Friday, March 9, 2012

පාසල් කාලය.. කාටද අමතක කරන්න පුළුවන්.... කියවමු එහෙනම් මේක.... කට කොනට හිනා එන්නේ ඇයි මේ....?


ජීවිතේ සුන්දරම සමයනේ පාසල් කාලය... ඒක තරම් මතකයන් තියෙන කාලයක් අපි කාටවත් තියෙයි කියලා හිතන්න බෑ....ඒවා මතක් වෙලා නේද ඔය කට කොනට හිනාවක් එන්නේ... මතකද ඒ කාලේ කරපු ඒවා.... හිනා වෙන්නේ නැතුව පුළුවන්නම් මේ ලිපිය කියවන්න.. ඒ කියන්නේ මගේ දේවල් වලට හිනාවෙන්න කියලා නෙවෙයි.. මේවා කියවද්දි මතක් වෙන ඔයාලගේ මතකයන් වලට හිනා නොවී කියවන්න.... එහෙම කියවපු කෙනෙක් ඉන්නවානම් යටින් කියන්න මට හිනා ගියේ නෑ ඒ කාලේ මතක් වෙලා කියලා.....


මොකෝ මේ හදිස්සියේම පාසැල් කාලය මතකෙට ආවේ කියලා හිතුනාද? පහුගිය දවසක අපේ ක්‍රීඩා උත්සවය තිබුනා.... මූණු පොතට ආවා අපූරු ඇල්බම් එකක් ඒකේ... අමිල මෛත්‍රී කියන සුපිරි ඡායාරූප ශිල්පියා (අපිටනම් අමිල මල්ලී) තමයි මේක අයිතිකරු... මේ ඇල්බම් එක බලන අපි අනික් උනුයි දාපු කමෙන්ට් දැක්කම හිත පාසල් කාලෙට ඇදිලා ගිය එක අහන්නත් දෙයක්ද? ඒකේ තියෙන ෆොටෝස් එක්කම මේ බ්ලොග් ලිපිය ලියන්න මම අමිලගෙන් අවසර ගද්දි දෙවරක් නොසිතාම අවසර දුන්න එකට උඹට බොහොම ස්තූතියි අමිල මල්ලි....


මෙන්න පළවෙනි ෆොටෝ එක....




මලියදේවය සරසපු ගුරු මෑණිවරු සිව් දෙනෙක්..... මේ හතර දෙනාගෙම පුතාලා හය දෙනාම මලියදේවේම ශිෂ්‍ය නායකයො.... වම් පැත්තේ කෙළවරේම ඉන්නේ ගුණතිලක මැඩම්.. ප්‍රාථමිකෙට ආවේ. එතකොට යන්තම් ප්‍රාථමිකෙ පාස් වෙලා හිංදා ඒ මැඩම් ගෙන් ගුටි කාලා නෑ.. ඊලඟට ඉන්නේ ධර්මරත්න මැඩම්.. පහ වසරේ පංතිභාර මැඩම්.. ගහන්නේ නෑ.. අව්වේ හිටවන්නේ.... පළවෙනියටම කොපි කරපු දවසෙම මාට්ටු වෙලා චිත්‍ර කාමරේ ලඟ කොට්ටම්බා ගහ පාමුළ විනාඩි 20ක් හිටගෙන හිටියා.... ඊලඟට ඉන්නේ 10 සහ 11 වසරවල සමාජ අධ්‍යයනය උගන්නපු මැඩම්... මේ මැඩම් ගෙන් තමයි හොර අත්සන් ගහලා ගුටි කෑවේ අර.... මගේ අම්මා නිසා ඉස්කෝලෙදි ගහලා ඇවිත් ආයේ ගෙදරදිත් ගහනවා.... ඊලඟට ඉන්නේ ශ්‍රීමතී මැඩම්.. 9 වසරේ සමාජ අධ්‍යයනේ ඉගැන්නුවේ මට.... මේ මැඩම්ට කොල්ලෝ දාලා තියපු නම කියලා කෑ ගැහුවා කියලා අපි ඔක්කොටම ලෙසට නෙළුවා ඔෆිස් එකේ තිබ්බ පත වේවැලක් ගෙනල්ලා....


