මෙන්න සින්දුව
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....
ඇයි ගොලු ගැහුනේ.... සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ..
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ.......
මහ පොළව ඉතින් දෙකට තුනට බෙදී යාවි යාළුවෝ...
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ...
නුඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ....
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....
අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ....
මෘදංග ගැටබෙර හදවත් පැලී යාවි යාළුවෝ...
නුඹලාගේ සින්දු ඉතින් කොයි රටේද මාළුවෝ........
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....
මේ සින්දුව මගෙ හිතට දැනුනෙ කොළඹ තියෙන සෞන්දර්ය විශ්ව විද්‍යාලවෙ තිබ්බ ප්‍රසංගයකදි... ඕන කෙනෙකුට බලන්න යන්න පුළුවන්... සති දෙකකට සැරයක් බ්‍රහස්පතින්දට කිසිම අය කිරීමකින් තොරව මියුරු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් ඔවුන් පවත්වනවා... පසුගිය සතියෙ ඒකට සහභාගී වෙන්න ආවෙ යාපනේ කිහිප දෙනෙක්... ඔවුන් සහ දකුනෙ සංගීතඥයින් එකතු වෙලා කරපු ප්‍රසංගය අපේ හදවත් පිරෙව්වා...

ඉවරවෙලා මෝටර් රථයට නැගපු මට ඊලගට ඇහුනෙ මේ ගීතය.... කෙතරම් අර්ථවද්ද කියන එක මගෙ හිතට දැනුනෙ ඒ වෙලාවෙයි...
ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර මානසික පීඩනයකින්ද හිටියෙ නේද?
ප.ලි. මේක අහන්න දාන්න මම දන්නෙ නෑ.. නැත්නම් මම අහන්න දානවා..... මෙතනින් අහන්න try එකක් දෙන්න
ලස්සන ගීතය....
ReplyDeleteකපුගේ මහත්තයගේ හැම ගීතයක්ම ලස්සනයි අර්ථවත්...
෴ ස්තූතියි ෴
http://blogvampa.blogspot.com/2010/05/gangak-se-oba.html
ReplyDeleteසහෝ.. ඔය ලින්ක් එකේ තියෙනව බ්ලොග් එකට සින්දුවක් කොහොමද දාන්නෙ කියල .... ඔය සින්දුව බොහොම අර්ථවත්.. ඕකෙ පද රචනය රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙන්. සංගීතවත් කලේ කපුගේ මහත්තයම තමයි. කපුගේ ගැන මමත් ගොඩක් ලිවුව. කොච්චර ලිවුවත් තව තියෙනව ලියන්න.. බලමු තව මොනවහරි ලියන්න ඉස්සරහට..
ගමකට ස්තූතියි වැම්පයර්... කපුගේ එක්කම රන් බණ්ඩා සෙනෙවිරත්නයන් මතක් වෙන්නෙ නැද්ද? ඒක තමයි අපූරුම සුසංයෝගය මට හිතෙන
ReplyDeleteඔය සිංදුවෙ වගේම, හොඳට හඳ පායල තියෙන වෙලාවක පාලම අයිනට වෙලා අහගෙන ඉන්න, තවමත් ඒ මාලු ඳගලන සද්දෙ, හරියට සිංදුවක් කියනව වගේ ඔයාලටත් ඇහෙයි...
ReplyDeleteඒ කතාව සත්තයි....
ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් ඔයාලටත්!!!
රං බණ්ඩා සෙනෙවිරත්න කපුගේ සංකලනය නම්...අමරණීයයි!!
හදවත පතුලටම දැනෙන ගීත ටිකක් ....