මට මේ ලෝකේ හමු වුන සොඳුරුම යුවලක් තමයි මේ... මේ දෙදෙනා ඊයේ ගල්කිස්ස මහ හෝටලයේදී අතිනත ගත්තා... හෙට යන්නත් තියෙනවා මෙයාලගේ දෙවෙනි ගමනට.. (කපුවා නැතුව මොන දෙවෙනි ගමන්ද?.. අනික මාරයා තමයි ඔන්න කේන්දර බැලුවේ....) ඉතින් මම ඊයෙම කථා කරලා සුභ පැතුවා.... මම මේ කියවන ඔබට කියන්නේ... දැන් මේ දෙන්නට මගේ බ්ලොග් එකේ සුභ පතන්න එපා... මේ ලිපිය අවසානේ ඒ බ්ලොග් එකේ ලින්ක් එක දානවා.. එතනට ගිහින් සුභ පතන්න..
අංජා.. නිලූශා...,
උඹලා දෙන්නට සුභ අනාගතයක් වේවා මචන්.. අන්ජාට කියන තියෙන්නෙ අර මම හැමදාමත් කියන කවිය...
සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන....
බිරිඳ බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදාවෙනු ඇත...
මනාලියගේ බ්ලොග් එකට යන පාර මෙන්න..... සිහින දකින්නියකගේ අඩවිය
චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා දරුවනි... සුභ පැතුම්... නැවත නැවතත්...
ඡායාරූපය මෙතනින්
ආහ් ස්වප්නා දෙන්නටම සුභ පැතුම් එහෙනම්
ReplyDeleteඔන්න මගෙනුත් සුබ පැතුම් දෙන්නාටම.
ReplyDeleteනරකද කපුකම බිස්නස් එකක් විදියට පටන් ගත්තොත්...:D
එල වැඩක් කරල තියෙන්නේ..ජය
ReplyDeleteඔන්න ඉතින් මගේ සුබ පැතුම්..
ReplyDeleteහරිම ලස්සනයි .
ReplyDeleteසුබ මංගලම් !!
අභීත අය්ය කරල තියෙන්නෙ හොඳ දෙයක් .
දෙහදක් එක් කරන එකත් ලේසි වැඩක් නෙමේ .
බ්ලොග් අවකාසෙත් ලස්සන ගෑණු ලමයි ඉන්නවා නේ.හික් හික්
ReplyDeleteඒ දෙන්නට සුභ පැතුම්!
ReplyDeleteඔන්න කපු ලිස්ට් එකේ කොහේ හරි තැනකින් මගේ නමත් දාගනින් බන් අයියේ..... :D
දෙන්නාටම සුභ පැතුම්!
ReplyDelete"කපු ලිස්ට් එක" :D
ඒකට මගේ නමත් දාන්න ඕනේ. හැබැයි මටනම් තව ඔනෑ තරම් කල් තියෙනවා! නරකද ඔය අපේ 30+ සෙට් එකටත් හොයලා දුන්නොත්! :D
සුබ පැතුම්....!
ReplyDeleteතව ටිකක් පරක්කු වෙලා සුභ පතන්න කතාක්‍රන්නම් තමයි ඌට යාලුකම් අමතක වෙන්නෙ.. හොද වෙලාවට කටු ගලවනවලු ඒ වෙලාවෙ...
ReplyDeleteසුභ පැතුම් ! කිරි පැණි ඉතිරෙන මල් බර අනාගතයකට ! මල් බර කියන්නෙ ඉතින් ගෙඩි ළඟමයි !
ReplyDeleteඅයියට කපු කම නියමෙට ගැලපෙනවා වගේ...
ReplyDeleteදිගටම කරගෙන යන්න. :)))
කපු අයියා.. :D :D
ReplyDeleteජයසිරි සුබ මංගලම්!!!!
