Tuesday, November 6, 2012

කේන්දර ගැලපෙන්නේ නැද්ද? ඒත් කසාද බදින්නත් ඕනද? මෙන්න විසදුම....

අළුත විවාහ වෙන්න ඉන්න ගොඩාක් අයට ඇති ප්‍රශ්ණයක් තමයි මේ තියෙන්නේ.. මීට අවුරුදු පහකට කලින් මම විවාහ වෙන්න සූදානම් වූ වෙලාවෙත් ඔය ගැටළුව මට ආවා..ඒත් මම කිසිම දෙයක් මත ඕනවට වඩා යැපෙන්නේ නැති නිසා එය අභියෝගයක් විදිහට අරගෙන ඕන මඟුලක් කියලා විවාහය කලා.. අනේ අද වෙනකන්නම් කිසි ගැටළුවක් වුනේ නෑ.. දැන් මොකක්ද ආපු ගැටළුව කියලා ප්‍රශ්ණයක් ඔයාලට එනවා නේද...? මම ඒක ලිපිය අවසානයේ කියන්නම්.. දැන් බහිමු මාතෘකාවට....

සෑහෙන තරමේ ක්‍රියාන්විතයකින් පස්සේ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඇති කරගෙන ඇය හෝ ඔහු සමඟ අවුරුදු ගානක් තිස්සේ අනාගතය ගොඩ නගලා අන්ති මොහොතේ කේන්දරය කියන එක මත වෙන්වෙලා යනවා කියන එක හරිම ශෝචනීය සිද්ධියක් නේද? මේ ලඟදි (ලඟඳි කිව්වට ඊයේ හවස..) මම යාළුවෙක් එක්ක පොඩි කථාවක් දාගෙන ඉන්නවා මුහුදු වෙරලක් කිට්ටුව.. අපේ තවත් යාළුවෙක් සම්භන්ධව ඔතනදි පොඩි කථාවක් ඇදුනා.. ඌ ඉතාම හොඳ කොල්ලෙක්.. ආරක්ශක සේවයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නේ... නමුත් කසාදයක් හරියන්නේ නෑලු උගේ කේන්දරේ ප්‍රශ්ණයක් නිසා... මේ නිමිත්ත මූලික කරගෙන අපි දෙන්නා අතරේ ගිය සංවාදය තමයි පහත තියෙන්නේ...

මචන්, අභියා.. ඇයි අරූ බඳින්නේ නැත්තේ...

උගේ කේන්දරේ ප්‍රශ්ණයක් කියලා මඟුල් හරියන්නේ නෑලු බන්...

අනේ බම්බුව.. මගේ කේන්දරත් ගැලපුනේ නෑ බන්.. මේ ඉන්නේ යස අගේට...

මගේත් ගැලපුනේ නෑ බන්.. මේ මමත් ඉන්නේ අපූරුවට...

මචන්, කේන්දර ගැලපෙන්නේ නැත්නම් අපි ටිකක් ප්‍රවේශමෙන් පවුල් ජීවිතේ ගෙනියන්න ඕන... රිස්ක් ගන්න නරකයි.. හදිසියේවත් අපි වෙන් වුනොත් කියන එක යථාර්ථයක් විදිහට හිතේ තියාගෙන වැඩ කලාම ඉවරයි...

ත්ත මචන්... අනිත් එක මචන්, දික්කසාදය කියන හේතුව නිසා නොමැරී මැරිච්ච මිනිස්සු ඉන්නවානම් ඒ කිහිප දෙනයි... දික්කසාදයෙන් ගොඩ ගිය වුනුත් ඉන්නවා... මේ ඔක්කොම මිනිස්සුන්ගේ හිත මචන්...

නෑ අභියා.. උඹට මම කියපු එක හරියටම තේරුණේ නෑ.. උඹ දන්නවද මගේ කේන්දරේ ගැලපෙන්නේ නෑ කියපු ගමන් මම අපේ ගෑණිත් එක්ක කතා කරපි දේවල්..

මම කොහොමද බන් දන්නේ.. උඹනේ ගෑනිත් එක්ක කථා කලේ..

ඒකත් ඇත්ත.. තොගේ කට නම් තාම වෙනස් වෙලා නෑ..

හරි කට මම බලාගන්නම්.. උඹ කියපන් මොනාද ගෑනිට කිව්වේ.. මම නොකියපු දෙයක්නම් අදම ගිහින් මගේ ගෑනිටත් කියන්න..

