Monday, April 2, 2012

බ්ලොග් කාරයෝ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම... කියවන ඔබ සඳහාමයි.. 18+ නැත.

ඉස්සර ඉඳන්ම මට ලොකු චෝදනාවක් තිබ්බා මම එක එක බ්ලොග් කාරයන්ගේ පිටවල් කහනවා කියලා... අත මගෙනම් කහන්නේ මමනම් ඉතින් උඹට මොකෝ කියලා අහන්න ගියේ නෑ මම ඉතින්... මගේ ලෝකය කියලා ඒ කාලේ තිබ්බ බ්ලොග් එකක් ලියපු රංගයාගේ පිට සහ ඌ මගේ පිට දෙන්නා කථාවෙලා කසාගන්නවා කියලා කමෙන්ට් වැටුනත් එක්ක ගජරාමෙට.... දැන් ඉතින් ඌත් එකලාසයක් වෙලා බ්ලොග් එකත් වැහිච්ච එකේ වෙන උන් ටිකකගේ වත් පිට කහන්න මම තීරණය කලා... ඒත් මේ පිට කසා ගැනීමනම් ඔයාලට ඉතා වැදගත් පිට කසා ගැනීමක්... මම පිට කැසුවට ප්‍රයෝජනේ ඔයාලට... ඒක නිකන් අර "මොක්කුද මොනවද තලනකොට මොක්කුන්ටද මොනවද වගේ..." මොකද කියන්නේ කසමුද පිටවල් ටික එකසිය ගානට...


තාමත් ඔබට තේරෙන්නේ නෑ නේද මම මේ කියන හරුපේ මොකක්ද කියලා... බ්ලොග් කරුවන් අතරේ ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාර කරගෙන, ජීවත් වෙන අය... සමහර ඒවා ලොකු ව්‍යාපාර, සමහර ඒවා මැද හරියේ, සමහර ඒවා ලඳරු අවදියේ... ඉතින් මේ කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි හදන්නේ.. ඉතින් ඒක නිසා මෙතනින් සම්භන්ධතාවය අරගෙන එයාලට කතා කරලා කියන්න.. අයියේ, අක්කේ, මම මෙහෙම කෙනෙක්.. බ්ලොග් වලින් තමයි ඔයා මෙහෙම කරනවා කියලා දැන ගත්තේ... ඔය අදී වශයෙන් චාටු බස් දොඩා පිට කසා වැඩේ ගොඩ දාගන්න වට්ටම් සහිතව....


හරි ඉස්සෙල්ලාම මගේ පිට කහ ගන්න එපැයි... මම කරන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ සේවාවන්... මොනාද කියලා කිව්වොත් ඉතින් හෝටල් වෙන්කිරීම්, වාහන කුලියට දීම්, උත්සව සංවිධාන කටයුතු, බැහැරගත පුහුණු වැඩසටහන් වගේ තවත් සේවා රාශියක් තමයි.. මේ තියෙන්නේ වෙබ් එක... මේ තියෙන්නේ සිංහල බ්ලොග් එක. දෙයියනේ කියලා බ්ලොග් වලින් සෙට් වෙච්ච පාරිභෝගිකයොත් ඉන්නවා ඕසෙට.


ඊලඟට මේ මෑත කාලෙකම තව පොඩි ඇකඩමියක් දැම්මේ අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා... ඒ තමයි ස්ටාර් කිඩ් ඇකඩමිය... වෙන්නප්පුව අවට ඉන්න  පුංචි  පැංචියන්ට වගේම පුංචි පැංචන්ටත් අකුරු කරන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න, චිත්‍ර අඳින්න, ගණන් හදන්න අපූරු තෝතැන්නක් තමයි මේ ස්ටාර් කිඩ් ඇකඩමි එක.. කෙහෙල්කොටුවේ රොබින් හුඩ් මාමයි, මැරියන් නැන්දයි එක්ක ගෙවන සොඳුරු ලමා කාලේ අපේ පොඩ්ඩන්ට ජීවිතේටම අමතක වෙන්නේ නැතිවෙයි.


zzzz..... මෙයාව මතකද? z අකුරු ගොඩාක් එක්ක සයිබර් අවකාශයේ මෙන්ම බ්ලොග් ලෝකයේත් සැරිසරන චරිතයක් තමයි.. කොන්ඩේ එහෙම වවලා, කොට කලිසමක් ඇඳගෙන කැමරාවකුත් අතේ තියාගෙන කොල්ලෙක් දැක්කොත් ඒ මූ තමයි.. නම ජේඩී... z ක්‍රියේෂන්ස් තමයි ව්‍යාපාරයේ නම.. මම දැකපු නිර්මාණශීලීම ග්‍රැෆික් ශිල්පියෙක්. ඔබට අවශ්‍ය සියළුම ග්‍රැෆික් වැඩ ඔහුගෙන් කරගන්න එක ඉතා සුළු දෙයක්.. හැබැයි මූව අල්ලන්න අමාරුයි.. ටිකක් කර්යබහුල චරිතයක්. මේ තියෙන්නේ දුරකථන අංකය 0756250669.



