ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් දේවල් අමතක වෙනවා... බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න උනාට හිනා නොවෙන්න සහ සිතිය යුතු බ්ලොග් ලිපි කිහිපයක්ම මම මගේ බ්ලොග් එකේ පල කරලා තියෙනවා.. අද ටිකක් වෙනස් මාතෘකාවක් අරගෙන ලියන්න හිතුවේ මෙය ඔබේ (අදාල අයට විතරයි තොප්පිය ) මනසට නැවතත් සිහි ගැන්විය යුතුයි කියලා මට ලාවට සිතුන නිසා.... පහුගිය දවස් වල මගේ බ්ලොග් එකේ මම ලියපු කවි පලවුනේ නෑනේ.. ඒ නිසා මේ සංසිද්ධිය ගැන 2008 ජනවාරි 25 මගේ අතින් ලියවුණ පද පෙලක් තමයි මම අද පල කරන්න හදන්නේ.....
හීනයක් සේ මැවීයන් සොඳුරේ.. මගේ නෙත් ලඟ....
මල් පොකුරු සේ... පිපීයන් දරුවනේ.. මගේ සිත ලඟ...
බංකරේ ලඟ ඉන්න මොහොතකදී... සිතට එන සොඳුරේ.....
දකින තුරු මගෙ දෙනෙත පියවෙන්නේ... නැහැ මගේ දරුවනේ....
තල්වැටේ මායිමට වී..... අවිය අත තුරුළු වී....
අපේ මව්බිම රකින සිතුවිල්ලෙන්......
බලා ඉන්නා අතරෙදී....
පුංචි ඉඩකට මැවීයන් නෙත් ඉදිරියේ...
මගේ ප්‍රිය සොඳුරේ..... ආදරැති දරුවනේ.....
දරුවෝ ගැන වෙහෙසිලා.... මව්පියන් ගැන බලා....
මගේ දිවියට දිවිය පුද කරලූ...
සොඳුරේ මැවියන් මගේ නෙත් ඉඳිරියේ....
දරු පැටව් සමගින්.... සිනහා වැසි වස්සා.....
කීදෙනෙක් ඒ කාලෙ මෙහෙම කියන්න ඇත්ද? දැන් පවා ඔවුන් උතුර නැගෙනහිර කටයුතු වල යෙදෙන්නේ මාසෙකට සැරයක් ගෙදර එමින්.. ඉතින් ඔවුන් කී දෙනෙකුට මෙහෙම හිතෙනවා ඇත්ද? ඒ කවුරු වෙනුවෙන්ද කියන එක අපි නැවත නැවතත් සිතිය යුතු වෙනවා....
මේ නිසදැස වගේ එක මම ලිව්වේ 2008 අගෝස්තු 11 වෙනිදා... මේ තවත් පැත්තක්....
අන්දර වැට ලඟම තියෙන..
කොට්ටන් ගහ ලඟ බංකුවේ....
ඒ ගහටම පිට දීගෙන....
ගොම්මන් වනතුරු දවසෙම...
ඇස් අයාන බලා ඉන්නේ...
රට වෙනුවෙන් උතුරට ගොස්...
නිර්භීතව නිදි වරාන..
යුධ වදිනා අයියණ්ඩියේ...
නුඹ දකීවි කියන හීනේ...
හැම තිස්සෙම මගේ හිතේ...
උඩ පැන පැන නටන නිසා....
නුඹ එනවැයි කියපු දවස..
පසුවී කාලෙකුත් ගිහින්...
ඒක හිංදා හිතේ දුකට..
මෙහෙම ලිව්වේ පොඩිම නංගි....
තමන්ගේ සමීපතමයා පණපිටින් දකින්න බලාපොරොත්තුවෙන් කී දෙනෙක්නම් මේ වගේ සුසුම් හෙලන්න ඇතිද...
ඔවුන් වෙනුවෙන් දැක්විය යුතු හා පුද කල යුතු ගෞරවය අපි ඊයේ වගේම අදටත් හෙටටත් පුද කල යුතු වෙනවා... "රණවිරු සෙවණ" මෙන්ම "සෙනෙහස" කියන ආයතන දෙක ඔවුන් වෙනුවෙන් පුදුමාකාර සේවයක් කරනවා.. මම නිසා.... අපි නිසා... ඔබ නිසා.. තමන්ගේ ජීවිතය අබාධිත කර ගත්ත ජීවිතය පුද කරදුන්න ඔවුන් ගැන සිතන්නට යලිත් කාලය ඇවිත්.....
