Thursday, June 16, 2011

ගූගල් බස් පිස්සෝ නිසා වැඩ නැතිවට වැඩ......

හික් ... පොඩ්ඩක් අමුතු මාතෘකාවක් නේද? මම ව්‍යාපාරිකයෙක් විදිහට ටිකක් කාර්යබහුලයි නේ.... සමහර දවස් තියෙනවා හුස්ම ගන්නත් අමතක වෙන සයිස්... අදත් ඒ වගේ තිබ්බ දවසක්.... කොහොමත් ලැබෙන හැම වෙලාවෙම බ්ලොග් කියවන්න, බ්ලොග් ලියන්න, මූණු පොතේ සැරිසරන්න, ගූගල් බස් පදින්න වගේ වැඩ වලට සහභාගි වෙනවා.... මගේ වැඩමුළු වලදි දේශකයෝ කියන මානසික පීඩනය මුදාහැරිය හැකි ව්‍යායාම වලට වඩා මේවයින් මගේ මානසික පීඩනය නම් පහ වෙනවා.. ඔන්න වටේ යනවනේ.. ආයෙත් මාතෘකාවට එමු....



බ්ලොග්, බුකි, මොනවා තිබ්බත් මට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වුනේ මේ බස් පැදිල්ලෙන් තමයි.... මම වගේ නෙමෙයි එතන ඉන්න ගොඩාක් දෙනෙක් උපරිම නිදහසේ රැකියා කරන අය... උන් ඉතින් දවස තිස්සේ පිස්සු ආතල් ගොඩාක් ගන්නවා... ඒ විතරක් නෙවෙයි කාට හරි මොනවාහරි ගැටළුවක් ඇති වුනොත් එවෙලෙම නිරාකරණය කරලා දෙනවා.. ඒක හරියට පැය විසි හතර පුරා දුවන අතිරේක පංතියක් වගේ.... මඩත් ඕන තරම්.... මොකද රංගත් යාව ජීව සමාජිකයනේ... ඉවසන්නම බැරි සිද්ධිය තමයි මෙයාලා මාසතුනකට සැරයක් මොකක් හරි සිද්ධියක් දාගෙන එකතු වෙන එක... එදාට යන්නත් බෑ වැඩ නිසා... නොයාත් බෑ.. එතකොට නිකන් කහනවා කහනවා වගේ....


ඉස්සෙල්ලාම විහාරමහා දේවි එකේ හමු වුනා.. ඊට පස්සේ ගල් කිස්සේ මුහුදු වෙරලේ හමු වුනා.. ඔන්න ඊට පස්සේ කිතුල්ගලට ට්‍රිප් එකක් ගියා.. ඊට පස්සේ දිළුම්ගේ වැඩේට එකතු වුනා... නැවත සයිබරයේ සිහින උලෙලට එකතු වුනා.. ඊට පස්සේ දිළුම්ගේ අවමංගල්‍යයට එක් වුනා.. ඊලඟට නුවරට ට්‍රිප් එකක් ගියා.. සයිබරයෙන් එකතු වුනු ගොඩාක් මුහුණු දැන් එක පවුලක් වගේ.... ඉතින් ඇයි මේ අයට බනින්නේ කියලා ඔයාලගෙ හිතට සැකයක් එනවා නේද? ඉතින් විහිලුවට බනින්නේ.. බනින්න හේතුව තමයි මේක.... 



දැන් මෙයාලගේ අලුත්ම ජෝගිය තමයි බස් රේඩියෝ එක.... සම්භාව්‍ය ගීත, සරල ගීත, ආදර ගීත, බයිලා, විරහා ගීත, එතෙර ගීත, නොනවතින ගී මාලා ඔය ඕන එකක් අහන්න පුළුවන් කිසිම වෙළඳ දැන්වීමක් නැතිව.... කට්ටිය කාල පරාසයන් බෙදාගෙන තමයි විකාශය කරන්නේ..... යොහාන් කණිෂ්ක, හසී, වැප්, ගයාන් තාරක, ඩිලාන්, ලසිත, සෝරෝ සහ මම වගේ තවත් ගොඩාක් දෙනෙක් එකතු වෙලා වෙලාව බෙදාගෙන තම තම හැකි පමණින් ඔයාලට විනෝදය සපයනවා.. ඒ වගේමයි දැනටමත් එක වරකට ලොව පුරා සිටින හිතවතුන් 50දෙනෙක් වගේ මෙය එකවර අහනවා... ඔහ් ආයෙත් පිට.. බනින්න හේතුවනේ කියන්න ඕන....


ඔන්න අද හවස තුන හමාරට විතර මම වැඩ වලින් මිරිකිලා හිර වෙලා ඉන්න වෙලාවේ පොප් හඬක් නංවමින් චැට් මැසේජ් එකක් ආවා.... ඒකෙ තිබ්බේ මෙහෙමයි...


අභියා.. ඊලඟ බෙල්ට් එක කරනවද? අනිත් උන් බිසී...


අමාරුයි බන්.. වැඩ හොඳටම....


මචන් 32ක් අහනවා... නවත්තන්න බෑ.. පිරිත් දාල හරි දුවන්න ඕන.. ඔෆිස් නම් ඉන්නේ කරපන්කෝ...


හරි එහෙනම් මම කරන්නම්... මොනවද ඕන....


බයිලා දාමු.. 4 ඉඳන් 6 වෙනකන්නේ...


ඔන්න ඉතින් කරගෙන ගිය වැඩේ අත ඇරලා රේඩියෝ එක දැම්මා.... ඔක්කොම ඕකේ කරලා.. අර ව්‍යාපාරික වැඩේට අදාල විද්‍යුත් ලිපියක් යවලා ගත්තානේ මගේ පාරිභෝගික මහත්තයාට දුරකථන ඇමතුමක්... එහා පැත්තේ පිළිතුර උනේ මෙන්න මේක...


හෙලෝ මිස්ට අභීත.. මම දැන් ගෙදර යන ගමන්, අපි හෙට උදේ කථා කරමු...


හරි නේ ඉතින්..... ඉතින් මුන්ට නොබැන මම වෙන මොනා කරන්නද? 


ඉතින් මේ අපේ අය මේ වගේ කැප කිරීමකින් කරන බස් රේඩියෝව අහන්න ඔයාලත් එන්න.... මෙන්න ලින්ක් එක... මේ දැන් ඉදන් අපිත් එක්ක එකතු වෙන්න.. සිංහල ලොව පුරා රැව් දෙන ඔන්ලයින් රේඩියෝව මෙන්න...



ප.ලි. මම දන්නවා අපේ උන්ගේ නම් ටිකක් මට දාන්න අමතක වුනා..ඒවා තරහා නැතුව කමෙන්ට් ඉදිහට දාපල්ලා මචන්.. ප්ලීස්...

34 comments:

  1. දාමු දාමු...
    වැඩ පැත්තක දාල බස් කරන මඩයට ජයවේවා!!

    ReplyDelete
  2. ජොබ් එක නැවත්තුවත්.. එක නවත්තන්න එපා.. හික්ස්.. :P

    ReplyDelete
  3. හි හි මදෑ වෙච්චා දෙයක්.. ඔය ලිස්ට් එකේ මඩයා නෑ ඉක්මනින් දාන්න නැත්නම් ඔයාට අනිත් අතට මඩක් වදී...:)

    ReplyDelete
  4. සෝයි අයියෙ වැඩේනං නැගල යනව.. :)
    කොහොම හරි දිගටම කරන්න...
    හැමෝටම ජය...!!

    ReplyDelete
  5. ආනේ මම අදමයි දන්නේ මමත් දැන් දිගටම අහනවා මේ එෆ් එම් එක!
    (කවුරුත් ඔහොම ලියලා තිබ්බේ නෑ. ඒකයි මම ලිව්වේ :D)

    ReplyDelete
  6. මම මගේ නම කමෙන්ට් එකක් විදියට දැම්මට කමක් නැද්ද?

    ReplyDelete
  7. කැපවීම අගේ කරනවා :)
    අක්කා ගහයි බැට් එකෙන් අභිත අයියේ
    හික් හික් :D

    ReplyDelete
  8. මේ පොස්ට් එකේ හැටියට සිංදු අහන්න සෙට් වෙලා DJ අභී ගේ ගතමන්ට් එකකට අරින්න මමත් සම්මාදම් වෙලා තියෙනවා... හුරේ...

    ReplyDelete
  9. බස් රේඩියෝවට ජයවේවා.. එලකිරි සහ ජලය කිව්වලු...

    ReplyDelete
  10. මචං බස් එකෙත් ඇඩ් දාමුද..?

    තව ෂෝක් චූටි කතාවක් තියේ අද සිද්ධ වෙච්ච..මං හෙට අනිද්දට දාන්නං..ආ ඔව් ඔව්..උඹ ගැන තමා..නැතිව ඉතිං අපි ප්‍රධාන නළුවොයෑ...?

    ReplyDelete
  11. මම ත් ඉඳලා හිටලා අහනවා. වැඩේ කියන්නේ මට සින්දු අහන ගමන් වැඩ කරන්න බෑ . . . ඒක නිසා වැඩ කරන වෙලාවට සින්දු අහන්න වෙන්නේ නෑ. බ්ලොග් කියවද්දී හරි කමෙන්ට් ලියද්දී හරිත් වෙන දේකට අවධානය යොමු කරන්න බෑ . . ඒ නිසා මගේ බස් රේඩියෝ ඇහිල්ල බොහොම කලාතුරකින් තමයි . .

    ReplyDelete
  12. හික්ස්, අර හවස වැඩකට යනව කියල ගියේ මේ වැඩේටද ?

    ReplyDelete
  13. මටත් ආසයි බස් පදින්න ඒත් මගේ ඊමේල් එකෙන් ඔය ස්ටෑන්ඩර්ඩ් ලොකු විවු එක ගන්න තරම් සිග්නල් මදි ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා . ඒත් ටිකක් වෙලා ලෝඩ් කරගත්තාට පස්සේ නම් වැඩ කරයි..

    මමත් මේ රීඩියෝ කට්ටනම් අහනවා ඔෆිස් ගිය ගමන් පැය කීපයක් විතර . ආයේ ගෙදර යන්න ලං වෙලා විනාඩි කීපයක් විතර .

    කොහේ කොහේ ගියත් රවුං ගැහුවත් කමක් නෑ ලබන මාසේ වෙනකොට අපේ ගමේ හිටියේ නැත්තං බලා ගම්මු .. එච්චරයි!

    ReplyDelete
  14. බස් පැදිල්ල මරු..........

    ReplyDelete
  15. මඩයල වගේ මිනිස්සු 10 හිටියනම් ලංකාව ගොඩ.. නැද්ද මං අන්නෙ :D

    ReplyDelete
  16. බස් බස් හැම තැනම ඇඩ් තිබ්බට ඊයේ තමයි ගිහින් ඇහුවේ. ඕකනේ කියන්නේ ඕන දෙයකට නිසි ප්‍රචාරණයක් ලැබුනම තමයි මිනිස්සු අතරට යන්නේ. කාලෙකින් අමාරිස් අය්යලගේ විහිලු ටිකක් ..හෙම ඇහුව. මේ බස් රියදුරන්ට ස්තුතියි කිව්වා කියන්න

    ReplyDelete
  17. මම ඉස්සර දවසක් ඔයා දීපු ලින්ක් එකෙන්ම ගියා, අහන්න බැරිව ආපහු ආව, අද නම් අහන්න පුළුවන්...
    thank u කිව්වම හරි නැද්ද මන්ද.. ඒත් ඉතින් තැන්කූ...:)

    ReplyDelete
  18. මචං උඹට වැරදුනා.
    ඉස්සෙල්ලාම එක්සෙල් වර්ල්ඩ් එකේ හමුවුනා.
    ඊට පස්සේ ගල්කිස්‍සේ මූදු වෙරලේ.
    ඊට පස්සේ විහාරමහා දේවි
    ඊට පස්සේ කිතුල්ගල හරිය... :-)

    ReplyDelete
  19. මේක බලන කවුරු හරි ඉන්නවා නම් බස් රේඩියෝ එකේ සිංදු දාන වැඩේ කරන්න කැමති කමෙන්ට් එකක් දාන්න, අහන අය ඉල්ලන සිංදුවක් හොයලා දාන එක මන් හිතන්නේ ඇත්තම රේඩියෝ එකක තියෙනවා වගේ අත්දැකීමක්.

    ReplyDelete
  20. ඔන්න ඇඩ් එකක් දාලා තිබුන නිසා මමත් අහන්න ගත්තා...අර විනෝද සමය වැඩසටහන නම් මරු......සින්දු ටිකත් නියමයි

    ReplyDelete
  21. අනේ බොල අභියො . . . . බොලාගෙයි මගෙයි රාජකාරි වැඩ . . . නිකං බොරු බිසී පෙන්නන්න එපා. මට දැං තමා තේරුනේ ඊයෙ උඹත් එක්ක අච්චර වැදගත් කාරනාවක් කතාකරන්න හදද්දිත් විනාඩි පහෙං කෝල් කරන්නං කියල දවසම අතුරුදන් උනේ මොකද කියල.

    @සඳරු:
    ලබන මාසෙ එනවලුද ??? පවු බං උඹ . . . .

    ReplyDelete
  22. කලින් බස් රේඩීයෝ එක අහන්න ගියාට වැඩ කලේ නෑ.අද ලින්ක් එක නම් එලකිරි වගේ වැඩ.තැන්කු වේවා!!!!!

    ReplyDelete
  23. ඔන්න කට්ටියේගේ කැප වීම නිසා මමත් දැම්මා බැනර් එකක් සපෝට් එකක් දෙන්න

    ReplyDelete
  24. වැඩේ නං සුපිරි...මං හැමදාම ඔ‍ෆිස් ගිය ගමන් දානව, ආපහු ගෙදර යන වෙලාවට ඕෆ් කරනකංම අහනව.....

    රේඩියෝවකුත් අටෝ ගත්ත, මරණෙ කිව්ව වගේ ජොකියගෙ වැඩෙත් ලඟදිම කරල බලන්න ඕනෙ...

    ReplyDelete
  25. ශා ලස්සන වැඩක්. හොඳ සින්දු ටිකකුත් යනවනෙ.

    ReplyDelete
  26. සින්දු ටිකනම් ලස්සනයි...
    ඒක නෙවෙයි, මඩය පහුගිය දවසක අනුන්ගෙ කැමරාවක් කරේ එල්ලගෙන කුරුණෑගල පිට්ටනියක රංගනයක් කලා කියල ආරංචියක් තියෙනව...
    ඉදිරි දවසක ඡායාරූපත් එක්කම එළිදක්වන්න හිතාගෙන ඉන්නව... ගොඩවෙන්නකො එතකොට මල් සුවඳක් විඳල, මඩයව බලල යන්න..

    ReplyDelete
  27. මාත් දවසක් දෙකක් ඔය බස් පදින්න ගියා .........
    අන්තිමට කරපු දේකුත් නැහැ නිදා ගන්නත් නැහැ ......
    කොහොම උනත් බස් රේඩියෝ එක නම් එල ......
    ජොබ් එකෙන් රිසයින් වුනත් ඒක නවත්තන්න නම් එපා ......

    ReplyDelete
  28. අනේ මට ඔය බස් පැඩිල්ල ගැන තාම හරියට අවබෝධයක් නැහැ අප්පා... අනික කොහෙන්ද ඔව්වට වෙලා... ගෙඩර ඉන්නෙත් සෙනසුරාදා හවස ඉදන් ඉරිදා රා වෙනකන් විතරයිනේ..... :(

    ReplyDelete
  29. කියලා වැඩක් නෑ අභීත අයියේ. වැඩ නැතුවට වැඩ.. මමත් කලා. දැන් නම් කරන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. ඒත් දවසම අහනවා.. ජය වේවා.. ඉදිරියටත් කරගෙන යන්න සහයෝගය දෙන්න.....

    ReplyDelete
  30. ඔන්න අපිත් අහනවා..... (අපි නම් දන්නවා හදිස්සියෙ මොකෝ මේ රේඩියෝ එක ගැන කියන්න තද උනේ කියලා.... මල කෙලියයි ඈ....!)

    ReplyDelete
  31. abeetha anith minissunta mada gahana eka nawaththala thamunge ange mada tika hodaganna balanna!!!!!!!!!!

    ReplyDelete
  32. මට බස් එකට එන හැටි කියන්න පුළුවන්ද ?

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...