මෙන්න දෙවෙනි ෆොටෝ එක....





කවුද මේ ඉන්නේ.. ආනන්ද පීරිස් සර්.... ඒ කාලෙනම් හරිම හැඩ කොල්ලා... මගේ 10 වසර 11 වසර දෙකේම පංති භාර... ඉගැන්නුවේ ඉංග්‍රීසි..... ආයේ ඉතින් මනමාලකමනම් ඒ කාලේ ඉඳලම... අපේ ඉතාම හොඳ යාළුවෙක්.. හැබැයි තරහා ගියාම යකෙක්.... වැඩි පුරම කියන්නේ " ගත්තහම " කියන වචනේ.. මල පැන්නම ඒක දෙකෙන් වැඩි වෙනවා...  "තොපිට උගන්නලා වැඩක් නෑ.. මම යනවා යන්න ගත්තහම...... වෙන පංතියක් ඉල්ලගෙන මෙන්ඩිස් සර්ට කියලා" කියන එක සර්ට තරහ ගිහින් කියන්නේ මෙහෙම... " තොපිට ගත්තහම උගන්නලා වැඩක් නෑ ගත්තහම මම යනවා ගත්තහම වෙන පංතියක් ඉල්ලගෙන ගත්තහම මෙන්ඩිස් සර්ට කියලා ගත්තහම" කොල්ලො ඉතින් පීරියඩ් එකේ අන්තිම විනාඩි පහේ කොහොමහරි සර්ව තරහ ගස්සනවා ඔය ටික අහගන්න.... අපරාදේ කියන්න බෑ කොල්ලන්ගේ ලව් වලට එහෙම පට්ට සපෝට්.. සර් අහලා කරලා දෙන්නේ..... 


මෙන්න තුන්වෙනි ෆොටෝ එක......



මේ ඉන්නේ ජයසිංහ සර්... මලියදේවෙට තමන්ගේ අම්මට වගේ ආදරය කරපු සර් කෙනෙක්... ඉස්කෝලේම බයයි... ඉගැන්නුවේ පීටී.... විනය පාලක මණ්ඩලයෙත් හිටියා... ස්පෝට් මීට් එකේ රියසල් වැරදිලා ගහපු කණේ පාර තවම කූං ගානවා සර්.... ඕනෑම කරදරේකින් අපිව බේරගන්න ඉදිරිපත් වෙනවා හැබැයි ඇත්ත කියන්න ඕන... අහ්.. වැවේ නාන්න ගිහින් මාට්ටු වෙච්ච වෙලේ හිනා වෙලා ගිය එකත් මට අද වගේ මතකයි සර්....

මෙන්න හතරවෙනි ෆොටෝ එක....


මේ ඉන්නේ පාදෙනිය මැඩම්.. අපේ කාලේ ඉඳලා අද වෙනකම් ඕන කෙනෙක් ගෙන් ඔයාල ආදරේම සහ ඒ වගේම භය ටීචර් කවුද කියලා ඇහුවොත් උත්තර දෙකක් නෑ..ඒ පාදෙනිය මැඩම්...  ඒ වගේමයි වර්ථමාන මලියදේවයෝ චෙස් වලින් ගේන අන්තර්ජාතික ජයග්‍රහනවල මුල් පුරුක තමයි මේ.... පාදෙනිය මැඩම් ගැන පොතක් ලිව්වෑකි..එච්චර රස කතා තියෙන්නේ.... මැඩම් කියවනවානම් තරහා වෙන්න එපා.. මේ කතාවනම් කියවන අයට නොකියාම බෑ.... වෙනම ඡේදෙකින්ම පටන් ගන්නම්....