ඊලඟට තවත් ව්‍යාපාරයක් ගැන මේ කියන්න හදන්නේ... නිදහස් සිතිවිලි ලියන රන්දිකා සමඟ එයාගෙ මහත්තයා තමයි මේක ලියන්නේ... වෙබ් සයිට් එකක්, මූණුපොතේ පිටුවක් තියා අඩුම ගානේ නාම පුවරුවක් නැතිව ගෙදර ඉඳන්ම කරන බිස්නස් එකක් තමයි මේ.. මොනාද දන්නවද කරන්නේ...... ගෙවල් වල සැලසුම් ඇඳීම, අභ්‍යන්තර අලංකරණ කටයුතු වගේ ඔබේ සිහින නිවසට අවශ්‍ය සියළු අවශ්‍යතා කරලා දෙනවා.... සුපිරි වැඩ.. ආයේ ඒකේ දෙකක් නෑ..... මෙයාලව සම්භන්ධ කරගන්න අන්තර්ජාලයෙන් නොහැකි නිසා මෙන්න දානවා නොම්මරේ.... 0772920269


ඊලඟ ව්‍යාපාරය මේ ලඟදි බොහොම සැලසුම් සහගතව එලියට දාපු එකක්.. අපි කවුරුත් හොඳින් හදුනන දුකා තමයි මේ වැඩේ පටන් ගත්තේ එයාගේ භාර්‍යාව එක්ක එකතු වෙලා.. නම විරූස් ඩෙසයින්ස්. මේ තියෙන්නේ මූණු පොතේ ලින්ක් එක.. ගෑණු ලමයින්ට මේ ලින්ක් එක දිගේ ගියොත් හායි හූයි ගෑවෙන විලාසිතා ටිකක් බලාගන්න පුලුවන් වෙයි. මේක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා වෙන ව්‍යාපාරයක්... තමන්ට අවශ්‍ය විදිහ කියලා තමන්ට අවශ්‍ය විඳිහට වැඩේ කරගන්න පුළුවන්...


ඊලඟ ව්‍යාපාරයාත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක්ගේ... සිතට දුකක් කරදරයක් දැනුන වෙලාවක අළුතින් වැඩක් පටන් ගන්න හඳන වෙලාවක හරි නැකතක් හදා ගන්න අපි කොච්චර දග දාන්න ඕන.. දුරකථනයෙන් වගේම ස්කයිප් හරහාද මේ ප්‍රවීන ජ්‍යෝතිශ්ඥ්ඥයාගේ සේවය ඔබට ලබා ගන්න පුලුවන්.. අපි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මාරයා කියලා... ඒත් ඔහුගේ ජ්‍යෝතිශය වෙනුවෙන්ම සැකසූ බ්ලොග් අඩවිය තමයි මේ.. හරි මෙතැනින්ම ගිහින් බලාගන්නකෝ විස්තර..


ඊලඟ ව්‍යාපාරිකයා අනන්තය ලියන අනුරාධ.. තමන්ගේ මිතුරන් ටිකක් වට කරගෙන දාලා තියෙන්නේ තින්ක් මීඩියා කියන ව්‍යාපාරය... මම මුගෙන් අහපුහාම මේකෙ මොනවාද කරන්නේ කියලා එවලා තිබ්බා මොනවාදෝ හෑලි වගයක්... මට මෙලෝ දෙයක් තෙරුනේ නෑ.. කොහොමහරි මාධ්‍යයට සම්භන්ධ දේවල් කරනවා කියලා තමයි හැඟුනේ... අනුරාධ උඹම යටින් කමෙන්ට් එකක් විදිහට දාහන්.. මට තෙරෙන්නෙ නෑ බන්.... :ඩී මේ තියෙන්නේ වෙබ් එක...



මේ තවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වගේම සමාජ සේවකයෙක්... නුගේගොඩ ඉඳලා පාගොඩ පාරේ යනකොට වම් පැත්තේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවා නේද "නුගේගොඩ ආයුර්වේද රෝහල" කියලා.. දන්නවද ඒ කවුද කියලා.. වෛද්‍ය රෝහණ සුසන්ත මහතා තමයි එහි හිමිකරු... ආයුර්වේද පැත්තෙන් "වෙද ගෙදර බ්ලොග් එක ලියන මහ වෙදනා" කිව්වම තමයි කියවන ඔයාලා දන්නේ.. ප්‍රවීනත්වය දක්වන්නේ ගොඩාක් දෙනෙකුට අවශ්‍ය වෙන ඒත් හැමෝටම කියන්න ලැජ්ජා වෙන ක්ෂේත්‍රයක් ගැන.. මේ තියෙන්නේ වෙබ් අඩවිය... ගිහින් බලන්න... 


