Wednesday, March 7, 2012

මහේස්ත්‍රාත් අධිකරණය අංක 7. අප්පේ එහෙම තැනක්....

රථ වාහන පදවන ඔබ සැමට ගොඩාක් වෙලාවට අධිකරණය හමුවට යන්න ඕන වෙනවා... වර්ථමාන පොලීසියේ මහත්තුරු ගොඩාක් අල්ලස ගැන නොහිත ලෙසටම දඩ ගහන හා නඩු දාන පිරිසක් බවට පත් වෙලා තියෙනවා... සුළුතරයක් තාම කලින් වගේම ඇති.... නමුත් රට පුරා කරක් ගහන මටනම් මේක ඇත්තටම දැනිලා තියෙනවා... ඉස්සර කොච්චර බේරිලා ගියත් දැන්නම් කළාතුරකින් තමයි බේරිලා යන්නේ.... ඉතින් ජංගම දුරකථනයෙන් කථා කරපු වරදට මටත් නඩුවක් වැටුනා... අදාල නඩු දිනයට ගියේ නැති නිසා මෝසමක් ඉදිරිපත් කරන්න බලාගෙන මමත් ගියා අධිකරනයට ඊයේ.. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගත්තේ...



අධිකරණයට පිටිපස්සේ මේසෙක වාඩිවෙලා කලුකෝට් නීතීඥ මහත්තුරු කීප දෙනෙක් ඉන්නවා.. යන අයගෙන් අහන්නේ මෙහෙමයි, මොකටද ආවේ... මේක අහන්නේ සැර වොයිස් එකකින්... නඩුවක් නම් මේ මැඩම් එක්ක යන්න, මේ සර් එක්ක යන්න වගේ කියලා එක එක නීතීඥ කෙනාට භාරදීලා සල්ලි අරගෙන නඩුව කතා කරනවා... ට්‍රැෆික් නඩු කථා කරන එක තමයි නීතීඥ මහත්තුරුන්ට ලාභම වැඩේ... මොකද වැරදි කරු ස්වාමීනී කිව්වා.. දඩේ ගැහුවා.... ගාස්තුව ගෙව්වා.. ලයිසන් එක ගත්තා.. ගෙදර ගියා.... .1%ක් වගේ තමා මේ විදිහෙන් වෙනස් වෙන්නේ.... හරි දැන් මම කියන්න යන්නේ මට වෙච්ච දේ.....


මමත් ගියා.. මේ විදිහටම මගෙන් ඇහුවා.... මේ තියෙන්නේ දෙබස...


මොකටද ආවේ....?


නඩුවක්.... ට්‍රැෆික්...


මේ මහත්තයා එක්ක යන්න.....


දැන් ඒ මහත්තයාත් එක්ක යනවා.... මෙන්න ඒ දෙබස... කොහොමත් මම කලින් පොලිසියේ යාළුවෙක්ගෙන මේ ගැන අහගෙන අවබෝධයක් ඇතුව ගියේ....


මොකක්ද කේස් එක...


ෆෝන් එක කණේ ගහගෙන එළවලා...


කෝ දෙන්න බලන්න ටෙම්පරිය.... අහ්... මේක පරණ එකක් නේ....


ඔව්... මොශන් එකක් දාන්න වෙනවා නේද? දඩේ කීයක් විතර ගහයිද?


පරණ එකක්නේ.. 5000ක් වත් ගෙවන්න වෙයි... (ඒත් මම දැනගෙන හිටියා 1000යි උපරිම කියලා..)


අප්ප..... එච්චර ගෙනාවේ නෑනේ.... 2500යි අතේම තියෙන්නේ....


පොලිසියෙන් අවුලක් නෑ නේද?


නෑ... ඇයි?


එහෙනම් ගැටළුවක් වෙන එකක් නෑ.. 2500 දෙන්නකො එහෙනම්... 


අපොයි, 2500 දීලා බෑ.. එතකොට ගෙදර යන්නවත් සල්ලි නෑ... 2000කට කරමු..


හරි 1000ක් දඩේ ගැහුවොත් ඒ ගානට කරමු මචන්.. ඊට වඩා ගැහුවොත් ගෙවපන් ඈ......


ආ හරි හරි... මොකද කරන්න  ඕන මම... 


එහෙනම් ගිහින් 2ට විතර එන්න... මෝශන් දාන්නේ ඒ වෙලාවට තමයි...


හරි.. මම ගියා...