මැඩම්ගේ තියෙන ආතල්ම ගතිය තමයි ඉක්මනින් කලබල වෙන එක.. කොරහටත් අත ඔබන්න බැරි තරමට කලබලයි.. ඉන්නේ දුවෙකුයි පුතුකුයි.... දවසක් මැඩම් ගෙදර ඉද්දි මැඩම්ගේ රට හිටපු මල්ලි නොදන්වාම ගෙදර එනවා... ඒක දැක්ක පොඩි උන් දෙන්නා "අන්න චූටි මාමා එනවා" කියාගෙන ගිහින් දණ ගහලා වැන්දා.... මල්ලි දැකලා උතුර දකුණ මාරු වෙච්ච මැඩමුත් දුවලා ගිහින් මල්ලිට වැන්දා.... ඔන්න ඔහොමයි පාදෙනිය මැඩම්ගේ හැටි.. මෙච්චරයි මැඩම් කියන්නේ... අර ටෙලිෆෝන් සීන් එක මම කියන්නේ නෑ ඕන්....

මේ තියෙන්නේ පස්වෙනි ෆොටෝ එක......


මේ නිකටට අත තියාගෙන ඉන්නේ පොල්හේන සර්... උසස්පෙළ වාණිජ අංශය භාරව හිටපු සර්... මම හිතන්නේ අපි හින්දා වැඩිම වදයක් වින්ද ගුරුතුමා තමයි මේ.... ලොකු ඔරලෝසුවක් බැඳන් තමයි ඉස්කෝලේ ආවේ.. කොල්ලෙකුට ගහන එක වාරයක් පාසා මේ ඔරලෝසුවේ ලොක් එක පනිනවා... දවසකට ඔරලෝසුවේ ලොක් එක පනස් පාරකට වඩා දාන්න වෙනවාමයි සර්ට.. ඒ සර් නපුරු නිසා නෙවෙයි.. කොල්ලො කරන තිරිසන් වැඩ නිසා තමයි ඉතින්.. සෙක්ශන් එක කලා වණිජ නේ... හැමදාම මොකක් හරි සීන් එකක් ඉතින්... මටනම් ගැහුවේ අර ගුරු මේසේ උඩ ප්ලේන්ටී බෝතලයක් තිබ්බ දවසෙනේ... අප්පේ එහෙම ගැහිල්ලක්....

මෙන්න ෆොටෝ අංක හය


මේ ඉන්නේ සුනිල් අයියා... අපි දන්න කාලේ ඉඳලා අපේ ග්‍රවුන්ඩ් බෝයි වස්තු කැටේ... පිට්ටනිය පිටිපස්සේ ගේට්ටුව ඇරලා අපිව කලින් යවපු එකම ම්දැයි අයියේ උඹ නිවන් යන්න... ඒ විතරක්ද ඉල්ලන ඕනේම ක්‍රීඩා උපකරණයක් "පරිස්සම් කරලා ගෙනත් දියන් මල්ලි" කියලා ගෙනත් දෙන්නේ වෙන මොන ග්‍රවුන්ඩ් බෝයිද බන් උඹ මිසක්... ඇයි හොස්ටල් එකේ කෑම කොච්චර හොරෙන් කවලා ඇත්ද? පීරියඩ් කට් කරන අපි කොච්චර නම් උඹේ කාමරේ නිදා ගන්නවද අර ගද ගහන මෙට්ටවල....

අමිල... ආයෙත් ස්තූතියි මේ මතකයන් අළුත් කලාට.... මේ ගුරුවරු පිළිබඳ මතකයනම් පෙරාපු රත්තරන්... තව එක දෙයක් තියෙනවා.. කල්ල සර්ත් මෙතන හිටියානම්.. අප්පා.. කියන්න වචන නෑ ඉතින්....

මේ ඇල්බම් එකේ තිබ්බ පුද්ගලයෝ ගැන කථා ඉවරයි.... ඊලඟට තමයි ඇක්ටිවිටි මතකය එන්නේ.. ඒකනම් ලියන්න සීරීස් එකක්ම... 

