බ්ලොග් ලියන එක ටිකක් අඩුවෙලා... ඒ ටිකක් කාර්යබහුල නිසා... ඒත් මේක අත අරින්න හිතෙන්නේ නෑ හේතු ගොඩාක් නිසා... පුළුවන් වෙලාවට බ්ලොග් කියවනකොට කථා මතක් වෙනකොට එහෙමම ලියලා දාන්න හිතෙනවා.. මෙන්න මේකත් ඒ වගේ.... බස් රේඩියෝ එකේ කථාබස් වැඩසටහනට මම සහභාගී වෙච්ච වෙලාවේ වැප් මල්ලි ප්‍රශ්ණයක් ඇහුවනේ මෙහෙම...
ඔබ සමහර බ්ලොග් වල කමෙන්ට් කරනවා "අහ් මට කතාවක් මතක් වුනා මේක කියවද්දි.. ඒ කථාව මම මගේ බ්ලොග් එකේ දානවා" කියලා... ඒ ඇත්තටමද එහෙම දාන්නේ.. එහෙම නැත්නම් වෙන දෙයක් බලාපොරොත්තුවෙන්ද?
මෙන්න වැප් මල්ලි උත්තරේ...
අතීත තොරතුරු, හාස්‍ය රසය, දැනුම වගේම ටිකක් ජුගුප්සාජනක කථාත් මැනැවින් අඩංගු රස සාගරයක් තමයි ඔබ්සවර් අයියගේ බ්ලොග් එක.... ටිකක් ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් නිසා අත්දකීම් වගේම සිහිවටන ප්‍රමාණය ඉතාම වැඩියි.. මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාපු ගමන් මට මේල් එකක් එනවා 'අළුත් පෝස්ට් දැම්මෝ' කියලා.. මෙහෙම මේල් එන්නේ ඔබා අයියගෙනුයි පොඩි කුමාරිහාමිගෙනුයි විතරයි... ඉතින් අද ඔබා අයියා ලියලා තිබ්බේ ටෙලිග්‍රෑම් කථාවක්... ඒක කියපුහාම තමයි මට මෙන්න මේ කථාව මතක් උනේ.... (අම්මෝ ඇති යන්තම්... වටේ ගිහින් ඉවරයි... )
මගේ අප්පච්චි ගැන තිබ්බ කතාවල මම කියලා තියෙනවානේ මගේ අප්පච්චි ඉතාම දැඩි තීරණවල හිටපු ඒකාධිපති පුද්ගලයෙක්.. ඉතින් යාළුවොත් එක්ක ට්‍රිප් යන ඒවා, පිස්සු නටන ඒවා ගෙදරට කියලා කරනවා කියන්නේ තනිකරම නොකෙරෙන වැඩක්... ඒ නිසා මෙච්චරකල් ඔයාලා කියවලා ටිකක් හිනාවුන බොහෝ වැඩ කටයුතු සිද්ධවුනේ ගෙදරට රහසින්... ඉතින් මේ එක අත්දැකීමක් තමයි මම මේ කියන්නේ...
කමල් කියන්නේ දැන් පොලීසියේ ඉහල නිහළධාරියෙක්... මිනිහට ඒ කාලේ ගෑණු ලමයෙක් හිටියා කුරුණෑගල ඉඳලා කිලෝමීටර 40ක් විතර ඈත.. දැන් කෙල්ලගේ ගෙදරින් ට්‍රිප් එකක් ලෑස්ති කලා නුවර එලියේ... දැන් කෙල්ලගේ යාළුවෝ විදිහට තමයි අපි යන්නේ.. දැන් මේ නිධාන කථාව කොහොමද ගෙදරට කියන්නේ.... මෙන්න මෙහෙමයි ට්‍රිප් එක ගියේ.....
ට්‍රිප් එක යන දවසට කලින් දවසේ මම කුරුණෑගලින් මටම ටෙලිග්‍රෑම් එකක් ගැහුවා මෙන්න මෙහෙම කියලා...
අභීත, තාත්තා නැති වුනා.. බැනර් එක ඇදගන්න එකෙක් නෑ.. පුළුවන්නම් ඉක්මනට වරෙන්.. වසන්ත.
එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර යද්දි ටිකක් චකිතෙන් ගියේ... අප්පච්චි ඉන්නවා හාන්සි පුටුවේ... මම ගෙදරට ඇතුල් වෙද්දිම මගෙන් මෙහෙම ඇහුවා...
කවුද වසන්ත කියන්නේ.....
ඇයි.. මගේ යාළුවෙක්....
කොහෙ එක්කෙනෙක්ද?
නිකවැව.. ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ.. අර දවසක් මෙහෙ ආවේ....
මිනිහගේ තාත්තා අසනීපෙන්ද හිටියේ....
ඔව්... මේ ටිකේ ක්ලාස් ආවෙත් නෑ.. දැන් මාස දෙකක විතර ඉඳලා අසනීපෙන්ද කොහෙද හිටියේ... ඇයි අප්පච්චි?
ටෙලිග්‍රෑම් එකක් එවලා තාත්තා නැතිවෙලා කියලා.. බැනර් එක ඇදගන්න ඕන කියලා එන්න කියලා තිබ්බේ... දැන් යනවද?
අයියෝ.. නැතිවෙලාද? දැන්නම් යන්න බෑ.. බස් එහෙමත් නැතුව ඇති... හෙට උදේම යනවා... අප්පච්චිත් එනවද? (මම දන්නවනේ ජීවිතේට එන්නේ නෑ කියලා එච්චර දුරක් යන්න.)
නෑ.. මම එන්නේ නෑ... පරිස්සමින් ගිහින් එනවා....
හා...
අම්මෝ.. කාමරේට යනකන් සීරුවෙන් ගිහින් තමයි ප්‍රෙශර් එක නිදහස් කලේ.. ඇන්දේ ඉඳගෙන හයියෙන් හුස්ම ගත්තා මතකයි විනාඩි පහක් විතර.. දැන් පළවෙනි පිම්ම සාර්ථකයි... හෙට යන්න තමයි දැන් තියෙන්නේ...
ඔන්න දැන් ට්‍රිප් එක ගියා... දවස් දෙකක්ම ඉඳලා කමල්ගේ ගෑණු ලමයයි තව එයාගේ යාළුවොයි අපියි ඔක්කොම දවස් දෙකක් තිස්සේ නුවර එලියේ, ලෝකාන්තයෙ ගිහින් තමයි ආවේ.... ගෑනු ලමයගේ පවුලේ අයත් ගිය නිසා ට්‍රිප් එක පාඩුවේ ගිහින් ආවා.....
ගෙදරට ආවාම අප්පච්චියි මමයි අතරේ ඇති වුණ දෙබස තමයි මේ...
ඊයේ නේද එනවා කිව්වේ.....
ඔව් අප්පච්චි.. එන්න පිටත් වෙද්දි ටිකක් රෑ වුනා.. ඊට පස්සේ අදම ආවා..
ඕකනේ තමුසෙට කොහෙවත් යන්න දෙන්න බැරි....
ඒ වුනාට පරිස්සමින් එනවනේ....
හ්ම්...
සියල්ල සතුටින් නිමා වුනා.....
මාස පහ හයකට පස්සේ මම කොහෙ හරි ගිහින් ගෙදර යද්දි අප්පච්චි කථා කලා....
කසුන් මෙහෙ එනවා.. (මට කසුන් කීම ගැන මම කලින් කියලා තියෙනවනේ..)
ඇයි අප්පච්චි....?
අර කාගෙද මල ගෙදරක ගියේ නිකවැව.. කවුද ඒ යාළුවා.....?
වසන්තනේ.... (මොන මඟුලක් වෙලාදැයි සිතමින්..)
ආ... මිනිහා තමයි.. මෙන්න උගේ මැරිච්ච තාත්තා උඹට ලියුමක් එවලා....
ඈ................?
මම ගැහෙන හදින් ගත්තා ලියුම...
ආදරණීය අභීත මල්ලී වෙත,
එදා කොහොමද නුවර එලියේ ගමන කොහොමද? ඔයාලා හිටපු නිසා අපි පරිස්සමින් ගිහින් ආවා.. ගෙදර අයනම් ඔයාලාව නිතරම මතක් කරනවා.. බ්ලා බ්ලා බ්ලා...
ආයෙත් බ්ලා බ්ලා බ්ලා.... අපි ආයෙත් ඉක්මනටම ඒ වගේ ට්‍රිප් එකක් යමු මල්ලී....
