Friday, October 14, 2011

කළින්ම ස්ථිර කරන දහ දෙනෙකුට පමණයි... පස්සේ ආයේ නහයෙන් අඬන්න එපා....

කථාව කියන්න කලින් කියන්න ඕන මගේ කතාබස් වැඩසටහන ගැන... ඊයේ එහෙම නැත්නම් ඔක්තෝබර් 13වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට බස් රේඩියෝ තුළින් මගේ සම්මුඛ පරීක්ෂණයක් කලා වැප් මහත්තයා.... ඒක හොඳට ගියා කියලා තමයි අහපු අය කිව්වේ.... හැබැයි මෙයාලා මගේ කටහඬ ඉතා දරුණු විදිහට විකෘති කරලා තිබ්බා.. බුද්ධිගේ සංවාදය සම්භන්ධයෙන් ටිකිරි කියලා තිබ්බනේ බුද්ධිට තියෙන්නේ මහ ටකරන් කටහඬක් කියලා.... ඒත් මට හිතෙන්නේ මේ කතාබස් කාර්ය මණ්ඩලේ මේක හිතාමතාම කරන දෙයක් කියලා.... ඔන්න මම තෝරපු ගීත ටිකයි මගේ කතාබස් වැඩසටහන්යි මෙන්න මෙතනින් ගියොත් අහන්න පුළුවන්...


දැන් යමුකො කතාවට.... මීට දවස් කීපෙකට කලින් අපේ ගයාන් කල්හාර මල්ලි මූණු පොතේ පණිවිඩයක් එව්වා වැදගත් කාරණයක් සම්භන්ධව කතා කරගන්න තියෙනවා කියලා... ඉතින් අද මූණු පොතෙන්ම මේ ගැන කතා කලා.. ඒ කාරණේ නම් එලකිරි වැඩක්.. මොකක්ද දන්නවද? රට වටේ යන යතුරු පැදි සවාරියක්.... සිංහලෙන් කියනවානම් Islandwide Bike Ride එකක්....



ඉතින් මට හිතුනා ඇයි මේක ගයාන් මල්ලි තනියම යන්නේ... අපිත් ගියාම නරකද කියලා.. ඉතින් අපි දෙන්නා තව දුරටත් කතා වුනා අපි නොදන්න තව මෝටර් සයිකල් කිහිපයක් එකතු කරගෙන මේ ගමන යමු කියලා... මෙන්න පහත තියෙනවා විස්තරය...


යෝජිත දින : 2011 ඔක්තෝබර් 26,27,28,29,30


ගමන් මාර්ගය : 


   ඔක්තෝබර් 26 - කොළඹ සිට අනුරාධපුරය හරහා මන්නරම


   ඔක්තෝබර් 27 - මන්නාරම සිට පූනරින් හරහා යාපනය.. අලිමංකඩ හරහා කිලිනොච්චිය...


   ඔක්තෝබර් 28 - වවුනියාව හරහා ත්‍රීකුණාමලය පසුකරමින් මඩකලපුව (මෙහි පොඩි වෙනස්වීමක් විය හැකි ලකුනු තිබේ..) 


   ඔක්තෝබර් 29 - පොතුවිල්, බුත්තල, කතරගම හරහා තංගල්ල


   ඔක්තෝබර් 30 - නැවත කොළඹට...


නවතැන් : කූඩාරම් ගෙන යනු ලැබේ.....


ආහාර  : උදේටත් එක්කම රෑට උයන අතර දවල්ට කොහෙන් හරි මොනවාහරි බඩට දාගනු ලැබේ...


වැය : එක් අයෙකුට ඉන්ධන හා සියල්ල සමඟ රුපියල් 8000කට වඩා නොයන බව පැවසිය යුතු වේ... මේ උපරිම වියදමයි.....  


වැඩි දුර : abeetha0325@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඊයක් එවීමෙන් කතිකා කර ගත හැක.... නම, දුරකථන අංකය දන්වා එවන්න...


ස්ථිර කල යුතු අවසන් දිනය : 2011 ඔක්තෝබර් 20.