දැන් අධිකරණයේ පිටිපස්සෙම ලී බංකුවකට වෙලා අහගෙන ඉන්නවා අධිකරණ තීන්දු දිහා.. අපරාදේ කියන්න බෑ මහේස්ත්‍රාත් තුමා සාධාරණව හා මානුශිකත්වය මුසුකොට ඉතා සාධාරණ තීන්දු ලබා දුන්නා... පොලිසි නිළධාරීන්, නීතීඥයින්, මහ ජනතාව කියා වෙනසක් නැතුව වැරදි පැත්තට දොස් කියන්න එතුමා අමතක කලේ නෑ.... 


බීමතින් රිය පදවලා අහුවුන අයටනම් ඒ වෙලාවේ කික් එක අමතක වෙනවා තීන්දුව අහනකොටම... දැන් අවම වශයෙන් රියදුරු බලපත්‍රය මාස තුනකට තහනම් කරනවා... ඒකනම් හොඳ නිවැරදි තීරණයක්.. මතකනේ අපේ පොරකට බීලා එලවන්න ගිහින් වෙච්ච වැඩේ.....



අන්තිමේදි ඉඳලා ඉඳලා මගේ වාරේ උදා වුනා... තෝල්ක තැන මගේ නමයි වැරැද්දයි කිව්වා... මම දිව්වා  විත්ති කූඩුවට... නීතීඥ තුමා නැගිට්ටෙත් නෑ.. තෝල්ක තුමා වැරදි කරුද නිවැරදි කරුද කියලා අහනකොටත් මම මග.. මම එතැන ඉඳන්ම කිව්වා වැරදිකරු ස්වාමීනී... ඊලඟ අඩිය තියන්නත් කලින්ම රුපියල් 1000.00ක දඩයක් නියම කරනවා කිව්වා.. එතන හිටපු බන්ධනාගාර නිලධාරී මාව යැව්වා කූඩුවට.... නීතිඥ තුමා ඇවිත් අර 2000.00න් 1000.00ක් මගේ අතට දීලා ගියා... මම දඩේ ගෙවලා ලයිසමත් අරන් ගෙදර ආවා..... අනේ අරූට දුන්න 1000.00 කියලා හිතෙන් බැන බැන....... ඒත් ඉතින් 5000.00ක් ගෙවන්න තියෙන එකනේ 1000.00න් ශේප් වුනේ කියලා හිත හදාගත්තා.... කකාගේ අර පිංතූරෙත් මතක් උනා බුද්ධි ඇඳපු...


අතර මඟදි මෙහෙම සිද්ධියකුත් වුනා,,, මම දැන් උසාවියේ හිටගෙන නඩු අහන දිහා බලන් ඉන්නවා... නිකන් නොසැලකිලිමත්ව ඇදගත්ත මැදිවියේ මනුස්සයෙක් මම ලඟට ආවා... දෙබස මෙහෙමයි....


මල්ලි නඩුවකට ආවද?


ඔව්.....


මමත් නඩුවකට ආවේ.. දඩේ ගෙවාගන්න සල්ලි නෑ.. රුපියල් 150ක් දෙනවද පුලුවන්නම්...


කීයද දඩේ....


1750යි....


හරි.. කෝ ඉතිරි සල්ලි ටික.....


ආ.. මේ... මේ.... අර පොලිසියේ මහත්තයා ගාව...


මම ලඟ සල්ලි නෑ.. තරහ වෙන්න එපා...


ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා උසාවියේ..... 


මම මේ කථාව ලිව්වේ ඔයාලට එක දෙයක් කියන්න.. රථ වාහන වැරදි කරන්න නම් එපා මේ ලංකාවේ... ඒ දඩේ නිසා නෙමෙයි... කන්න වෙන චාටර් එකනම් කියලා වැඩක් නෑ.. ඒ වගේද පොලිස් කට්ටියගේ කතා.. අපිව බල්ලට දාලනේ කතාව... හදිසියේවත් උසාවි යන්න උනොත් පේනවනේ විස්තරේ... දවසක් ඉවරයි.... ඒ නිසා බොහොම කල්පනාවෙන් රිය පදවන්න... මම නම් දැන් එහෙමයි...


ප.ලි/ අර අවුරුදු උත්සවේ සංවිධානය කරන්න කට්ටිය එන්න කියලා පෝස්ට් එකක් දාල තිබ්බනේ... කෝ මේ පොඩි කොල්ලො කෙල්ලො ටික.. වැඩ බැරිද එහෙම නැත්නම් ලැජ්ජයිද?