ඊලඟට ගොඩාක් කාලෙකට කලින් බ්ලොග් ලිව්ව තව සිරා පොරක් ඉන්නවා... අර වටේ ගිය බයික් කවියේ නිර්මාතෲ.. සිතැඟි තමයි බ්ලොග් එකේ නම.. අයිති කාරයා කුශාන්... ඉතාම ලස්සන ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්... මේ තියෙන්නේ එයා ගහපු පොටෝ.. ලස්සනයි නේ.. ඔබගේ විවාහයට හොඳ ඡා‍යාරූප අඩු මුදලකට ලස්සනට කරගන්න අමතන්න.. මෙන්න ආයෙත් ලින්ක් එක.... මේ තියෙන්නේ ඔහුගේ දුරකථන අංකය 0777655855


නිතරම එදිනෙදා අවශ්‍ය වෙන භාණ්ඩ සපයා දෙන කෙනෙක් තමයි ඊලඟට වේදිකාවට ගේන්නේ... ලාස්ට් රෝ එකේ ලිපි ලියන අවංක (අවලං) පැට්ට තමයි මේ.... ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න වැසිකිලි බඩු හා නාන කාමර බඩු ගෙන්නන ප්‍රමුඛයෝ තමයි.... නම කියූ සැනින් දන්නවනේ "අන්කොමන් හෝම්ස්" අයිතිකරුවා තමයි මේ... අළුතින් නාන කාමරයක් හදනවානම් එහෙමත් නැත්නම් ටොයිලට් එකක් හදනවානම් කතා කරන්න.. අවංක පැට්ටා කියන්න එපා.. 0772307570න් මුශ්ඨාක් ෆාරූක් අමතන්න. 


පෝස්ට් එක දිඟ වැඩි නිසා මෙතනින් නවත්වනවා... මේක කියවන ඔබ, ඔබෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව පහළ කමෙන්ට් වලින් දැනුවත් කරන්න... ඉදලා හිටලා හිනාවෙන එක අත ඇරලා මේ වගේ ලිපියක් ලියන එක බ්ලොග් ලියන අපටත්, කියවන ඔබටත් ප්‍රයෝජනයි කියලා මම හිතනවා.. අවුරුද්දට කලින් මේකේ දෙවෙනි පරිච්ඡේදයත් ගේන්න තමයි බලාපොරොත්තුව.


ප.ලි. සයිබර් සිහින උළෙලට හැමෝම එන්න... මේ පාරත් වැඩේ ජයට යනවා... තාම එනවා කියලා කිව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියන්න... බොරුවට එනවා කියන්න එපා.... මතකනේ ගිය පාරත් වෙච්ච වැඩේ....



99 comments:

  1. තැන්කූ අභීතයියා මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොය හොයා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. හුරේ ඔයා එක මම දෙක.. ඈ ඒ කියන්නෙ මම දෙක නෙ.. උයා එක.. අයියූ..

      Delete
  2. සික් පැට්ටයියව ටොයිලට් එකක් ගානට දාලනෙ අප්පා... දුකේ බැරුවා..
    දැං බලද්දි කසාද බඳින තැන ඉඳං ජීවිතේ ඕන වෙන හැම දේකදිම උදවු ගන්න පුලුවන් බ්ලොග් යාලුවො ගොඩක් ඉන්නවනෙ බලද්දි.. තන්තෝතයි තන්තෝතයි !!!

    ReplyDelete
  3. ඇයි අභී අයියෙ ඔබා මාමගෙ බිස්නස් එක."අසූව දශකයේ හොරෙන් පන්නන ලද ෆස්ට් හැන්ඩ් බස් රථ අමතර කොටස් සඳහ..විමසන්න..ඔබා ඇන්ඩ් ඔබී හාඩ්වෙයාර්."

    ReplyDelete
  4. හොද පිට කසා ගැනීම අභීත අයියා :D.. මටත් ඕන විස්තර ගොඩක් ලැබුනා..ස්තූතියි..

    ReplyDelete
  5. හලේ අබේපාල මාමේ............ අහ් සොලි සොලි අභීත අයියේzzzz ( බටර් පාර ) ෆට්ට තැන්කූ ඇ මගේ සුට්ටන් බට්ටිචි මෙව්වා එක ගැන මේකේ කෙටුවට :D හැබැ‍යි සුට්ටි දෙයක් ඒක z creations නෙමේ zee creations :D ( කොහෙද අභීත අයියගෙ කම්මැළි කමනෙ නම ලියපු එක වෙනස් කොරන්න ;)

    @අන්තිමට: කාටහරි මොනාහරි මෙව්වා වැඩක් කොරගන ඔනෙනම් මට කතාකොරන්ට ඇ (උඩ නොමරේට ;) පාල මාමේ ආයෙත් ආයෙත් ටැන්කූවේවාzzzzzzzzzz :D

    ReplyDelete
  6. මට මාර සන්තෝෂයි.....
    වෙඩින් කාඩ් එක ජේඩී මල්ලි ඩිසයින් කරාවි
    හඳහන මාරයා බලන්නේ නැතෑ
    සෙරෙප්පු සපත්තු දුකා අය්යාගෙන් ඔඩර් කරනවා
    කෂාදේ පොටෝ ටික කුෂාන් අයියාට කියලා කරවාගන්න ඇහැකියි
    හනිමුන් ට්‍රිප් එක අබි අයියා කරලා දෙයි..

