එක්දහස් නවසිය හැත්තැ නවයේ මාර්තු විසි පහ තමයි දවස.... පෙර කළ කුසලවල බලයෙන් මිනිස් ජීවියෙක් ලෙස මේ ශ්‍රී ලංකාද්වීපයට මම ගොඩ බැස්සේ එදාලු.. එදා ඉදන් අද වෙනකන් අනිත් මිනිස්සුන්ගෙ අකුසල බලය පල දෙනවද මන්දා ඉතින්...... ඉතින් මේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලමුද කියලා මම මගෙ හිතෙන් ඇහුවා.. පොරත් ඔය යස අගේට හා කිව්වේ..... ඉතින් ඔන්න ආපහු බලන්න පටන් ගන්නයි යන්නේ... ඉස්කෝලෙ යන අයට නම් මේ කථාව වැදගත් වෙයි.....
පුංචි කාලේ මම හිටියේ කිරි අම්මලාගේ ගෙදර... කිරි අම්මා, පුංචිලා, මාමලා මාව බලාගත්ත හැටි ගැන ලා මතක කිහිපයක් මගේ හිතේ තියෙනවා.. ඉස්කෝලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි ගෙදර ආවේ...එතකන් හැම සති අන්තෙකම වගේ අම්මයි අප්පච්චියි අක්කලා තුන් දෙනයි ආවා මාව බලන්න.... ලොකු දඩබ්බරකම් නැති උනත් කරපු පුංචි පුංචි දඩබ්බරකම් නම් ඕසෙට.... ඒත් රස්සවක් කරනකම්ම අම්මයි අප්පච්චියි අපිට පුළුවන් හැටියට කන්න දීලා අපිව උස් මහත් කලේ කාටවත් කරදරයක් නොවී කියන එකත් මම දන්නවා.... තියෙන හැටියකට කාලා වෙන දෙයක් බලාගෙන හිටපු අපෙත් එච්චර ලොකු අහස උසට බලාපොරොත්තු තිබුනෙත් නෑ.... කුඹුරු යායේ හාන, ගොයම් කපන පාගන වැඩ වලට වගේම ගමේ පංසලේ දේවල් වලටත් සහභාගී උනා... එක දෙයක් කියන්න ඕන... ලමා කාලය කොච්චර සුන්දර උනත් අප්පච්චිගේ දැඩි නීති රීති නිදහස යම් තරමකට සීමා කලා කිව්වොත් තමයි නිවැරදි.
ජීවිතේ මග කියවන ලොකුම පාඩම මම හැදෑරුවේ ඉස්කෝලෙන්. බාලාංසෙ ඉඳන් උසස්පෙල දක්වාම ගියේ එකම ඉස්කෝලෙකට... බ්ලොග් එකෙ කළින් ඉදන්ම හිටපු අයනම් දන්නවනේ.. ඒත් නොදන්න අයට කියන්න වෙනවනෙ... මගේ පාසැල කුරුණෑගල මලියදෙව විද්‍යාලය. අධ්‍යාපනය කෙසේ වෙතත් එයින් ලැබූ සමාජමය ගුරු හරුකම් අදත් අපිට කෙලින් හිටගන්න දෙන්නෙ අප්‍රතිහත ධෛර්යයක්. ඉස්කෝලෙ ගිහින් අපි හැම දෙයක්ම කලා... එක දෙයක් ඇර.. ඒ තමයි නිසි විදිහට ඉගෙන ගන්න එක... ඒකෙ අඩුව සමහර වෙලාවලට නොදැනෙනවා නෙවෙයි..ඒත් වටේ පිටේ තිබ්බ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකට පිං සිද්ද වෙන්න ඒකත් ඔලුවට බරක් නොවෙන තරමට විසදිලා අවසන්. එක තැනක් ගැන ඊයෙ ලියපු පෝස්ට් එකෙත් තිබ්බනේ....
