Meemure Jungle Resort

Wednesday, June 30, 2010

මනුවෙල් අප්පුහාමි එකයි බොලොක්කෙයි

මේ කතාව බාලදක්ෂ කරන කාලෙ කතාවක්.. මේක ටිකක් බාලදක්ෂවලට ගැලපෙන්නෙ නැති උනත් ලියන්න ඕන කියලා කිව්වෙ අපේ චාමර ජයවීර මල්ලි.. බාලදක්ෂයෝ උනත් කොල්ලොනෙ ඉතින්.. උන්ගෙත් එක එක වෙලාවල් වලට පොඩි පොඩි නැහැදිච්ච වැඩ තියෙනවා.. ඒත් ඒවාත් ගොඩාක් වෙලාවට බාලදක්ෂ සමූහය වෙනුවෙන් කරපු දේවල් කියලත් කියන්න පුලුවන්.... ගහගත්තෙ මරාගත්තෙත් පාසල වෙනුවෙන් කියන කාලයක් ඕන කොල්ලෙකුට එනවා.... ඉතින් ඔය වගේ අපි කරපු එක චොර වැඩක් ගැන කියන්නයි මම මේ ලැහැස්ති වෙන්නෙ... සාමාන්‍යයෙන් Camp එකක් ලං වෙනකොට අපි යනවා ඒකට අවශ්‍ය බඩු ගන්න.. බාලදක්ෂ කදවුරු වලට ඕන ඉතින් ඔය හට්ටි මුට්ටි ලනු කඹ වගේ ලට්ට පට්ටනෙ.. මේවට කුරුණෑගල තියෙන ජනප්‍රියම කඩේ තමයි මනුවෙල් අප්පුහාමි සහ පුත්‍රයෝ කියන්නෙ.. ඉතින් මේ කඩෙන් බඩු ගන්න යනකොට අපි 20ක් විතර යනවා.. ඒ කාලෙත් 2000ක විතර බඩු ගන්න යන අපි 4000ක විතර බඩු ගේන්න හිතාගෙන තමයි මේ වැඩිපුර එක්ක යන්නෙ... කොල්ලො 20ක් එක කඩේකට ගියහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔයාලට...

මනුවෙල් අප්පුහාමි එකේ ඉදන් අපේ පාසැලට කෙලින් පාර... මීටර් 700ක් විතර තියෙනවා.. හැබැයි මැද හරියෙ තියෙනවා පාරවල් 5ක් විතර එකට සෙට් වෙන පුත්තලම් හන්දිය.. මේකෙන් පාර මාරු වෙන එක හෙනම ගේමක්.. හදිස්සියකට නම් මෙතනින් ඒ කාලෙත් යන්න බෑ.. දැන්නම් කොහොමටවත් යන්න බෑ.. එච්චරටම Traffic.

දැන් ඉතින් කතාවට බහිමුකො... මමයි දිනේශ් මල්ලියි කඩෙන් එලියෙ ඉන්නවා වටපිට බල බලා.. අපිට පේනව ඇතුලෙ අපේ උන් මල යුද්දෙ.. හැමෝම ට්‍රයි කරන්නෙ මොකක් හරි වැදගත් භාණ්ඩයක් හොරෙන් උස්සන්න... මේ අතරෙ අපි දෙන්න දැක්ක කඩෙන් එලියෙ එල්ලලා තියෙන බොලොක්ක ( කප්පි ) සෙට් එකක්... දැන් අපි දෙන්නට මේ එකක් උස්සන්නමයි ඕන.. ඒ කාලෙ ඒ වගේ සිතිවිල්ලක් පහල උනොත් ආයෙ ඒක වලක්වාගන්න හරිම අමාරුයි නෙ... අපි දෙන්නත් මේක ක්‍රියාත්මක කරන්න පොඩ්ඩක්වත් පැකිලුනේ නෑ.. දැන් වට පිට බලලා ගත්තා බොලොක්කෙ අතට. දැන් මේක අතට අරන් එතනට වෙලා ඉන්නත් බෑනෙ... අනිත් උන් එනකන් අපි පොඩ්ඩක් පහලට වෙලා ඉමු කියලා කතා වෙලා අපි පොඩ්ඩක් එලියට බැස්සා.. එතනින් ගිහින් කඩේට මීටර් 70ක් වගේ තියලා අපි දෙන්නා කයියකුත් ගහගෙන ඉන්න කොට මට පෙනුනා කඩේ හිටිය පොරක් අපේ පැත්ත බල බල අපේ ලගට එනවා... ලොතරැයියක් ඇදෙන්න යන්නෙ කියලා මට ඉවෙන් වගේ තේරුනා.. දිනෙශ් පොඩි එකා නිසා මම එයාට කිව්වා, "මචන් උඹ මාව වැඩිය දන්නෙ නෑ කියපන් අපිව අල්ලගත්තොත්" කියලා. දැන් පොරත් ලග ලගම එනවා.. බොලොක්කෙ මගෙ අතේ... අර මිනිහා ආපු ගමන් "හහ්, පොඩි කාලෙ ඉදලම හොරකම නේද" කියල අපි දෙන්නගෙ අතින් අල්ලගත්ත...

