Monday, September 26, 2011

මෙන්න නියම මාකටින්.. අපේ ඒවා මොනාද?

ලිපියට යන්න කලින් පොඩි ශෝක ජනක ආරංචියක් තියෙනවා කියන්න... මම මේ බ්ලොග් ක්ෂේශ්ත්‍රයට ආපසු අපෙන් සමුගත්ත තුන්වැනි බ්ලොග් සහෘදයා ගැන.. පළවෙනි දෙන්නා තවමත් අපේ සිත් තුළ සදා අමරණීයව ඉන්නවානේ.. ඒ දිලුම් දිසානායක සොයුරා සහ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමා... අද දිනයේත් ඉතා අවාසනාවන්ත අයුරින් අපේ සහෘදයෙක් අපි අතරින් වෙන් වුනා... ඒ තමයි ඇසිපියක මහිම බ්ලොග් එක ලියපු මහේශ් හසාන්ත ද සිල්වා සොහොයුරා... අපිත් එක්ක ආදරය ගැන ඉතා සංවේදී ආකාරයට ලියපු ඔබට සුබ ගමන් සහෘදයාණනි......!


හරි අපි කථාවට යමු.. හසාන්තගේ සිද්ධියත් එක්කම ලියන නිසා හිනා යන කතා ලියන්න බෑ.. ඒත් මේ කථාව කියවන ඔබට හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැරි වේවි... මමත් මේ පෝස්ටරය දැක්ක ගමන් හිනාවෙන්නද අඬන්නද කියලා හිතුවා....


මම ටික දවසකට කළින් රක්ෂනයක් දැම්මා... ඒකෙ මෙඩිකල් එකේදි එයාලා කිව්වා මට කොලස්ට්‍රෝල් වැඩියි කියලා.. ඒත් ඉතාම ස්වල්ප ප්‍රමාණයකින් තමයි ඉහළ ගිහින් තියෙන්නේ.. ඉතින් කෝකටත් පරිස්සම හොඳ නිසා මම දැන් කාර්යාලයේ ඉදන් ගෙදර යන්නේ පයින්.. කිලෝමීටර් එක හමාරක් විතර තියෙනවා... මේ යනකොට තමයි මම මේ සිද්ධිය දැක්කේ....



ව්‍යාපාරයකට අත ගහද්දි අද ලංකාවේ හොඳයි කියලා කියන ක්ශේත්‍ර තුන තමයි අධ්‍යාපනය, සෞඛ්‍යය හා සංචාරක ව්‍යාපාරය කියන තුන.. මොකද ලමයින්ට උගන්නන එකවත්, ලෙඩට බෙහෙත් ගන්න එකවත්, මොන ප්‍රශ්න තිබ්බත් ට්‍රිප් යන එකවත්, මිනිස්සු නතර කරන්නේ නැති නිසා... මේ සිද්ධියත් අධ්‍යාපන ක්ශේශ්ත්‍රයට අදාල එකක්.... ටියුෂන් ගුරුවරු ගහලා තියෙන පෝස්ටර් දැක්කම ඇඩෙනවා...


හරි වැඩි කතා වැඩක් නෑ.... මෙන්න ලයිට් කණුවේ ගහලා තිබ්බ අළුත්ම පෝස්ටරේ.......





ප.ලි. බස් රේඩියෝ අහන්න ඔයාලා තවම පෙළඹිලා නැද්ද? අළුත්ම ඔන්ලයින් රේඩියෝ අත්දැකීම තමයි එය... හැම මාසෙකම දෙවෙනි සහ හතරවෙනි සඳුදා රාත්‍රී 8.30ට අපි එන්නේ බස් රේඩියෝ සවාරිය අරගෙන... පුංචි ශ්‍රී ලංකාවේ සුංදරත්වය අරන් එන මේ වැඩසටහන් මාලාවේ අද රෑ 8.30 ඉඳන් ඔබ හා එක් වෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කොටස් ගැන ඔබට විස්තර කියන්නට..... එකතු වෙන්න බස් රේඩියෝ සමඟ මෙතනින්....

32 comments:

  1. ඇයි තව එකක් තියෙන්නෙ "තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වරෙව්" කියලා පෝස්ටරයක්.

    ReplyDelete
  2. මාර සුදුසුකම් නේ තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  3. තව කාට කාට උගන්නලද දන්නෙ නෑ... අභීත අයියත් අද හෙට පෝස්ටර් එකක් ගහයි මේ අභාශයෙන්.... හික් හික්

    ReplyDelete
  4. ගරිල්ලා මාකටින් !!!

    ReplyDelete
  5. පට්ට පෝස්ටරය අයියා..බුවාට මාර සුදුසුකම් තමා තියෙන්නේ

    ReplyDelete
  6. මිනිහත් කොහොමහරි දියුනුවෙන්න ට්‍රයි කරන්නෙ...
    සර් ල ගැන ටිකක් ගැඹුරින් හිතල බලන්න ඕනෙ.......

    ReplyDelete
  7. ඔය ලොක්කෝ දෙන්නගෙම ළමයි තාම O /L ද කරන්නේ. මාර පොරක්නේ . මේවට නම් ඉතින් අඬන්න තමයි වෙන්නේ .



    මහේෂ් සොයුරාට නිවන් සුව ලැබේවා .

    ReplyDelete
  8. පව් අනේ.. කීයක් හරි හරි හොයා ගන්න නේ..

    ReplyDelete
  9. අදමයි ඒ බ්ලොග් එකට ගියේ . හරි දුකයි . ලේ දන්දීමක් ගැන අන්තිම ලිපිය . අභිතගේ මේ පොස්ට් එකත් අප්ඩේට් වෙලා පැත්තක. ජීවිතය මොන තරම් අවිනිශ්චිතද ?????

