Monday, March 28, 2011

ඉස්කෝලෙ කොල්ලො ටික ගමේ අවුරුදු උත්සවේට......

අවුරුද්දත් ලඟ ලඟම එනවා..... අවුරුදු කාලෙට ඉතින් අවුරුදු උත්සව..... සයිබර් අවකාශයේ අවුරුදු උත්සවයේ වැඩත් මේ දවස්වල ඉතාම ඉහළින් සංවිධානය වෙමින් තමයි තියෙන්නේ.... අහ් අතුරු කතාවක් මතක් උනා... සමාවෙන්න ඕන ඔයාලගේ කාලෙන් පොඩ්ඩක් ගන්නවට මේ වගේ මනුස්සයෙක් වෙනුවෙන්.... මේක කියවලා ටිකක් නෙමෙයි ගොඩාක් හිනාවෙන්න පුලුවන් වේවි..... සයිබරයේ සිහින උළෙලට අදාළ නිල බ්ලොග් එකේ  ඇනොනිමස් කෙනෙක් මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔයාලා දැක්කද දන්නෙ නෑ.... 


Anonymous said...

meeewaaa sallllii kada gannna weda....
meee thun lookeee mona AURUDU UTHSAWEEDA sallli aragena ethulata demmme...
methana wanchawak siddda wenawa...
kauru kauruth parisssam wena eka hondai...

SAIBAR SENAKELIYA kiyala sallli kada gannna thenak...

Anonymous said...

meee wage deewal karannna oneee sallli aragena newei...
miniusungee hith sathuta karana deyak...
ewa sallli walata karannne neee kawadawathmaaa...
HIK HIK HIK...

ඔන්න ඔහොමයි අපේ රටේ මිනිස්සූ.........  



හරි දැන් කතාවට යමු.... කලින් පෝස්ට් වලින් කියලා තිබුනු හැටියට ඔයාල දන්නවනේ මම කුරුණෑගලට කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙන සුන්දර ගමක හැදුන මිනිහෙක් කියලා... ඒත් පාසැල් කාලේ ගෙවුනේ නගරයේ..... ඉතින් මෙතන චරිත දෙකයි.... ගමේ චරිතය මෙහෙමයි.... ඉතා අහිංසක, පංසලට ලැදි, ගමේ මිනිස්සුන්ට හිතවත්, ඕන කෙනෙකුගෙ දුකට පිහිටවන, ගෑණු ලමයි දිහා නොබලන ඉතා තැන්පත් චරිතයක්..... ටව්න් එකට ගියාම චරිතය මෙහෙමයි.... පිස්සු කෙළගෙන බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න ටොපි විකුනන අයියගේ ඉදන් කුඩු ගහන මනුස්සයාත් එක්කම සෙට් වෙන ඉතින් තව බ්ලා බ්ලා බ්ලා.... ඒ ගැන වැඩිය කියන්න බෑ.. මොකද මේ බ්ලොග් එක නෑදෑයොත් කියවනවනේ..... කොටින්ම නම් දෙකකුත් පාවිච්චි වුනා.. ගෙදර අය, නෑදෑයෝ, ගමේ උදවිය කතා කරන්නේ කසුන් කියලා... මම පොඩි කාලේ ඉදන් ගෙදරට කියන නම හැටියට තමයි ඒ නම පාවිච්චි වුනේ... අනිත් නම ඉතින් නිළ නාමය... ඒ ඔයාලා කවුරුත් දන්න නම... ඉහත කියපු පාර්ශ්වයන් හැර හැමෝම කතා කරන්නේ මේ ඔරිජිනල් නමින්.. ඉතින් මේ චරිත දෙකම එක විදිහට ගෙනියන්න ටිකක් අමාරුයි... මාර ප්ලෑන් ගහන්නේ ඒවට... කිහිපයක් තමයි මේ.... 


ඉරිදට ටව්න් එකේ වැඩිය රස්තියදු ගසන්නේ නැත... (මොකද ගම්වාසීන් පොළට එන නිසා ඔවුන් ටව්න් එක වටේ සැරිසරනවා වැඩියි...)