ප.ලි. කොළඹ වෙසෙන ආදී මලියදේවයින්ටයි මේ පණිවිඩේ.. මාර්තු 17 වෙනිදා වාද්දුව හොලිඩේ රිසොර්ට් එකේ පැවැත්වෙනවා කොළඹ වෙසෙන මලියදේවයින්ගේ සුහද හමුවක්... වැඩි විස්තර 0714449162 අංකයෙන් මගෙනුත්, 0772975584 අංකයෙන් ටිකිරිගෙනුත් දැන ගන්න පුලුවන්..

52 comments:

  1. හ හා... පරණ මතකයන්.....අභියලාගේ අම්මගෙං නං මම ඉගනගන නෑ.ඔතන ඉන්න අයගෙං ගුණවර්ධන සර්ගෙන් ඉගන ගන තියනවා. හය වසරේ ඉද්දි කරපු මොකක් හරි නොසන්ඩාල වැඩකට පාදෙනිය මැඩම් පීරියඩ් එකක් පුරා දණගස්සලා තිබුනා මතකයි හොඳට.....

    ReplyDelete
  2. හික්ස් මාර වැඩනෙ වෙලා තීන්නෙ..
    මටත් මේකටදැ කතාකලේ අයියෙ :D

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  4. ජීවිතය ජීවත් කරවන්නේ මේ මතකයන් තමයි!

    ReplyDelete
  5. හිනා වෙලා පණ ගියා අභීතයියා. පාදෙණිය මැඩම් ගැන අනික් කතාවත් ලියන්න. හික් හික්....!!! හොඳම ලිපියක් ඔයා ලියපු. මමත් ගුරුවරියෙක් නිසාද කොහෙදො!!! ඉස්කෝලෙට මුළු ජීවිතේම දුන්න මිනිස්සු. දැන් තමා අගේ තේරෙන්නෙ දකිනකොට කරපු මෝඩකම් එක්කම

    ReplyDelete
  6. ස්කෝලේ කතා නම් කියලා වැඩක් නෑ

    ReplyDelete
  7. පරණ මතකයක් අළුත් වෙලා වගේ....එළ....

    ReplyDelete
  8. ඉස්කෝලේ කාලේ තරම් සුන්දර කාලයක් තියෙනවද.. ඉගෙන ගන්නවට වඩා ගුටි කාලා ඇති.. හැබැයි ඉතින් අපි හැදුනෙත් ඒ නිසාම තමයි..

    ReplyDelete
  9. අඳුනන කව්රුත් ඉන්නවද බැලුව...ම්හු...

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා කුරුණෑගල නේද?

      Delete
    2. ඔබා මාමගේ සර්නේම් එක පාදෙනිය නෙමේ නේද.....

      Delete
    3. ගම කුරුණෑගල නං නෙමේ, පුතාලට කියන්ඩ කුරුණෑගල ගම වගේ තමා. 1975-1989 ජීවිතේ හොඳම කාලේ රස්සාව කොලේ කුරුණෑගල. වයස 22-36 අතර කාලෙ...හෙහ්...හෙහ්...ඔය බ්ලොග් එකක් ලියන ඕනයගෙ අම්ම හෙම මලියදේව ගර්ල්ස් එකේ ඉගෙන ගන්න කාලෙ...අපි නං ඔය ඉස්කෝලෙ යන කෙල්ලො දිහෑ බැලුවෙවත් නෑ ඕන් ...

      පාදෙණිය පැත්ත හොඳට දන්නව, මාහෝ ඩිපෝවෙත් වැඩ කොලා කාලයක්.

      Delete
    4. අපෙ අම්ම හෝලි ෆැමිලියෙ අයිය . . තාත්තත් ඒ කාලෙම තමයි මලියදේව බෝයිස් ගියේ

      Delete
    5. @ ඕනය,
      කක්ක පෙරේරගේ ලව් එකත් හෝලි ෆැමිලියේ

      Delete
  10. දුවගෙන ගිහින් මල්ලිට වැන්ද කතාව නම් නියමයි. ඒක දැක්කාම ටිකක් නෙමේ හොඳටම හිනා ගියා.:D

    ReplyDelete
  11. ඉස්කෝලෙ යනකාලෙ ගත්ත ආතල් නම් එමටයි. පාදෙනිය මැඩම්ගෙ ආතල් කතා තව ඇති.