ප.ලි. මගේ දැන් බ්ලොග් ගෝලයෝ ඉන්නවනේ... නිකන් කතන්දරට මම වගේ.... ඔන්න දැන් මගේ ගෝලයෝ දෙන්නගේ බ්ලොග් දෙක... මෙන්න මේක ඩිලන්තගේ.. ලස්සන කෙටි කථා බ්ලොග් එකක්... මූ ගැන කථාවක් තියෙනවා ඒක ලියන්න ඕන ඊලඟ ලිපියෙන්... ලස්සන කෙටි කථා බ්ලොග් එකක්... මෙන්න මේක සුමුදුගේ.... අතීත කතා වගේම කවි සිංදුත් ලියවෙයි.... මෙයාගේ ගැන්සිය ගැනත් මම ඉස්සරහට කතා මාලාවක් ලියන්න හිතාගෙන ඉන්නවා..... 


ප.ප.ලි. අර මගේ කතාබස් වැඩසටහනේ එක වෙලාවකදි මම කියනවා අමරසිරි පීරිස් මහත්තයාගේ ඉරිතැළුණු වලා ගීතය මම වෙන් කරන්නේ මැද පෙරදිග වෙසෙන අපේ බ්ලොග් සහෘදයින්ට කියලා.... ඒක පොඩ්ඩක් කාරුණිකව වෙනස් කරලා හිතාගන්න සයුරෙන් එතෙර සිටින සියළුම බ්ලොග් කියවන්නන්ට සහ ලියන්නන්ට කියලා... මව් භාෂාව ලඟ නැතුව ලැතැවෙන ඔබට එම ගීය උපහාරයක් වේවා...

32 comments:

  1. මේ ගමනට ඉත සිතින් මම සුභ පතනවා !

    ReplyDelete
  2. ඔය උඩ පෙන්නල ඉන්න අක්ක එනවනම් රටේ ඕන කොනක යන්න මම එනවා.. අභීත අයියෙ පොඩි මැප් කට්ටකුත් දාමුකෝ.. ආශයි අප්පා...

    ReplyDelete
  3. එකතුවෙලා චාරිකා යන එකනම් හොඳා.

    ඒත් මෝටර් සයිකල් වලින් යන එක ගැන නම් කිසිම මනාපයක් නැත.

    ReplyDelete
  4. ගමනේ දුරත් එක්ක බැලුවහම දවස් ටිකත් බැලුවහම මටත් කියන්න තියෙන්නේ අය්යේ මොටෝ ගමන නම් ගොඩාක් අවදානම්.. මාත් ඉතින් ඇක්සිඩන් වෙලා දත් මුන කට හොදට තලා ගත්තු එකෙක්නේ.... අනික අය්යේ දවස් ගානක් එක දිගට බයික් එකේ යනකොට කොහොමත් ඇටෙන්ශන් බිදෙනවා... මට මේ තරම් කථා කියන්න තරම් අයිතියක් නැති උනත් මගේ අත්දැකිම් එක්ක කියන්නේ මම කොයි තරම් පරිස්සමින් ගියත් මටත් ඔය දේ උනේ එක හදිසිකාරයෙක් නිසා... හැමෝටම එහෙම වෙන්නේ නැ තමයි... එත් අය්යේ යනවානම් ගොඩාක් පරිස්සමින්..

    දළදා සමිදු පිහිටයි ගමනට

    ReplyDelete
  5. එල ට්‍රිප් එකක් අභියෝ......! මොනව උනත් කට්ටිය පරිස්සමින් ගිහින් එන්න...! වැඩි කලබලයක් නැතිව හෙමින් පරිස්සමින් ගොහින් ආවොත් තමයි හොඳ...!

    මට උඹේ කතා බස් එකේ අහන්න ලැබුනේ මුල් ටික විතරයි....! ගෙදර කට්ටියව ශොපින් එක්කගෙන යන්න උනානේ.....! නිවාඩු පාඩුවේ ඉතිරි ටික අහන්නම්....!

