මා හැගි හොදම තැන තමයි කිතුල්ගල... හොදට විනෝද වෙලා ගගේ නාල ගමේ විදිහට කාල ඕනෙනම් White Water Rafting පාරකුත් දල එන්න පුලුවන්.... කිතුල්ගල ගිහින් වැඩක් නෑ කියපු කිසි කෙනෙක් මට මෙච්චර කාලෙකට හම්බවෙලා නෑ...
දෙවෙනි එක තමයි බලපිටිය සහ කහව... මාදුගගේ රවුමක් ගිහින් කහව මුහුදෙ තියෙන ස්වභාවික නාන තටාකයෙ නාල එතනින්ම හොදට කාල එන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව...
අනිත් එක මහනුවර.. ටිකක් සම්ප්‍රදායික ගමනක්.... ඒක ඕනෙනම් පින්නවලට සීමා කරල සංවිධානය කරගන්න පුලුවන්..

මීගමුව සහ හලාවතත් ඒ වගේ Spend the Day එකකට කියාපු තැන්.. නමුත් මේ පැත්තෙ යද්දි ටිකක් දන්න කට්ටිය එක්ක ගියොත් තමයි හොද.... මොකද, සුද්දෙට හරිම හපන්නු තමයි මුහුදු වෙරලෙ ඉන්නෙ...
කොලඹට කිට්ටුවෙන්ම ඕනනම් ඔයාලට බොල්ගොඩ, නාච්චිමලේ (මේ ගැන දැන ගන්න මූණු පොතේ Lanka Tour Organizers එකේ Fan Page එකට එකතු වෙන්න....) වගේ තැනුත් කිසි ප්‍රශනයක් නැතුව යන්න පුලුවන් තැන් තමයි....
සල්ලි ටිකක් වැඩිපුර තියෙනවනම් Hotels වලට යන්න පුලුවන්.... අතේ තියෙන ගානට Hotel එකක් හොයගන්න තමයි අපිට කතා කරන්න වෙන්නේ... ඒත් අනේ මන්ද මටනම් Hotel එකකට ගිහින් දවසක් ගත කරනවට වඩා ස්වාභාවික පරිසරයත් එක්ක ගැටෙන ටිකක් ෆන්...
අප්‍රකට තැන් එහෙමත් ගොඩාක් තියෙනවා.. ඒවා ප්‍රසිද්දියේ කියන්නෙ නැති නිසා මෙතනින් අපිට කතා කරන්න පුලුවන්... එක දවසින් ගිහින් එන්න තවත් තැන් මම සදහන් නොකලෙ ඒ තැන් වලට ලගාවීමට තියෙන වෙලාව ටිකක් වැඩි නිසයි
මම අද රෑ යනවා යාපනේ... ගිහින් ඇවිත් ඒ ගමන ගැන ඉතාම හොද විස්තරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා....
නියමයි!
ReplyDeleteනියමයි ... ළඟදීම ඔබේ සේවාව ලබා ගන්නම්කො
ReplyDeletehaffoi annna mullaka hari mamath innawa :P
ReplyDeleteOshan
ammapaa ow nennam :D
ReplyDelete