෙනා තමුන්ගේ නම දැනුං දෙනවා හොදයි..

    ReplyDelete
  15. ඇ මචෝ,මෙන්න මෙහෙමයි බ්ලොග් එකද ඔය කියන්නේ.....පොස්ට් 103යි......කිව්වනම් බලන්න මම හරිද කියලා..

    ReplyDelete
  16. මෙන්න මෙහෙමයි කිව්වේ දුල්හරීද? නෑ වැරදියි..... තව කල්පනා කරලා බලන්න... එක පොඩි උදව්වක් දෙන්නම්... ඒ බ්ලොග් එකේ කවි, කතා, නිසඳැස්, ජෝක් කතා, තාක්ෂණික ලිපි ආදී ගොඩාක් ලොකු පරාසයක් තියෙන එකක්.....

    ReplyDelete
  17. විශේෂ දැනුම් දීමයි......

    පුද්ගලිකවත් මට ඊමේල් ඇවිත් තියනව මේ මමද කියල අහල... මේ මම නෙමෙයි . අර කමෙන්ට් කරල තියෙන ඇනෝ කියල තියනව හරි. දැන් මට 29ට වැඩී. උපන් දිනය කියනව නම් 26/05/1979 .

    මල්සරා මුණ ගැහෙන්න ගිහින් එයත් එක්ක මගේ තියෙන ගිවිසුම් වහපු කෙනෙක් මම. ඒ නිසා මල්සරාගේ කතා වලට මාව ගාව ගන්න බැහැ දැන්...

    කවුරු නමුත් ඔය කියන සොඳුරු සිතක් තියන අපූරු නිර්මාණකරන බ්ලොග්කාරියට මගෙනුත් උණුසුම් සුබ පැතුම්....

    අභීත.... ඔබටත් මේ රැකියාවේ ඉහලටම යන්න ලැබේවා...

    ReplyDelete
  18. අය්යෝ මම උදේ ඉඳන් ඉඳගන බ්ලොග් සීයකට වඩා ලියපු බ්ලොග්කාරියක්ව හොයනවා.

    ReplyDelete
  19. පොස්ට් 167 ක් නේ අභීත

    ReplyDelete
  20. නෑ නිශ්... එච්චර නෑ...

    ReplyDelete
  21. මොකද්ද බං ගනං උස්සන්නෙ? දැන් වැඩේ හරිගිය එකේ නම කියපංකෝ. නැත්තං බ්ලොග් එකේ නමේ මුල් අකුර හරි කියන්න.

    ආ...අර ජනනි නේද?

    ReplyDelete
  22. මේ අබී අඩේ මටත් කපු කමකු කොරපංකෝ බං.. මේ අවුරුද්දේ වත් වැලන්ටයින් එකට වටයක් යන්න... මොනාද බං?

    මමනම් දන්නේ නෑ ඕං බ්ලොග් කාරිව...

    මොනා වුනත් අයියා උඹට පිංසිද්ධ වෙනවා මචං, ඒ කරපු වැඩේට. (ඉතිං උඹ කැමති නැද්ද ඒ වගේ තව පිං ටිකක් කරගන්න?)

    අළුත් ජොබ් එකට සුභ පැතුම්....

    ReplyDelete
  23. ‍ටුවරිසම් වලට වැඩිය අලුත් රස්සාවනං නැගල යයි වගේ, ඇයි ඉතිං බැලුවොත් ඇත්නං නාහෙන් අඬාගත්තුගමන් ඉන්නෙ කට්ටියනෙ වැඩියම ඉන්නෙ. ඔය දැනටමත් සෑහෙන්න ඉල්ලුම තියෙන්නෙ.

    ReplyDelete
  24. /** ආ...අර ජනනි නේද? **/

    නෑ ජනනි වෙන්න නම් බෑ. බ්ලොග් ලියන ජනනිල දෙන්නම

    http://sweetdwelling.blogspot.com/
    http://hansakinkini.wordpress.com/

    දන්න හැටහතර මායම් දාල අහින්සකයො දෙන්නෙක් අමාරුවෙ දාගෙනයි ඉන්නෙ. කාට හරි පුළුවන් නම් උන් දෙන්නව හිරේ අරින්න කලින් බේර ගන්න ඒක ලොකු පින් සිද්දවෙන වැඩක්.

