සනත් අයියා කියන්නේ බ්ලොග් අවකාශයට තව දුරටත් අමුත්තෙක් නෙවෙයි... සනත් අයියාගේ වියෝව දිනයේ ෆේස්බුක් නම් සමාජ ජාලයේ මෙන්ම සිංහල බ්ලොග් අවකාශය තුල තිබුණු අරුත් වැකි මෙන්ම බ්ලොග් ලිපි ඒ පිළිබඳව මොනවට සාක්ශි දරනවා.... අපි දන්නවා... ඊලඟට අපි ඔක්කොගේම හදවතේ තියෙන්නේ එක පැණයයි.. ඔබා වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියන එකයි... මේ දිනවල මට ලැබෙන දුරකතන ඇමතුම් වලින් ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලක ලැහැස්ති වෙලා ඉන්නවා කියලා තේරෙනවා.... ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ඒ වෙනුවෙන් තීරණය කරගනිමු.... වර්තමාන තත්ත්වය පහත පරිදියි...
පහුගිය දවස් කිහිපයේ මාරයාත් මමත් ඇතුළු පිරිස ඔබාගේ පවුලේ ඥාතීන් හා දිගින් දිගටම සම්භන්ධ වුනා.. ඒ අනුව අලුත්ම තත්ත්වය වන්නේ එළඹෙන සිකුරාදා දින ඕස්ට්‍රේලියාවේදී ආදරණීය සනත් අයියා අපෙන් සමු ගන්නා බවයි.. එදිනම රාත්‍රී ඔහුගේ ගම්පහ නිවසේ සුමදුර ධර්ම දේශණාවක් පැවැත්වෙන අතර සෙනසුරාදා දහවල් සාංඝික දානයක් පිලිගැන්වීමට නියමිතයි..
එදිනට අපිට සහභාගී වීමට එනිවසින් ආරාධනා ලැබුණා.. ඒත් මගේ පුද්ගලික හැගීම නම් අපි සියල්ල එහිගොස් නිවැසියන්ට කරදරයක් වනවාට වඩා කිහිප දෙනෙක් එහි ගොස් ඒ සඳහා සහභාගී වීමටයි. ඉදිරි මාසය ඇතුලත ඔහු වෙනුවෙන් බ්ලොග් අවකශය නියෝජනය කරමින් මහා පින්කමක් සිදු කිරීමට කතිකා කර ගනිමු....
ඒ වගේම සයිබර් සිහිණ උළෙල සංවිධායක කමිටුවෙනුත් මම ඉතා කාරුණිකව ඉල්ලන්න කැමතියි එහි අනුග්‍රාහකයින්ගෙන් ලැබුනු මුදල් සනත් අයියා වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන ලෙසට..
ඔබේ අදහස් අගයමි...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ඔබා මාමගේ පවුලේ අපි දන්නේ ඔබා මාමා විතරයි එහෙම එකේ අපිට එන්න කියපු පලියට එහේ ගිහින් ඒ අයට කරදරයක් වෙනවට වඩා අපි වෙනම පිංකමක් කරන එක හොඳයි කියලා මාත් හිතන්නේ
ReplyDeleteඒ අදහසට මාත් එකඟයි.
Deleteඒක තමා විය යුතුයි කියලා මාත් හිතන්නේ...
Deleteඔව් ඔව් ඒ අදහස හොදයි.
Deleteමාත් මේ අදහසට එකගයි..
Deleteමේ අදහසට මමත් එකඟයි..අපි එහෙම සංවිධානය කරලා සනත් අයියගෙ මෙහෙ ඉන්න ඥාතින්ට ආරාධනා කරමු...හැමෝම කැමති නම්..
Deleteඒ අදහස හොදයි කවුරුත් කැමති විදිහක්.
Deleteමේ අදහස හොඳයි අපි කවුරුත් එකතු වෙල ඔබා මාම වෙනුවෙන යමක් කරමු
Deleteමාත් එකඟයි....
Deleteඇත්ත...
Deleteමාත් එකගයි...
Deleteපිංකම ළමා නිවාසයක් සම්බන්ධකරගෙන කරන්න පුළුවන්නම් වැඩිය හොදයි.
හොඳ අදහසක් ...
Deleteකරන ඕන හොඳ දේකට එක පයින් ....
