Friday, December 23, 2011

සුභ විවාහ ජීවිතයක් වේවා................!

බ්ලොග් ලෝකේ මමකරන සමාජ සත්කාර අතරින් මගේ තවත් එක් සත්කාරයක් ගැන ඔයාලා දැනගත්තේ මම පහුගිය පෙබරවාරි මාසෙ දාලා තිබ්බා මහා මඩ බ්ලොග් පෝස්ට් එකකින්... මගේ සොඳුරුම බෝඩිමේ හිටපු මගේ එක් දැවැන්ත මිත්‍රයෙකුට.. දැවැන්ත කිව්වේ උගේ බඩ තමයි දැවැන්ත.... ඒකෙදී මම කිව්වා අපි අතරේ ඉන්න සොඳුරු බ්ලොග් කාරියෙක් හා අදාල මිත්‍රයා වෙච්ච අංජා අතර ප්‍රේම සම්භන්ධයක් ඇති කරගෙන වෙච්ච සංගදි.... තවමත් සංගදි ටික එහෙමමයි.. ඊයේ සුභ පතන්න කතා කරනකොටත් ඌ මනමාලිගේ කොන්ඩේ කටු ටික ගලවනවා.....



මට මේ ලෝකේ හමු වුන සොඳුරුම යුවලක් තමයි මේ... මේ දෙදෙනා ඊයේ ගල්කිස්ස මහ හෝටලයේදී අතිනත ගත්තා... හෙට යන්නත් තියෙනවා මෙයාලගේ දෙවෙනි ගමනට.. (කපුවා නැතුව මොන දෙවෙනි ගමන්ද?.. අනික මාරයා තමයි ඔන්න කේන්දර බැලුවේ....) ඉතින් මම ඊයෙම කථා කරලා සුභ පැතුවා.... මම මේ කියවන ඔබට කියන්නේ... දැන් මේ දෙන්නට මගේ බ්ලොග් එකේ සුභ පතන්න එපා... මේ ලිපිය අවසානේ ඒ බ්ලොග් එකේ ලින්ක් එක දානවා.. එතනට ගිහින් සුභ පතන්න..


අංජා.. නිලූශා...,


උඹලා දෙන්නට සුභ අනාගතයක් වේවා මචන්.. අන්ජාට කියන තියෙන්නෙ අර මම හැමදාමත් කියන කවිය...


සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන....
බිරිඳ බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදාවෙනු ඇත...


මනාලියගේ බ්ලොග් එකට යන පාර මෙන්න..... සිහින දකින්නියකගේ අඩවිය


චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා දරුවනි... සුභ පැතුම්... නැවත නැවතත්...


ඡායාරූපය මෙතනින්

31 comments:

  1. ආහ් ස්වප්නා දෙන්නටම සුභ පැතුම් එහෙනම්

    ReplyDelete
  2. ඔන්න මගෙනුත් සුබ පැතුම් දෙන්නාටම.
    නරකද කපුකම බිස්නස් එකක් විදියට පටන් ගත්තොත්...:D

    ReplyDelete
  3. එල වැඩක් කරල තියෙන්නේ..ජය

    ReplyDelete
  4. ඔන්න ඉතින් මගේ සුබ පැතුම්..

    ReplyDelete
  5. හරිම ලස්සනයි .
    …සුබ මංගලම් !!

    …අභීත අය්ය කරල තියෙන්නෙ හොඳ දෙයක් .
    …දෙහදක් එක් කරන එකත් ලේසි වැඩක් නෙමේ .

    ReplyDelete
  6. බ්ලොග් අවකාසෙත් ලස්සන ගෑණු ලමයි ඉන්නවා නේ.හික් හික්

    ReplyDelete
  7. ඒ දෙන්නට සුභ පැතුම්!
    ඔන්න කපු ලිස්ට් එකේ කොහේ හරි තැනකින් මගේ නමත් දාගනින් බන් අයියේ..... :D

    ReplyDelete
  8. දෙන්නාටම සුභ පැතුම්!
    "කපු ලිස්ට් එක" :D
    ඒකට මගේ නමත් දාන්න ඕනේ. හැබැයි මටනම් තව ඔනෑ තරම් කල් තියෙනවා! නරකද ඔය අපේ 30+ සෙට් එකටත් හොයලා දුන්නොත්! :D

    ReplyDelete
  9. තව ටිකක් පරක්කු වෙලා සුභ පතන්න කතාක්‍රන්නම් තමයි ඌට යාලුකම් අමතක වෙන්නෙ.. හොද වෙලාවට කටු ගලවනවලු ඒ වෙලාවෙ...

    ReplyDelete
  10. සුභ පැතුම් ! කිරි පැණි ඉතිරෙන මල් බර අනාගතයකට ! මල් බර කියන්නෙ ඉතින් ගෙඩි ළඟමයි !