    ReplyDelete
  12. “එහෙනං හොයාගන්න ලේසියි, දැනටමත් කොල්ලට සිහිය නැතිව ඇති“ කියල සීපී සර් , පාදෙණිය මැඩම්ට කිව්ව කතාව දන්නවද ?

    ReplyDelete
  13. අර දුවගෙන ගිහින් දණ ගහපු සීන් එක නම් එල ඈ....... ඒ ලස්සන අතීතය මතක් වුණා. :D

    ReplyDelete
  14. කවදාවත් මතක කරන්න පුළුවන්ද. ඒ සුන්දර ජීවීතය.

    ReplyDelete
    Replies
    1. අකුරක් අඩු වෙලා වගේ,, :)

      Delete
  15. ධර්මරත්න ටීච මටත් ඉගැන්නුවා තුනේදි. බොලෑ අම්මා ඉගැන්නුවා භූහෝල විද්යාව.අපි එකොලහට එද්දී පීරිස් සර් ඒ ලෙවල් සෙක්ශන් එකට මාරු වෙලා හිටියේ.ජයසිංහ සර්ට නම් බුජු බයයි. ඉස්සර ආචාර පෙලපාලිය පුරුදු වෙද්දි ඔය සර්ලා ටික තමා බනින්නේ "මුං හරියට යන්නේ ලක්දාස් එකේ කෙල්ලො මාච් පාස්ට් යනවා වගේ " කියලා.පාදෙනිය මැඩම් අපිට ඉගැන්නුවෙ බුද්දාගම. බුද්දාගම කියලා නෑ, කවි පාඩම් නැතිනම් ගුටි තමා.මගේ ඔලෙවල් පන්තිබාර හිටියේ විජේසිංහ සර්, ඒ ලෙවල් පන්තිබාර හිටියේ සන්දනායක සර්.සුපිරි ගුරුවරු අෆ්ෆා.
    අපි දහයෙ ඉද්දි බංඩාර සර් පන්ති බාර. ඒ දවස්වලම තමා බන්ඩාර සර් සමූපකාරෙ පටන්ගත්තෙ. ඒක හින්දා හැමදාම ඉන්ටවල් එකේ කැෂියර් හිටියේ අපේ පන්තියෙ එකෙක්. කැෂියර් ඉන්න එකා හැමදාම ඉන්ටවල් ඉවර වෙද්දි ගෙනවා කිරිටොපි මල්ලක් පන්තියට. ඒ කාලෙ නම් පට්ට අප්පා.
    අපෙ ඉස්කෝලෙ කොල්ලො පවුල් හිටියා මතකද? සියඹලාපිටියලා ජයබංඩාරලා සෝ ඔන් ඇන්ඩ් සෝ ෆෝත්

    ReplyDelete
    Replies
    1. කස්සා උඹ 2005 වෙන්න ඕනා...එහෙම නේද?

      Delete
    2. වැඩක් නෑ කස්සෝ ඒ ගැන කියලා. මාත් පාදෙණිය මැඩම්ගෙන් කාලා තියනවා.... ෆොටෝ ටික දැක්කහම මටත් ආයේ ස්කෝලෙට දුවලා යන්න හිතුනා. ආ තව ඕලෙවල් ගණන් උගන්නපු ගුණවර්ධන සරුත් ඉන්නවා. ගුණවර්ධන සරුත් දීලා තියනවා කන පැලෙන්න......

      Delete
  16. ඉස්කෝලේ කාලේ නම් කොහොමද අමතක කරන්නේ ? ඇඟට පතට හයිය හත්තිය යාන්තම් එන්න පටන් ගන්නකොටම වීරයෝ වෙන කාලේ හරිම අමුතුයි . ජීවිතේට එකම එක ගුරුවරයෙකුගෙන් විතරක් හොඳක් අහගෙන තියන මටත් පාසල් කාලේ මතකය රත්තරන් වගේ .