ඉතා අප්‍රසිද්ධ කෑම රහ ඉන්දියානු කඩ භාවිතය.. (අඩු මුදලට බඩ පිරෙන්න කා ඕන තරම් වෙලා ටැග් ගැහි ගැහී ඉන්න පුළුවන් වීම)


යාලුවෝ ගෙදර ආව දිනට අසල තියෙන රක්ශිත වනයට චාරිකාවක් ස්වකැමැත්තෙන් එක්කරගෙන යෑම.. (මොකද මුං ගෙදර හිටියොත් අහල ගම් හතකවත් අපිට ඉදිරියේදී ජීවත් වන්නට නොහැකි වීම)


ඔයා ආදී තව තවත් ආරක්ෂක පියවරයන් රාශියක් තියෙනවා..... ඒවා රහස්...


ඉතින් මේ ඔක්කොම විනාශ වෙලා කීතු කීතු වෙලා යන දවසක් උදා වුනා.... ඔන්න ඒ ගැන කියන්න තමයි මේ සැරසෙන්නේ... 



අප්‍රේල් මාසයේ එක් දිනක් එනවා අපි යාළුවෝ ටික එකතු වෙලා ක්‍රිකට් ගහන්න සෙට් වෙන... රාජගුරු කියන මිත්‍රයාගේ ගේ ඉස්සරහා තියෙන වැහැර පිට්ටනියෙ තමයි සෙට් වෙන්නේ.... ඉතින් එකතරා අවුරුදු කාලෙකත් මේ වැඩේ ඉටු වුනා... හවස ගෙදර යන්න ලෑස්ති වෙද්දි ඔන්න හෙට ගැන කතා වෙනවා කට්ටිය....


මචන්, හෙට මාළිගා පිට්ටනියේ අවුරුදු උත්සවේ... ඒකට සෙට් වෙමුද? ජනක තමයි ඇහුවේ... (ඔව්.. අර වෙසක් කූඩු ජනකයා තමා....)


මට එන්න වෙන්නෙ නෑ බන්.. උඹලා පලයන්..... ඒ මම...


ඒ ඇයි බන්... මොකො සීන් එක... ගමේවත් යනවද?


නෑ බන්.. හෙට ගමේත් අවුරුදු උත්සවේ.... ඒකට ඉන්න ඕන... (වැරදි වචනයක්ද මන්දා කියවුනේ...)


අඩෝ එළනේ.. අපිත් උඹලගේ ගෙදරට සෙට් වෙන්නම්.. අවුරුදු උත්සවේට.....


අනේ මේ... උඹලානම් එන්න එපා.... ගමෙත් ඉන්න නැතිවෙන වැඩක් ඒක... අනික උඹලා ආවා කියලා තරඟෙකට සහභාගි වෙන්නත් බෑනේ.. ඒක ගමේ උන්ට සීමා කරලා තියෙන්නේ....


අනේ යකෝ... උඹ හිතන්නේ අපි උඹලගේ අවුරුදු උත්සවේට එන්නේ බනිස් කන්න කියලද? ඉදපන් ඇවිල්ලා උඹත් එක්කම උඹ ඉන්න විදිහකට ඉන්නම්....


දැන් ඉතින් වෙන කුමක් කරන්නද? මම මොකුත් නොකියා ගෙදර ආවා....



පහුවදා උදේ ටිකක් බැලුවා.... කට්ටිය එන පාටක් නෑ.. මමත් ගියා අවුරුදු උත්සවේට.... ඔන්න 11 විතර එද්දි අක්ක එනවා මාව හොයාගෙන.... දැන් දෙබස මෙහෙමයි...


මේ කසුන්...


ඇයි අක්කේ...


අන්න තමුසගේ වසවර්තියෝ ටික ගෙදරට පාත් වෙලා...


හා... හා... ඉන්නවා.. මම එන්නම්.... කියලා කරගෙන ගිය වැඩෙත් නවත්තලා ගෙදර ගියා.... මේ ඉන්නේ සූ ගාලා හය දෙනෙක් විතර.. යන්තම් ඇති.. මුන් හයදෙනාවනම් කටින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.... ඉතින් අවුරුදු කෑම කාලා තේ එහෙමත් බීලා දැන් අවුරුදු උත්සවේට යන්න රෙඩි වෙලා... මමත් දැන් පයින්ම මුන්ව එක්කගෙන යනවා.. දන්නවනේ ඉතින් අවුරුදු සිරිය... ඔක්කොම අලුත් ඇදුම් ඇදලා එහෙමනෙ පිට්ටනියට එන්නේ... ගිය වෙලාවෙ ඉදන් බෙල්ලට මෝටර් හයි කරලා වගේ අපේ උන්ගේ... 


අඩෝ අභියා.. කවුද බන් අර කෑල්ල.. ඕයි මට සෙට් කරලා දෙනවකෝ...