    ReplyDelete
  11. අයියට කපු කම නියමෙට ගැලපෙනවා වගේ...

    දිගටම කරගෙන යන්න. :)))

    ReplyDelete
  12. ජයසිරි සුබ මංගලම්!!!!

    ReplyDelete
  13. අනේ අර අනුරාධ නම් පව් අභීත ලිස්ට් එකේ උඩටම එයාගේ නම දාන්ට ....:D:D:D

    ReplyDelete
  14. නෑ නෑ පූසාගේ නම උඩටම දාන්ට. එයා අර අනික් හාමුදුරුවන්ට බෙදනවා වගේ හැම තිස්සෙම අනික් අය පෙන්නන එකේ මොකක් නමුත් හොරයක් තියෙනවා. :)))

    ReplyDelete
  15. ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට :)
    අදාළ පුද්ගලයින්ට මම වේලාසනින්ම ස්තුති කරලයි තියෙන්නෙ....
    http://sonduru-sihina.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete
  16. මේ අපේ ස්වප්නා අක්කනේ.... ඔන්න මගෙනුත් ඔය දෙන්නටම සුභ පැතුම්...

    ReplyDelete
  17. පොඩ්ඩි අක්කා: මගේ ඔය හොර බොරු වංචා නෑනේ! ;)
    වැඩිහිටියන්ට ගරු කිරීමක් වශයෙනුයි එයාලාව මුලට දාන්න කිව්වේ... මන්දා ඉතිං.... ඔයාලා මාව ඉස්සරහටම දානවානම් මගේ කිසිම අකමැත්තක් නෑ :D

    ReplyDelete
  18. සුබ අනාගතයක් !

    …කෙන්දර බැලුවෙ මාරය කියුවා නේද ? ඒ කියන්නෙ මාරයටත් සුබ මංගලම් කියන්න ළඟයි කියන එක මයෙ හිතේ හික් හික්

    ReplyDelete
  19. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු....සුබම සුභ අනාගතයක් වේවා!





    (රහසින් - කපුවා කපෝති වෙන එක්ක නෑ නේද අබි අයියේ?)

    ReplyDelete
  20. ජය වේවා..! අභිතයියා කපුකමට හොඳට ගැලපෙනවා.. ;)

    ReplyDelete
  21. ස්වප්නා අක්කියටයි අංජා අයියටයි දෙන්නටම හා ගෙදරිනුත් සුභ පතනවා හද පත්ලෙන්ම අළුත් ජීවිතය පතන ආකාරයෙන්ම සුන්දර වෙන්න කියලා.....!!!!!

    ReplyDelete
  22. අපෙනුත් ඔන්න සුබ පැතුම් ..!! සුබම සුබ මංගලම් ..

    ReplyDelete
  23. මම හිතුවා (ස්වප්නා) අක්කා බැඳලත් ඇති ය කියලා. ඒ දවස්වල ඉදන්ම කියවන බ්ලොග් එකක් නේ ඕක.

    අපේ ස්වප්නා (නිලූෂා) අක්කට සුබ මංගලම් !!!!

    ReplyDelete
  24. ඔන්න මාත් සුබ පැතුවා .......

    ReplyDelete
  25. ඇත්තටම අහන්නේ කපු මහත්තයට මංගල ගමනට ආරාධනා නැද්ද??

    සුභ මංගලම් මාත් එක්කලා කියන්න අයියේ..

    ReplyDelete
  26. ඒ දෙන්නට සුබ මංගලම්....!!
    කපුකම දිනේවා...

    ReplyDelete
  27. සුභම සුභ අනාගතයක් පතනවා දෙන්නටම........!!!

    ReplyDelete
  28. අභීත අයගේ බ්ලොග් එකට දාන පළවැනි Comment එක ගොඩක් කල් ඉඳන් බ්ලොග් එක කියව්වාට comment දැම්මේ නැ.මොකද මට(අපිට) බ්ලොග් එකක් තිබ්බේ නැ නේ එකයි.
    ඉතින් අංජා.. නිලූශා..., අය්යේ ,අක්කේ ඔය දෙන්නට සුබ අනාගතයක්

    ප.ලි: අපේ සෙට් එකත් ඉන්නවා තනිකඩ 2 ක් අභීත අය්යේ මොකද කියන්නේ තව කපුකමක් කරමුද?

    ReplyDelete
  29. අන්න ගැලපෙන ජොබ් එක... අර පොඩි බිස්නස් එකේ බෝඩ් එක යටින් දා ගන්න වරහන් ඇතුලේ (අභේඵාල මංගල සේවය) කියලා.

    අනේ මේ ස්වප්නා ද? අදනෙ දැක්කෙ. මම ඉස්සෙල්ලාම කියවන්න ගත්ත බ්ලොග් වලින් එකක්. දෙන්නට ම මගෙන් වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්!!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...