Thursday, May 17, 2012

විවාහ දින මතක සටහන්.. අපොයි මෙන්න මෙහෙම මඟුල්....

පස්වෙනි විවාහ සංවත්සරයත් ලඟම එනවා... ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.... හැමෝගෙම මංගල දිනයන් වල මේ වගේ මතක අනන්තවත් ඇති... රංගයත් දාල තිබ්බේ මඟුල වෙච්ච හැටි කියලා පෝස්ට් එකක්.. මම දැක්කා පරක්කු වැඩි නිසා කමෙන්ට් කලේ නෑ... අපි ඔය ගැන කිව්වොත් ඉතින්... වටේ යන්නේ නැතුව කතාවට බහිමු... (පොඩ්ඩක් ඉන්න හරියටම දිනේ මතක් කරගන්න තෑන්කින් කාඩ් එකක් හොයාගන්නකන්...)


ඔන්න 2007 ජූනි මාසෙ 6 වෙනිදා තමයි විවාහ මංගල්ලේ තිබ්බේ.. වාද්දුවේ බ්ලූ වෝටර් එකේ තමයි ඒක තිබ්බේ.. මම ඉතින් කුරුණෑගල ඉදන් වාද්දුවේ එනවා කියන එකේත් දන්නවනේ පරිප්පුව... 


කොහොම හරි ඔන්න ජූනි 5ත් වුනා... යාළු මනමාලයෝ වුනේ දමින්ද සහ ජනක... උන් දෙන්නා ගෙදරට ඇවිත් කතා කර කර ඉන්න ගමන් ඇහුවා 


මචන්, දැන් හෙට කාර් එක කීයටද එන්නේ?


අප්පට සිරි, කාර් එකක්... ඒක තාම කතා කලේ නෑනේ... උන් දෙන්නත් එක්කම පිටත් වෙලා කර් රෙන්ට් කරන තැනකින් මහ රෑ ගත්තේ කාර් එකක්.... අරන් විනාඩි 5ක් යන්න කලින් පැට්‍රල් ශෙඩ් එකකදි වස් දොස් යන්නත් එක්කම පිටිපස්සෙ එක පැත්තක් ඇද කලා... කොහොම හරි කාර් එක ගෙදර ගේද්දි 10යි....


අවසානෙට කටයුතු හොයා බලලා ඔක්කොම හරි කියලා හිතාගෙන අපි තුන් දෙනා මගේ කාමරේ පොඩි ඇලට් එකක් දාන්න හිතාගෙන ඇලවුනා.. මොකද උඩරට සාම්ප්‍රදායික කිට් එක ගහපු නිසා අන්දන අය එනවා කිව්වේ 12ට. දැන් ඇලට් එක දාන්න හදද්දිම ජනක කථා කරනවා....


මචන් අභිය...,


ඇයි බන්.. නිදා ගනින්කො....


සමා තරහා වෙලා බන්. මට නින්ද යන්නේ නෑ... (සමා කිව්වේ ජනකගෙ කෙල්ල)


ඉතින් බන් උඹටනේ නින්ද නොයන්නේ.. අපිට නින්ද යනවනේ....


උඹට පුලුවන්ද බන් මම ඇහැරිලා ඉද්දි නිදා ගන්න.... දමින්ද මල්ලි උඹත් නිද්දි බන්...


ම්ම්... ඔව් අයියේ...


ඒ ඇහැරලා හිටපන්කො.... මොකක්ද බන්.... 


අඩේ ජනා වද නොදී නිදා ගනින්... මෙතන ආතල් නොදී....


කියනකොටම ගෙදර පෝන් එක රිං වුනා... 


මල්ලි 11.30යි. අපි මේ අන්දන කට්ටිය කතා කරන්නේ... 12 වෙද්දි අපි ඔතන. දෙන් මූන කට හෝදගෙන ලෑස්ති වෙන්න,,,,


හරිනේ.... දැන් මම මුන් දෙන්නට පණිවිඩේ කිව්වා... ජනා නැවතත් ප්‍රශ්ණයක්...


අභියා... බ්‍රශ් එකක් ගෙනාවේ නෑ බන්.. වැඩි පුර එකක් නැද්ද?


කොහෙන්ද බන් වැඩිපුර බ්‍රශ් තියෙන්නේ.... 


ජනක අයියා, කාර් එකේ ලොකර් එකේ තිබ්බ එකක්... කාගෙද දන්නේ නෑ හැබැයි....


කාගේ වුනත් මොකද බන්, ඌ දන්නවයෑ මම ඒකෙන් මැද්දා කියලා..