ඉස්කෝලෙ ඇතුලෙම ලබපු තව අත්දැකීම් වර්ග තුනක් තියෙනවා.... අදටත් එයින් ආසම එක පැසිපන්දු පිටිය.... අවුරුදු 13න් පහල හා 15න් පහල පැසිපන්දු කණ්ඩායමේ සමාජිකත්වයට ආයුබෝවන් කියන්න උනේ සාමාන්‍ය පෙළ විභාගය නිසා... විශය භාහිර එක ක්‍රියාකාරකමකට විතරක් අම්මා අවසර දුන් නිසා බාලදක්ෂ ව්‍යාපාරය විතරක් තෝරා ගන්න සිදු වුනා... ඔයාලගේ හිතට ආපු ප්‍රශ්නෙම මගේ හිතටත් ආවා..ඇයි මම පැසි පන්දු තෝරගත්තෙ නැත්තේ කියලා.. අදටත් මම හේතුව දන්නේ නෑ..... ඒත් හැම දෙයක්ම වෙන්නේ හොදටයි කියනවනේ.... අද මම කරන ව්‍යාපාරයට 95%ක්ම පාර කිව්වේ බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳිච්ච අත්දැකීම්..... මේ නිසා තමයි මට අද දිනයෙත් හිල්ටන් හෝටලයේ ඇදේ නිදියනවා වගේම අම්බලමක පැදුරක්වත් නැතුව නිකම්ම නිකම් නිදා ගැනීමටත් හැකියාවක් තියෙන්නේ... පිරිමියෙකුට තිබිය යුතු ගස් නැඟීමේ හැකියාව, පිහිනීමේ හැකියාව, රිය පැදවීමේ හැකියාව වගේ මූලික කරුනු මට හැකි උනෙත් බාලදක්ෂ ව්‍යාපාරයට පිං සිද්ද වෙන්නයි.....
පාසැලේදි තව පන්නරයන් රාශියක් ලද තෝතැන්න වූයේ ශිෂ්‍ය නායක මඩුල්ලයි.... පිරිස් පාලනය, නායකත්වය, පීඩනයන්ට ඔරොත්තු දීම වගේ න්‍යායාත්මක නායකත්ව ලක්ශන ඇගට දා ගත්තේ මේ ශිෂ්‍ය නායක මණ්ඩලයෙන්... මිනිහෙක් කථා කරද්දි මූ මොකාටද එන්න හදන්නේ කියන එකයි... ඊලඟට මෙයා කියන්නේ මොකක්ද කියන එකයි නිකන් ඉවෙන් වගේ තේරුම් ගන්න හැකියාවක් ලැබුනේ මෙතැනදි..... පාසලේදී ප්‍රාථමිකවත් සමාජයේදී ද්වීතියිකවත් මේ අත්දැකීම් ලැබුණත් පාසලේදී ලබන ප්‍රාථමික අත්දැකීම් තමයි ඔප මට්ටම් වෙලා එලියට එන්නේ.....
දිග වැඩිවෙයි වගේ ඉතිරි කොටස හවසටම දාමු.... : සමාවෙන්න ඕන හැමෝම....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සුබම සුබ උපන්දිනයක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteමගේ 32 උපන් දිනයේ දී මං නං ජාතික sorry දිනයක් ප්‍රකාශයට පත් කළා.
අයියට සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් දයාබර මල්ලී . . .
ReplyDeleteසියළු පැතුම් ඉටුවේවා . . .
සතුට රජ වේවා!
සුභ උපන් දිනයක් වේවා අභීත..........
ReplyDeletehttp://aluthkolla.blogspot.com
සුභම සුභ උපන්දිනයක් අයියේ.....
ReplyDeleteජය වේවා!
සුබම සුබ උපන්දිනයක් අයියේ......................
ReplyDeleteසියලු බලාපොරොත්තු ඉටු වන සුබම සුබ උපන්දිනක් වේවා !!
ReplyDeleteකී තැනකනං කියලා සුභ පතන්නද බං..
ReplyDeleteකොහොම හරි දැන්වත් ඇත්ත කිව්ව එක හොඳයි..එහෙනං අබේ අයියේ..
සුභ උපන් දිනයක් වේවා..!හරිය...
හික් ය... සුබම සුබ උපන්දිනයක් වේවා අයියෙ.. :D
ReplyDeleteඋඹට ඉතිං උදෙංම කොම්පැනි වියදමෙං පැතුවට පස්සෙ ආයෙ පතන්න ඕනෙ නෑ නෙව . . .???
ReplyDeleteඒක නෙමේ මචං . . . සතුටු වෙයං . . .33 කියන්නෙ තනිකරම දඟකාර . . .විසේකාර වයස . . .
ayiyath ape skollleeeeeeeeeeeee......
ReplyDelete