මීට
කල්පනා.. (නිසංසලාගේ අක්කා)
කිරි අප්පට බල්ලො පැනපි.... කෙලලා තියෙන්නේ තාප්පෙටම... මම ලියුමත් අරගෙන හෙමීට ගෙදර පැත්තට හැරුනා....
කොහෙ යන්නද? මෙහෙ එනවා.....
මම ඉන්නවා දැන් නයා මැරිච්ච අහිකුන්ඨිකයා වගේ....
මීට පස්සේ කිසිම තැනක ට්‍රිප් යෑම, කිසිම යාලුවෙක්ගේ මල ගෙදරක යෑම තහනම්...
වීසා දෙකම කැන්සල්.... කොහොමත් ඊට මාස දෙකකට පස්සේ කොළඹ එන්න වුන නිසා ඒ තහනම ලොකුවට බලපෑවේ නෑ....
ප.ලි. මගේ පොඩි මෑන් ලොකු වෙලා මේක කියවයිද? ඒ කාලෙට මේක ඩිලීට් කරන්න ඕන....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
"නයා මැරිච්ච අහිකුන්ඨිකයා වගේ...."
ReplyDeleteපට්ටම උපමාව. ඔය ඉතින් ඒ කාලේනේ අයියා. දැන් ඉන්න අණ්ඩපාල කොලු තාත්තලා ඔයිට වඩා හොඳ ජිමික්ස් කරලා තමා ගෙදරින් පනින්නේ :))
මටනම් කොහෙවත් යන්න තහංචි දාලා නෑ.කියලා තියෙන්නේ කොහේහරි යනවා නම් ගෙදරට කියලා යන්න කියලා.හැබැයි කියලා නොගියොත් නම් ඉතින් සුම්මා..
ReplyDeleteඋඹ ඒ කාලෙත් මහ නසරාණියෙක් නෙ බලාගෙන යනකොට. තාත්තවත් කඩේ යවල.... බොරුවක් කරල පොඩි කාලයක් චූන් එකේ ඉඳල පසෙ සීන් කෝන් අතේ කෝට් උනාම මුත්තරා බරක් වගේ එකක් හැදෙනව බං.. ආයෙ උන් හිටි තැන් අමතක වෙන්න.
ReplyDeleteබය වෙන්න එපා බං. පොඩි මෑන් ලොකු වෙනකොට ඔය ටෙලිග්‍රෑම් සිස්ටම් එක කටුගෙයි තමයි. ආයෙ කෙලින්ම කොල්ලට මේල් එකක් එයි උඹට CC කරල.. හෙහ්.....
හයියියෝ කුණු සංසාරෙ කිව්වලු. මෙහෙමත් වෙනවද? මට නම් ඔය ප්‍රශ්න නැහැ. තාත්ත ලංකාවේ හිටියේ නැහැනේ. හවසට කාමරේට කලින්ම යනවා. උදේම නැගිටලා ඇදුම් ටිම බෑග් එකක දාල තාප්පෙ උඩින් තියනවා, ජනේලෙන් පැනලා. ජනේලෙන්ම ඇතුලට ඇවිත් අම්මේ මම යනවා කියලා දොරෙන් එලියට යනවා. යන ගමන් ඇදු බෑග් එක ගත්තා. හවසට යාළුවෙක් එනවා, ගෙදරට ඇන්ටි .... අපි පාඩම් කරන්න අපේ අහවලාඅගේ ගෙදර එක්ක ගියා. මමත් දැන් යනවා. හෙට එන්නම් කියන්න කිව්වා........ වැඩේ ඉවරයි.
ReplyDeleteමම නම් බය නැහැ දුවෙක්නෙ ඉන්නේ....
ඔපීසිය මැද්දේ මගේ හිනාව නවත්ත ගන්න බැරුව මේ දැං මම නෝන්ඩි උනෙමි..අනෙක් ඉන්දියන් එකයි , පිල්ලයි මගේ පාටම නෙක්යා බුවයි මගේ දිහා බලන් ඉන්නව දැක්කේ එතකොට...අනේ මගේ සුප්පා නොහොත් සුපවයිසරයා හිතන්නේ මට පිස්සු හැදිලා කියලා වෙන්න ඇතිය..ඒ තරමට මේ කථාව එළට ලියා තිබේ..ජය...මෙවන් විපත් කිසිවෙකුටත් නොවේවා !!!!