ඔන්න ඔහොමයි ජනක එදා දත් මැද්දේ...


දැන් 12.04ට විතර තමයි අන්දන නැකැත් තිබ්බේ.... දිනකට කලින් මස් මාංශ වලින් වැලකිලා එහෙම හිටපු නිසා පිරිත්  දේශනා මැද්දේ ඔන්න අදින්න පටන් ගත්තා.... අප්පා.. එහෙම ඇඳුමක්.. අඳිනවා අඳිනවා ඉවරයක් නෑ.... අර උරහිස් වල තියෙන ලොකු බෝල වගේ කෑලි වලට පත්තර පිටු ඔබමින් දැන් මෙයාලා ඇන්දුවා... අන්දලා ඉවර වුනාම පිටි පස්ස හැරෙන්නවත් බැරි තරමට ඇග විශාලයි... පිටි පස්ස බලන්නත් සයිඩ් කණ්ණාඩි දෙකක් හයි කරගන්න වෙයි වගේ...


දැන් ඉතින් අපි ඔක්කොම ඇඳගෙන නෑයෝ ටිකත් පටවගෙන එනවා... කාර් එකේ එද්දි ජනකයා ආයෙත් පටන් ගත්තා උගේ සාමාන්‍ය ආතල් දීම.... ඉස්සරහා දමින්ද.. පිටිපස්සේ මමයි ජනකයි.... මල් කුමාරයෙකුත් අපි දෙන්නගේ මැද්දේ....


මචන් අභියා,


ඇයි?


තවම උඹ පරක්කු නෑ..... ඕනනම් කාර් එක හරවගෙන ආපහු යමන්...


ඒක තමයි ජනක අයියේ.. අපි විඳින වදේම බලහන්කෝ.... මූ මොන වදයක් විදීද පස්සට...? දමියත් පොහොර දානවා....


මොකද අභියා කියන්නේ.. හරවලා අපහු යමුද?


ඔය වගේ රස කථා අස්සේ ඇවිත් පොටෝ ගහලා හෝල් එකට ගිහින් අරව මේවා වැඩ ගොඩායි..... හෝටලේට ඇතුල් වෙද්දිම කැමරා ශිල්පියා දුවගෙන ඇවිත් ඉස්සරහා හිටපු දමියට මෙහෙම කිව්ව


මල්ලි, ඔයා බැහැලා මෙයාට දොර අරින්න....


මම දැන් දමියට කියනවා...


"අඩෝ.. $%&^, ඉහින් ඇරපිය දොර... තෝ කාළකණ්ණියා දොර ඇරියේ නැත්නම් බලා ගත්තැකි..." ඒ අතරෙ ජනකයත් බනිනවා ඌට.. මොකද ඌ දොර අරින්නම එපායැ දැන්... ඒ වෙලාවේ උගේ කටින් නික්මුණ වචන නම් තරු කොටු දාලාවත් ලියන්න බෑ....


අන්තිම තත්පරයට වගේ හෝටලේට ආපු නිසා කෙලින්ම පෝරුවට ගොඩ වෙන්නයි තිබ්බේ.... මෙතනින් පස්සේ ටික ඊලඟ කොටසින් කියවමු... මම හිතන්නේ කොටස් හතරක් වත් ලියන්න වෙයි.... 


ප.ලි. මේ ලිපි පෙල අවසානයේ මම පොඩි අවවාදයක් දෙන්නත් බලපොරොත්තු වෙනවා කට්ටියට.. වෙඩින්ග් එකක් ගන්නේ කොහොමද කියලා....

55 comments:

  1. සිරා.. මාර ඕගනයිස් කිරිල්ලක් තිබිලනේ

    ReplyDelete
  2. හෆොයි මෙහෙමත් දුකක්!!!! ඒත් හැමදාම නෑනේ ජීවිතේටම එක පාරයි(අයාලේ ගියොත් 2 යි)

    ReplyDelete
  3. හික්ස්.....තාම මුල හරිය....ඉස්සරහට කොහොම හිනාවෙන්න වෙයිද අනෙ අම්මෝ............

