Monday, September 19, 2011

ඉට වැඩිය උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ....

ටිකක් හිනාවෙන්න කියන තීම් එකත් එක්ක නොයන පෝස්ට් තුන හතරකුත් මම ලියලා තියෙනවානේ.. ඔක්කොම එහෙමද දන්නේ නෑ.. බ්ලොග් ලියන්න පටන් අරන් මාස දෙක තුනක යනකන් හිනා යන කථා ලියලා ඒ කථා ඉවර උනාම ඉතින් තව තව දේවල් ලියන්න ගත්තානේ.... ඒ අතරින් මම ඉඳලා හිටලා සිංදු කීපයක් ගැනත් ලිව්වා.. අදත් ලියන්න යන්නේ සිංදුවක් ගැන... හිනාවෙන්න වගේම හිතන්නත් දෙයක් මෙහි තියෙන නිසා ඔන්න යාළුවනේ ලියන්න හිතා ගත්තා ටිකක් හිනාවෙන්න එකේ.....


සිංදුව ඔළුවට වැටුනේ අපේ පුංචි පුතාගෙන්... එයාට එයාගෙ ආච්චි අම්මා තමයි කියලා දීලා තියෙන්නේ.. මිනිහා ඕක නිතරම කියවද්දි තොල අඹර අඹරා ගොත ගගහා කියනකොට මම බැලුවා මොකක්ද මේ කියන්නේ කියලා... ජනප්‍රිය ගායකයෙක් වගේම හොඳ විකට නළුවෙක් වෙච්ච ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ ගීතයක් තමයි මේ.... කියැවෙන්නේ බොරු කකුල් කාරයෙක් ගැන...


පද රචනය මම කියලා වැඩක් නෑනේ... ඒ නිසා සිංදුව අහලම බලන්න.. මෙන්න මෙතනින් අහන්න පුළුවනි... අහලා බලලා දෙන්න කමෙන්ට්ස්....


මෙන්න ආයෙත් සිංදුව...


බලපුහාම මේ කථාවත් ඇත්ත නේද?


ප.ලි. ගිනස් පොතට යන්න හිතන් කමෙන්ට් කරන මූනුපොතේ ස්ටේටස් එකක් නිසා ඊයේ ගියානේ පොත් ප්‍රදර්ශනේට... එක පොතක්වත් ගත්තේ නෑනේ..... හයියෝ.. සල්ලි.. කට්ටිය ඇවිල්ලා හෙන පච ගොඩාක් කියලා විසිරිලා ගියා.... ඉතින් පොත් ප්‍රදර්ශනේට යන්න කලින් කට්ටිය සෙට් උනානේ බොරැල්ලට... දියත් කුලේ අපි කියන බ්ලොග් එකත් ඇතුලුව බ්ලොග් 20ක් ලියන ලසියා කීවේ මෙහෙමයි.... මොන පොත් ප්‍රදර්ශනද බන්.. ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉමු... හයියෝ.. බුක් ෆෙයාර්.....


ප.ප.ලි.අනේ චූටිම චූටි පෝස්ට් එකක්....

24 comments:

  1. ඔච්චරද අෆ්ෆා හයියෝ............ බුක් ෆෙයාර් එක ගැන තිබ්බේ

    ReplyDelete
  2. මැක්සා සින්දුව... තෑන්ක්ස් හොයල දුන්නට.

    ReplyDelete
  3. මොනාද අභිත අපි 3 විතර වෙනකල් බලං හිටියා කෝ එකෙක් වත් දැක්කෙ නැහැනේ. කියටද book fair ආවේ..

    ReplyDelete
  4. පේනවනෙ ඉතින් බුක් ෆෙයාර් කියල ගෙදරට කියල ඇවිත් මගින්ම යනවා අනුමත වීමට. හයියෝ.. සල්ලි..

    ReplyDelete
  5. කාගෙවත් කෘන්තක, රදනක, අරව මේවට හානියක් නැතෙය්?

    ReplyDelete
  6. බොරු කකුල් කාරෙයෙක් ගැන කියපු එකම සින්දුව මම හිතන්නේ.
    ස්තුතියි මේ ගායකයා ගැන මතකය අවදි කලාට.

    ReplyDelete
  7. සිංදුව නම් නියමයි !!!!!
    අපරාදේ අබීත අයියා කට්ටියම වේලපහ ආවානම් අපට බලා කියා ගන්න තිබ්බා. කොහෙද ඉතින් කට්ටියම වෙනම සෙට් වෙලානේ.

    ReplyDelete
  8. ඇත්තටම ඇපෙක්ස් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනය තමයි නැගලම ගියේ . . .