    ReplyDelete
  17. ඉස්කෝලේ ඕනෑම දෙකට අපිත් ඉතින් බොක්කෙන්ම ආදිශිශ්යයෝ වශයෙන් සපෝර්ට්.

    ReplyDelete
  18. පාසැල් මතකයන් ගැන නම් කියන්නම දෙයක් නෑ... අනිත් එක තමයි අම්ම වැඩ කරන ඉස්කෝලෙම ඉගෙන ගද්දි මාර ආතල් ඇති... අපේ අම්මල වෙන ඉස්කෝලවල උගන්නද්දිත් තිබ්බ නිදහසේ හැටියට.... අනේ අර පාදෙණිය මැඩම් ගැන කිව්ව කතාවට නම් හිනාවෙලා පණ ගියා... ටෙලිෆෝන් කතාවත් කිව්ව නම්නෙ හොඳ....

    ReplyDelete
  19. ඉස්කෝලේ ගිහින් ගුටි කාපුවයේ රහ තාමත් මතකයි. පාදෙනිය මැඩම් මල්ලිට වැඳපු හැටි මතක් වෙනකොට නම් හිනා යනවෝ.....

    ReplyDelete
  20. කිව්වත් වගෙ කට කොනට හිනාවක් ආවා තමයි. කොහොමද දැනගත්තේ?
    මලියදේවයට ජයවේවා!!
    ආදි නාලන්දීයයෙක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  21. පාසල් කාලය සුන්දරයි අබිතඅයියේ.අර දුවගන ගිහින් දණ ගහපු එක නියමයි.

    ReplyDelete
  22. එල එල . .. යකෝ උඹ ගුටි කාලා විතරයිනේ . . ඉස්කෝලේ ගිහින් ඉගෙනෙ ගත්තේ නෑ?

    ReplyDelete
  23. සමනල රෑනක් සේ ඉගිලී - පාසල් ගිය කාලේ...ආයේ එන්නේ නැත

    ReplyDelete
  24. ඇයි MTV + කොමලසිරි ජෝඩුව :D :D ඒ කාලේ නැගලා ගිය කතාවක් තමයි :D :D

    ReplyDelete
  25. චිත්‍ර කාමරේ ලඟ කොට්ටම්බා ගහ යට හිටිය කියන්නේ... ජයතිලක සර්ගෙන් හොදමක් කෑමක් තමා නේ....

    ReplyDelete
  26. ආයෙ ලොවෙත් නෑ.....එළ එළ... මටනං තවම පාසල් කාලෙ විඳින්න තියනවා... ලොකු ලෙවල් 1 තියෙන්නෙ 2014නෙ.. මමනං කුලියපිටිය සෙන්ටල් 1ට තමා යන්නෙ...

    ReplyDelete
  27. මේ ඉන්න කස්ටිය කොහොම අමතක වෙන්නද අප්පා... 1995 අවුරුද්දේ 1 C පන්තියේ මගේ මුල්ම ගුරුතුමිය වුනේ ගුණතිලක මැඩම්. පාදෙණිය මැඩම් 7 වසරේදී බුද්ධාගම ඉගැන්වුවා. අයියගේ අම්ම තමා 11 වසරේ සමාජ අධ්‍යනය ඉගැන්වුවේ.. ඒ කාලේ පන්තිබාර හා ගණන් ඉගැන්නුවේ ගුණවර්ධන සර්. විජේසිංහ සර් (වල්කයා) තමා විද්‍යාව ඉගැන්නුවේ

    අපේ ඇස පාදපු සියලු ගුරුවරුන්ට බොහොම පිං ඒ වගේම අපිට සෙවන දුන්න මලිදෙව් මාතාව සදා ඇතුගල්පුරයේ යෙහෙන් වැජඹේවා