    ReplyDelete
  4. අම්මෝ ලස්සන කතාව ආසාවෙන් බැලුවා. ඉතිරි ටික බලන්ටත් ආසාවෙන් ඉන්නවා.:D

    ReplyDelete
  5. //පිටි පස්ස බලන්නත් සයිඩ් කණ්ණාඩි දෙකක් හයි කරගන්න වෙයි වගේ...//

    ඒක නං සිරා කතාව.. මමත් ඕක ඇදන් කෑවා කට්ටක්.. අෆ්ෆා හොදි ඕන්නෑ.. (මම නෙමේ ඈ බැන්දෙ.. පොඩි එකා තාම)

    මේ තියෙන්නෙ පොටෝ -https://www.facebook.com/media/set/?set=a.181226918604908.46098.100001528048947&type=3

    ReplyDelete
  6. අච්චර හොඳ බොක්කවල් දෙකක් කියද්දි හරවන් යන්නයි තිබ්බෙ අභියො..දැන් අපිටත් වදේ කොටස් හතරක් පහක් කියවන්න එන්න වෙනවනෙ..එහෙම උනා නම් අර ළමයත් මීට වඩා හොඳ කෙනෙක් හොයා ගන්නවා..හයියෝ සල්ලි !! :-DD

    ReplyDelete
  7. අනේ පව් අක්කා....

    ReplyDelete
  8. කාපු හොඳ කට්ටක් මතක් වුනා... හෙට අනිද්ද දවස් දෙකෙත් මගුල් කටු... :)

    ReplyDelete
  9. ෆට්ට ආතල් නේ.. කථාවට වඩා වටින්නේ අන්තිමට දෙන අවවාදේ මොකක්ද කියලා.. මූ අපිට කියයිද දන්නෑ "බදින්න නම් එපා පුතෝ" කියලා..

    ReplyDelete
  10. අපි ඔය ගොං වැඩ (එහෙම කීවෙ මුල් ඇඳුමට විතරයි..අනිත් ගොං වැඩ බොට කළින් කළේ..!!) කොළේ නෑනෙ.. හැබැයි පෝරුව ගැහුවෙත් මමමයි. මහ රෑ 3 වෙනකං පෝරුව ගහල ඉවර කරල, (නැත්තං මං නගින්නෙ මොකේ ද..?) ගෙදර ගිහිං 6ට ආපහු ආව...!!!

    ReplyDelete
  11. හිකිස්.............. මාර ෆන් වෙඩිමක් වගේ...
    යකෝ පිරිමින්ටත් මහ රෑ අදින්න වෙනවද??ගෑණුන්ටනම් කොහොමත් පාන්දර ඉදලා අදින්න වෙනවානෙ.

    ReplyDelete
  12. මගේ වෙඩිමටැ අබේපාල මාමාගෙන් උපදෙස් පතමි.. :D :D

    ReplyDelete
    Replies
    1. උඹ බදිනවැයි...?

      Delete
    2. ඔ ඔ... ඉවසාගෙන ඉන්නට බැරියෝ දැන්නම්... :P

      Delete
  13. ඉතිරි කොටස් ටිකත් බලලම ඉමුකෝ...

    ReplyDelete
  14. ඔය කිට් එක ඇදගෙන ශරීර කෘත්‍ය එහෙම කරන්නේ කොහොමද දන්නේ නෑ නේද???

    ReplyDelete
    Replies
    1. ඒක කොරලම බලන්න ඕන. මම ඕක ඇදපු දවසෙ උදේ 6 ඉදලා දවල් 12 වෙනකම් තද කොරගෙන හිටියා නෙව.

      Delete
    2. මං අහ්න ගියෙත් ඔය ප්‍රශ්ණයමයි.
      චු කරන්නවත් විදියක් නැද්ද?

      Delete
    3. ඔකේ කලිසම වගේ කොටසේ චු කරන්න හිලක් තියෙන්නවා.. :)

      අවුල තියෙන්නේ උඩුකය කොටසේ. හප්පා ඇඟ වටේ කොන්ක්‍රීට් කලා වගේ..

      Delete
    4. බොගක් සෙට් වුනොත්නම් බඩුම තමා ඉතින්...

      Delete
  15. මේ බ්ලොග් අවකාශයේ වැඩිහිටියෝ කොච්චර හොදද.. අභිත අයියාගේ උපදෙස් මාලාව බලාපොරොත්තුවෙන් ඉමි... :)

    ReplyDelete
  16. අවංක යාළුෙවා දෙන්නෙක් ඉදලා තියෙනවා..(අභීත ගැන හිතලද නැතිනම් මනමාලි ගැන පව් කියල හිතලද දන්නෙ නැහැ) අන්තිම ෙමාෙහාතෙත් ෙබ්රගන්න උත්සහා කරලා එත් ඉතිං වෙන්න තියෙන දෙයක් වෙන්නත් එපැයි.......

    ReplyDelete
  17. ඉක්මණටම ඉතිරි ටිකත් දාන්න අයියෙ....ජනක තමයි ආතල් දීල තියෙන්නෙ....ඔහොම පොරක් හිටිය එක හොඳයි........