    ගෙයක් හදෝගන්න රන්දුනා පුවල අමතනවා..
    ටොයිලට් එකට බඩු පැට්ටා ගොනේ..

    වෙද මාමාත් වෙලාවක් නැති වෙලාවන උදව් කරන්නැතෑ..

    බුද්දි අය්යාගේ පන්තියට පොඩි එකා යවන්න ඇහැකි..

    වෙදා මාමාත් වෙලාවට පිහිට වෙන්නේ නැතෑ

    අන්තිමේ පණුවට කියනවා මගේ ජීවිතේ අලලා කෙටි චිත්‍රපටයක් කරන්න කියලා

    දැන් වෙඩිමට සේරම හරි

    ඇයි බන් අයියේ මේ බොලොග් අවකාසේ නැද්ද

    විවාහ මන්ගල අධ්‍යක්ෂක වරෙයක් නොහොත් මඟුල් කපුවෙක්.. මටත් මනාලයෙක් හෙයා ගන්ට.... :D

    ReplyDelete
    Replies
    1. දැන් එච්චරද අඩු? :D

      Delete
    2. පට්ට කොමෙන්ටුව හික් හික් සේරම හරි මනාලයෙක්වත් අරන් එන්න කිව්වනම් හරි දවසක් දාගෙන

      Delete
    3. ඇයි මල හත්ඉලවුවේ ,අවමංගල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් නෑනෙ බොලවූ .....

      Delete
    4. හික්ස්... හැබෑට වෙඩිමට වගේම ගෙයක් හදා ගන්න කස්ටියත් මෙතනම ඉන්නවානෙ. :D

      Delete
    5. හඳහන් බලන කෙනාටම කියමු කපුකමත් කරන්න කියලා...

      Delete
    6. @සුදු හංසි

      ඇයි අබේපාල මංගල සේවා සමාගම ගැන දන්නේ නැද්ද ?

      Delete
    7. අබේ මාමා සම්භාව්‍ය මංගල සේවයේ විතරලු... අපිට ඒ සේවය දෙන්නේ නෑ ලු මල්ලි... :D

      Delete
  7. බොහොම ස්තුතියි අභීත සහෝ! අදනං මගෙ පිටත් කැහුනා :-)

    ReplyDelete
  8. සංචාරකයින්ට හෝටල් වෙන්කරනව නම් අභීත අයියගෙ පිටකහල තියාගන්න එක වටී වගේ ඉස්සරහට... :)

    ReplyDelete
    Replies
    1. දැන්මම කහන්න පටන් ගනින් මචන් පිට.

      Delete
  9. හික්ස්ස්.. මාරයිනෙ..:D නොදන්නා අය ගැන නොදන්න විස්තර තොගයක් මම දැනගත්තා.. ස්තූතියි!!!

    ReplyDelete
  10. හික් හික් එල එල :)

    ReplyDelete
  11. අබේ පාලා මාමේ...මොකෝ කියන්නේ....මේ ගමන්ම ඇඩ්වටයිසින් කොම්පැනියක් දාමුය..ඔය හැම එකාගෙම ඇඩ් එක ගානේ අරගෙන ගානක් අතටත් ගන්න ඇහැකි නේ

    ReplyDelete
  12. මාර සර්විස් එකක්නේ දෙන්නේ... මරු ඈ..

    ReplyDelete
  13. පට්ට වැදගත් පොස්ට් එකක්.. ගොඩක් ආසාවෙන් කියෙව්වේ.. හැමෝටම තවත් දියුණු වෙන්න සයබ පතමි.. :)

    ReplyDelete
  14. මගෙ blog එකත් බලුවොත් ඔයාලට තේරෙයි. තව Videos ටිකක් තියනව up කරන්ඩ...

    ReplyDelete
  15. මටත් මෙතන ඉන්න කීපදෙනෙක්වම ඕනා වෙනවා ... අදුනන කීප දෙනෙක්ම මේවා කරනවා අර අල්ලපු වැටේ එකත් කරනවා,,,මම දන්නෙත් නෑ,,,අභීතයියේ ලොකු දෙයක් දැනුවත් කරපු එක

    ReplyDelete
  16. මරු ඇඩ් එකක්නේ :D

    ReplyDelete
  17. වැදගත් පොස්ට් එකක්.

    ReplyDelete
  18. පිට කහාපු එකෙත් පොඩි පොරෝයෝජනයක් නැතිව ම නෙවෙයි ඉතින්.. එල එල.. පස්සේ වෙලාවක මගේ පිටත් කහන්වකෝ.. හැබැයි ඉතින් තාමත් නෝ ජොබ් තමයි!!

    ReplyDelete
  19. බ්ලොග් ලියන එකෙන් මෙහෙමවත් ආදායම් මාර්ගයට යමක් එකතු කරගන්න පුලුවන් නම් ඒකට අපි හැමෝම එකතුවෙලා සහයෝගය දෙන්න ඕනේ මීට වඩා ඇඩ් අපි බහුජාතික සමාගම් හරහා පිටරටවලට පූජාකරන එකෙ අපෙම එකෙකුගෙ පිට කැහ්න එක ලැජ්ජාවට කාරනයක් කියලා කවුරුහරි කියනවනම් .........