    ප.ලි මගේ අසල්වැසියා, අපේ කල්ල සර් නැති අඩුව නම් කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මම පාසැල් ගියේ නම් මලියදේවෙට නෙමෙයි..
    ඒත් මේ පින්තූර ටික දැක්කහම මටත් යමක් ලියන්න. හිතුනා
    පින්තූරයක ඉන්න ගුනවර්ධන සර්,
    අපේ මාමා...
    අපේ අම්මාගේ මල්ලි...
    ඕ ලෙවල් කරන කාලේ මෙයාගෙන් මමත් හොඳ කනේ පාරවල් කාලා තියනවා..
    මොනා වුනත් ඕ ලෙවල් ගණිතය හොඳට පාස් වුනේ නම් මෙයා නිසා තමයි..
    මමත් ඒ දවස් වල හිතපු දෙයක් තමයි,
    මෙයා උගන්වන පාසලේ මටත් උගෙන ගන්න උනානම්,
    මටත් වෙන්නේ දෙපාරක් ගුටිකන්න වෙන එක කියලා....

    ReplyDelete
  30. ඉස්කෝලෙ කාලෙ මතකයන් නම්... අමරණීයයි

    ReplyDelete
  31. පාදෙනිය මැඩම් මට ගහපුවා අම්මපා තාම කනේ කූන් ගානවා! ඒ උනටා තාම දැක්ක තෑනක අහ්හ් ..........." කියලා කතා කරල යන්නේ! මම මාර ලව් මැඩම්ට!

    ReplyDelete
  32. හිකිස් මාර මතක තමා, බූඩිත් ආසයි ඒකාලෙට :D

    ReplyDelete
  33. මෙහෙම එකක් තියෙනවා කියල යාලුවෙක් කිවම හොයාගෙන ඇවිත් රෙජිස්ටර් වෙලාම පටන් ගත්තේ කියවන්න..
    එළකිරි අභීත අය්යේ ලෙසටම ලියල තියෙනවා...
    අප්පා පාසල් කාලේ සුපිරි මතකයන් ටිකක්...........
    මාත් ඔය ෆොටෝ ගහන අමිලය එහෙම හිටපු බින්දු දෙකේ කණ්ඩායමේ එකෙක්.....

    ReplyDelete
  34. ඒ කියන්නේ අභීත .. අම්ම මලියදෙවේ උගන්නනවානම්
    එකේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන් කියන එකද?
    මොකෝ උඹම කියල තියනවා මේ ගුරු මෑනි වරුන්ගේ පුතාලා
    6 දෙනෙක් ම ශිෂ්‍ය නායකයෝ කියල.
    අපේ ඉස්කෝලේ නම් ඔහොම උනේ නැහැ

    (විහිලුවට හොදෙයි ...!)

    ReplyDelete
  35. හයියෝ,පීරිස් සර්.මතක් වෙනකොට හිනා යනවා.
    හැබැයි ටිකක් කුකුල් ටයිප් නේද?
    මමත් සර් ගේ ක්ලාස් ගියා ඕ'ලෙවෙල් වලට :)

    ReplyDelete
    Replies
    1. ටිකක් කුකුල් ටයිප්....? ටිකක් නෙමෙයි හොඳටම කුකුල් ටයිප්..... :ඩී..

      ප්‍රමුදි මොන අවුරුද්දෙද ගර්ල්ස් එකට ගියේ....

      Delete
    2. ඔව් ඔව් හොඳටම තමා.බැංකුවක අයිනේ එහෙම ඉඳන් හිටියොත් විනාසයි :ඩී
      මම 2010 තමා ඉස්කෝලෙන් අවුට් වුනේ.

      Delete
    3. අයියෝ,බැංකුවක නෙවේ බංකුවක. :ඩී

      Delete
    4. එවන්න බලන්න මූණු පොතෙ රික්වෙස්ටුවක්.. අදුනනවද කියලා බලන්න... මම ඉස්කෝලෙන් අවුට් වුනෙත් 1998... :ඩී

      Delete
  36. හ්ම්ම්.....ආයෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා...
    පාදෙණිය මැඩමුයි ,පීරිස් සර් රුයි නම් හොඳටම මතකයි.

    ReplyDelete
  37. අභීත, ඉස්කෝලෙදි ඔයාගෙ අම්මගෙන් ගුටි කාපු සිද්දි ටිකක් කියන්නකෝ..ඒවනන් මාර fun අැති...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...