ප.ලි. වෙනදා වගේම කියන්නේ.. කමෙන්ට් හරහා පටු චේතනා ඉටු කර ගන්න බලන්නේ නැතුව තමන්ගේ නමින් කමෙන්ට් කරන එක සුදුසුයි කියා යෝජනා කරනවා..
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඒක ඇත්ත... දැන් අමතකම වෙලා ගිය කට්ටියක් තමයි යුද්ධයෙන් ආබාධිත වෙච්ච අය... පුළුවන් නම් කම්පනයක් ඇති කරන්න ආයිමත් කට්ටිය එකතු වේවි ඒ අයට අත දෙන්න..
ReplyDeleteඔක සෑහෙන්න කාලෙකට කලින් මාත් ලිවුවා... http://arunadeepa.blogspot.com/2010/08/blog-post_04.html
ReplyDeleteමොනවා කරන්නද... අද උදෙත් බෝඩිමේ ඇන්ටි අපිට බැන්නෙ එක එකා බෝඩිමට එක්කන් එනවා ය.. ආමිකාරයොයි අරුනුයි මුනුයි ආදි වශයෙන් .... දුකයි ඇත්තටම..
ඇත්ත තමා... මේ වගේ දෙවිවරු කීදෙනෙක් නම් අහිම වෙන්න ඇතිද... දරුවන්ට තාත්තලා, අම්මලට පුතාලා, බිරින්දෑ වරුන්ට ස්වාමියෝ කී දෙනෙක් නම් නැති වෙන්න ඈතිද...
ReplyDeleteඇත්තටම අයියා කිව්වා වගේ අර සංවිධාන දෙකින් කරන සේවය කියලා ඉවර කරන්න බැරි තරම් වටිනවා...
අමතක වෙලා යන හින්දා තමයි ඔය තැන තැන ගේම් දෙන්නේ. පවුල් පිටින් මරන්නේ. කෙල්ලට වෙඩි තියන්නේ..
ReplyDeleteඋඹගේ කවි නම් සරලයි. ලස්සනයි, රසයි....
මචං . . . අමතක වෙලා කියනවට වඩා බලෙං අමතක කරවලා කීවොත් හරි මම හිතන්නෙ.
ReplyDeleteආරක්ෂක අංශ වලට "දේවත්වයක්" ආරෝපනය කිරීමේ අනිසි ප්‍රතිඵල අද වෙනකොට අපි විඳිමින් පවතිනව.
ඕනයාගේ කියමන මමද අනුමත කරමි. මමත් 88 - 92 වෙනකන් අමාරුවෙන් තමයි පණ කෙටිය රැක ගත්තේ. කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරු වෙනවද?
ReplyDeleteඅමතක වීම හෝ අමතක කිරීම මිනිස් ගතියයි.විශේෂයෙන්ම අමිහිරි දේවල් අමතක කිරීම අපි නොදැනුවත්ම හෝ සිදුවේ.යුද්ධය පසක තබමු.මිනිසුන් සුනාමි විපත කොතරම් ඉක්මනින් අමතක කලාද.සිදුවූ මහත් විපත ඉක්මනින් සිතින් ඉවත් කරගත් මිනිසුන් තම ජීවිත නැවත ගොඩ නගාගත් අතරම විනාශ වූ නගරද පෙරට වඩා හොදින් ගොඩ නැගුණි.සුනාමිය ගැනම සිතමින්,වැලපෙමින් සිටියානම්.එය යහපත් යයි ඔබ සිතනවද? යුද්ධය ගැන කතා කළහොත් ඒ නිසා අපේ සමාජයට සිදුවූ විනාශය මෙතකැයි කිව නොහැකිය.එහි අමිහිරි අඳුරු ස්වභාවය ඔබ හැමදෙනාටම වඩා මිනිසෙකු ලෙස මා විඳ ඇත තවමත් විඳිමි.ඒ මා යුද අබාදිතයෙක් බැවිනි.මම කිසිවිටකත් සමාජයෙන් ගරු සම්මාන බලාපොරොත්තු නොවෙමි.