ReplyDeleteඅපිනම් හොඳ ළමයි අම්මාට තාත්තාට නොකියා කොහෙවත් යන්නේ නෑ ;) :D
ReplyDeleteඉතිං අයිය පොඩි මෑන්ස්ට ඕං ඔහෙ යන්ඩ දෙන්ට ;)
ReplyDeleteහප්පේ...දවස් දෙක තුන ට්‍රිප්නම් ගිහින් නෑ,හැබැයි ගමන් ගියාම ශේප් එකේ බොරු කියනවා.ඇයි අප්පා වතුරට බැසීම තහනම් තව අනම් මනම් ගොඩයි නේ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබයවෙන්න එපා... පොඩි එකාගෙන් උඹට කිසිම ප්‍රස්නයක් වෙන්නෙ නෑ අභීත අයියා... ඌ ලොකු වෙලා කියන බොරු උඹට ජීවිතේට අහු වෙන්නෙ නෑ.. උඹ රැවටිලාම ඉදීවි...
ReplyDeleteඑකෙක් රෑ මියුසිකල් ෂෝ එකක් බලලා පාන්දර ඇවිල්ලා ජනේලෙන් පැනලයි කාමරේට රිංගලා තියෙන්නේ... ශර්ට් එක ගලවද්දිම අම්මා ආවලු...
ReplyDelete"අම්මේ තේ එකක් හදනවද, අද පාන්දරම වැඩට යන්න වෙනවා..."
කියලා මූ ශර්ට් එක ඇදගත්තාලු...
මටනම් ඒ දවස් වල එච්චර අවුලක් නැහැ, මර්සියක් ගහල මූන පොඩ්ඩක් පුක කර ගත්තහම හරි.....
ReplyDelete//අපි ආයෙත් ඉක්මනටම ඒ වගේ ට්‍රිප් එකක් යමු මල්ලී....// මදැයි ගියා.
ReplyDelete"අහ් මටත් කතාවක් මතක් වුනා මේක කියවද්දි.. ඒ කථාව මම මගේ බ්ලොග් එකේ දානවා" :P
බය වෙන්න දෙයක් නෑ පොඩි මෑන් ගැන, 'ලට්ට ලොට්ට පොඩි මෑන් ' හරියටම කියල තියෙන්නෙ අනාගතේ මොකද වෙන්නෙ කියල.
ReplyDelete//දැනුම වගේම ටිකක් ජුගුප්සාජනක කථාත්//
කොහෙද බොලේ ජුගුප්සා ජනක කතා කියල තියෙන්නේ? 'ජුජුප්ස්' වගේ ඒව මිසක.
මේ කොල්ලන් නම් , පුංචි එකා කාලේ ඉදලම කරන්නේ , අනුන්ව රවට්ටන එකමනෙ ....!!!!
ReplyDeleteඅපිත් ගෙදරට ඔහොම ඒවා කියලා පැනපු කතා නම් එමටයි.. දරුවා ලොකු වෙන කාලෙක මේවා ඩිලීට් කරන එක හොදයි.. නැත්නම් තාත්තා කොල්ලා කාලේ කලානම් මං කලාම මොකෝ කියලා හිතයි...
ReplyDeleteඅනේ මන්ද....මට කැම්පස් යන කාලේ කොහෙහරි යන්න ගෙදරින් අවසර ලැබුනෙ අභීත යනවනම් විතරනෙ...අපේ අම්මා තාත්තා අභීතයා ගැන දන්න තරම තමා ඉතින්...
ReplyDeleteවැඩේ කොල්ලා ලොකු උනාම අභීත අයියා තාත්තගේ පාට් එක ගන්නවා ඉතින් කොලුවටත් මේවා දැනගන්න දෙන්න ඕනා හොර වැඩ කරන හැටි,,,
ReplyDeleteha ha maru ayya,eka nam niyamai,matath ohoma dewal ananthawath wela thiyanawa......... :)apita kawadaawath demapiyanta boru kiyanna ba,eyala hugaak welaawataapi kiyanne boru kiyala dana danath nodannawa wage innawa...