44 comments:

  1. පොලිසියට අහුවුනොත් නං ඉතින් බේරිලා යනව බොරු. මොනව හරි කේස් එකක් දාල දඩ කොලයක් ලියන්නනෙ හදන්නෙ

    ReplyDelete
  2. ඈ බන් නොදන්න කමට අහන්නේ... වැරදිකරු කියන්නත් ලෝයර් කෙනෙක් ඕනිද ?

    ලංකාවෙ කොයි වැඩෙත් එහෙමනේ බන්... වටේ යවනවා...

    ReplyDelete
    Replies
    1. ඕනේ නෑ කියලා කකානම් කියන්නේ.... මෝසමක් දාපු නිසා එකෙක්ව ගත්තා බන්...

      Delete
    2. ඔන්න, ඔන්න උඹලට වැරදුන තැන.

      ලෝයර් කෙනෙක් ඇල්ලුවේ නැතිනම් = උපරිම දඩය
      නමට හරි ලෝයර් කෙනෙක් ඇතිනම් = සාධාරණ දඩය

      හැබැයි,
      සාධාරණ දඩය + ලෝයර් ගාස්තු < උපරිම දඩය

      "මොකද නඩුකාර උත්තමයෙක් වෙන්නෙත් ලෝයර් කෙනෙක්නේ. එයාගේ වගකීමක් තමයි අනෙක් ලෝයර්ලාව බලාකියාගැනීම." කියලා කව්දෝ කියනවා ඇහුනා. ඔන්න මම එහෙම නෙමෙයි.

      Delete
  3. අපෝ බීලා නම් එලවන්න එපා.. විශේෂයෙන් කොළඹ.. මම නම් ත්‍රී වීල් එකක තමයි ගමන

    ReplyDelete
    Replies
    1. මෙන්න මාතලන් බුවා පිස්සු කියෝනවා.....

      Delete
  4. අනේ අභීත, ඔයා බුද්ධිගේ චිත්‍රය විතරක් නෙමේ, මගේ අදාල කතාවත් මතක තියාගෙන හිටියා නං දාහක් බේරගන්නවා, නේද?

    මෙන්න මගේ කතාව.
    http://kathandara.blogspot.com.au/2011/06/kathandarakaraya-caught-speeding.html

    බුද්ධි සිත්තරේ ඇන්දේ මට ෆොටෝ එකක් ගන්න බැරිවුනාය කීව නිසයි. ඇයි බ්ලැග්බෙරියෙන් ෆොටෝ එකක් ගත්තේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මේක මට මතක් උනා සිය සැරයක් විතර.. කණ්ණාඩි දෙකක් දාපු තට්ට මෑන් කෙනෙක් හිටියා... පොර කූඩුවට යද්දිම මට තනියම හිනා ගියා.....

      බ්ලැක්බෙරියනම් මතක් කරන්න එපා.....

      Delete
    2. බ්ලැක්බෙරිය ඔය අස්සට ගෙනිහිං මාට්ටු උනා නං . . මූට උසාවිය අතුගාම තමයි එන්න වෙන්නෙ

      Delete
  5. කාටද ඉතින් ඔය වාහනවල එලවන ගමන් කතා කරන්නේ? :D

    ReplyDelete
    Replies
    1. කොච්චර කට්ටිය ඉන්නවද පොඩ්ඩි....

      Delete
  6. "ඒ වගේද පොලිස් කට්ටියගේ කතා . . අපිව බල්ලට දාලනේ කතාව.."

    යූ එන් පී ආන්ඩුව කාලේ පටන් ගත්තු දේ අපේ ආන්ඩුවක් ආපු කාලෙක වෙනස් වෙයි කියලා හිතුවා . . එත් . . හ්හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ වරදක් නෙවේ දුකා අයියා.. මිනිස්සුන්ගේ මොළේ වැරැද්ද?

      කොයි ආණ්ඩුව කාලෙත් යහපත් වචනෙන් මිනිසුන්ව අමතපු පොලිස් කාරයොත් නැත්තේ නෑ.. මම දන්න මිනිස්සු දෙන්නෙක් ඉන්නවා.. නොදන්න අය කොච්චර ඇත්ද?