දැන් මිනිහ අත් දෙකින් අපි දෙන්නව අල්ලගෙන... මගෙ අනිත් අතේ හොර බඩු.. ඒ කියන්නෙ බොලොක්කෙ.. ( කප්පිය ). දැන් මිනිහට බොලොක්කෙ ගන්නත් ඕන.. ඒත් අත් තුනක් තියෙන එකක්යැ... මිනිහා මාව අත ඇරල කප්පිය ගත්තා.. මම නිදහස්.. ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත මම දැන් හුරේ රන්..... ඒ අතරෙ පාර දෙපැත්තෙ උන් කෑ ගහනව මට ඇහෙනවා "ඔන්න හොරෙක්, ඔන්න හොරෙක්" කියලා.. දුවන අතරෙ පස්ස හැරිලා මම බලනකොට දැක්ක දෙයින් මගෙ ඇග සීතල වෙලා ගියා.. අර බර උස්සන පොරක් උගේ යකඩ කොක්කත් උලුක් කරගෙන මගෙ පස්සෙන් පන්නනවා... හරියට මම උගේ මුට්ටයක් ඉස්සුවා වගේ... කොහොම හරි අච්චර අමාරු පුත්තලම් හන්දියෙනුත් මම සස් ගාලා පැන ගත්තා.. පනිනකොටම අපේ කොල්ලෙක් ශක්‍රයා වැඩියා වගේ යතුරු පැදියකින් එතනට පාත් උනා.. මම අත දාලා උගේ පිටි පස්සට නැගලා එන ගමන් ආපහු පස්ස බැලුවා.. අර පොර ඉන්නවා අත් දෙක ඉනට ගහගෙන මට ඔරෝගෙන.. මම ඉතින් අමනාපකම් දුරු වෙන්නත් එක්ක පොරට ටටාත් කිව්වා... කොහොමහරි මේ adventure එක ඉවර කරලා මම බාලදක්ෂ කාමරේට එද්දි අර වෙසක් කූඩුව කතාවෙ ජනකයා ඉන්නවා එතැන... මම ඌට සීන් එක කියලා මිනිහව ටක් ගාලා මනුවෙල් අප්පුහාමි එකට පිටත් කලා කේස් එක ශේප් කර ගන්න...

දැන් පැයකට විතර පස්සෙ කට්ටිය ඔන්න ආවා ඉස්කෝලෙට.. පොඩි උන් මට වදිනවා.. මම බැලුව මොකද මේ කියලා.. මම ඇහුව මොකද බන් කියලා... අයියගෙ සීන් එකට පින් සිද්ද වෙන්න අපිට අඩු ගොඩාක් බඩු අද අපි ගොඩ දා ගත්තා කියලා කිව්වා.. පස්සෙයි මටත් මීටර් උනේ.. කඩේ උන් මගෙ සීන් එකට ඇහැ දාන අතරෙ මුන් කඩෙන් බාගෙකටම ගේම දීලා... දිනේෂුත් මාව දන්නෙ නෑ කියලා හෙන මර්සියක් දාල බේරිලා ..