    ReplyDelete
  18. ඔය තරු කොටු දාලා කියන්න බැරි ඒවා සේරම අර මල් කුමාරයත් අහගෙන හිටියද... හි හි

    ReplyDelete
  19. දැන් "මගුල වෙච්චි හැටි" රැල්ලක් යයිද දන්නෑ

    ReplyDelete
  20. ලියාගෙන පලයන් මචං. අන්තිමටම කියන්නම් හිතෙන සේරම දේවල්.ජය...!

    ReplyDelete
  21. මගෙ නම් හිතට වැදුනෙම අර මල් කුමාරයො දෙන්නගෙ මූණවල් වල තියන පෙනුම.

    නියම කතාව අභීත අයියෙ. ඉතුරු ටිකත් ඉකමනට ඕනා. මොකද අපිටත් කවදා හරි මේවා පොරෝජන වෙයිනෙ

    ReplyDelete
  22. හ්ම්ම් නියමේට ඕගනයිස් කරල තියෙනවා. අනිත් අයටත් හොඳ ආදර්ශමත් වෙඩිමක් :D
    …මීට කලින් ලස්සන මගුල් පින්තූරයක් දැක්ක කොහේදිද මතක නෑ .
    …රසවත් විස්තරයක් .

    ReplyDelete
  23. අනේ අපොයි තමන්ගේ මඟුලටත් අන්තිම මොහොතේ වාහනේ හයර් කරපු කෙනාද මේ දැන් වාහන රෙන්ට් එකටත් දෙන්නේ. අනේ ඕවා වෙලාවට දෙනවා ඇති නේද ? හි හී අනිත් කොටස් ටිකත් කියවන්න ආසවෙන් බලන් ඉන්නවා

    ReplyDelete
  24. දන්නෙ නැති නිසා අහන්නෙ ? ඔච්චර දුකක් විඳල නිලමෙ ඇඳුමක් වෙඩිම දවසට විතරක් ඇඳීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන් ? කිව්වත් වගෙ චූ කරන්න තියෙන නිදහසත් නැති කොරගෙන මොකට දුක් විඳිනවද මන්දා.

    ReplyDelete
  25. හික්ස්.පට්ට සීන් එක.....
    ඇත්තටම බදින එකත් මහා පන යන වැඩක් නේද බැලුවම...

    ReplyDelete
  26. ඇත්තටම බදින එකත් පන යන වැඩක් තමා කාගේවත් වෙඩින් එකකට මමත් ඔය කිට් එක පාන්දර 2 ඉදන් හවස 3 වෙනකන් ඇදගෙන ඉන්න උනානේ... අම්මෝ ඒ කට්ට නම්...

    මොනවා උනත් ඒ දවස් වල නම් අයියා මනමාලයා වගේම ඉදලනේ නේද?

    සෝ මොනවා උනත් ඉතින් පොස්ට් 4ක් තව කියවන්න එන්න වෙනවානේ නේද? ඔය උපදෙස් ටික අහන්න...

    හ්ම්ම්ම් මොනව උනත් ඉතින් අක්ක්කට වටින කියන තැග්ගක් අරගෙන දෙන්න අවුරුදු 5ක් උන්නට.. හිකිස් (විහිලු හොදේ)

    ReplyDelete
  27. අම්මියෝ මාත් ඔය කිට් එක වෙන එකෙක්ගේ වෙඩින්ග් එකකට ඇන්දා ආයනම් පැනලා ගියත් මමනම් ඔය කිට් එක නෙවේ අදින්නේ....

    ReplyDelete
  28. ඉතූරැ ටිකත් දාමුකො බලන්ඩ

    ReplyDelete
  29. මම බලාගෙන ඉන්නෙ දෙවන කොටස එනකං....! ඒ කියන්නෙ අර...!

    ReplyDelete
    Replies
    1. නෑ මම හිතන්නේ ඒක තියෙන්නේ හතර වන කොටසේ...
      අවවාදෙ දෙන්නෙත් ඒකට පස්සෙළුනේ...
      :)))

      Delete
  30. උපදෙසේ බලන්නම වටිනවා. යතාකාලයේදී අපිටත් ප්‍රයෝජනය වෙන්නේ නැතැයි.
    ෂෙක් අප්පේ අරකා දත් මැද්දේ කොහොමද දන්නේ නෑ.