    ReplyDelete
  6. උඹලට වැහි නැති හෙන ගහනව යකෝ . . . . මම නැති අතරෙ මේ වගේ වැඩ කරනවට . . . .සික්

    ReplyDelete
  7. ගමනනම් පංකාදු පහයි... චාරිකාව ගැන තව විස්තර පස්සේ දාන්නකෝ.. කතාබස් අහන්න බැරි උනා.. කවදත් මට ලයිව් අහන්න බැරි වෙනවා.. වැඩ නිසා.. රිපීට් එකත් දැන්නේ දාලා තියෙන්නේ.. හෙමීට අහලා බලන්නම්...

    ReplyDelete
  8. පුට් බයිසිකල් චාරිකාවක් නම් මරු....

    ReplyDelete
  9. ඩයරියකුත් ලියන්න.

    ReplyDelete
  10. එන්නනං වෙන්නේ නෑ...සුභ පතනවා ගමනට....

    ReplyDelete
  11. ඔයාගේ ගෝලයෙක් වීම ගැන නම් සතුටුයි අභීත අයියා(ඒත් මේ අලුත් යලුවෝ කට්ටිය එක එක ඒවා කියනවා) අනේ මංදා.....අනේ ඉතිං මම ගැන නම් මොනවා ලියන්නද ? අහිංසක මමනේ.එක නෙවි අමතක කරන්න එපා ඔයගේ වමත් සව් සහ දකුනත්සව් (කමල් සහ දමින්ද ) මමත් දනිමි ..හොදින් හදුනමි

    ReplyDelete
  12. ගමන පරිස්සමින් ගිහින් එන්න

    ReplyDelete
  13. මාත් ඉතින් ගමන් යන්න ආස උනාට කොහෙද එහෙම යන්න චාන්ස් එකක් නෑනෙ.ඔයාලට සුභ ගමන් අයියලා.පරිස්සමින් ගිහින් එන්න.
    තෙරුවන් සරණයි

    ReplyDelete
  14. බයික් වලින් ඔච්චර දුර.... ඇඩෙනවා නේ බන්... යන දුරයි.. ඔය පළාත් වල හැටියත් එක්කයි බයික් වල යෑම නම් අනේ මන්ද... ඒත් ඉතින් වෙනසක් තියෙන්නත් එපැයි.... උබල පරිස්සමට ගිහින් වරෙන් ඉතින්... ඒ ඇවිල්ල අපිට ඇඩෙන්න දාපන් ෆොටෝ ටික මූනු පොතේ....

    ReplyDelete
  15. අභියෝ Buzz ඇහුවා...උඹේ ටකරන් කටහඩ ඒ විදියටම ඇහුනා..වෙනසක් නෑනෙ මචෝ..

    ReplyDelete
  16. පට්ට ආතල් එකක් ගන්න වගේ යන්නෙ ඕක අමද්යප වෙනවනම් වැඩිය හොඳයි.. පරිස්සමින් ගිහින් එන්න..

    ReplyDelete
  17. මළත් බයික් එකකින් ලබන ආතල් එක නම් වෙන කිසිම වාහනයකින් ලබන්න බෑ. දාගත්ත කාලේ තමා කෑවේ. ශික් වෙන දවසක් තිබුනේම නැද්ද අවුරුද්ද අන්තිම හරියෙන් ගන්න.
    ඔය දවස්වල ශෙඩ්වල පෙට්‍රල් නැතිවේවා..!!!

    ReplyDelete
  18. නියමයි ගමන.රූඩ් ඒක දැක්කම ඒන්න හිතෙනවා.දැන් ඉතින් ඒහෙම බෑනෙ පවුල් වෙලා මං, මචං.ගමන පරිස්සමින් ගිහින් ඒන්න.සියලු දෙවි දෙවතාවන්ගෙ පිහිටයි.

    ReplyDelete
  19. බුදු අම්මෝ...බයික් වලින්ද ඔච්චර දුර යන්න හදන්නෙ.මොනවා වුනත් පරිස්සමින්. දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි.

    අපිට ඉතිං ඔය ගමන් අකැපයි නොවැ...:((((

    ReplyDelete
  20. දැන් ඔය ගමනට හොරණ, ඉංගිරිය, පාදුක්ක එහෙම අහුවෙන්නෙ නැද්ද .......

    මට නං යන්න වෙන්නෙ නැහැ, ඔන්න මගේන සුබ පැතුම් ....