එසේම මා ගැන සමාජය මතකයක් තබා ගතයුතුයි යන්නද මට වැදගත් නොවේ.මා සිදුකලේ පැවරුණු වගකීමයි එයට සරිලන සේ වැටුපක් සහ වෙනත් වරප්‍රසාද මා හට ලැබුණි.අනිත් අතට කිසිවෙකු මා බලහත්කාරයෙන් යුධ සේවාවට බඳවා ගත්තේද නැත.දරු මුණුපුරන් පිරිවරාගෙන මහල්ලෙකු සේ මිය යාමේ ඉඩ මා හට නොලැබෙන බව හොදින්ම දැනගෙන මා මේ රැකියාව තෝරා ගත්තෙමි.වසර 13 වූ මගේ ආබාදිත ජීවිතය තුල මා අතහැර දා ගිය වුන් බොහෝය.ඒ අතර මගේ පෙම්වතිය, මිතුරන් සමහර නෑදෑයින් සිටියි.ඒ පිළිබඳව මට නම් ගැටලුවක් නැත.අනිත් අතට මා නම් අප්‍රකටව ජීවත් වීමට කැමතිය.කව්රුන් මා අමතක කලද නොකලද මට කම් නැත.
ReplyDeleteටිකක් හිනා වෙන්න අද ටිකක් අඬන්න ලියලා. ඕවා කොච්චර කිව්වත් වැඩක් නෑ අප්පා මම ඊයෙත් කෙල්ලක් එක්ක කියවා ගත්තා ඕවා කියන්න ගිහින්. අපේ රත්තලගෙ Future Leaders කෝස් එක කරපු මේජර් ගෙ වෝල් එකේම සමයං ලියාගෙන. ඒ මනුස්සයා හොඳ හින්දම හොඳයි නැත්නම් වෙන මිනිහෙක් නම් බැනලා මෙලහකට. මොනා උනත් අන්තිමට මට කියන්න තියෙන්නෙ එකෙක් දෙන්නෙ කරන වැරදි වලට සමස්තයටම බනිනවා නම් මුළු හමුදාවම මරලා සුචරිතවත් හොඳයි කියලා උඩ පනින මිනිස්සුන්ට ගිහින් හමුදාව කරපුවා කරන්න කියලා තමයි. නැත්නම් ඒ හමුදාවට දෙන්න ඕනි ගෞරවය අපි දෙන්න ඕනි මොකද අපි නෙවෙයි නෙ අපි වෙනුවෙන් අත පය ඇස් ශ්‍රවණය වගේම හොඳ සිහිය පවා නැතිකර ගත්තෙ. තවමත් ඇඟේ ඔළුවේ මෝටාර් කෑලි තියාගෙන හැමෝටම හොරෙන් ගිහින් බෙහෙත් අරගෙන එන අය කොච්චර නම් ඉන්නවද ගෙවල් වලටත් නොකියා.
ReplyDeleteමමත් ලිව්වා,
ReplyDeletehttp://cyberyaya.blogspot.com/2011/11/blog-post_2226.html
ඔබීත්, මමත්, ලංකාවෙ නොහිටියත්, රණ විරු සෙවනට පුළුවන් අයුරින් උදව් කරනව.
ReplyDeleteහිනාවෙන්න බලාගෙන ආවා ට, අද නම් දුක හිතුණා...
ReplyDeleteඒත් මේ ලියපු අදහස් නම් සම්පූර්ණ ඇත්ත......
අභීත කියල තියන කතාව ඕනයාගේ කමෙන්ටුවෙන් සම්පූර්ණ වෙලා තියෙනවා.යුද්දෙ කාලේ රණවිරුවන්ව දේවත්වයෙන් සැලකුවාට අද එහෙම නැහැ.දේශපාලඥයොත් එයාලගේ පටු අරමුණු සදහා රණවිරුවන් රැවටීමක් කරනවා.දැන් දැන් හමුදාවේ අයට අඩු සැලකීම් එන්න එන්නම වැඩි වෙනවා.විවාහ යෝජනා වලදී ඉස්සර හමුදාවේ අයට තැනක් තිබුණා.දැන් හමුදාවේ අයව සලකන්නේ හරියට මැරයෝ වගේ.
