
බ්ලොග් එකක් ලියද්දි හරි හරි දේවල් තමයි වෙන්නෙ. සමහරු කෝල් කරල කියනව මචන් අහවල් කථාව ලියපන්... එහෙම නැත්නම් කියනව ඒ මචන් අර සීන් එක නම් දාන්න එපා කියලා... කොහොමත් මගෙ බ්ලොග් එකෙන් කාටවත් කරදරයක් කරන්න අදහසක් නැති නිසා මම මේකට දාන posts ගැන ප්‍රශ්ණයක් ඇති වෙන එකක් නෑ කියල මම හිතනවා.....
ගිය සතියෙ පොරොන්දු උනානෙ බෝඩිමේ වෙච්ච හොදම කතාව ලියනව කියල මේ සතියෙ... කතා නායකයගෙන් අවසරේ ගත්තට එයා කිව්වෙ "මගෙ නම දාන්නෙ නැතිව උඹට ඕන මගුලක් දාපන්" කියල... ඒ නිසා අපි එයාට ලකී කියල කියමු. ලකියා හිටියෙ මගෙ රූම් එකේ අනිත් ඇදේ... හරි දැන් පටන් ගනිමු කතාව.
අපේ බෝඩිමට අල්ලපු ගෙදර හිටියා පවුලක්.. අම්මයි තාත්තයි අක්කයි නංගියි තමයි ඒ ගෙදර හිටියේ.... අක්ක ටිකක් ලස්සනයි... නංගි නම් ටිකක්වත් ලස්සනයි කියලා කියන්න අමාරුයි... ඒත් අපේ උන්ගේ අවාසනාවටද කොහෙද වැඩිපුරම අපේ බෝඩිම දිහාට නෙත් හෙලන්නෙත් ඒ නංගි තමයි... අපේ කොල්ලො කොලු කමට ඒ නංගිට කිව්වෙ යකා කියලා... ගෙදර අනිත් අයත් යකාගෙ අක්ක, යකාගෙ තාත්තා, යකාගෙ අම්ම විදිහට හැදින්වුනා... ඒ අතරෙ අපේ කොල්ලො ලතා ලතා කියන සින්දුවට යකා යකා කියල ආදේශ කරගෙන ගායනා කරන්නත් පුරුදු වෙලා හිටියා...
දැන් තමයි කතාව... අපේ ලකිය ඔන්න යකාත් එක්ක යාලු උනා.. ලකියා ලස්සන සුදු කොල්ලෙක්.. යකාගෙ හැටි මම කිව්වනෙ.. (යකා කියල කියන්නෙ ඒ ගෑනු ලමයගෙ නම දන්නෙ නැති නිසා මිසක් අවමන් කිරීමේ චේතනාවකින් නෙමේ කියල කරුණාකරල හිතන්නා).
මම කියල තියෙනවනෙ අංක 01 කතාවෙදි අංකල් නීති කාරයා සහ දරුනු මිනිහෙක් කියල... මේක දැනගෙන අංකල් ලකියට කිව්ව ඕක නවත්තපන් නැත්නම් මම නරක මිනිහ කියන්න එපා කියලා....එත් මූ නෙමේ ඇහුවෙ... හැමදාම රෑ 8න් පස්සෙ වැට ලගට වෙලා දෙන්න කතාව.. අපේ එකා වැටෙන් මේ පැත්තෙ.... යකා වැටෙන් අනිත් පැත්තෙ. දැන් අංකල්ට ඌරු ජුවල්... දෙපාරක් කිව්ව.. මූ නෙමේ ඇහුවෙ.. අනේ ලොක්කො මට මොනව කරන්නද ඇහුව මූ අංකල්ගෙන්.. ඉදපන්කො උඹට කරන වැඩේ මම පෙන්නන්න කියල අංකල් කිව්වා... එක දවසක් අංකල් අපිට කිව්ව අද මම හොද කෙලියක් අරූට කරනවා.. බලන්න ඕනනම් කලින් වරෙල්ලා කියලා... අංකල් කිව්වොත් ආයෙත් දෙකක් නෑ... අපිත් දැන් කලින්ම ඇවිත් ඉන්නව... රෑ 8ත් උනා... මූත් වැට ලගට ගිහින් කෙල්ලත් එක්ක කතාව.. මොකුත් වෙනව කියලා පේන්නෙත් නෑ.. අපිත් හිටිය අපේ පාඩුවේ...
ඔන්න වෙලාව.. එක පාරටම ඩෝං ගාල සද්දයක් ආව බෝම්බයක් ගැහුව වගේ.. අපිත් බයවෙලා රූම්ස් වලින් එලියට ආව මිදුලට යන්න හිතාගෙන.. අපි මිදුලට යන කලින් ලකිය ඇතුලට ආව දාඩිය පෙරාගෙන, වෙව්ල වෙව්ල.... අපි හිතුව මොකක් හරි අවුලක් තමයි.. කියල එලියට බැහැල බලද්දි යකාත් දුවනව ගෙදරට පණ එපා කියාගෙන....
හොයල බලද්දි මොකද දන්නවද වෙලා තියෙන්නෙ? අංකල් තුන් හුලස් රතිඤ්ඤයක් දාල මේ දෙන්න කතා කර කර හිටපු තැනට... අංකල්ගෙ හැටි දන්න අපි හිත හදගත්තෙ මුන් දෙන්නට වෙඩි නොතිය රතිඤ්ඤයක් දාපු එක ගැන හිහල... කොහොමත් අංකල් එක්ක ඔරොප්පු වෙච්ච ලකී බෝඩිමෙන් ගියා ඉක්මනටම ඒ සිද්දියෙන් පස්සෙ..
හික්ස්.:)
ReplyDeleteඅංකල් හමුදාකාරයා කියලනේ කිව්වේ.කිව්වත් වගේ හොඳ වෙලාවට රතිඤ්ඤාවෙන් වැඩේ ෂේප් වුනු එක හොඳයි.
කාටවත් අනතුරක් වුණේ නැද්ද ?
නෑ... ඔක්කොම හිටියෙ වෙන්නෙ මොකක්ද කියල බලාගෙන තම තමන්ගෙ රූම්ස් වලට වෙලා.
ReplyDeleteමම ඇහුවේ ලකි ගැනයි, යකා ගැනයි :)
ReplyDeleteනෑ නෑ... හැබැයි දෙන්නා ගමකට භය උනා.. යකා මාස දෙකක් විතර යනකන් දැක්කෙත් නෑ.
ReplyDeleteලකියගේ ලක් එකට තමා එහෙම උනේ මට හිතෙන්නේ හික් හික්
ReplyDeleteයකා කිව්වාමයි මතක් වුනේ , මොරටුව විශ්ව විද්‍යාලේ යකා කියන්නේ කැත කෙල්ලන්ට.අම්බ යකා කියන්නේ අමුම අමු කැත කෙල්ලන්ට.මේ වචන ටික කලකට කලින් පාවිච්චි වෙච්ච ඒවා.දැන්නං කොහොමද දන්නේ නෑ!!! :)) මොකද මම තාම ගියේ නෑ නොවැ!!!
ReplyDeleteaavu Bro,
ReplyDeletemaxa kathaava..........
lolz....
මේක පට්ට :D වෙලාවක් තිබුන්නෑ මේ blog එක මුල ඉඳන් කියවන්න. ඔන්න අද මුල ඉඳන් අගට කියවන්න ගත්ත.
ReplyDeleteහිහ් හී හී :D
ReplyDeleteඔයාත් අන්තිමට ඒ බෝඩිමෙන්ම කසාදයක් කර ගත්තා නේද?
Delete