නෑ මචන්... මම එදාම ගෑනිට කිව්වා අපි කසාද බැන්ද දවසට පස්සේ මම මලොත් හිත හදාගන්න ලෑස්ති වෙන්න කියලා... තව කාරණා ගොඩාක් කිව්වා මචන්... මෙන්න මේ තියෙන්නේ ඒවා.. උඹ බලලා කියහන් මම මේ කියපු කථා වැරදිද කියලා...

හ්ම්ම්...

කසාදයට පෙර අපේ නමට තියෙන කිසිම වත්කමක් මචන් අපි හුවමාරු කරගන්න ඕන නෑ... හදිසියේවත් මියගියොත් එහෙම නැතිනම් මොනා හරි කරදරයක් වුනොත් කියන හේතු මත දෙන්නගේ නමටම සැලකිය යුතු ඉන්ශුවරන්ස් එකක් දාගමු කියලත් මම කීවා.. හවුලේ කරන ගෙවල් හැදිලි ඉඩම් ගැනිලි ඔක්කොම කසාද බැන්දයින් පස්සේ අපි උපයන මුදලින් සහ ණය මුදලින් විතරක් කරමු කියලත් කීවා... මොනා හරි කරදරයක් කාට හරි වුනොත් තමන්ගේ හා යැපෙන අනික් වුන්ගේ යහපත පතා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගනිමු කියන එක.. ඒ කිව්වේ මචන් මම මැරුනොත් මගේ ගෑනිට හිතුනොත් ගෑනිටයි ලමයටයි ආරක්ශාව මදි, වෙන මිනිහෙක් ගන්න ඕන කියලා, එයාට ඒක හරි කියලා තේරෙනවනම් ඒක කරාට කමක් නෑ කියන එක.. කොටින්ම මචන් මම හදිස්සියෙන්වත් මලොත් දේපල ඉඩ කඩම් වලට මගේ පවුලේ වුනුත් මරා ගන්නේ නැතුව දරුවාටත් උගන්නගෙන ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන විදිහට අපි ජීවිතේ සැලසුම් කරන්න ඕන.. ඊට අමතරව ආගමික පැත්තෙනුත් බෝධි පූජා වගේ පින් දහමුත් කරන්න ඕන... මෙච්චර විකල්ප තියෙන ලෝකේ ඇයි බන් කේන්දරේට විතරක් විකල්පයක් නැත්තේ.. ඔය තියෙන්නේ විකල්පනේ...

ඇත්ත තමයි බන්... ඔය කතාව මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ...

ඔව් මචන්.. මිනිස්සු මේ යතාර්ථයට බයයි..  ඒත් මිනිස්සු ඒක චැලෙන්ජ් එකක් විදිහට ගන්න කැමති නෑ.. මම ඔය උඩ කියපු ක්‍රියාමාර්ග ඔක්කොම අරන් තියෙන්නේ.. දැන් මට මැරෙන්න උනත් බයක් නෑ.. ඒත් අදටත් අපි මොකක් හරි කරද්දි අපේ කේන්දර ගැලපෙන්නේ නෑ කියා එක ගැනත් හිතනවා.. 

ඇත්ත.. මමත් ඔය තරම් නැති වුනාත් උඹේ ඔය වැඩ සටහනින් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා...

අනේ පල.. උඹ ඔය කියන්නේ ඉන්ශුවරන්ස් එක ගැනනේ... තෝ ඔය රට පටලවන විදිහට ඒක දාපු එකනම් හොඳටම හොඳයි...


ඉතින් මේ කථාව අන්තිමට මට හිතුනා ඇත්තටම ඒක ඇත්ත තමයි කියලා.. පෙර සූදානම රටක් වටී කියනවනේ... අහ්.. මම උඩින් කිව්වනේ අර මගේ කේන්දරේ ගැන ප්‍රශ්ණේ අප්පච්චිත් එක්ක විසඳ ගත්ත හැටි කියනවා කියලා.. මෙන්න මෙහෙම දෙබසක් තමයි ගියේ...

කසුන්, මේ කේන්දර ගැලපෙන්නේ නැහැනේ...

ඇයි අප්පච්චි.. මොකද වෙන්නේ....

මෙයාව බැන්දොත් අවුරුද්දක් ඇතුලත ඔයා මැරෙන්න පුළුවන්...

ඉතින් අප්පච්චි, නොදන්න ගෑනියෙක් බැඳලා මැරි මැරි ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද දන්න ගෑනියෙක් බැඳලා, අවුරුද්දක් ජීවත් වෙලා මැරෙන එක...

කථාව එතනින් ඉවර වුනා... අපි බැන්දා.. අපි ඉතා හොඳින් ඉන්නවා...

ප.ලි. සංවාදයට විවෘතයි... පෞද්ගලික පලි ගැනීම් නම් කරන්න එපා ඔන්න....

