
මේක ටිකක් හිනා යන කතාවක් නොවුනට කියවිය යුතු වැදගත් දෙයක් කියලා මම හිතනවා.... ලංකාවෙන් පිටරට යන අයට සංගීත පිස්සුව වැලදෙන එක ස්වාභාවික දෙයක් බවට පත් වෙලා.... සමහරු ලංකාවෙන් යන කොටම බටහිර සංගීතය කර පින්නාගෙනම රටෙන් පිට වෙනවා... ගිටාර් එකක් අල්ලන්නවත් දන්නෙ නැති අය පිටරට ගිහින් එනකොට මියුසික් තමන්ගෙ ලයිෆ් එක වගේ තමයි ලංකාවට එන්නෙ... ඒත් අපේ රටේ මියුරු සංගීතය පිටරටට අරන් යන්නෙ කීයෙන් කී දෙනෙක්ද?
මෙන්න මේ ලගදි මට හම්බ උනා මේ වැඩේ ඉතාම සද්භාවයෙන් කරගෙන යන කණ්ඩායමක්... ඔක්කොම සංගීතය පිළිබද උපාධිධාරීන්.. නවසීලන්තය කේන්ද්‍ර කර ගෙන මෙයාලා ලංකාවේ ඉපැරණි සංගීතය වගේම උත්තර භාරතීය සංගීතය පිළිබදවත් වැඩසටහන් කරගෙන යනවා... ඔයාලට බලන්න මම මෙයාලගෙ යූ ටියුබ් ලින්ක්ස් ටිකක් දාන්නම්.. මම හිතන්නෙ මේවා තමයි වැඩ කියලා කියන්නේ.....
දන්න වංහුං අපෙ කන්න සාමි
රජු රාවණ සහ සීතාදේවී.........
ඉන්ද්‍ර දිසාවට......
මේ කණ්ඩායමේ නායකයා තමයි අචාර්ය සුමුදි සුරවීරයන්... ජෑස් ඩ්‍රම් සෙට් එක ගහන්නෙ එයා.. ගයානාත් දහනායක කියන්නෙ මේකෙ ඉන්න බෙර වාදන ශිල්පියා.. මට මුන ගැහිලා තියෙනව අපි ඉස්කෝලෙ යන කාලෙ.. මිනිහා ඒ කාලෙත් දක්ෂ වැඩ කාරයෙක්.. එයා ගියෙ මහින්දෙ.. මිනිහව හොයන්න ගිහින් තමයි මට මේ ගෲප් එක සෙට් උනේ... මේකෙ නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙකුත් ඉන්න එක තමයි පට්ටම සීන් එක.. එක්කෙනෙක් අයිසැක් ස්මිත්.. අනිත් එක්කෙනා ජෙෆ් හෙන්ඩර්සන්... මමනම් මේ වැඩෙට ටිකක් කොර වෙලා වගේ ඉන්නෙ
දැන් මට පොඩි අදහසකුත් ආවා මෙයාලව ලංකාවට ගෙන්නන්න..... එහෙම උනොත් මම ඔයාලට මේ බ්ලොග් එකෙන්ම දන්වන්නම්....
ප. ලි. : ඡායාරූපය ටිකක් අවුල් උනාට ගනන් ගන්න එපා... පැහදිලි එකක් හොයලා ඉක්මනටම දාන්නම්
සිය රට දේ සිරි සැප දේ...........
ReplyDeleteyou-tube Links kooooooo ban
ReplyDeleteසින්දු වල නම් උඩින් ක්ලික් කරන්න...
ReplyDeleteමචන් නියමයි. උඹේ බ්ලොග් එක මාර ස්ලොව් නෙ. පොඩ්ඩක් බලපන් චෙක් කරල මොකද කියල.
ReplyDeleteනියම පෝස්ට් එකක් නෙ..
ReplyDeleteඅලුත් දෙයක් ගැන දැන ගත්තා.
great Sri Lankans...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete