Meemure Jungle Resort

Sunday, September 4, 2011

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 3 කොටස.


මේ ලිපිය මම ලියුවේ ගොඩාක් අයට පාඩමක් ඉගෙන ගැනීමේ අදහසින්... මේක විතරක් කියවලා වැඩක් නැති නිසා ගිහින් මේ සීරීස් එකේ පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවෙනි ලිපිය මෙතනිනුත් කියවලා එන්න... ඉතින් අපි අවසන් කොටස නැවැත්තුවේ සෙනසුරාදා දවල් මගෙ අතිජාත මිත්‍රයා සල්ලි අරන් එනකන් නේ..... ඒත් ඔන්න ආවේ නෑ.... නමුත් මට තරහා ගිහින් කරපු තර්ජන හමුවේ වාහනේ විතරක් රෑ එවලා තිබුනා... මට කරන්න දෙයක් නැතිකමටම මම කාර් එක පදවන් ආපු එයාගේ යහළුවත් එක්ක මහ රෑම ගියා මේ මනුස්සයාගේ ගෙදර.. යද්දි ගෙදර නෑ.. හිටියේ ඔහුගේ අම්මයි අක්කයි විතරයි.. මම විස්තරේ කියද්දි තමයි එයාගේ පවුලේ කට්ටිය දන්නේ මේ කාර් එක ඔහුගේ නෙවෙයි කියලා... මෙච්චර කල මිනිහා ගෙදර අයට කියලා තිබිලා තියෙන්නේ කාර් එක මිනිහගේ කියලා... ඉතින් මම ඔහොම කතා කරලා ආවා....


ඒත් සල්ලි දෙයි කියලා මම බලාගෙන ඉන්නවා.. මිනිහත් නෑ.. සල්ලිත් නෑ... ඉදලා හිටලා එස්එම්එස් එකක් එනවා අයියේ මම සල්ලි දෙනවා කියලා... කොහොමහරි ඊලඟ බදාදාත් උදා වුනා.. මෙන්න පොලිස් මාමලා දෙන්නෙක් ආවා අපේ ගෙදර... කොළ කෑල්ලකුත් දුන්නා... ඒකෙ තිබ්බේ අහවල් පුද්ගලයා විසින් ඔබට විරුද්ධව අහවල් පොලිසියේ පැමිනිල්ලක් කරලා තියෙනවා... ඒ නිසා සෙනසුරාදා උදේ 9ට අහවල් පොලිසියට වාර්ථා කරන්න කියලා....


හත් දෙයියනේ... මූ මටම පොල්ල තියලා මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලකුත් දාලා.....


කොහොමහරි සිකුරාදා දුමී අයියලාගේ ගෙදර තිබ්බ පැදුරු පාටියෙනුත් කලින් ගිහින් සෙනසුරාදා උදේ මමයි බිරිදයි පොලිසියටත් ගියා... පොලීසියයි අපියි අතර ඇතිවෙච්ච දෙබස මෙන්න. ඉස්සෙල්ලාම මගෙන් තමයි අහන්නේ....


දැන් තමුන් මේ පුද්ගලයාට සල්ලි දෙන්න එකඟද?


මම මොකටද සල්ලි දෙන්නේ? මෙයානේ මට සල්ලි දෙන්න තියෙන්නේ....


එතකොට තමුන්ද මේකේ පැමිණිළි කරු....


නෑ. මම නෙවෙයි... මෙයා මට සල්ලි දෙන්න තියෙනවා.. මෙයාම පැමිණිල්ලත් කරලා තියෙනවා....


ඇත්තද මේ කියන්නේ.... තමුන් මොකටද මේ පැමිණිල්ල දැම්මේ... 


බලපුහාම මිනිහා පැමිණිල්ල දාලා තියෙන්නේ මම පොරට මරණ තර්ජන කරනවා කියලා... මම පෙන්නපු අගරු චෙක් පිටපත් දැක්කම පොලිස් මහත්තුරුන්ටත් වැඩේ තේරුනා.. දැන් කොහොමහරි මිනිහා පැමිනිල්ල ඉල්ලා අස් කර ගත්තා ඊට දවස් දෙකකට පස්සේ මට සල්ලි ගෙවනවා කියලා... ඒකත් භාගයයි.. ඉතිරි ටික තවත් මාස දෙකකින් ගෙවනවා කියලා.....


මමත් මිනිහත් එක්ක හොඳින් කතා කරලා එදා ගෙදර ආවා....


ඊටත් දවස් තුනකට පස්සේ ආයෙත් කෝල් එකක් ආවා... ඒ පොලිසියෙන්....