ඇත්ත.. සමහර විට බ්ලොග් කියන්නෙ මොකක්ද කියලවත් ඒ මිනිස්සු දන්නෙ නැතිව ඇති.. එහෙම එකෙ මෙච්චර පිරිසකට සංග්‍රහා කරන්නත් අමාරු වෙයි..
Deleteඅපි කිහිප දෙනෙක් නියෝජනය කරන එක තමා හොදම ක්‍රමය!!
එකඟයි.මොනවද වෙන්න ඕනේ කියලා දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
Deleteඒ වගේ දෙයක් කරනවානම්, ඔබා මාමගේ ලංකාවේ ඉන්න නෑදෑ පිරිසට ආරාධනා කරනවා වගේම ඔබී නැන්දා ඇතුළු ඔස්ට්‍රේලියාවේ සිටින අයට දැක බලා ගන්න සලස්වන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙනවා.
Deleteපුළුවන් උපරිම සහයෝගය දෙනවා..
ඒක හොදයි තමා...
Deleteමාත් මේ අදහසත් එක්ක එකගයි.. අයියලාම හොද තීරණයක් අරන් අපිවත් දැනුවත් කරන්න..
Deleteඉඳුනිල් ගේ අදහසට එකඟයි...තීරණය ගැන අපිවත් දැනුවත් කරන්න කියලා ඉල්ලනවා..
Deleteඅපි එකතුවෙලා හොද පිංකමක් කරමු අභීත අයියේ...
ReplyDeleteඅපගේ යම් නියොජනයක් පමනක් ඔබා මාමාගේ ගෙදර පිංකමට සහභාගි කරවා...ඉදිරි දිනකදි සයිබරයේ අප සැවොම එක්වී ඔවු වෙනුවෙන් කලහැකි හොඳම දායකත්වය ක්‍රියාවට නගමු...
ReplyDeleteමාත් හිතන්නේ ඒ විදිහ හොඳයි....
Deleteමාත් හිතන්නේ ඒ විදිහ හොඳයි....
Deleteසනත් සහෘදයා (ඔබා) වෙනුවෙන් කලහැකි උපරිම දායකත්වය අප විසින් සපයන බවට සහතික වෙමු.
ReplyDeleteහැකි උපරිම දායකත්වය මගෙනුත්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅප අදහන ආගමට අනුව මේ වෙලාවේ අපට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් ඔහුට පින් අනුමොදම් කිරීම පමනයි. ඒ සදහා සිංහල බ්ලොග් කියවන්නන් වන අපද එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා එවැනි අවස්ථාවකදි අපද දැනුවත් කරන්න.
ReplyDeleteඔබා අයියාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සහා එහි තොරතුරුද හැකිනම් එහි පිංතූරද ඉදිරිපත් කරන්න.
විදෙස්ගත ඔබාමාමාගේ රසිකයන්,බ්ලොග්හිතවතුන්ටත් සම්බන්ධවියහැකි ආකාරයට,ඉදිරියේ පිංකම සංවිධානයකරන්න
ReplyDelete+1
Deleteඕන දෙකට අපි ඉන්නවා අභීට අයියේ..
ReplyDeleteඅපි පුළුවන් උපරිම සහයෝගය දෙනවා..
ඔබා මාමා වෙනුවෙන් කෙරෙන ඕනිම පින්කමකට සහයෝගය දෙන්නම්..
ReplyDeleteඔබා මාමාට නිවන් සුව!
අපිත් උදව් කරනවා ඕනෑ දේකට..
ReplyDeleteහොද අදහසක් අභියා.. හැමෝම ගියොත් එයාලට කරදරයක් වෙයි. ඒ නිසා කිහිප දෙනෙක් එදාට ගිහින් හැමෝම එකතු වෙලා දෙයක් කරමු..
ReplyDeleteජය !
පුලුවන් විදිහට මමත් සහයෝගය දෙන්න පොරොන්දු වෙනවා
ReplyDeleteඅදහස බොහොම හොඳයි. අපෙනුත් යමක් කෙරෙන්න තියෙනවානම් කියන්න.