එදා තමයි අපේ උන් රුපියල් දෙසීයට පැට්‍රල්මැක්ස් එකකුයි ප්ලාස්ටික් ලොකු බකට් එකකුයි අරන් තිබ්බෙ.. ඔයාල හිතනව ඇති එච්චර ලාබෙට කොහොමද ඒ දෙකම ගත්තෙ කියලා... වෙලා තියෙන්නෙ මෙහෙමයි... රුපියල් 200ක් දීලා ප්ලාස්ටික් බකට් එක අරන් පැට්‍රල්මැක්ස් එක බකට් එක ඇතුලට දාලා පියනෙන් වහගෙන ඇවිත්....

ප.ලි. මේ වගේ වැඩ හරි නෑ කියලා තේරෙන්නෙ දැන්.. ඒත් ඒ කාලෙ මේ වගේ ආතල් ගත්තෙ නැත්නම් වැඩකුත් නෑ කියල හිතෙනවා වෙලාවකට...

8 comments:

  1. බාලදක්ෂයා විශ්වාසී කටයුතු අයෙකි කියන බාලදක්ෂ නීතියේ පලමුවෙනි කොටසට අනුව මේ වැඩේ වැරදි වුනත් නීතියේ නමවෙනි කොටසට අනුව බාලදක්ෂයා සකසුරුවම් අයෙකි කියන කොටසට දාලා බලද්දී නම් වැඩි අවුලක් නැහැ වගේ...... : )

    ReplyDelete
  2. හික් හික් හික්.. ඒ කාලෙට ඔව්ව හිතෙනවා තමයි බන්. අපි ස්කෝලෙ ඉගාව කඩෙන් කොච්චර බීම බෝතල් ඉස්සුවද ඒ කාලේ.. හපොයි එහෙම වැඩ. කාලයක් යද්දි අපිට ම එපා වෙනවා ඒව.

    මරු සිද්දිය හැබයි... අහු උනානම් ඉවරයි උබ

    ReplyDelete
  3. හප්පා අපි කැඩෙටිං කරන කාලෙත් ඔහොම ගේමක් දුන්නා. මෙව්ව කියවන කොට අපේ අතීතෙ මතක් වෙනවා. ඒ ඒ කාල වල කරපුව මතක් වෙනකොට තනියම හිනා යනවා.

    ReplyDelete
  4. පට්ට පදිරි සීන් එක ... හැබැයි ඉතින් මනුවෙල් අප්පුහාමි බ්ලොග් එක බලල නඩු දායිද දන්නෙ නෑ

    ReplyDelete
  5. මේ සීන් එක වෙන වෙලාවේ මාත් මේ හොර කල්ලියේ සාමාජිකයෙක්

    මට තාම මතකයි අභීත අය්යා දුවපු හැටි.ඒ වගේම තමයි අය්යා දිව්වට පස්සේ අපිවත් පරීක්ෂා කරයි කියලා බයට බඩුත් උස්සගෙන ප්‍රධාන පාර මඟ ඇරලා අපි දුවපු හැටි.ඒ දුවන ගමන් අපි කිව්වෙ "මේ යකා කෑවනේ වැඩේ, තව බඩු ටිකක් උස්සගන්න තිබුනා" කියලා.

    දිනේෂ් අය්යත් මොනාදෝ බැටරි කෑලි වගයක් පෙන්නලා ෂේප් වුනා.වෙලාවට ඒ බැටරිවලට සල්ලි ගෙව්වා කඩකාරයාට මතක තිබුනා.

    අනිත් සීන් එක තමයි, ඔය හොර කල්ලියට හැමෝවම තෝරගත්තෙත් නෑ.නියමෙට හොරකම් කරන්න පුලුවන් කියලා හිතපු කට්ටියයි, මාට්ටු වුනොත් මොනා හරි ගේමක් දීලා මාරු වෙන්න පුලුවන් කට්ටියයි තමයි තෝරගත්තේ.

    අභීත අය්යලා, අපි ඒ අතර ඉදිරියෙන්ම සිටියා. :D

    ReplyDelete
  6. අපෝ අභීත අයියේ අපි නම් ඔයාලගේ ලෝකෝත්තර වැඩ දන්නවා.හැබැයි වරදක් නෑ.අපි කවුරුත් ඔය කාලෙ ඔය බෝට්ටුවෙම තමයි

    ReplyDelete
  7. අපේ පාසලාසල තිබූ වෙලිවිට ස්ටොරෙස් අදිපති තුමා දිනක් සොරකම් ඉවසගත රේල් පාරෙ වැඩ කල අයට දෙන්නෙමු.

    ReplyDelete