    ReplyDelete
  9. හයියෝ බුක් ෆෙයා තමා මටත් කියන්න තියෙන්නේ... ;)

    ReplyDelete
  10. ඈ ඒපෙක්ස් එකෙත් පොත් ප්‍රදර්ශනයක් තිබ්බද ???!!! හයියෝ.. පොත් ප්‍රදර්ශනේ ! තාමත් සෝස් කනේ !

    ReplyDelete
  11. ඔය ටයිටල් එකේ වචන මං දන්න ඒවාට වඩා වෙනස් ඇයිද කියල බැලින්නං ෆ්‍රෙඩී සිල්වා ම සින්දුව කාලා නේ.

    ඔරිජිනල් එකේ තිබුනේ "ඔය වාගෙ උඩින් යන ඈයෝ තවත් ලොව ඇතේ" කියලයි.

    දැන්මේ අභීත ලින්ක් කරලා තියෙන නව රිද්ම එකේ අන්තිම පේලියේ වචනවල මාත්‍රා ගාන වැඩියි.

    මෙතනින් අහලා බලන්න.
    http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0580010C02
    මෙතන තියෙන්නේ "එයා උඩින් ගියත් බිමින් ගියත් වැරුද්දක් නැතේ" කියලයි!

    ReplyDelete
  12. අය්යෝ ලස්සන සින්දුවක්. හිනා යනවා. ඔයාගේ පූතා ඕක කියනවත් මැවිලා පෙනුනා...:)))

    අපරාදේ ලස්සන පොත් තිබුනලු. ඇයි ගිහින් ගත්තේ නැත්තේ???

    ReplyDelete
  13. කකා.. ඇත්ත නේන්නං.!

    ReplyDelete
  14. තව දවස් ගානක් තියෙනවනෙ... ගිහින් එන්න ආයෙ දවසක

    ReplyDelete
  15. හ්කිස්ස්ස්ස්.... මරු සින්දුව...
    බුක් ෆෙයාර් ගැන තව ලියන්න තිබ්බනෙ..

    ReplyDelete
  16. සින්දුව හරි අගෙයි !

    ReplyDelete
  17. අපූරුයි.... ප්‍රෙඩී ගේ ගීත හාස්‍යත් එක්කම තියෙන්නෙ ලොකු සමාජ පණිවිඩයක්...

    මම කැමැතිම

    පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
    පාන්කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
    උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන කෑකුං හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

    පාන්කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
    අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
    කොහේද සිට පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන් ගත්තේ

    පාන්කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
    කෑඳැත්තාගේ කළු අත් තටුවෙන් අල්ලා සෙළවූවා
    ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
    ළඟට කිට්ටු වී මාද ගොළුවතින් ඊට සවන් පෑවා

    අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා

    අනිත් එක තමයි අර පෙත්සම් සින්දුව.... අගේ ඇති ගීත...නැවත මතක් කිරීම ගැන ස්තූතියි...

    ඒවගේම මේවා අද කාලෙට කොයි තරම් නම් ගැලපෙනව ද....

    ReplyDelete
  18. හ්ම්ම්...මාත් ආස සිංදුවක්...රේඩියෝ එකෙන් නම් අහනව බොරු...
    බොහොම ස්තූතියි අභීත අයියෙ,,,,

    ReplyDelete
  19. කොච්චර පරන උනත් හැමදාටම වටින සින්දුවක්....

    ReplyDelete
  20. හාස්‍යය , ඇත්තටම හාස්‍ය රසයක් විදියට අපිට දුන්නු දක්ෂයෙක් ගැන කතා කළාට ස්තුතියි

    ReplyDelete
  21. නියම සින්දුව අත්තම්මා බබාට කියල දීල තියෙන්නෙ

    ReplyDelete
  22. අම්ම ගහයි ඇපෙක්ස් එකේ තිබ්බ එකනෙ පොත් ප්‍රදර්ශන... අරව මොනාද... ලසිය නම් කැත කතාවක් කිව්වෙ. ලොල්

    වෙනි නම් තනිකරම ප්‍රෝඩාවක් කරේ හොඳේ... හිකිස්..

    @ඔබා මාම අභියා ඉන්න තැනකින් කගෙන් හරී දතක් නොගැලවී තියෙයි ද හා?

    හැබැයි පොත් ප්‍රදර්ශනේට හෙන ගැහුවත් කමක් නැහැ කියල අභියා මාකටින් පාර දීපු සඳකඩ පහන බලන්න නම් වෙලාවටත් කලින් මාරු උනා කාටත් නොකියා.

    ReplyDelete
  23. ඈ බන්... දතක් එහෙම ගැලෙව්වෙ නැතෙයි ???

    ReplyDelete
  24. හික් හික්.....කතාව ඇත්ත.........

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...