ReplyDeleteකට්ටියම තීරණය කරන ඕන දේකට මමත් ලැහැස්තියි .මොන දේ කරත් ඒක අපිව දැනුවත් කරන්න කලින්
ReplyDeleteපුලුවන් උපරිමයෙන් මේ දේ වෙනුවෙන් වැඩ කරන්න මමත් පොරොන්දු වෙනවා....
ReplyDeleteහපොයි..! කාලෙකින් අදයි අන්තර්ජාලයට ගොඩවුණේ.. මේ පණිවුඩය ඇස ගැටුණේ දැනුයි.. සනත් මහත්මයාට මතු නිර්වාන අවබෝධය ලබන්නට හැකිවේවා..!
ReplyDeleteඅපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා........
ReplyDeleteහැමෝම යන්නේ නැතිව කීප දෙනෙක් විතරක් පිංකමට සහභාගී වෙන එක වඩා හොඳයි.
ReplyDeleteඉදිරි වැඩ පිළිවෙලකට මමත් හැකි අයුරින් සහයෝගය දෙන්නම්...
අහන්න,
ReplyDeleteබ්ලොග් ලියන, බ්ලොග් කියවන, කවුද මෙකට අකමැති කියලා ...
මමත් දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා.. හැමදෙනාම ඒකට කැමති වෙයි.. රටින් පිට ඉන්න බ්ලොග් කාරයොත්.. හැමෝටම උදවු කරන්න පුලුවන් විදියට සංවිධානය කරන්න පුලුවන්නම් තමයි වැඩියෙන්ම හොඳ.. සුමිත් අයිය කියපු දේ ගැනත් ටිකක් හිතන්න..
ReplyDeleteමගෙත් සහය උපරිමෙන්ම
ReplyDeleteසමගිය බලය වේ. සැමදෙනාම එකතු වුනොත් එය පහසුයි. මගෙත් උපරිම සහයෝගය.
ReplyDeleteමාත් කියන්නේ ඒකයි 50ක් 100ක් ගිහින් ඒ ගෙදර කට්ටියටත් ඇනයක් වෙනවනේ.. ඊට වඩා දෙතුන් දෙනෙක් එදාට ගිහින් පස්සේ සයිබරයෙ කට්ටිය එකතු වෙලා 7ත් දවසට හරි 3න් මාසෙට හරි පිංකමක් කලොත් හොදයි නේද?
ReplyDeleteමගේ පුංචි අදහසක් අභීත අයියේ.. පළවෙනියටම ඔයා කිව්ව දේ තමයි කෙරෙන්න ඕනිත ඔක්කෝම යන එක එයාලට කරදරයක් වෙන්න පුළුවන්. ඒත් මෙහෙම දේකුත් තියෙනවා.. දැන් මේ සිකුරාදා බණ කියනවා නම් හත් දවසටත් බණක් තියෙනවාද කියල පොඩ්ඩක් හොයල බලන්න.. එහෙම තියෙනවානම් එදාට රෑට කෑමවේලක් දෙන එක තමයි දැන් ගොඩාක්ම සිද්ධ වෙන්නේ.. එහෙම දවස් හතකින් බණක් කියනවානම් අපේ මේ ඉන්න කාණ්ඩෙගේ දායකත්වයෙන් එදා රෑ කෑම දෙන්න පුළුවන් උනොත් මාමාගෙ පවුලේ උදවියටත් ඒක ලොකු දෙයක් වෙයි. මගේ අදහසක් විතරයි.. ඔයාල ගන්න ඕනිම තීරණයකට රස්තියාදුකාරයාගේ සහයෝගය ලැබෙනවා..
ReplyDeleteහොද අදහසක් අභීත අයියේ..
ReplyDeletepink kamak kiyanne kaalayak thiyena deyak karamu api... obaa maama wenuwen kohe hari thanakta parithyaagayak wage...e mamath onema dekata sahayogaya denawa... me dawaswala blog awakaashayen poddak aath wela idiyath
ReplyDeleteකරන දෙයක් අපිටත් කියන්න..පුළුවන් විදියට උදව් කරන්න...
ReplyDeleteපින්කමක් කරනවානම් අපටත් දන්වන්න. සහබාගි වෙන්නම් අනිවාර්යයෙන්.
ReplyDeleteමම ගම්පහ ඕනෙ දේකට මමත් ඉන්නවා ඔන්න......
ReplyDelete