පිස්සුද බන්.. අපේ මාමා කෙනෙක්ගේ දුවක්.... කටවහ්ගෙන හිටපන්...


මොනාද බන්..අඩෝ අර දුවන එක කවුද බන්.... ඒ ඒකනම් සුපිරි.. අඩෝ මචන් ඒකි කුරුණෑගල ක්ලාස් එනවද?


යකෝ ඒකි අපේ අල්ලපු ගෙදර... පිලිවෙලකට හැසිරියව්.. ගමේ උන්ගෙන් කන්නෙ නැතුව....


අඩෝ.... උඹ ඉන්නේ මාර ගමකනේ... ශිහ් අපේ ගම්වල නෑනේ ඕයි මේ වගෙ ලස්සන කෙල්ලෝ...


ඉතින් ඔහොම ගෙවනවා ඉතින්... ගමේ ඉන්න කෙල්ලෝ ඇවිත් ආ කසුන් අයියේ කියලා මට කතා කරලා යනකොට මුන්ට පණුගාය වගේ.... මමත් ඉතින් මුංව අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවා... මෙන්න හොඳම ටික.....


ටිකිරි කිරි අම්මා මතකනේ... ඔව්.. අර කළවැද්දාගේ කතාවේ හිටියේ.... දැන් කිරි අම්මා එනවා දුවත් එක්ක... දුව නෑකමට නැන්දා උනත් මට වඩා අවුරුද්දක් බාලයි... ලස්සනයි.... කිරි අම්මා මම ලඟ නැවතුනා.... දැන් මාත් එක්ක කතාව... කෙල්ල පැත්තක හිටගෙන... අපේ උන් ඔක්කොම ඒකිට ඇහැ දාගෙන...


ආ.. කසුන් පුතා... අවුරුදු උත්සවේට ආවද?


ඔව් කිරි අම්මා.... තව ටිකකින් යන්න කියලා බැලුවේ...


ආ.. යාළුවොත් ඇවිල්ලා නේද?..... පුතාලත් මේ කිට්ටුවමද?


අනේ නෑ ආන්ටි... අපි ටිකක් ඈත.. කසුන්ගෙන් එන්න කියලා පොරේ මේ අවුරුදු උත්සවේ බලන්න...


අනේ කොච්චර එකක්ද පුතා.... අනිත් එක කසුන් පුතාගේ යාලුවොනේ.... මේ ගමේ වෙන එව්වෝ වගේ නෙමෙයි.. ගුණ යහපත් කොල්ලො කීපදෙනයි ඉන්නේ.. අපි ඉතින් අපේ ලමයින්ටත් කියන්නේ මේ කසුන් පුතාව ආදුරුසෙට අරගෙනවත් හැදියල්ලා කියලා.... අනේ සන්තෝසයි පුතෙ කතා කරපු එකට... ගිහින් එන්නම් මම.. පන්සලුත් යන්න ඕන මේ ගමන්ම.... ගිහින් එන්නම් කසුන් පුතේ....


හරි කිරි අම්මේ.... මමත් එන්නම්කො උඩහා පැත්තේ හවස්වෙලා....


හරි නේද? අපේ උන්ට දෙපැත්තෙන් හිනා.... එතන ඉඳන් අවුරුදු ගානක් යනකන් බයිට්... හිටපු ගමන් උන් දෙන්නෙ මේ වගේ ටෝක්...


අපේ පැවැත්මත් එන්න එන්න නරක් වෙනවා බන්.. අභියවවත් ආදුරුසෙට අරන් හැඳෙන්න ඕන....


හිනාවෙලා බිම බලාගන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු.....  කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත්ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.


ප. ප. ලි. ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් පූර්ව තරගයේ රුපියල් තුන්සීයට වැඩි ටිකට් පහක් හොයාගන්න අවශ්‍යයි... තියෙන කෙනෙක් ඉන්නවානම් මට ඇමතුමක් දෙනවද කරුණාකරලා... 0714449162

15 comments:

  1. අභියවවත් ආදුරුසෙට අරන් හැඳෙන්න ඕන....
    එල කියමනක්..

    ReplyDelete
  2. හික් හික්.. ආදුරුසෙට ගන්න කියාපු මනුස්සය...... !