    ReplyDelete
  20. මටත් තියෙනවා ඇඩ් එකක් දා ගන්න. එක පාරක් වැඩේ පටන් ගත්ත ගමන් මග හිටියා. ආයේ පටන් ගත්ත ගමන් පොස්ට් එකක් දාලම කියන්නම්කෝ

    ReplyDelete
  21. මාරයා අයියගෙ සර්විස් එකෙන් පටන් ගෙන ඒ පිළිවෙලට සේරම ඕනේ වෙයි වගේ මටත්...තව අවුරුදු තුන හතරක් මේවා කරගෙන ඉන්න හොඳේ කස්ටියම...මම එනවමයි දවසක.වැඩේ කියන්නේ සංචාරක කේස් එකෙන් මට වැඩක් ගන්න පුළුවන් වෙයිද මන්දා.වෙඩිං එක ගන්න හොටෙල් එකක් වගේ හොයාගන්න උදව් වෙයි මයෙ හිතේ සමහර විට

    ReplyDelete
  22. නීතීවිරෝධී බිස්නස් ටිකත් දැම්මනම් තව සෙට් වෙනවා... :D

    ReplyDelete
  23. නියමයි අභීත අයියේ.... මාරම මාර කස්ටියක්නේ අපිත් එක්ක ඉන්නේ. මමත් මගේ පිට කසාගන්න හිතාගන ඉන්නේ ළගදිම.... දන්නවනේ ඉතින් මොනවා ගැනද කියලා....

    ReplyDelete
  24. යකෝ අපි චීන්නුද ? අපිත් ඔය මොනා හරි විකුනමු .

    ReplyDelete
    Replies
    1. ubath oya mona hari wikunapan machn..adu gane ubala game tiyana hal pol tikak watth... balan yanakota meka hoda network ekak ne :D

      Delete
    2. මල්ලියෙ, උඹ ඕන මගුලක් විකුනගනින්... හැබැයි අර නැතිවෙච්ච ගෝනිය නම් හොයාගෙන විකුනන්ඩ යන්ඩ එපා.. හරිය... මතකනෙ "ලාච්චුව"...

      :D :D :D

      Delete
  25. Fish is LIFE බිස්නස් එකක් විදියට නොවුනත් "දැනට" දන්න අදුනන එවුංට පොඩි කන්සල්ටන්සි පාරකටත් එක්ක කරගෙන යන්නෙ . . . පොඩි ගතමන්ට් එකක් ලැබෙන්නෙ නෑ ම කිවුවොත් ඒක බොරුවක් (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. ලස්සන මාළුවෝ ගැන වෙන්න ඇති . නරකද උම්බලකඩ බිස්නස් එකක්

      Delete
    2. ඕනෙ මට කෙලවල්ලො කිලෝ දෙකක් ගන්න හොඳ තැනක් කියහංකො : දිව එලියේ.... හික් හික්

      Delete
  26. වටින විස්තරයක්..උවමනාවක් උනොත් කෝල් එකක් දීලා බලන්නං...මචං හොටේල් බුක් කරනවා කිව්වේ රූම්ස් ද...සුවර් පොලීසියෙන් පනින්නේ නෑ නේද....

    ReplyDelete
  27. අර ඇනෝගේ පෝස්ට් එකේ මගේ පිට කැසුවයි කියලා දන්න කියන උන්ට ඇනෝ කීන්ක් බැනලා තිබ්බ දවසේ මම උඹ එක්ක කතා කලේ අපි අපිම මේ පිටවල් කහ ගනිමු කියලා . .

    එළ කිරි වැඩේ බන් . . .

    සිරාවට එල . .තැන්කූ ඈ

    ReplyDelete
  28. ඉස්සරහට වැදගත්වෙන කිහිප දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ආ...උඹේ වෙඩින් ෆොටෝ නේද....

      Delete
  29. බ්ලොග් ලියන ගොඩක් දෙනෙක්ට මෙහෙම ව්‍යාපාර තියෙන බව මම කලින් දැනන් හිටියේ නෑ..

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොනා නැතත් අර්ථවත් කමෙන්ට් එකක්. කිසි දෙයක් තේරෙන්නෙ නෑ...

      Delete
    2. සම්භාව්‍යයි නේ!

      Delete
  31. බ්ලොග්කරුවන්ගේ පිට කැසීම කෙසේ වෙතත්, අත දෙන හොඳ, වටිනා පෝස්ට් එකක්.

    සුදු හංසිගේ කමෙන්ට් එක දැක්කාම මටත් හිතෙනවා බිස්නස් එකක් පටන් ගන්ට. හරි ගියාම මුදල් අය කිරීමේ ක්‍රමයට.:D:D:D

    ReplyDelete
    Replies
    1. ගෙම්බෝ හොයලා දෙන සමාගමක් වෙන්ඩැ මයෙ හිතේ....