ReplyDeleteඇත්ත කතාව. ඕනයා කියපු කතාවෙත් ඇත්තක් තියනවා. කොහොම වුනත් යුද්ධය වෙනුවන් පියවරු, සැමියන් දන් දීපු පවුල් ඒ වගේම අත පය දන් දීපු තරුණයෝ නොසලකා හැරලා ලැබුණු නිදහස භුක්ති විඳින්න බෑ අපිට....
ReplyDeleteහමුදාවක යුද්දෙන් පස්සෙ එළඹෙන රික්ත කාලයට හැඩගස්වන්න නොයෙක් ව්‍යාපෘති ඇත.ඒහෙත් ලංකාවෙ ඒ වෙනුවට සිදු වූයේ හමුදාව ලවා එළවලු විකිනීම, කාණු සුද්ද කරීම, උද්ඝෝෂන වලට ගැසීම් වගේ සිල්ලර වැඩ මිස හමුදා අභිමානය රැකෙන විදියට ඔවුන් පවතින තත්වය හුරු කිරීම නොවේ. එහි අනිවාර්ය ප්‍රථිඵලය ලෙස, මිනී මරන, ගෙවල් බිඳින සහ පාතාල වැඩ කරන හමුදා සාමාජිකයන් බිහිවී එදා දෙවියන් මෙදා යකු බවට පත් කරමින් සිටියි. යකුන් බැඳගෙන වැඩ ගැනීමට වඩා උන් එළවීම අමාරු බව එදා ඇදුරන් දැන උන්නාට අද උන්ට එය තේරීමට තව කලක් ගතවනු ඇත.
ReplyDeleteදේවත්වයක් අවශ්‍ය නෑ.. හමුදාවේ සොහොයුරන් කළේ ලොකු කැප කිරීමක්.. අදටත් අපි එයාල දිහා බලන්නේ ගෞරවයක් එක්ක.. ඒත් දේශ පාලුවන්ගේ පක්කලි සර්විස් වලටයි, පාතාලේ නායක කං වලටයි හමුදාවේ සොහොයුරන් යොමු වීම නිසා දැං ඔවුන් ගැන තිබුණු ගෞරවයට පොඩි කුකුසක් එකතු වෙලා තියෙනවා..
ReplyDeleteමං නම් එදා වගේ ම අදත් එයාලට ගරු කරනවා.. පොලිසියේ සුපර් මෑන් ලා වගේ මෙයාලා අහිංසක මිනිස්සු බයිට් එකට ගන්නවා මං වැඩිය අහලා දැකලා නෑ..
ප්‍රභාකරන් හුඟ කාලෙකට ඉස්සර කිව්වා වගේ "සිංහල මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ දවස් 14 ක් විතරයි"
ReplyDeleteටිකක් ඉහල පෙලන්තියේ වුදවියට අමතක වුනාට සාමාන්‍ය මිනිස්සුන්ට අමතක නැහැ මොකද සාමාන්‍ය මිනිස්සු හොඳටම දුක් වින්ද.
ReplyDeleteඉස්සර නම් අනුරාධපුරේ ප්‍රධානම බැංකුවක වෙනමම කවුන්ටරයක් දාලා තිබුනා රණවිරු සහොදරයන්ට. ළගදි දවසක ඒ බැංකුවෙම දහයක් දොළහක් ඉන්න පේළියේ අන්තිමටම ආමි සහෝදරයෙක් ඉන්නවා. බැංකුව ඇතුලෙ හිටපු හැටක් විතරටම ඒ ගැන ගානක්වත් නෑ.
ReplyDeleteඑහෙමවත් කෘත ගුණ සළකන්න දන් නැති එවුන් ඉන්න රටකට අපි කට කැඩෙනකන් මෙහෙම කිව්වත් වැඩක් නෑ.
අපේ ලංකාවේ සම- හරක්ට දැන් රණවිරුවො කියන්නේ හරියට සුද්දොන්ට ටොයිලට් පේපර් එකක් වගේ. වැඩේ කරගන්න නැති වුනානම් උන්ට පිස්සු වගේ.ඒත් පිහලා විසික්කුවයින් පස්සෙ එහෙම දෙයකින් ප්‍රයෝජනයක් ගත්තද කියලත් අමතකයි.