      Delete
  7. අනේ අපිනම් අහුවෙයි ඕවට!

    henrybl0gwalker the Dude

    ReplyDelete
  8. කොහොම බැලුවත් බස් එකේ යන එක තමා තාමත් ලාභ.හෙට කොහොම වෙයද දන්නේ නෑ(මධ්‍යම රාත්‍රියේ සේරම වෙනස්වෙන රටක් නෙව මේක)

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් බස් එකේ යන්න වෙලාව තමයි නැත්තේ...

      Delete
  9. ඇයි බොල..
    මෝෂන් එක නිකන්ද.. ඒකට තමයි 1000/-
    යකෝ.. අපි අවුරුදු තුනක් ලෝ කොලේජ් ගිහිල්ල තොපිලට දෙකයි පනහට නඩු කතාකොරන්න..

    cha_sl

    ReplyDelete
    Replies
    1. කියපු ගමන් 5000.00 දුන්නානම් මෝශන් එකට හාරදාහයි..... අනේ වාසනාවන්....

      Delete
    2. මගෙත් එක්ක වැඩ කරපු එකෙක්, වැඩ කොරන ගමන්ම, ලෝ කොලේජ් එකේ අභන්තර ශිෂ්‍යයෙක් හැටියට ඉඳල ඩිග්‍රිය අරගෙන ලෝයර් කෙනෙක් වෙලා කුරුණෑගල, මාහෝ, උසාවි වල වැඩ. ඌ ලෝ කොලේජ් පැත්තෙ ගියෙ ඌ වෙනුවෙන් අස්සන් කරන එවුන්ට ගානක් දීල එහෙම ටියුට් ෆොටෝ කොපි ගහගෙන එන්න. ඉඳල හිටලා ලෙක්චර්ස් වලටත් ගියා, විභාග වලට නං යන්නම ඇති.

      අපි නොදන්න ලෝ කොලේජ්...හෙහ්..හෙහ්...

      අපහාසෙට හෙම නෙමේ කිව්වෙ, ඒ තරං වැඩ කාරයො ලෝයර්ල.

      Delete
  10. අප්පෝ කතා කරලා වැඩක් නෑ අයියේ. මටත් දවසක් ඔත්තේ ඉරට්ටේ ටැපලිලා දවසක්ම චාටර් එකක් කෑවා මදි නොකියන්නම.

    ReplyDelete
    Replies
    1. චාටරේ ගැනනම් ඉතින් කතා ඕන නෑ....

      Delete
  11. wahana elawana wita cell phone katha karana ayata dada gahannama one.

    ReplyDelete
    Replies
    1. අනිවා... ගහන්න ඕන දඩ.. ඒකේ දෙකක් නෑ..... වැරැද්දක්නේ.....

      Delete
  12. iyaa kuduwata dammamahama tamanta puluwanida dade gewanna...nati nam eliye inna ekek gewanna onaeda?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි... කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නම් ඒ පහසුකම දැන් දීලා තියෙනවා.... තමන්ටම ගෙවන්න පුළුවන්..

      Delete
  13. හොද වෙලාවට කලින්ම ගාන දැනගෙන ගියේ.. නැත්නම් 5000ම ගෙවන්න වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. 5000.00 ක් දුන්නානම් තනි ඇහැට ඇඬෙයි නේ,,,,,,

      Delete
  14. මගේ ඉන්ශුවරන්ස් එක කල් පිරිලා අහු උනා. අල්ලපු එකා කිව්වේ ඉන්ශුවරන්ස් එක හදාගෙන ඇවිල්ලා ලයිසන් එක අරන් යන්න කියල. මම දවස් තුනෙන් හදාගෙන ගියා පොලීසියට. එතකොටත් මට නඩුදාලා O.I.Cකාරයා. 5000ක් ගෙවලා.. පැය භාගයක් විතර කූඩුවෙත් ඉදලා.. O.I.Cටත් බැනලා මම ගෙදර අවා...

    ReplyDelete
  15. මේ විස්තර දැනතත්තෙක වටිනවා..කොහොම වුනත් සූදානම් සරීරෙ වටිනවානේ...

    ReplyDelete
  16. වාහනේ ඉන්සූරන්ස් එක එක්ස්පයර් වෙලා දෙන්නේ නැතුව ඇල්ලලා අර සාජන් මහත්තය හෙම්බෙන්න කිව්වා අල්ලපු රාළහාමි...සාජන් මහත්තයා ඉන්නේ කළුවරේ....500 දීලා ලයිසොමයි කොළ ටිකයි ගත්තා...