    ReplyDelete
  31. ආරිය සිංහල ක්‍රමයට කියලා සරමයි බැනියමයි ඇඳලා පැනලා යනවා සරලයි පහසුයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මන් මේ අහන්න කියලා හිටියේ
      අර උඩ්න් දාපු ෆොටෝ එකේ අභියා අයියා ඉන්නවද

      Delete
  32. නියමයි අයියා, නියමයි... අපේ උන්දැට අන්දන්න ඉන්නෙත් ඔය ඇඳුමමයි. අභීතයියත් ඇන්දනම් පත්තර තියලාහරි උන්දැටත් අන්දන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  33. අභිඅයියා රෑ කරපු කාර් හෙවිල්ලක් ගැන කියනවා...

    කියවපු නැති කෙනෙක් කැමතිනම් මේ පෝස්ට් එක කියවලා බලන්නකො..

    http://dreamsofharee.blogspot.com/2012/01/blog-post_29.html

    ReplyDelete
  34. මේක මම කියන්නේ මට දැනුන විදියට වැරදියට තේරුම් ගන්න එපා ඕං...මේ ලිපිය තව ටිකක් ප්‍රමාද කලා නම් හොද නේද?සනත් අයියට සමුදෙන්න හිත හයිය නෑ කියලා කියල ඒ විගහින් මේ වගේ විනෝද ලිපියක් දැම්මම බලන අයට හිතෙන්නේ අපේ හැගීම් දැනීම් හරි වේගෙන් වෙනස් වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. සනත් අයියට සමුදෙන්න මගෙ හිත තාමත් හයිය නෑ ජ්‍යෝතිශ අයියේ...

      ඒත් එයාගේ ලඟින්ම හිටපු අපි දන්නවා එයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා... අඬන එක වැලපෙන එක නෙමෙයි.. හිනා වෙන එක... ආතල් එකේ ඉන්න එක...

      අමතක කරන්න එපා.. ස්නත් අයියගේ නම චිරාත් කාලයක් වැජඹෙන වැඩක් මඟ එනවා.... ඒ සදාදරණීය ඔහු වෙනුවෙන්.....

      Delete
    2. සනත් අයියා වෙනුවෙන් කරන ආගමික කටයුත්තට අපිත් හරිම කැමතියි.බ්ලොග් ලියන කියවන අපි එක පවුලක් වගේ කියන එක අමතක කරන්න හොද නෑ.ඔබටත් මිතුරන්ටත් ජය..ලඟ එන විවාහ සත්වත්සරයත් ජයම වේවා!

      Delete
  35. පෝස්ට් එක කියවන්න කලින්ම මම දැනගත්තා පත්තරපිටුවලින් වැක ගත්තු බව ;))

    ReplyDelete
  36. මම නම් උඩරට නිලමේ ඇඳුම වෙනුවට යෝජනා කරනවා "ජාතික ඇඳුම". ඕන පාටකින් ලස්සනට කැටයම් දාලා හදාගන්න පුළුවන්. සැහැල්ලුයි! ශරීර කෘත්‍ය කරන්නත් ඉතාම පහසුයි!

    කොහොමත් සාරි, ඔසරි අඳින මනමාලියන්ට යුරෝපීය ඇඳුම ඇඳ ගත්ත මනාලයා ගැලපෙන්නෙ නම් නෑ! :)

    ReplyDelete
  37. අභීත අයියා කසාද බැන්දා වගේ.......:P

    ReplyDelete
  38. මට නම් බැඳිල්ල දැන්ම එපා වෙලා තියෙන්නෙ. යකෝ මේ පැය හතරකට පහකට මාස ගානක ඉඳන් මෙච්චර මැරෙන්න ඕනෙද.

    ReplyDelete
  39. යකෝ බඳින එක ගැන අපිව මෙහෙමත් බය කරන එක හරිද ? මම නම් පොතේ ලීවා ගෙදර ගෙනවා . මල් කුමාරයොයි අනික් කෙංගෙඩි මොකුත් ඕනෙ නෑ

    ReplyDelete
  40. බදින්න යන එක ආතල් තමා.. නියමයි අයියේ..

    ReplyDelete
  41. මමත් කෑව ඔය කට්ට... නෑදෑවෙන පොරක්ගෙ බෙස්මන්ට ඉදල.. හොදි ඕන්නෑ...

    හනිමුන් එක ගැනත් ලියනවද ???

    ReplyDelete
  42. ඕනේ මඟුලක් ඇන්ද හැකි..... හැබැයි චූ බරක් අවොත් නම් ඉතින් බඩුම තමයි...
    මට හොටෙල් එකට ගිහින් විනාඩි 10ක් විතර චූ කරන්ඩ උනා...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...