    ReplyDelete
  3. මචං අභියෝ . . . උඹේ පොඩි කාලෙ ගත්ත පාස්පෝට් සයිස් එකේ පොටෝ දෙකක් විතර පුලුවං නං එවපංකො . . . . අපේ ගෙදර බුදුපිලිමෙ ලඟිං අලවල තියන්න . . .

    ReplyDelete
  4. මගෙත් ඔය වගේම චරිත දෙකක් තියෙන්නේ අභියා....

    ටිකට් තියනවා මගේ යාලුවෙක් ලග...2,500 ක්ලු...300 ටිකට් එක..

    ReplyDelete
  5. අනේ අර ඇනෝලා දෙන්නා ඔන් පාගෙන..කුනුහබ්බ තමා මතක් වෙන්නේ..වැඩක් කරන්නත් බෑ කරන්න දෙන්නෙත් නෑ..උන්ගේ අප්පච්චිලගේ සල්ලි වෙලින් වෙන්න ඇති මේක සංවිධානය කොරන්නේ...රෙද්ද...කරන මිනිස්සු තමා අමාරුව දන්නේ...

    ReplyDelete
  6. දැන්වත් අභී අයියව අදරුසෙට ගන්න ඕනා.

    ReplyDelete
  7. අපායී..... විනාසයි..... මරු ආදර්ශමත් ළමයා... :D හිකිස්....

    ReplyDelete
  8. දන්න කියන හැමෝටම කසුන් මාමාව ආදුරුසේට ගන්න කියන්න ඕන...අපි නොදන්න අබේපාල කිව්වාලු :P

    ReplyDelete
  9. අභියා මලේ... මමත් මේ කල්පනා කොර කොර හිටියේ උඹව කොහොමද ටිකක් වැඩිපුර ආශ්‍රය කරන්නෙ කියලා. වැඩියමනක්ම මම අර උඹත් එක්ක කතා කලාට පස්සෙ තමයි එහෙම හිතුනේ....

    මල්ලි... බල්ලෝ උඩු බිරුවට කඳු පාත්වෙන්නෙ නැති නිසා, නිකන්ම නිකන් නිකමුන් කියන ඒවා ගණන් ගන්න ඕනෙ නැහැ. අර මහ බඹා මේ ලෝකෙ මිනිස්සුන්ගෙ අගය තේරෙන්න අමුනුස්සුයෝ කීප දෙනෙකුත් මවලා තියෙනවා ඒත් එක්කම වගේ...

    උඹලා කරන සියළුම කටයුතු අති සාර්ථක වේවා !

    ReplyDelete
  10. මාත් අපේ අම්මට කියන්න ඕනේ "කසුන් පුතාව" ආදර්ශෙට අරං මාවත් හදන්න කියලා...

    ReplyDelete
  11. ෂික් මට එන්න වෙන්නේ නෑ නේ ..මමත් මේ අද වෙනකම්ම හිතාගෙන උන්නේ එනවා කියලා . ඒත් නොවැලැක්විය හැකි හේතුවක් මත මාහට නිවාඩු ලබා දීම මගේ ඒකාධිපති බොස් විසින් ප්‍රතික්‍ෂේප කල බව කණගාටුවෙන් දන්වා සිටිමි ....

    අපි ආවේ නැතුවට කාරි නෑ අපෙන් මොනවා හරි උදවුවක් ඕන නම් කියන්න....

    ReplyDelete
  12. මෙච්චර කාලයක් අයාලේ ගියා ආදුරුසෙට ගන්න එකෙක් නැතුව.

    අද මේ මොහොතේ ඉදන්වත් අපේ අභී අයියාව ආදුරුසෙට ගන්න ඕනේ. ඇයි දෙයියනේ මේක කියන්න පරක්කු වුණේ. මේක කලින් කියලා තිබ්බා නම් මමත් දැන් හොඳ ළමයෙක්නේ :))

    ReplyDelete
  13. අර නොම්මරේට කෝල් ආවද?

    ReplyDelete
  14. නොසෑලී ඉදිරියට..
    ඔබ්සවර් අයියේ ඉතින් කොහොම්ද... අවුරුදු උත්සවයෙදි හමුවෙමුකෝ.. අපි

    කවුරු හරි ටිකට් හොයලා දෙන්නේ අර නචී කියනවිදිහටනම් ටිකට එක 300 ට වෑඩී හෙ හෙ

    ReplyDelete
  15. මමනම් හැදුනෙම අභීත අයියව ආදුරුසෙට අරගෙන තමයි. ඒක නෙවෙන්නම් මට මෙහෙම උනේ... :D

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...