ReplyDeleteඅපොයි කොහෙවත් නැති ඔබාවයි, මාවයිත් ගාගෙනනේ. අපරාදේ දැන් බැරිද දන්නේ නෑ මෙයාගේ වීසා සතියකට විතර කැන්සල් කරවන්ට.
ReplyDeleteඒ උනාට කතාව නම් මාර ලස්සනයි....:D
මේක කියවද්දි මට සිද්ධියක් මතක් උණා දාන්න ඔනේ බ්ලොග් එකේ.... ()
ReplyDeleteහෆ්ෆා මුන්දැලව ආශ්‍රය කරන්නත් බයයි... අපි නම් ගෙවල් දොරවල් වල ඉන්න වැඩිහිටියන්ට බොරු කියලා මෙහෙම ට්‍රිප් ගිහින් නෑ.. අපි හරිම කීකරු ළමයි..
ReplyDeleteහික් හික්.. පව් අප්පා.. පොඩි එකා මේවා දන ගන්න ඕන.. තාත්තාගේ හොර වැඩ හිකිස්
ReplyDeleteහපොයි! අපේ අම්මනම් ඉස්සර රහස් පොලිසියෙන් වගේ ගමනක් ගිහින් ආවම එකේ විස්තර දවස් 2 න් විතර අහනවා, අයෙත් සතියකින් විතර අහනවා, පස්සෙත් නිකන් අහල බලනවා.හැම වෙලේම එකම උත්තරේනම් ගොඩ.අවසර නොලැබුන ගමනක් හොරෙන් ගිහින් තිබ්බොත් විනාසයි.සියලු ගමන් අවලංගුයි. ඔය වැඩේ හින්ද එකපාරක් මමත් කිව්වා බොරුව අමතකවෙලා මාට්ටු වුණා.
ReplyDeleteසුන්දර අතීතය... මගේත් ඔයවගේ අත්දැකීම් බොහොමයක් තියනවා... මොකද මගේ කාමරේ තමයි අපේ සැට් එකේ වල උනේ... එකට හේතුව තමයි කාමරේ ඉස්තෝප්පුවට අල්ලලා වෙනම දොරකින් ඇතුල්වෙන් පුලුවන් විසියට තියෙන එක... මරැ අත්දැකීම් හොර වැඩ තිබුනා ඒ කාලේ.. ජය !!!!
ReplyDeleteයකොඩෝ.... මෙහෙමත් වැඩ වෙනවානේ.
ReplyDeleteමගේ අම්මා නම් කවදාවත් මම යන එන තැන් වලට තහංචි දැම්මේ නෑ .. ඒත් නිතරම හෙවුවා බැලුවා . අවවාද කලා . ඒත් කවදාවත් එපා කියලා නෑ ..
ReplyDeleteදවසක් මම මහ රෑ දොලහට විතර ගමනක් ගිහිං ආවා ඒත් එලියට වෙලා බලා ඉඳලා මගේ පස්සෙන් ගෙට ඇවිදින් දොර වහලා දැම්මා මිසක් මට බැන්නේ නෑ
ඉතින් මම ආයේ අවේලාවේ ගමන් ගියෙත් නෑ ..
නියම කතාව අභියා .මගෙ ජීවිතේ අමතක වෙච්ච තැන් බොහොමයක් මේ කතාවේ තිබිලා අප්ඩේට් වුණා
මරු කතාව...
ReplyDeleteඇයි අප්පා අර ගෑනු දරුවා මේ වගේ මැටි වැඩක් කලේ.
මටනම් ගෙදරින් කිසිම තහනමක් දාල තිබුනේ නැහැ
සමහර ගමන් ගියාට පස්සේ ගෙදරට කතා කරලා "අම්මේ මම මෙන්න මෙහෙ ගියා, ආපහු එන්නේ xxxxx" කියලත් කියපු දවස් තියෙනවා
වතාවක් දවස් 6ක ට්‍රිප් එකක් ගියා සිංහරාජේ, ඒ කාලේ මම කොළඹ හිටපු කාලේ. බෝඩිමේ ඉඳල කෙලින්ම ට්‍රිප් එක ගියා. කරුමෙට එහේ මගේ ගාව තිබ්බ ජාතියේ ග්‍රාහකයින්ගේ ෆෝන් වලට සිග්නල් නැහැ. ඒ මදිවට ගෙදරට කිව්වෙත් නැහැ.
