බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, July 2, 2010
විදුහල්පතිතුමාත් අපි නිසා අසරණ වුන හැටි.....
පාසැල් කාලය ගැන තියෙන මතකය ඉතින් සදා සොදුරුයිනෙ... ඉබ්බගෙයි පූසාගෙයි කතා කියවද්දි පාසැල් කාලයේ කතා තමයි සිහියට එන්නෙ.... ඒ කාලෙ කොලුකමට කරපු වැඩ මතක් වෙද්දි තනියම හිනා යනවා.. ඉතින් ලග ඉන්න එකා අහනව මොකද බන් හිනාවෙන්නෙ කියලා..... අද ලියන්න හදන්නෙත් ඒ වගේ පාසැල් කථාවක්..
උසස් පෙළ අපි ඉගෙන ගත්තෙ වාණිජ පන්තියෙ... කලා, වාණිජ පන්ති ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ... ඉස්කෝලෙ තියෙන තරම් භාහිර වැඩ ටික කරලා, වැඩක් ඇත්තේම නැති වෙලාව විතරක් ඉගෙන ගන්න පාවිච්චි කරන අය තමා 90%ක් ම මේ පන්ති දෙකේ ඉන්නෙ... මගෙත් වැඩි වෙනසක් තිබ්බෙ නෑ... මමත් අහු උනේ ඒ කුලකෙටම තමයි... පාසැලේ ක්‍රීඩා කණ්ඩායම් ඔක්කොගෙම වගේ නායකයො හිටියෙත් මේ පන්තිවල නිසා ශිෂ්‍ය නායකයොත් වැඩියෙන් හිටියෙ මේ පන්තිවල. විනය අඩුවෙන්ම රැකුනෙත් මේ පන්තිවල වෙන්න ඇති... පන්තිය කට් කරල කොහෙ හරි පනින එක අපේ පන්තියෙ උන්ගෙ හොදම විනෝදාංශය උනා...
පාසලෙන් පිට යන්නෙ නැත්නම් කරපු ලොකුම දේ තමයි පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගහපු එක... එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්.. මොකද පනින දවස්වලින් 99%ක් ම එලියටම පනිනවා... ඔක්කොම එකතු වෙලා බහින වලක් සෙට් උනොත් තමයි හවස් වෙනකන් ඉදෙන්නෙ.... එදාට තමයි මේ ක්‍රිකට් වසන්තය අපිට උදාවෙන්නෙ... ඔයාලට හිතෙනවා ඇති ඉතින් පිට්ටනියෙ ක්‍රිකට් ගහද්දි ප්‍රින්සිපල්ට එහෙම පේනවනෙ කියලා... එහෙම පේන්නෙ නෑ... අපේ පාසැලේ ක්‍රීඩා පිටි දෙකක් තිබ්බා.. එකක් පිට්ටනිය... අනික අලුත් පිට්ටනිය.. මේ අලුත් පිට්ටනිය ඒ දවස්වල තිබ්බෙ හදන ගමන්.. වටේට තාප්ප ගහල ලොකු ගේට්ටුවක් දාල තමයි තිබ්බෙ.. මේක ඇතුලට ගියහම කාටවත් පේන්නෙ නෑ.. අර අතිවිශාල ගේට්ටු රාජයා තරනය කරලා තමයි කොල්ලො අලුත් පිට්ටනියට සම්ප්‍රාප්ත වෙන්නෙ..
එක දවසක් මෙහෙම සෙල්ලම් කරන කොට ගේට්ටුව ඇරගෙන ප්‍රින්සිපල් සර් ආවා.. එකෙක් විසිල් එකක් ගහලා සිග්නල් එකක් දුන්නා... දැන් ප්‍රින්සිපල් පිට්ටනිය මැදට එනවා වේගෙන්.... අන්න එතනදි තමයි සර්ට වැරදුනේ... මේ අන්ඩපාල කොල්ලො එක්ක පුලුවන්ද සර්ට දුවන්න...කොල්ලො ටික එහෙන් මෙහෙන් දුවල ගේට් එක ලගට ඇවිත් එලියට එනකොටත් සර් පිට්ටනිය මැද්දෙ තනියම... අපි ග්‍රවුන්ඩ් එකෙන් එලියටත් ආවහම තමයි දැක්කෙ සර් ගේට් එකේ ඉබ්බවත් යතුරත් එක්කම ගේට් එකේ එල්ලලා ගිහින් කියලා... වහාම ක්‍රියාත්මක වෙච්ච අපේ එකෙක් සටස් ගාල ගේට් එක වහලා ඉබ්බ ලොක් කලා... අපි එලියෙ.. සර් තනියම ඇතුලෙ...