    ReplyDelete
  21. දැන් ඔය එක බයික් එකේ යන්නේ එක්කෙනාද? නැත්නම් දෙන්න, දෙන්නද?...:D

    ReplyDelete
  22. චා ඔච්චර දවස් ගානක් කැප කරන්න බෑ නැත්තම් මාත් එනවා ......:(

    ReplyDelete
  23. අභීත-මං ඇනෝ කමෙන්ට් එකක් කලබල වෙලා ඩිලීට් කළා. මං පස්සේ එයාගෙන් ඉල්ලුවා අනේ ප්ලීස් ඒක ආයේ ඒක දාන්න කියලා. මොකද ඒකේ තමයි නියම යථාර්තය තියෙන්නේ බ්ලොග් එකේ, නේද?

    වැප්-ඔව්!

    ශ්‍රාවකයෝ- යකෝ වැප් කොහොමද දන්නේ අභීත ඩිලීට් කරපු කමෙන්ට් එකේ යතාර්ථය?

    ReplyDelete
  24. හම්... එහෙනම් ඔයාලා යනවා..... යනවල්ලා ඉතින් කිය කිය නොඉඳ...අපි කවදා යන්ඩයෑ

    ReplyDelete
  25. කශු - ඒ ඇනෝ කමෙන්ට් එක බස් එකකදි කතා කලා. ගෙඩිය පිටින්ම ඒක අභීතම හෝ වැප් ආයිත් ඒ බස් එකේදි දැම්මා වගේ මතකයි.. ඒ කෙන් අපිටත් ඒ ඇනෝ කිව්වෙ මොකද්ද කියල දැක්ක.. අභීතට තිබුනෙ ඒ ටෙක්ස්ට් එක එහෙමම ආයිමත් කොපි කරල දමන්න..ඒත් ඕනිත් නැහැ..තමන්ගෙ හොඳම යාලුවගෙ උනත් වැරැද්දක් මූනටම කියන්න පුලුවන් වෙන්න ඕනි.. ඇයි ඇනෝ ?

    ReplyDelete
  26. ගමනට සුභ පැතුම් අයියා....යහතින් ගිහින් එන්න......
    අපිට විභාගේ වැටෙනවා....නැත්තම් අනිවා සෙට් වෙන්න ට්‍රයි එකක් දෙනවා....

    ReplyDelete
  27. සුභ පැතුම් අභීත අය්යේ. ඕක සිංහල බ්ලොග්කරුවන්ගේ බයික් චාරිකාවක් කරලා පොඩි බැනර් කට්ටක් එහෙම දාගෙන, පබ්ලිසිටියක් දාගෙනම ගියොත් මොකද ? ඔබ අම්පාරේ, වන්නියේ අපේ කට්ටියත් එකකොට දැන ගනී නොවැ සිංහල බ්ලොග් කියලා ජාතියකුත් තියෙන බව. අනික ඒ ඒ පැති වල ඉන්න අපේ බ්ලොග් රචකයින්ට අයියලගේ චාරිකාවත් එක්ක එකතු වෙන්න ක්‍රමයකුත් හැදුවා නම් හොඳා...ජයවේවා !!!

    ReplyDelete
  28. සික් විතරක්. ඕක ජනවාරි වල අග වගේ දාගත්තනම් කොල්ලත් එනව්නෙ බොලව්. පරිස්ස්මින් පලයල්ලා. බොහොම දුකයි සැට් වෙන්න බැරි වීම ගැන.

    ReplyDelete
  29. කකා ටත් ඕන්නම් ඒ ඇනෝ කොමෙන්ට් එක දෙන්නම් ....... ඒ කතාව ඇත්ත :)

    ReplyDelete
  30. ඔය බයික් එකේ දෙන්න දාල යන්න සහ ගාණ තව පොඩ්ඩක් විතර අඩු කරගන්න පුළුවන් නම් මමත් එනව මචෝ කාගෙ හරි බයික් එකක ගානත් ශෙයා කරගෙන යන්න!!!
    සම්පූර්ණ වියදම = මගෙ දළ මාසික ආදායම් = මාගේ අධ්‍යාපන වාරික මුදල !!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...