ජීවිත මැරතන් එකේ තිස් දෙවෙනි කණුව පහු කරලා තිස්තුන්වෙනි අවුරුද්ද ගෙවන්න පට ගත්ත එකේ දෙවෙනි කොටස තමයි දැන් ලියන්න යන්නෙ... උදේ ඉදන් සුබ පැතුම් වැහි වැහැලා..... මූණුපොතෙ බිත්තිය පිරිලා... කලින් පෝස්ට් එකෙත් සුභ පැතුම් පිරිලා... මේකටත් එහෙම වෙයි.... ඉතින් සුභ පැතූ හා පතන හැමෝටම අනේක වාරයක් ස්තූතියි. ඉතින් අවුරුදු තිස් දෙකක අතීතාවර්ජනය ඇතුලේ පාසැල් දිවිය ලඟට එනකම්ම ඉවර කලානෙ.. දැන් එතැන් සිට......
පාසලේන් අයින් උන ගමන් මම ආවේ NIBM එකට... විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නැති උන නිසා... තිබ්බනම් තමයි පුදුමෙ කරපු වැඩවල හැටියට... දෙවි පිහිටෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්න හැකි ගානටත් පාස් උනේ... ඔහොම ඉන්නකොට රජයේ රස්සාවක් ලැබුනානේ.. ඒ තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශේ ලිපිකරු තනතුරක්.. දැන් කියන්නේ කළමණාකාර සහකාර කියලනේ.. ඒ කාලේ පඩිය 3990.00 බෝඩිමට 1750යි... ගත්ත ගමන් ඉවරයි.... සොදුරු සිත ලියන වත් එහෙමත් මාත් එක්කමයි පත්වීම් ගත්තෙ මම හිතන විදිහට... එතන අවුරුදු 7ක් ඉදලා ආවේ විභාග දෙපාර්තමේන්තුවට..... එතනත් අවුරුදු තුනක්ම ඉදලා තමයි රජයේ සේවයට සමු දුන්නේ.... ඒ කියන්නේ මගේ සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ.... වර්තමානය වෙනකොට දෙන්නෙකුට රැකියා දෙන්න තරම් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා බුදු සරණින්..... වෘත්තීය ජීවිතේ මගේ හිතේ ලොකු බලාපොරොත්තු නෑ.... එදිනෙදා කාලා ඇදලා ජොලියෙ සැනසීමෙන් ඉන්න පුළුවන් උනොත් ඒ ප්‍රමාණවත්.
ජීවිතේ පුද්ගලික පැත්තත් මෙච්චර කාලයක් වැඩි කරදරයක් නැතුව ගෙවිලා තියෙනවා... නිසි කලට අවශ්‍ය දේවල් කරගෙන නිසි විදිහට ජීවත් වෙනවා කියල තමයි හිතෙන්නේ.. විවාහ වෙලා දරුවො හදාගෙන අපූරුවට ගෙවෙන ජීවිතේ සංකීර්ණ වෙනවා දැන් මේ ව්‍යාපාරෙත් එක්ක.. ඒකට ඉක්මනට පිළියමක් කරන්න වෙනවා... එදා මෙදා තුර මගේ ජීවිතයේ ලැබිච්ච හොඳම තෑග්ග, ඒ කියන්නේ මගේ බිරිඳ රංජුලා මට දෙන්නේ අරුම පුදුම සහයොගයක්... දැන හැඳින අවුරුදු හයකට කිට්ටු වෙන්න කාලයක් ගෙවිලා තිබ්බත් කිසිඳු අඬ දබරයකින් තොරව මැසිවිලිවලින් තොරව ගෙවන මේ ජීවිතේ මට අති විශාල මානසික සහනයක්.... අපි දෙන්නට ලැබුනු තෑග්ග අපේ පොඩි මෑන් මින්හස්.... පොර තමයි මාව වගකීමකින් හිතන්න පුරුදු කලේ.. මේ දවස්වල අත් ට්‍රැක්ටරයක් වගේ... පුටුවක් යටින් ගිහින් ඇඳක් යටින් මතු වෙන්නේ.... ඉතාමත් සතුටින් ගෙවන මේ ජීවිතේ ඉදිරියටත් මෙහෙමම පවතීවි...