ඒ අස්සෙම කරුමෙට වගේ මගේ පලවෙනි ජොබ් එකට එන්න කියල ලියුම ඇවිත් ගෙදරට
අන්තිමේදී ඒ දවස් ගානට ගෙදරින් කෝල් කරන්න හදල තිබුන සිය වතාවකට වැඩියි
පස්සේ ඒ දවස් වල මාත් එක්ක ෆිට් වෙලා හිටපු ගෑනු ළමයෙක් අපේ ගෙදරට කතා කරලා තිබ්බ මම ට්‍රිප් එක ගිහින් ආවද කියල දැනගන්න
මම ට්‍රිප් එකක් ගියා කියල දැනගත්තට පස්සේතමයි ගෙදරින් පොඩ්ඩක් ශේප් වෙලා තිබුනේ,
ගෙදර ආවට පස්සෙත් "නෝ බැනුම්" :)
ඊට පස්සේ මම කොහේ හරි යද්දී අනිවාර්යයෙන්ම කාට හරි කියල යනවා
මොකද මේ ෆෝන් ගැන විශ්වාසෙ තියල මුකුත් කරන්න බැහැනේ
පොඩි මෑන් කිව්ව වගේ අබියො... පොඩි මෑන් ගැන බය වෙන්න එපා... උබට හිතන්නවත් වෙලා නැති වෙන්න කොල්ල ගේම දෙයි හක් හක්...
ReplyDeleteමටනම් ගෙදරි අවුල් නෑ.. අපේ එවුන් 2 - 3 දෙනෙක්ට ඇරෙන්න අනික් හැම එකාටම ට්‍රිප් වලටනම් අව්ල් නෑ ඒ කාලේ ඉදන්ම.
මටත් කිසිම තහංචියක් නෑ. ඒත් යන ගමන කියලා යන්ඩ ඕනා... අපි පොඩි මෑන්ට ශේප් එකේ කියන්නම්..
ReplyDeleteඅපි නෑ නෙ ඔය ගෙදරට හොරෙං ගමං යන්නෙ
ReplyDeleteහෆොයි ඔයින් බේරුනා මදෑ.
ReplyDeleteදෙයියනේ කියලා ඒ අතින් නම් මට නිදහස තිබුනා! එන්න පරක්කු උනාම ගෙදරින් කතා කරල අහන්නේ අද එනවද,මේසෙ අස් කරන්නද කියල තමයි!ටිකක් දෝස් මුරේ එහෙම දානවා කලින් කිව්වේ නැති උනොත් නම්!
ReplyDeleteඅයියෝ... මාර වැඩේනෙ. ඇයි ඉතින් අර ගෑණු ළමයින්ට කිව්වෙ නැද්ද රහස?
ReplyDeleteවැඩේ එහෙන් පිටින්ම මාට්ටුයි !!! ඔය කාලෙට ඔහොම කලේ නැත්නම් කවදා කරන්න යෑ. අයියෑ බබා ලොකු වෙලා මේක කියවන්න කලින් ඩිලීට් කරලා දාන එක හොදයි.
ReplyDeleteපොඩ්ඩි අක්කා අයියට මේල් එවනවාද "අළුත් පෝස්ට් දැම්මෝ !!" කියලා ? හික්ස් :)
පට්ටයි. හැබැයි මට නම් ඔහොම ප්‍රශ්න තිබුනේ නෑ. ගෙදරට කියලා කොහේ ගියත් අවුලක් නෑ. නොකියා ගිහින් මාට්ටු වුනොත් තමයි අවුල. අපේ අම්ම කියන්නේ යන දීපංකරෙක කියලා පලයන්. අඩු ගානේ ගෙදර නාවොත් පොලිසියට කියන්න හරි ගිය තැන දැනගන්න ඕනේ කියලා. හැබැයි මගේ නම විකුනලා ගියපු උන් මාට්ටුවෙලා මටත් සාක්කි දෙන්න වෙච්ච වෙලාවල් තියනවා.
ReplyDeleteමරු සීන් එක ඇඬෙනවා..... මමත් ගිය මාසේ ඔහොම ගමනක් ගියා බොරුවක් කියලා ගෙදර එනකොට බඩු මාට්ටු
ReplyDeleteනියමයි
ReplyDelete