    ReplyDelete
  25. දනිමි.
    නිවරදව කිවහොත් දන්නවා යැයි සිතමි.
    නමුත් නො කියමි.
    හූ, හූ!

    ReplyDelete
  26. hey Abeethaya...Anja kiwwewath nehe..ara eda kiwwa eka neda...me mata karapu kapu kamanam weraduna neda...Ane ape anja ahinsakai...kollata mada gahanna epa...
    Abiya matath kapu kamak karapan..yako mawa amathakama kalada..

    ReplyDelete
  27. අභි අයියා කපුකම් කරනවා කියල දන්නේ නෑනේ මං. අනේ බං අයියේ මටත් හොයලා දීපන්කෝ :D

    ReplyDelete
  28. කවුදෑ මේ .... කවුරු උනත් අපිට කියලා කෙක් කන්න හොදේ.....

    අයියටත් ජයවෙවා!!!!

    ReplyDelete
  29. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු....අභීත අයියගේ මගුල් කපුකම් සේවයෙන් අපිටත් උදව්වක් ගන්න බැරියැ............

    ReplyDelete
  30. Abeetha katha gothanna hodata dannawa. Mada hadala gahannath hondata dannawa. Umba chande illapan borukaraya

    ReplyDelete
  31. අම්මෝ මගේ නමත් තියෙනවා. අනේ මම නම් නෙමෙයි අය්යෝ! මගේ තාම 100 ට කිට්ටු කරලත් නෑ. අනික අර ඇනෝ කිව්වා වගේ මම තනිකඩ නැතෝ. හිරේ විලංගුවේ වැටෙන දිනෙත් ලඟයි.

    ReplyDelete
  32. ඔන්න මල්ලිල ලිස්ට් 1කෙන් තව නම් 2ක් අයින්වෙන්න යන්නෙ...

    ඉලගට කගෙ ෆයිල් 1කද උඩට මතූවුනෙ...

    ReplyDelete
  33. අඩේ . . . ඔය කියන අන්ජාං කොලුවත් හරියට මගෙ ගතිගුනම තියන මම වගේම ලැජ්ජාවට බයට දොරමුල්ලෙ හැදිච්ච එකෙක් නෙ බලාගන යනකොට . . . . .

    ReplyDelete
  34. එල එල කවුරු හරි ගොඩ ගිහිල්ලානේ නේද?

    ReplyDelete
  35. යකෝ...මගෙන් කුණුහරුප 2 ක් අහගන්නැතිව කියාපංකෝ කවුද කියලා.. :D

    ReplyDelete
  36. අබි අයියගෙන් ඉස්සරහට අපිටත් සප් එකක් ගන්න පුලුවන් වෙයි වගේ

    ReplyDelete
  37. කිරි අප්පට බල්ලො පූසො හාවො සේරම පැනපි!!
    මේං කොහෙදෝ ඉඳල මේ කතන්දරේට මාවත් ගෑවිලා!!!
    අනේ මං තාම පෝස්ට් පණහක් ලියලත් නෑ නෙ...
    මං නෙවේ.......යි!!!!!!!!!!!!!!!!!!

    /කාට හරි පුළුවන් නම් උන් දෙන්නව හිරේ අරින්න කලින් බේර ගන්න ඒක ලොකු පින් සිද්දවෙන වැඩක්/

    මේ බේරගන්ඩ කියනව ඇත්තෙ අපි ඔය මොනවද හැට හතරක් දාල අල්ලගත්තයි කියන කොල්ලො දෙන්නව වෙන්ඩ ඇති නේද??

    අනේ මට නං හැට හතරම නාස්ති කරන්ඩ සිද්ද වුණේ නෑ අප්ප....

    ReplyDelete
  38. අනේ සුදු අය්යේ ඔයා මල් සරා වගෙ පොරක් නේ...මාත් සින්ගල් නොවැ...මම නම් කරදර කරන්නේ නැ අය්යේ....ඔයාට...පුලුවන් නම් සප් එකක් දෙන්නකො....මාත් අලුතින් වැඩෙට බැස්සෙ..බ්ලොග් එක මරු ඔයාගෙ...මටත් සප් එකක් දෙන්න...බ්ලොග් එකේ වැරදි අඩුපාඩු හදා ගන්න....http://arunatapera.blogspot.com/

    ReplyDelete
  39. ම්ම්ම් සැක් එන්න ටිකක් පරක්කු උනා ඒත් අවුලක් නැහැ එල,.ආ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...