ඊලඟට යාළුවෝ... අද වෙනතුරු කිසිම යාළුවෙක් මාත් එක්ක තරහා වෙලා නෑ.... මගේ යාළුවෝ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. පාසැල් කාලයේ යාළුවෝ, බාලදක්ෂ යාළුවෝ, ශිෂ්‍ය නායක යාළුවෝ, රැකියා යාළුවෝ, ව්‍යාපාර යාළුවෝ සහ අලුත්ම කොටස බ්ලොග් යාළුවෝ.... මගේ ජීවිතය සාර්ථක කරගන්න යාළුවන්ගෙන් ලැබෙන්නෙ පුදුමාකාර සහයෝගයක්.. මම එහෙම කිව්වේ අදටත් මගෙ ව්‍යාපාරයේ කරන කටයුතු වලින් 70%ක් විතරම එන්නේ මගේ යාළුවො මාර්ගයෙන්.. උඹලා වගේ යාළුවෝ ලැබෙන්න මම පිං කරලා ඇති මචන්....
ඉතින් ඔච්චර තමයි.... මේ ගෙව්වා වගේම බොහොම සරල සුගම ජීවිතයක් විඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියටත්..... බලමු නේද? ජීවිතේ මොන පැත්තට පෙරලෙයිද දන්නේ නෑනේ..... ඕන හිස්තැනක් දෙකක් පණහයි කියලා පාඩුවේ ජීවත් වෙනවා....
ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු..... කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත්ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සුභ උපන්දිනයක් වේවා අයියේ..
ReplyDeleteඔන්න මං අද කලින්ම ආවා. සුභම සුභ උපන් දිනයක්.. කෝ කේක් ඇ.............
ReplyDeleteඅභීත අයියේ සුභම සුභ උපන්දිනයක්.චිරං ජයතු.
ReplyDeleteඑකම ඉස්කෝලෙ ඉගන ගත්තත් අභීත අයියව මම තාම දැකලා නෑ හැබැහිං.
දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.ජය වේවා
සුභ උපන් දිනයක් වේවා අයියේ... ජීවීතය සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. අවුරුදු උත්සවේ දවසට කේක් තියෙනවනේ ඒ මදෑ...(මේ එදාට බොන්න නැද්ද බං)
ReplyDeleteදැනුයි දැක්කේ සුබ උපන් දිනයක්! සතුටු දායක ආරංචියක් කියන්න තියනවා. ඔයා පොඩ්ඩිට වඩා වැඩිමාල්.
ReplyDeleteJulia
ReplyDeleteඅද නම ටිකක් හිනා වෙලා යන්න බෑ වගේ මේ පැත්තට ඇවිත්.. ෆුල් සීරියස් පෝස්ට් එකක් අද ලියල තියෙන්නේ..
ReplyDeleteකොහොම වුනත් මේ ආවා වගේ ඉස්සරහටත් යන්න වාසන්නව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා...!!
සුබ මෙව්වා එකක් වේවා අයියේ....වැඩිය පාවිච් කරන්න යන්න එපා උපන්දිනේ දවසේ....
ReplyDeleteහප්පටසිරි අවුරුදුම තිස් දෙකක් ඈ...! හොඳ වෙලාවට ආවෙ මේ පැත්තෙ අද.
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා අභීත අයියේ !
එහෙනම් සුබම සුබ උපන්දිනක් වේවා..
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා අයියණ්ඩි!!!!!!!!!!
ReplyDeleteවැඩි වචන නැතුව හෘදයාංගමව කියනවනම් අභීත අයියට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා සහෝ!!!
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ . ජීවිතේ හැමදාම උඹ ඔය අද ඉන්න විදිහටම හිනාවෙලා ෆන් එකේ ඉඳපන් .
ReplyDeleteමොනවා කරන්නද බං දෙන්න පුලුවන් සුබපැතුමක් විතරයිනේ . ලඟපාතක හිටියානම් ඔන්න මදි නොකියන්න මොනා හරි දෙන්න තිබ්බා ..
සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ.ගණන් ගන්න එපා වැඩිය ලේට් උනේ නැහැනොව දවස් 3 නයි නේ මිස් උනේ.
ReplyDeleteමචං අභීත, පෝස්ට් එක කියෙව්වෙ අද. ටිකක් පරක්කුයි.
ReplyDeleteගිණුමක් තිබුණත් ලියන්න වෙලාවක් නැහැ.
රස්සාව ගැන විස්තර දැක්කාමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ. මමත් ආණ්ඩුවේ රස්සාවට ආවේ උඹත් එක්කම වෙන්න ඕන. මගේ කතාවත් උඹේ කථාවෙම ෆොටෝ කොපි එකක්. ඒත් එක වෙනසක් තියෙනවා. මම තාම ආණ්ඩුවේ රස්සාවෙ.