    ReplyDelete
  17. වැරදි නොකර හිටියනං නිකං බල්ලට වැටෙන්නෙ නෑ නෙව

    ReplyDelete
  18. මොකක්ද බෝලේ මෝසමක් කියන්නේ ආ..?

    ReplyDelete
  19. අද මම උසාවි ගියා drunk and drive වරදට . දැන් දඩය 7500 සහ මාස 6 කට රියදුරු බලපත්‍රය තහනම්. මම බීල හිටියේ 50 ml , ප්‍රමාණයක් විතරමයි, එම ප්‍රමාණයත් වරදකරුවෙක් වීමට ප්‍රමාණවත්. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි රථයට අදාල ලියවිලි සහ අපේ රියදුරු බලපත්‍රය පොලිස් නිලදාරීන්ට ලබා නොදෙන ලෙස උපදෙස් දීම ( විශේෂයෙන් බීල අහුඋනාම ) මම අද දැකපු දේ, එහෙම උනාම දඩය ඉතා වැඩි වීම.
    සුළු සිද්ධි සදහා නම් ලෝයර් නැතුව පෙනී හිටපු අයත් ඉන්නවා මම දැක්ක, එත් දඩ මුදල ගෙවන්න නම් යාලුවෙක් අරගෙන යන්න. දඩ ගෙවන්න කියල සල්ලි වැරදි කාරයාගෙන් ඉල්ලගෙන මාරු වෙන අය උසාවියේ ඉන්නවා කියල මගේ ලෝයර් කලින්ම කියල තිබුන.
    අල්ලස් ගැනීම අඩු බවක් කෙසේ වෙතත්,ඉස්සරට වඩා පොලිස් නිලදාරීන් නිහතමානී බවනම් දැනුනා. මගේ අතින් ඇදීම / ජංගම දුරකථනය ගැනීම / මගේ රථය පැදවීම වැරදි බව පැවසු විට ඉතාම නිහතමානීව, සමාව ඉල්ලීමට තරම් නම් උසස් තතවයකට ගම්පහ පොලිසිය නම් පත් වී තිබුනා.

    ReplyDelete
    Replies
    1. 7500 නෙමේ 15000 ක් ගහන්න තිබ්බෙ මි.ලී. 50 ක් බිව්වෙ මොන හුන්නස්ගිරියකටද ? බෝතලේටත් නෑ,බීපු එකාටත් නෑ...අපරාදෙ :-))

      Delete
    2. හෙක්... හෙක් ඔය කතාව තමයි ඔබා මාමේ අනික් උනුත් මට කීවේ. මම වෙනදට බාගෙට ගහන එකා.

      Delete
  20. හොඳ වෙලාවට බීලා ත්‍රීවිල් වල යනකොට පොලෝසියෙන් අල්ලන්නෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. බීලා ත්‍රීවීලයක් එලවාගෙන ගියොත් ඔයාවත් අල්ලයි. :D:D:D

      Delete
    2. බීල ත්‍රී වීල් එකෙන් නැතුව ෆොර් වීල් එකෙන් ගියොත් නම් , බීමතින් අසෝබන ලෙස හැසිරීම කියල නඩු දානවා. ඒක පාඩුත් නෑ, ලයිසොම බේරිලා, සායම හේදෙන සිම්පල් ප්ලැන් එකක් නෙ.
      22 ඔය ෆොර් වීල් තරගයක් එහෙම නැද්ද දන්නේ නෑ . දන්නා කුරු හරි මාව දැනුවත් කරත්වා !!!

      Delete
  21. අභී.. දෑන්නම් එනපොට හොඳ නෑ, phone එක කනෙ ගහගෙන ගියොයත් ලයිසොංන් එකට ළකුණු 6 ක් එකතු වෙනවලු. ඔක්කොම ළකුණු 24 ක් උනහම ලයිසොංන් එක අවුරුද්දකට sorry වෙනවලු...

    ReplyDelete
  22. මාත් පෙරේදා තව පොඩ්ඩෙන් දඩයක් කනවා ලෙසටම,උ මට කිව්වේ එක අතක් කඩාගෙන තනි අතින් වාහන එළවීම හෙවත් අනාරක්ෂිත රිය පැදවීම ලු..!(ඇත්තට එහෙම එකක් තියවාද අයියේ..?? ), පස්සේ ඉතින් යාලුවෙක් ගේ තාත්තා කෙනක් ට කියල වැඩේ සෙන්ටිමෙන්ටල් කරගත්තා..!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...