      Delete
    2. ගෙම්බෝ හොයා ගන්න එක හොඳයි, මෙයාගෙ Law Point අරගෙන හොම්බ ඇනගන්නවට වඩා... හිකිzz..

      Delete
    3. ඔයට මම කොච්චරවත් කියනවානේ පොඩ්ඩි අක්කේ... කෝ ඉතින් ඔයා ක්‍රියාත්මක වෙන්නේ නැහැනෙ... :D

      Delete
  32. එල එල දැන් දන්නාවා කාගෙන්ද වැරදිලාවත් බඩුගන්න හොද නැත්තෙකියල ...

    ReplyDelete
  33. පිට ගහගත්තත් තමන්ගේ රැහේ එවුන් වෙනුවෙන්නේ!!!

    ReplyDelete
  34. වටින්වා , ගොඩක් ඈයො ගෑන දෑ දෑනගත්තා...!!

    ReplyDelete
  35. ඉතාම හොඳ වැඩක් .

    ReplyDelete
  36. මට නං පැට්ටයි කඩේ තමයි හිතට ඇල්ලුව එක....

    ReplyDelete
  37. බොහොම ස්තුතියි මල්ලි මගේත් පිට කැසුවට. කෙසේ වෙතත් අපි එකම රෑනේ කුරුල්ලොනෙ පිට කැසුවත් මොකෝ. මටත් සෑහෙන්න වැදගත් මේ දැනුවත් වීම. මගේ ප්‍රතිපත්තිය යමක් කිරීමේදී පළමුව අපේ එකෙක්ට මුල් තැන දීම. ඒ නිසා මේ සමහර ව්‍යාපාරවලට මම අදින් පසු නිතර එයි.

    ReplyDelete
  38. නොදන්න අයට දැනගන්න හොඳ පෝස්ට් එකක් ..

    ReplyDelete
  39. ෂෝක් පිට කැසිල්ල, ඇත්තටම මේ පිට කැසිල්ල නිසා නොදැන තිබුන හුඟක් දේවල් දැන ගත්තා වගේම, සමහර සැක සංකාත් දුරු උනා ......

    බොහොම ස්තුතියි අභිත අයියා ........

    ReplyDelete
  40. නියමයි. ඉදිරියේදී අවශ්‍ය කිහිප දෙනෙක්ම සිටි :)
    ටැංකු ඈ

    ReplyDelete
  41. තව ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් තිබ්බනං මරු. මිග් වලින් වගේ.... එහෙම තිබුනානම් රට වටේ ඉන්න පොඩි උන් ටික අපේ පංතියට ගෙන්න ගන්ඩ තිබුනා.

    අබේ පාල මාමට මගේ බලවත් ස්තුතිය අපි දෙන්නා ගැන සඳහන් කලාට. කතා කරද්දි ආන්සර් කරන්න බැරි වෙන්නෙ හිතලා නෙමේ. මේ දවස් වල මගේ පෝං එකේ වයිබ්‍රේට් ඇනේ බුරුල්වෙලා ද කොහෙද ඒක වැඩ කරන්නෙ නෑ. ස්තුතියි පන්න පන්න ඇවිල්ලා තොරතුරු හොයලා දාලා දුන්නු එකට.

    ReplyDelete
  42. මෙන්න රතු වෙන්නම කහල තියනව! ලොකු ලොකු තැන්වල උදවිය අපේ සල්ලි පාවිච්චි කරල පිට කහගන්න එකේ අපිත් චුට්ටක් කැහුවම මොකද වෙන්නෙ. මේ පෝස්ටුව සේව් කරල තියාගන්නව. ඉස්සරහට ඕන වෙයිනේ.

    ReplyDelete
  43. ස්තුතියි අබීත අයියේ.................. බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  44. අප්පොච්චේ.... මගේ පිට තුවාලත් වෙලා...... අභියා ගොඩාක් ස්තූතියි මචං ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබාදීම සම්බන්දවත් තව අපිට අවශ්‍යම වෙන ව්‍යාපාර කරන පුද්ගලයන්ව හඳුන්වාදීම පිළිබඳවත්... පෝස්ට් එක මරු ඈ..... ඊලඟ කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.... (අර මගුල් කපුවො අවස්‍ය කට්ටියත් මට කෝල් කරන්න ඈ... මම තාම සිංගල් ඇන්ඩ් රෙඩි ටු මිංගල් මෙයා..... 86න් පසු ඉපදුණු ගැහැණු ළමුන් පමණි... හික්z... ඩබල් ඩොට් ඇන්ඩ් කැපිටල් පී)

    ReplyDelete
    Replies
    1. ආ.. මෙයාටත් අර රවාගේ ප්‍රස්නේද...:D

      Delete
    2. මොකද්ද හංසි රවාගේ පුරස්නෙ?

      Delete
  45. මේකනම් සිරාවටම වටින පෝස්ට් එකක්. ඉස්සරහට ගොඩක් ඕනෙ වෙන කට්ටිය ඉන්නවා මෙතන. :D

    ReplyDelete
  46. ඉතින් ... මනමාලයො යි මනමාලියො යි සොයා දෙන ආයතනයකුත් දාන්නකො.
    හුඟක් කට්ටිය ඉන්නවනෙ ඕන වෙන.