අභීත මහත්තයෝ.. හෙට උදේ ආයෙත් පොලිසියට එන්නකො.. මේක බේරුමක් කරගන්න.. මේ මනුස්සයා ආයෙත් පැමිනිල්ලක් දාන්න ඇවිත්....


ඔන්න බදාදා ආයෙත් ගියා....


මිනිහා ගෙවන්න තියෙන්නෙ භාගයයි..ඕනනම් ඒක දෙන්නම්.. නැත්නම් නඩු දාන්න කියලා මිනිහා මිනිහාගේ ගොඩ පෙරකදෝරුවෙකුත් අරන් ඇවිත් දැන් හෙන පොරේ.... පොලීසියෙන් ඇහුවා මොකද කරන්නේ කියලා.. නඩු කිව්වොත් මීට වඩා පාඩු වෙන නිසා මම මෙහෙම කිව්වා.....


හරි දෙන්න කැමති කීය හරි දෙන්න.. හැබැයි පොලිස් පොතේ ලියන්න මීට පස්සේ අපි දෙගොල්ල අතරේ කිසිම ව්‍යාපාරයක් කරන්නේ නෑ කියලා... 


මෙන්න මෙහෙම ඒ ප්‍රශ්ණය විසදුනේ 50%කට වඩා වැඩි පාඩුවක් සිදු කරමින්.. ඊට වඩා පාඩුව උනේ මගේ හිටපු පාසල් මිතුරෙකුත්, තවත් හොඳම යෙහෙලියකුත් මේ සම්භන්ධ සිදුවීම් නිසා නැති වෙච්ච එක. 


ප.ලි. මේ කාලයේ මම මානසිකව වගේම ආර්ථික අතිනුත් සෑහෙන්න පහලට ගියා.... ඒත් මට වැටෙන්න නොදී අත් වාරුව දුන්න මගේ බිරිඳ වගේම යහළුවෝ ගොඩාක් දෙනෙක් හිටියා... බ්ලොග් යහළුවොත් කිහිප දෙනෙක් හිටියා... ස්තූතියි හැමෝටම.... 


ප.ප.ලි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් නෑදෑ හිතවත්කම් අමතක කරන්න.. මම නම් මින් මතුවට ඕනෑම හිතවතෙකුට උදව් පෞද්ගලික මට්ටමින් පමණි. 


ප.ප.ප.ලි. ගමක කථා තියෙනවා ලියන්න.. කෙටියෙන් මේ සිද්ධිය ඉවර කලේ ඒකයි....

30 comments:

  1. ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ!

    ReplyDelete
  2. අනේ අම්මේ ! ඔයින් ගියා මැදැයි.මං හිතුවේ නම් කාර් එකත් අරන් මිනිහා මාරු කියලා.

    ReplyDelete
  3. හරි නරක යාලුවෙක්. ආය නම් ඔය වගේ වැඩ කරන්ට එපා මිනිස්සුන්ව හොඳට චෙක් කරන්නේ නැතිව.....:)

    ReplyDelete
  4. අද තමයි මේකෙ කොටස් ටික කියෙව්වෙ... හවුල් ව්‍යාපාරනම් ඕනම නෑ... ඒකත් මේ වගේ එව්ව... මොනා වුනත් ඔයින් ගියා මදෑ...

    ReplyDelete
  5. අයියා උඹට තිවුනේ බඩු දාලා වන්දියක් ඉල්ලන්න

    ReplyDelete
  6. අන්න වැරදි බඩු නෙවේ නඩු

    ReplyDelete
  7. සහතික ඇත්ත. යාලුවොත් එක්ක බිස්නස් කරන්න ගියොත් යාලුවොයි බිස්නසුයි දෙකම නැති වෙනවා.

    ReplyDelete
  8. මාත් අභීත එක්ක කිසි බිස්නස් එකක් නොකරන්න හිතාගත්තා!

    ReplyDelete
  9. ඇයි අර ගෙවන්න තියනව කියල අත්සන් ගත්ත කොලේ ?
    ඒකෙන් වැඩක් උනේ නැද්ද ?

    ReplyDelete
  10. ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. වයිට් කණ්නාඩිට වගේ මටත් හිතුනේ පොර කාර් එකත් එක්කම මාරුද කියල . කොහොම උනත් වැදගත් පාඩමක් අපිටත් . බොහොම ස්තුතියි අනෙක් අයගේ හිත සුව පිනිස සටහන් කලාට



    (කමෙන්ට් දානව , මකනව කියල තරහ වෙන්න එපා මේක තමයි මුලින්ම ලිව්ව කමෙන්ටුව හැබැයි දාල තිබුනේ පල්වෙනි ලිපියේ , එතනින් මකල ඕං හරි තැනටම දැම්මා )

    ReplyDelete
  14. ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවෙයි කියලා කතාවක් තියෙනවනේ. අභීත අයියගේ හිත හොඳ වැඩියි. හිත හොඳ වැඩි මිනිස්සුන්ට බිස්නස් කරන්න අමාරුයි. ඒක නිසා හිත ටිකක් ගල් කර ගන්න එක තමයි කරන්න ඕනා.