ඒ කාලෙ ජංගම දුරකතන තිබ්බෙත් නෑනෙ... සර් ග්‍රවුන්ඩ් එකේ ඉදන් කථා කලොත් ඇහෙන්නෙ සුනිල්ගෙ කාමරේට විතරයි.... සුනිල් කියන්නෙ අපේ ග්‍රවුන්ඩ් බෝයි. අලුතෙන් ඉස්කෝලෙට ආපු එකෙක් අතේ සුනිල්ටත් පණිවිඩයක් යැවුවා වයිස් ප්‍රින්සිපල් එන්න කිව්ව ඔෆිස් එකට කියලා.... අනේ අපේ ප්‍රින්සිපල් සර් ගේට්ටුව උඩින් පැනලා ශර්ට් එකත් පොඩ්ඩක් ඉරාගෙන එලියට එද්දි අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදරත් ඇවිත්.. වෙච්ච ලැජ්ජාවෙ හැටියට වෙන කෙනෙකුටවත් කියන්නද මේ සීන් එක කටක් ඇරලා... පහුවදා සෙනසුරාදා.. අපි ආයෙ ඉස්කෝලෙ ගියෙ සදුදා.. ටිකක් බයෙන් වගේ.. හැබැයි ඒ වෙද්දි සර්ගෙ තරහ නිවිලා තිබ්බා.... පස්සෙ අපිට දඩුවම් කරන්න එන අවස්ථා වලදී අර සිද්ධියටත් එක්ක ඇරියස් පිටම ෆනිශ් කරන්න ප්‍රින්සිපල් සර් පොඩ්ඩක්වත් මැලි උනේ නෑ....
ප.ලි. : ඇරියස් එක්ක දඩුවම් කරපු සිද්ධි ලගදීම..............
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ලොමු දැහැගැන්වන සත්‍ය කතා!
ReplyDelete:D
ReplyDeleteආ... මේ අපේ සහෝදර පාසැලක්නෙ :P
ReplyDeleteමරු රැග් එකක් තමයි ප්‍රින්සිපල්ට දීල තියෙන්නේ...
ReplyDeleteමරු කතාවනේ. තව කතා ලියන්න. ඉස්කොලේ කාලේ තරම් ආතල් කාලයක් වෙන නෑ කියලා තේරෙන්නේ ඉස්කෝලෙන් අයින් වුනාම තමයි.
ReplyDeleteමාය අය්යල ටිකක්නෙ මුන්
ReplyDeleteඅනේ දෙවියනේ පව්,, අර මනුස්සයා,,,
ReplyDeleteඇත්තට අයියො.....
මෙහෙමත් වැඩ.. ( ඔක්කොම හොදයි එත් ඉතින් පව් කිව්වේ සර් ශර්ට් එකට් ඉරන් එද්දි පව් නෙන්නම්..)
අනේ දෙවියනේ පව්,, අර මනුස්සයා,,,
ReplyDeleteඇත්තට අයියො.....
මෙහෙමත් වැඩ.. ( ඔක්කොම හොදයි එත් ඉතින් පව් කිව්වේ සර් ශර්ට් එකට් ඉරන් එද්දි පව් නෙන්නම්..)
මරු කතාව
ReplyDeleteහ්ම් හ්ම්
ReplyDeleteඅහල හුරුයි හුරුයි වගේ.....
හැබැයි අපි A/L කරන කොට නම් ඔය කිරුල වාණිජ කලා අංශ වලින් අපේ විද්‍යා ගණිත අංශවලට මාරු වෙලා තිබුනෙ.ඒ කාලෙ කොමස් උන් දවස් දෙකක් එක දිගට ස්කෝලෙ ආවෙ නැත්තං තුන් වෙනි දවසෙ අම්මව හරි තාත්තව හරි එක්කං එන්න ඕනි කියල නීතියකුත් තිබ්බ
අවාසනාවට ඇත්ත කතාවක් වගේ. මොනවා වුනත් ප්‍රින්සිපල් නම් පවු....
ReplyDeleteඅලුත් එකාට නම් ඔහොම කරන්න බෑ මොකෝ යන හැමතැනම ගඩොල් බාගෙත් අරගෙනනෙ යන්නේ..
ReplyDeleteදැන් ඉන්න ප්‍රින්සිපල් සර් එක්ක නම් ඕවා බැහැ .............
ReplyDelete