    ReplyDelete
  10. මහේශ් ගෙ බ්ලොග් එකේ අවසන් ලිපිය දින ගනනාවකට පෙර ලේ දන්දීමක් ගැන... හදිසියේ අපෙන් සමුගන්න උන හේතුව ??

    ReplyDelete
  11. http://somethingfromeverything.blogspot.com/

    මෙන්න මෙතන විස්තරේ තියෙනවා

    ReplyDelete
  12. මේකෙ විශිෂ්ඨ කියන වචනෙ වැරදියි. :D

    ReplyDelete
  13. නියම වැඩක් තමයි ඒක.මාත් පස්සෙ තමයි යටින් පොඩි අකුරු වලින් තියෙන ටික දැක්කෙ.

    ඒ මල්ලිට නිවන් සුව.

    ReplyDelete
  14. බ්ලොග් සහෘදයා මිය ගිහින් තියෙන්නේ රෝගයකින්ද? තරුණයෙක් නේද? ශිෂ්‍රයෙක් කියායි තියෙන්නේ. ආදරයට අවුරුදු අටයි කියන ෆොටෝ එකක් බැලුවා.

    අභීත කොහොමද විස්තර දැනගත්තේ?

    ReplyDelete
  15. හරිම දුකක්!

    මං මහේෂ් ගේ ආදර සිහිවටන බැලුවා. තවත් කෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇති.

    ඔහු තම නමවෙනි ආදර සංවත්සරයට කරලා තියෙන්නෙ ලේ දන් දෙන එකයි.

    නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  16. ඒ මිය ගිය සහෝදරයා ගැන තව ටිකක් කියන්න.

    පෝස්ටරයනම් මරු. නියම මාකටින්...

    ReplyDelete
  17. අද කාලේ ඔහොම නොකර පුලුවන්ද ටියුෂන් කරන්න අනේ

    ReplyDelete
  18. මෝටර් බයික් එකේ යද්දී වුණු accident එකක්. බයික් එකේ stand එක අකුලන්න අමතක වෙලා.

    ලොරියක් ඉස්සර කරද්දී බයික් එක ඇල කරද්දී stand එක පොළවේ වැදිලා බයික් එක කැරකිලා ගිහින් ලොරියේ ටයර් එකට ඔලුව අහුවෙලා. එතනම............

    ReplyDelete
  19. මට පෙන්නේ මේ අභීත අයියගෙන් මාකටින් ඉගෙන ගත්ත ගෝලයෙක්ද කොහෙද .........


    මහේෂ් සොයුර මෙවැනි අකල් මරණ නැවත් ඔබ හට උරුම නොවේවා.ඔබට නිවන් සුව .............!!!!!!

    ReplyDelete
  20. හිතේ තිබුන ආදරය අමරණීය කරන්නයි මහේශ් අයියා උත්සාහ කලේ..... අනේ මංදා......

    මහේශ් අයියට නිවන් සුව පතනවා.....!!

    අභී අයියේ.
    ඔය වගේ පෝස්ටර් නම් දැන් එමටයි ලයිට් කණුවල.

    ReplyDelete
  21. ඇසි පියක මහිම ලියූ මහේෂ් අයියා අපේ ඇසි පිය මානෙන් නික්මිලා...........

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete
  22. මහේෂ් අයියට නිවන් සුව ලැබේවා!!!

    පෝස්ටර් එක ගැන නම් කියන්න තියෙන්නේ, අද අධ්‍යාපනය ගැන ගොඩක් කලකිරුණා කියලා. මේක හැමදේ ම මාර්කට් වෙන යුගයක්.......

    ReplyDelete
  23. පොඩි කට කැඩිච්ච කථාවක් තියෙයි කියන්නද ?

    ඔය පොස්ටරේ ගැහුව නම් ජනාධිපති තුමා ගේ දරුවන්ට ඉගැන්වූ කියල එකෙක්වත් පන්ති එවන එකක් නැ

    හේතුව මතක ඇතිනේ ? මතක නැත්නම්

    http://buwagesithuvili.blogspot.com/2011/09/blog-post_13.html

    ReplyDelete
  24. හික්ස්............පිස්සු හැදෙයි සද පොපියයි කිව්වලු....

    ReplyDelete
  25. මහේෂ් ට නිවන් සුව පතමු

    ReplyDelete
  26. සුදුසුකම් නම් ඉහටත් උඩින් වගේ.... වෙන රස්සාවකට උනානම්....

    ReplyDelete
  27. පෝස්ටර් ගහන එක තහනම් නිසා කොළඹ නම් දන් වැඩිය පෝස්ටර් නැහැ.. හොරෙන් ගහන එව්ව විතරයි.
    මහේශ්ට නිවන් සුව!

    ReplyDelete
  28. මේ පෝස්ටරේ දැක්කම ඇඬෙනවා අප්පා මෙයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙවි පිහිටයි...
    මහේශ් සොයුර ඔබට නිවන් සුව!

    ReplyDelete
  29. මේකට ගණං පුළුවන් කිව්වට සිංහල නං අන්තිමයි!

    මහේෂ් සහෝදරයට සසර දුක කෙටි වෙන්න පින් පතනව!

    ReplyDelete
  30. මම දැක්ක වතාවක් ටියුෂන් සර් කෙනෙක්ගෙ ඇඩ් එකක් .. . . හැබැයි විෂය තිබුනෙ නෑ . . . නම විතරයි තිබුනෙ . . ."සයිලන් සර්" කියල

    ReplyDelete
  31. ලංකාවේ හම්බ කරන්න හොඳම මර්ගයන් තමයි අධ්‍යපන, සෞඛ්‍ය සේවා එක්කෝ මල් ශාලාවක් දා ගන්න ඒක.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...