    ReplyDelete
  15. මුළු කතාවම ඉවර වෙනකම් කමෙන්ට් එකක් දැම්මේ නෑ..ඔන්න..
    සහතික ඇත්ත අයියේ....අපේ පවුලෙත් තියෙනව ඔය වගේ අමතක කරන්න ඕන,ඒත් අමතක වෙන්නෙ නැති සිදුවීම් ටිකක්...නෑයා ,වේයා, මීයා...ඔක්කොම එකයි....

    ReplyDelete
  16. මදැයි ඔයින් ගියා.

    ReplyDelete
  17. යාළුකම් නෑදෑකම් වෙනි.. රස්සාව බිස්නස් වෙනයි.. හොද අත්දැකීමක් නෙ...

    ReplyDelete
  18. එහෙනම් මේකයි සිද්දිය .. මට නම් සෑහෙන කනගාටුයි අභීත අයියා මේ වෙච්ච වැඩේට ..

    අමනාප වෙච්ච මිතුරිය ආයේමත් යාලුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  19. ගොඩක් වැදගත් ලිපියක් අයියෙ. යාලුකම් කියාගෙන බිස්නස් කරන්න එන ගොඩක් උන් ඔහොම තමයි. ඔය වගේ කතා ගොඩක් අහල තියනව. ඔයිට වඩා පාඩුවක් වෙන්න කලින් ඔහොම පාඩමක් ඉගෙන ගත්ත එකත් ලොකු දෙයක්නෙ.

    ReplyDelete
  20. අභීත අයියත් මාර සීන් නේ කොර ගන්නේ ...........

    ReplyDelete
  21. හප්පා ඔයින් ගියා මදැයි, අභිත අයියෙ මිට පස්සෙ ඔය මිනිස්සු ගැන ටිකක් හොයල බලලා ගණුදෙනු කරොත් හොඳයි..

    ReplyDelete
  22. අප්පා අභීත අයියා කාලා නේද හොඳ ටොපියක්... බිස්නස් එක්ක නෑදෑකම් හිතවත් කම් පටලගත්තොත් විනාසයි....
    පාඩුව වෙලා ඉවරයිනේ. ඒ ගැන දුක් වෙලානම් වැඩක් නෑ... ඒත් හිතලා පාඩමට ගමු නේද?

    ReplyDelete
  23. බිස්නස් විතරක්ම නෙමෙයි අයියා කොයි දේවල් හිතවත් කමට දෙන්න ගියත් ඔච්චරයි. සමහරු රත්තරන් බඩු එහෙම අනේ අරකට දැන් යන්න දෙයක් නෑ කියලා ඉල්ල ගත්තත් ගෙනත් දෙන්නැ ඉල්ලනකම්. සමහරු නම් අහද්දි එව්වා බැංකුවෙත් ආරස්සාවට දමලා......

    ReplyDelete
  24. ටිකක් හිනා වෙන්න ආවට කොහෙද හිනා යන්නෙ?

    ReplyDelete
  25. "ඒත් මට වැටෙන්න නොදී අත් වාරුව දුන්න මගේ බිරිඳ වගේම යහළුවෝ ගොඩාක් දෙනෙක් හිටියා... බ්ලොග් යහළුවොත් කිහිප දෙනෙක් හිටියා... ස්තූතියි හැමෝටම.... "

    "ඔබ ව්‍යාපාරිකයෙක් නම් නෑදෑ හිතවත්කම් අමතක කරන්න.. මම නම් මින් මතුවට ඕනෑම හිතවතෙකුට උදව් පෞද්ගලික මට්ටමින් පමණි."

    ගැටළුව වී ඇත්තේ ඔබට සතා අඳුනාගත නොහැකි වීමය!

    ReplyDelete
  26. හ්ම්.ඔයින් ගියා මදැයි!
    හැබැයි යාලුවෙ අර ඔයා කීව ජාතියෙ නොවන යාලු මිත්තරයොත් එමට ඉන්නව ඕං!!

    ReplyDelete
  27. හපොයි හරිම නරකයි දැන් ඉතින් අම්මා තාත්තවත් විස්වාස කරන්න බැරි කාලෙලුනේ මේ වගේ සිද්ධියක් මටත් උනා මමත් ඒක දාන්නම්කො ෆ්‍රී උන වෙලාවක

    ReplyDelete
  28. මම වගේ නම් කන පැලෙන්න ගහනවා .......

    ReplyDelete