28 comments:

  1. සික්. කේන්දරෙං කිව්ව එක උනානං පට්ටයි ඈ.....

    ReplyDelete
  2. හික් බං ඉස්සරවෙලාම බලහාං වෙලාවයි බලවපු කෙන්දර කාරයා තෝපේ මාමංඩියද කියලා...
    මෙකද දනන්වද ඔය කෙන්දරයේ ඔහොම කිය උනානම් හරියට වයිෆ්ගේ බල පැම සිදුවිය හැක...

    (මමමේ හදිසියේ ලොග් උනේ කමන්ට් එක දාන්න බොලං.. දඟයා) හිරු

    ReplyDelete
  3. කෙන්දරේ අනේ මන්දා මම කැමති කෙන්දරේ පිලිගන්න හැබැයි ඔක මත්තෙම ඉන්නෙ නෑ. අද වෙනකොට කෙන්දරේ බලලා හරි ගිය වගේම වැරදුන දෙවලුත් තියෙනවා. අනික අපේ අනාගතේ තිරණේ කරන්න ඔනේ අපි මිසක් අහසේ ඉන්න ග්‍රහයෝ නෙමෙයි. මම නම් විවහායට කෙන්දර කෙස් එක අදිනවාට තදින්න විරැද්දයි. ( ඒ වගේම තත්වය , කුලය , සල්ලි , ගෙවල්රොවල් මේ වගේ විකාර හොයනවාටත් විරැද්දයි කසාද බදින්න යද්දි. )

    ReplyDelete
  4. මම ගනං ගන්නෙත් නෑ. ගනං ගන්නේ නෑ කියන්නෙත් නෑ.
    ලොවෙත් නෑ. ජය වේවා!

    ReplyDelete
  5. මාරයාගෙ ජොබ් එකට කෙළීමේ අරමුණින් නේද මේ පෝස්ට් එක දැම්මේ? ;-)

    ReplyDelete
  6. මගෙයි තාරක අයියාගෙයි කේන්දරත් ගැළපෙන්නෙ නෑලු.. අපි ගැළපෙන්නෙත් නෑ.. ඒත් ඕවා කවුද ගණන් ගන්නෙ.. ජීවත් වෙන්න ඕනෙ, වෙනම තියරියක්!...ඒත් ඒක මොකද්ද කියන්න අපි තාම බැඳලා නෑ.. තව අවුරුදු කිහිපයකින් කියන්නම්

    ReplyDelete
  7. වෙලාවට උඹ ඉන්ෂුවරන්ස් කොම්පැනියක නෙවි වැඩ කරන්නේ

    ReplyDelete
  8. පමා වැඩියි ඔබ පමා වැඩියි....මේ පොස්ට් එක දාන්න හොඳටම පරක්කුයි..මගේ යකා අවුස්සගන්නේ නැතුව මම යනවා යන්න..

    ReplyDelete
  9. අපේ අම්මටත් මේක පෙන්නන්න ඕනේ. ඉස්සරහට මේවගේ දේකට මුහුණදෙන්න වුණොත්....

    ReplyDelete
  10. කවුද දන්නෙ උඹට අප්පච්චි කිව්වේ බොරුද කියලා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත.

    මම බැන්දේ ඔය මුකුත් නැතුව බැඳලා ඉවරවෙලා බැලුවම 50% ගැලපෙන්නේ ඔය ඉන්නේ අගේට. වෙලා බැලුවෙත් නෑ මුකුත් නෑ.

    රෙජිස්ටර් ඇහුවා දැන් නැකත කීයටද කියලා. මම බොරුවට වෙලාව බලලා කිව්වා තව විනාඩියක් තියෙනවා කියලා.

    ReplyDelete
  11. ඔය කේන්දරේ නම් මම සතේකට ගනන් ගන්නෑ අභීත මල්ලී. අපි දෙන්නාගෙ කේන්දරේ ඔය මහරගම පැත්තෙ හිටිය කේන්දර කාරයෙක් අල්ලලා වීසි කරලා තිබ්බා අම්මා ඒක බලවන්න ගිය වෙලාවෙ. අනේ අපි යස අගේට ඉන්නවා තාම . දැන් දරු මුණුබුරොත් බලන්නෙ. අපිම තමා ජීවිතේ හදා ගන්න ඕනෙ. බාදා නැතිව ආපු ගමණක් නම් එහෙම නෙවෙයි. ඉවසීම තමයි ගොඩාක් ම උවමණා වෙන්නෙ.