    ReplyDelete
  47. එල පොස්ටුව අයියේ. ස්තූතියි ලින්ක් දැම්මට.
    මම නම් ආසම බිස්නස් කරන්න තමයි කවද හරි. බලමු‍කෝ ඒ දවසකට මේ අයව අනුකරණය කරන්න.

    ReplyDelete
  48. වැඩේ නම් එලකිරි.බලමුකෝ ඉස්සරහට......

    ReplyDelete
  49. අපි වෙනුවෙන් අපි :D

    ReplyDelete
  50. අභීත අයියා, මොකද කියන්නෙ කට්ටියගෙම logos වලින් link දාල එක blog එකක් හදමුද?

    ReplyDelete
    Replies
    1. අයියෝ අභී අයියෙ ඔයාට පිට කහන්ඩ miss වෙච්ච කෙනෙකුත් ඉන්නව වගෙ.. කමක් නෑ කමක් නෑ.... අනික මම හිතන්නෙ එයා Larry Page ගෙ පුතෙක් වෙන්ඩ ඇති. කව්ද දන්නෙ Larry ශ්‍රි ලංකාවට හොරෙන්ම ඇවිත් ගියාද කියල? :D...

      කමක් නෑ ඔයාට පුලුවන්නම් පොඩියට Page එකක් හදන්ඩ, මම අවුරුද්දක hosting charges මගෙ ගානෙ ගෙවනව. ප්‍රශ්නයක් තියනවනම් ඔයා දන්නවනෙ මාව contact කරන්ඩ.

      P/S
      අයියෙ, පුළුවනිද Blog ලියන එක මොන්ටිසෝරි ලමයින්ට තහනම් කරන්ඩ...

      Delete
    2. මම මේක කියවල කොමෙන්ටුවක් දැම්මමයි කල්පනා උනේ එක බ්ලොග් එකක් තිබුනනං හරි කියල. ඒක අප්ඩේට් කරන්න පුළුවන් බ්ලොග්කාරයෙක් අලුත් බිස්නස් එකක් පටන් ගත්තොත්.

      Delete
  51. අඩෝ මීට වැඩ හොද නැද්ද කීයක් හරි වියදම් කරලා පත්තරේ ඇඩ් එකක් දා ගනින්කෝ, බ්ලොග් කියන්නේ උබලගේ පව්ලේ දෙයක් කියල හිතල පිචන් වැඩ කරන්න එපා .....

    ReplyDelete
    Replies
    1. කමෝන් ඇනෝ.
      මේ ඔයාගෙ පවුලෙ දෙයක්ද එතකොට ඈ........
      යන්න මෙයා නිකම් පුක(කුණුහරුපයක් නොවේ) දෙන්නෙ නැතුව

      Delete
  52. මේ කමෙන්ට් එකට තමයි මම ආසම......

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවිකාරිට උඩින් තියෙන ඇනොනිමස් එකට....

      Delete
  53. අප්පට සිරි. ඇඩ් එකක් ඇඩ් එකක්!!!! වැඩේ නං වටිනවා!
    මේක පිට කැසීම නෙමෙයි බං, මේක හෙන වටින වැඩක්, “සර්කියුලර් ප්‍රමෝෂන්“ වගේ නිකං කඩ්ඩෙං එන තේරෙන්නේ නැති පොශ් නමක් තමයි වටින්නේ..!!!!! අනික බුකියේ, අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් තනි තනියෙං තමං මාකට් වෙන්නනේ උත්සහ කරන්නේ. ඒ අතිං ගත්තාම මේක එළම වැඩක්.

    හැබැයි මචං, මෙතනට තව එකෙක් අඩුයි! සාන් ලී හෙවත් ලී සාන්...

    තව කවුද ඉන්නේ.... ම් ම් ම් ම් ....

    ආ අපේ ඕනයාගේ වෙබ් එක වැඩකරන්නේ නෑනේ බං!

    ReplyDelete
    Replies
    1. ලී සාන්ගේ ෆෝන් එකේ ඊයේ මිස්කෝල් කීයක් තියෙනවද අහපන්.. මූ ආන්සර් කලේම නෑනේ.. ඊලඟ එකටවත් දාන්න ඕන.. කැමැත්ත නැතුව දාන්නත් බෑනේ කුශා... තව ඉන්නවා කීප දෙනෙක්.. අවුරුද්දට කළින් ගේමු කොහොමහරි....

      Delete
  54. ඉස්සරහට ඕන වෙනව ආයෙ 2ක් නෑ........

    ReplyDelete
  55. අබී.. ඇඩ් සෙට් එකක් දාල වගේ...

    මචං මගේ ලෝකෙ රංගයියා බැන්දට පස්සෙ පෝස්ටු දැම්මෙ නැහැ නේද ?
    කෙලුව යහතින් ඇති නේද ?

    ReplyDelete
  56. සමහර දේවල් ගැන ගොඩාක් දැන ගෙන උන්නේ නැතත් අභිත අයියාගේ ඕගනයිසින් නම් ගොඩාක් හොදට තියනවා කියලා අත් දැකිමෙන්ම දන්නවා...