මම නම් මගෙ මුළු හිතින්ම හැමදාටම ණය ගැතියි අපේ මව්බිම වෙනුවෙන් යුධ වැදුනු , ආබාදිත වෙලා ඉන්න , මිය ගියපු සෑම රණවිරුවෙක්ටම.
සෙට් වෙලා ඉන්න වෙලාවක සිංදුවක් කිව්වත් මම නම් ඉස්සර වෙලාම කියන්නේ " සෙබළාණනී " ..
හැබැයි යුද්දෙ වෙලාවෙදි ඇබා ගහලා ඉදලා යුද්දෙ ඉවර වුනාම ආපහු ගිහින් මැරිච්ච උන්ගෙ වේකන්සි වලට දැන් පටිත් ගහලා ඉන්න හැලපයෝ නම් මට පේන්න බෑ.
ඒ වගේ වුන් ආපහු පැනලා තමා ආමි එකම නෝනඩි වෙන වැඩ කරන්නේ. ඒකට ඉතින් ඔය බනින එවුන් මුළු ආමි එකටම බැනලා හරි යන්නෑ.
මම මේ සති අන්තයේ හිටියේ මාදුරු ඔය කෑම්ප් එකේ. ඇත්තටම ඒ කියන කතා ඇහුනම නම් පට්ට විදියට දුක හිතෙනව. අපිත් එක්ක හිනා වෙලා කතාබහ කරල ඉන්න සමහර ඔෆිසර්ස්ලගෙ ඇඟ ඇතුලේ බුලට් තියෙනව. සමහරුන්ට වාඩි වෙන්න නිදාගන්න බෑ. අනික ආටි වලින් බට්ටන්ගෙන් ඇඟේ අවයව පවා අහිමි උන් කී දෙනෙක් නම් ඉන්නවද. ඇත්තටම මම ලියන්න හිතන් හිටිය දෙයක් අභීත මට කලින් ලියල.
ReplyDeleteදුක හිතුනා.. ලිපියනම් හරි වටිනවා...ඇත්ත ලියලා තියෙන්වා ලස්සනට...
ReplyDeleteදවස් 14 න් අමතක කරලා දැම්මත් කමක් නැහැ පොඩි නියැදියක් අරගෙන ඔක්කොම මිනීමරුවෝ මංකොල්ලකාරයෝ විදිහට හංවඩු ගහන්නේ නැතුව
ReplyDeleteහමුදාවෙන් පැනල ආපු සහ හමුදාවේ සිටින ගමන්ම ඉතාම සුළු පිරිසක් කල සහ කරනා ක්‍රියාකරකම් නිසා හැමෝවම එකම මිම්මෙන් මනිනඑක කොයිතරම් සාධාරණද කියලා අපි හිතල බලන්න ඕනේ
ඒ මිනිස්සු අපි වෙනුවෙන් කරපු සේවය මෙච්චර ඉක්මනට අමතක කලේ කොහොමද
සමාජයත් එක්ක, මිනිස්සු එක්ක වෛරයෙන් ඉන්න එවුන් කවදත් මිනිස්සුන්ගේ හොඳ ගති, සමාජයේ හොඳ පැත්ත දකිනවට වැඩිය වැරදි පැත්ත පෙන්න පෙන්න කෑ ගහන්න දක්ෂයි
හමුදාවේ අය විතරක් නෙමෙයි අපේ සමාජයේ කොතනත් වැරදි කරන අය ඉන්නවා, නමුත් ඒ බහුතරය නෙමෙයි සුළුතරය
හමුදාවේ අයට දේවත්වයක් දෙන්න අවශ්‍ය නැහැ, ආබාධිත උදවියට නිසි සැළකීමක් කරනවානම් ඒ ඇති
ඒක අපෙත් වගකීමක්...
කවුරුහරි හමුදාවේ හිටපු උන් මිනීමරණ ඒවා තව ඒවගේ අමන වැඩ කරන ඒවා පදනම් කරගෙන සමස්ථ හමුදාවටම බනිනවානම් ඒක වැරදියි.
ReplyDeleteහොද ලිපියක්.