ReplyDeleteඅනේ අර අනුරාධ නම් පව් අභීත ලිස්ට් එකේ උඩටම එයාගේ නම දාන්ට ....:D:D:D
ReplyDeleteනෑ නෑ පූසාගේ නම උඩටම දාන්ට. එයා අර අනික් හාමුදුරුවන්ට බෙදනවා වගේ හැම තිස්සෙම අනික් අය පෙන්නන එකේ මොකක් නමුත් හොරයක් තියෙනවා. :)))
ReplyDeleteස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට :)
ReplyDeleteඅදාළ පුද්ගලයින්ට මම වේලාසනින්ම ස්තුති කරලයි තියෙන්නෙ....
http://sonduru-sihina.blogspot.com/2011/04/blog-post.html
මේ අපේ ස්වප්නා අක්කනේ.... ඔන්න මගෙනුත් ඔය දෙන්නටම සුභ පැතුම්...
ReplyDeleteපොඩ්ඩි අක්කා: මගේ ඔය හොර බොරු වංචා නෑනේ! ;)
ReplyDeleteවැඩිහිටියන්ට ගරු කිරීමක් වශයෙනුයි එයාලාව මුලට දාන්න කිව්වේ... මන්දා ඉතිං.... ඔයාලා මාව ඉස්සරහටම දානවානම් මගේ කිසිම අකමැත්තක් නෑ :D
සුබ අනාගතයක් !
ReplyDeleteකෙන්දර බැලුවෙ මාරය කියුවා නේද ? ඒ කියන්නෙ මාරයටත් සුබ මංගලම් කියන්න ළඟයි කියන එක මයෙ හිතේ හික් හික්
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු....සුබම සුභ අනාගතයක් වේවා!
ReplyDelete(රහසින් - කපුවා කපෝති වෙන එක්ක නෑ නේද අබි අයියේ?)
ජය වේවා..! අභිතයියා කපුකමට හොඳට ගැලපෙනවා.. ;)
ReplyDeleteස්වප්නා අක්කියටයි අංජා අයියටයි දෙන්නටම හා ගෙදරිනුත් සුභ පතනවා හද පත්ලෙන්ම අළුත් ජීවිතය පතන ආකාරයෙන්ම සුන්දර වෙන්න කියලා.....!!!!!
ReplyDeleteඅපෙනුත් ඔන්න සුබ පැතුම් ..!! සුබම සුබ මංගලම් ..
ReplyDeleteමම හිතුවා (ස්වප්නා) අක්කා බැඳලත් ඇති ය කියලා. ඒ දවස්වල ඉදන්ම කියවන බ්ලොග් එකක් නේ ඕක.
ReplyDeleteඅපේ ස්වප්නා (නිලූෂා) අක්කට සුබ මංගලම් !!!!
ඔන්න මාත් සුබ පැතුවා .......
ReplyDeleteඇත්තටම අහන්නේ කපු මහත්තයට මංගල ගමනට ආරාධනා නැද්ද??
ReplyDeleteසුභ මංගලම් මාත් එක්කලා කියන්න අයියේ..
ඒ දෙන්නට සුබ මංගලම්....!!
ReplyDeleteකපුකම දිනේවා...
සුභම සුභ අනාගතයක් පතනවා දෙන්නටම........!!!
ReplyDeleteඅභීත අයගේ බ්ලොග් එකට දාන පළවැනි Comment එක ගොඩක් කල් ඉඳන් බ්ලොග් එක කියව්වාට comment දැම්මේ නැ.මොකද මට(අපිට) බ්ලොග් එකක් තිබ්බේ නැ නේ එකයි.
ReplyDeleteඉතින් අංජා.. නිලූශා..., අය්යේ ,අක්කේ ඔය දෙන්නට සුබ අනාගතයක්
ප.ලි: අපේ සෙට් එකත් ඉන්නවා තනිකඩ 2 ක් අභීත අය්යේ මොකද කියන්නේ තව කපුකමක් කරමුද?
අන්න ගැලපෙන ජොබ් එක... අර පොඩි බිස්නස් එකේ බෝඩ් එක යටින් දා ගන්න වරහන් ඇතුලේ (අභේඵාල මංගල සේවය) කියලා.
ReplyDeleteඅනේ මේ ස්වප්නා ද? අදනෙ දැක්කෙ. මම ඉස්සෙල්ලාම කියවන්න ගත්ත බ්ලොග් වලින් එකක්. දෙන්නට ම මගෙන් වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්!!!