    ReplyDelete
  12. බලමුකෝ ඉස්සරහට මේ ලිපිය අපිටත් ප්‍රයෝජනවත් වෙයිද කියලා.

    ReplyDelete
  13. වටිනව ඈ ..... ශක් මීට අවුරුදු 2 කට උඩදි මේ පෝස්ට් එක වැටුන නම් අපිත් කෙල්ලෝ ඉන්න කොල්ලෝ ....

    ReplyDelete
  14. වැදගත් පොස්ට් එකක් නේ.... :)

    ReplyDelete
  15. මේ කතාවේ මැදක සිටිමි,
    ඔය ටික අපි තෙරුම් ගත්තත්, අම්මලා තේරුම් ගන්නේ නැත්නම්
    නැත්නම් උඹේ තාත්තා කරා වගේ කට වහ ගත්තේ නැත්නම් මොකද්ද බන් උත්තරේ,

    ReplyDelete
  16. පොරොන්දම් ගැන දෙමවුපියෝ විස්වාස කරනවා සෑහෙන්න . ඔය වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ පොරොන්දම් පට ගලා අපිම චෙක් කරගෙන අවුලක් වෙතොත් හෙමීට බොරු (ගැලපෙන එකක් ) හදාගන්න එක ... මට නම් පොරොන්දම් ගලපාගන්න පට්ට සොෆ්ට් වෙයාර් එකක් ලැබුණා .. ඕන්නං බාගන්න

    ReplyDelete
  17. මටත් කියාපු උපදෙස් ටික

    ReplyDelete
  18. මේව මොනවද බං බ්ලොග් ලියන සුපිරි පොර මාරයා හඳහන් බැලිල්ලට රුසියෙක්. සිරාවටම කියන්නේ. ඌ සාස්තරේ හරියට දන්නවා.වෙනසක් උනත් කරගන්න බැරිවෙන එකක් නැ.

    ReplyDelete
  19. කෙලවෙන්නේ ඔතනදී තමයි. මටත් කෙලවුනේ ඔතනදි. මේ මිනිස්සු කොච්චර පාරම්පරිකද කියලා හිතෙනවා බම්බුව

    ReplyDelete
  20. දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනව නම් එච්චරයි...
    හැම දේම කේන්දරේ උඩ දලා කරන්න හැදුවොත් හැමදේම නැති වෙන්නත් ඉඩ තියනවා..

    ReplyDelete
  21. ඔයාගේ යාළුවත් නම් එලක් කොල්ලෙක් . ඔහොම තමා හැදෙන්න ඕනා... දැන් මටත් බයක් නෑ... කේන්දරෙත් පෙට්ටගමේ හන්ගන්න ඕනා ;) ගැලපෙන කේනා හම්බුන දාට වෙන ගලපන්න දෙයක් නැහැනේ.....

    ReplyDelete
  22. අපි දෙන්නගෙන් එක්කෙනෙකුට කේන්දරයක් ඇත්තෙත් නෑ.

    අනික ගැලපෙන විදියට අලුතෙන් කේන්දරෙත් හදවාගත්ත නම් ඉවරනෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  23. ඇයි බන් උඹ දැන් පට්ට ලොස් වෙලා ඉන්නෙ... උඹලගෙ ජීවිතේ චාටර් වෙලා තියෙන්නෙ... ඒ කේන්දර නොගැලපීම නිසා තමයි.... උඹේ ගෑනිගෙ කරුමෙ බන්..

    ReplyDelete
  24. මොනව උනත් වැදගත් වෙයි දවසක අපිටත්..

    ReplyDelete
  25. අනේ මංදා මමත් ඕවා විශ්වාස කලේ නම් නෑ, ඒත් ඔය වගේම තත්වයක් තිබිලා මීට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ල කසාද බැඳපු මගේ සහෝදරයා එයාගේ මාස 4ක් වෙච්චි දුවයි, මගේ නෑණන්ඩිවයි තනිකරලා හිතාගන්න බැරි අනතුරකින් අපිව දාලා ගිහින් මේ දෙසැම්බර් මාසෙට අවුරුද්දක් පිරෙනවා.

    ReplyDelete
  26. රතී කිව්වා වගේ වැදගත් වෙයි දවසක අපිටත්. ජ්‍යෙතිෂය බැහැර කරන්න මම නැඹුරු වෙන්නේ නැත්තේ ඒකෙන් මට සාර්ථක අනාවැකි කියලා තියෙන නිසා

    ReplyDelete
  27. mamat ekagaya,
    Jayawewa,
    Sajith

    ReplyDelete
  28. මගේ අත්දැකීමෙ හැටියට නම් කේන්දර ඇත්ත නෙමේ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...