    අර වැඩේ කල් ගියාට ඒක කොහොමත් මේ ඉයර් එකේ වෙනවා අභිත අය්යේ.... ඒ වෙනුවෙන් උනු මහන්සියට ඇත්තටම ගොඩාක් ස්තුතියි...

    ඇත්තටම හොටෙල් එකක් බුක් කරගන්න ඕන ‍ටුවරිසම් වැඩක් කරගන්න අමතන්න අභිතගේ කොම්පැණිය...

    ReplyDelete
  57. අඩේ වෙළද දැන්වීමක් නේද?

    ReplyDelete
  58. පිට කසා ගෑනීම කෙසේ වෙතත් සෑහෙන වටින පෝස්ට් එකක් අභීත අයියේ.. ජයවේවා.

    ReplyDelete
  59. යකෝ පිටවල් කසලා නෙවෙයි බරු ගහලා!!

    බලාගෙන ගියාම ව්‍යාපාරික ප්‍රජාවක්නෙ.

    දැන්නම් කමෙන්ට් එකක් දාන්නත් බයයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  60. අන්‍යෝන්‍ය සහයෝගීතාවය කියන්නෙ මේකට..තමන් තම්න්ට ආදරේ නොකර මුලු ලෝකෙටම ආදරේ කරලා වැඩක් නෑ..ඒ වගේ අපි අපිටම සපෝට් එක දී ගමු ඉස්සෙල්ලා..

    ReplyDelete
  61. මේ පෝස්ට් එකනම් සෑහෙන්න වටිනවා අයියන්ඩි... බොහොම ස්තූතියි දැනුවත් කලාට :)

    ReplyDelete
  62. අන්කොමන් හෝම්ස් පැට්ටගෙද???? අඩේ අභීතයෝ චීටත් මේ ලඟදි ඕකෙන් ගත්ත නෙව බඩු වගයක්. පැට්ටව දැක්කේ නෑනේ. සෑහෙන්න වටිනා පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. චීටා මම ශෝරූම් එකේ නෙවේ ඉන්නෙ, හෙඩ් ඔපීසියෙ... උඹ කොහෙන්ද බඩු ගත්තෙ?

      Delete
  63. ඉලව්වයි. පිටේ දාර සයිස් පලු එන්නම කසල් නෙව ! හෙහ් හෙහ් මරු බං. ඔන්න ඔහේ කසමු හොරි කසපිය ගිණි පිඹපිය........

    බොලේ අන්කොමන් හෝම්ස් පැට්ටගෙද... කියනකං දැනං උන්නෙ නෑනෙ.

    ReplyDelete
  64. කසන එකේ අපේ පිටත් කැහැවුවනම් නරකයි..? කමක් නෑ.. කමක් නෑ.. බොලා කහගනිල්ලකෝ.. 22 මුනගැහෙමුකෝ..

    ඒක නෙවෙයි.. 22 එන්ට මං දාපු ඉල්ලුම් පත ට ආවේ අමුතුම විදිහේ රිප්ලයි එකක්.. ඒ අකුරු මීට කලිං දැකලා මතකයක් නෑ.. මොකක් හරි වෙන බාසාවක් වෙන්ටැ.. ඒ ගැන අහලා අදාල පිටුවේ මං දැම්ම කමෙන්ටුවත් ඩිලීට් කොරලා තිබුණා..

    මේක බලන කවුරු හරි වත් කියන්ටකෝ මට එන්ට කියලද ඒකේ තිබුණේ නැත්නං එන්ට එපා කියලද කියලා.. ඔන්න ඊට පස්සේ ආවෙ නෑ කියලා දොස් කියනවා එහෙම නෙවෙයි.. වැඩ රාජකාරි ගොඩාක් අස්සෙයි එනවාමයි කියලා හිතාගත්තෙ ඕං..

    ReplyDelete
  65. පලමුවෙන්ම මන් ස්තූතිවන්ත වෙනවා අභීත අයියට මේ ලිපියට අපේ ව්‍යාපාරය ගැනත් ඇතුලත් කිරීම ගැන. ඒ වගේම මෙවැනි ලිපියක් ලියන්ට යෙදීම ගැනත් ඉතාම සතුටු වෙනවා.

    ඇත්තෙන්ම මට අපි කරන දේවල් සිංහලෙන් කියන්න තේරෙන්නෙ නෑ. කොහොම නමුත් කමෙන්ට් එකකින් ඒ ගැන සඳහන් කරනන් කියලා තියෙන නිසා මන් මෙතන ඒ ටික දාන්නම්.

    VJ and 4D Projector Mapping
    Content creating(Graphics, Animation and Print)
    Interactive/Web
    Documentary and video productions
    Event Management
    Brand management
    Media planing

    ReplyDelete
  66. මේ අබිලින් මාමේ මගෙන් ඕනි නම් අඩුවට මගුල් මුද්ද හා කර මාලේ වැඩේ වැඩ ටික කරගන්න පුළුවන්

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...