Friday, June 18, 2010

අකලට මිලාන ව ගිය මගෙ ලොවේ නා මල.

ගොඩාක් වෙලාවට හිනා යන කතා ලියපු මම අද ලියන්නෙ ඉතා සංවේදී කතාවක්. ඔහු නාමල්... නෑකමින් මගේ බාප්පා.. ඒ කියන්නෙ මගේ අම්මගෙ මාමගෙ පුතා... ඒත් නාමල් බාප්පා උනාට මම කිව්වෙ බාප්පා මචන් කියල.. මට වඩා අවුරුදු 2යි නාමල් වැඩිමල් උනේ.. ඒ නිසා අපි අතරෙ තිබ්බෙ නෑකමින් එහා ගිය මිත්‍රත්වයක්... නෑදෑ පරපුරක් අතරෙ හිටපු හොදම නෑදෑයා නාමල් බාප්පා.

ඔහු හිටියෙ පිලිමතලාවෙ. පොඩි කාලෙම තමන්ගෙ අප්පච්චි නැති උනත් හොද වගකීමකින් කටයුතු කරල අක්කල දෙන්නෙක්ගෙ සහ නංගි කෙනෙක්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල, ගෙවල් හදල තමන්ගෙ වෙර වීරියෙන් සියලු දේ ගොඩ නගපු මා හැගි කොල්ලෙක් ලෙසටයි මම නාමල් බාප්පව දකින්නෙ... ඔහුට තිබ්බෙ සොදුරු සිතක් සහ මනසක්.. ඒක අපේ ම්ලු නෑදෑ පරපුර වෙතටම කිසිදු බෙදයකින් තොරව මුදාහැරියා... නිතරම "මයෙ" කියන විශේෂනය මුලට දාල අමතන්න නාමල් බාප්ප පුරුදු වෙලා හිටියා... මට කිව්වෙ "මයෙ පුතා" කියල.. අපෙ අම්මට "මයෙ අක්කා" කීව නාමල් බප්පා මගේ අක්කට කීවෙ "මයෙ දුවේ" කියලා.

අපි නිතරම මුණ ගැහුනෙ නෑ.. ඉදල හිටල නෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරකදි හරි මළ ගෙදරකදි හරි තමයි අපි මුන ගැහුනෙ.. ඒ වගේ වෙලාවට පොඩි පොඩි හොර වැඩ කරන්න සෙට් උනේ අපි දෙන්න... කවුරුහරි ඉන්න වෙලාවට පිස්සුද ම්යෙ පුතේ කියපු නාමල් බාප්පා කවුරුත් නැති වෙලාවට පිස්සුද මචන් කියල මගෙන් ඇහුව.
අම්මලා අක්කලා වයිෆ්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉදලා ත්‍රීවීල් එකකට අත දාන නාමල් ඉක්මනට නැගපන් කියගෙන මාවත් දාගෙන ඉගිල්ලෙනවා... විනාඩි විස්සක් වගේ ඇතුලත අපි දෙන්න එන්නෙ බීර බෝතල් දෙකකුත් හිස් කරල මොකුත් නොවෙච්ච ගානට.. නාමල්ගෙ වැරැද්දක් කියපු කෙනෙක් මට තාමත් මුන ගැහිල නෑ.. මුන ගහෙන්නෙත් නෑ කියල මට හොදටම විශ්වාසයි....

මෙහෙම හිටපු නාමල් මීට මාස තුනකට කලින් අපිව දාලා ගියා... වැඩ කරපු කාර්යාලයේ හිටපු රියදුරුගෙ අධික වේගයට නාමල් ජීවිතයෙන් වන්දි ගෙව්වා.. කදුළ කියන බින්දුව දුලබ අපේ ඇස් වලින් දින තුන හතරක් පුරාවට කදුළු අඛණ්ඩව ගලාගෙන ගියා.. මම විවාහ උනේ නාමල් බාප්පාට කලින්... ඒතකොට නාමල් බාප්පා මට කීවා "උඹ මට වඩා ඉස්සර උනා එහෙනම්" කියලා. ඒත් නාමල් බාප්පගේ පොඩ්ඩා මගේ පොඩ්ඩාට වඩා මාසයක් වැඩිමල්.... එතකොට නාමල් බාප්පා කිව්වා ඔන්න මේ පාර මම උඹට ඉස්සර උනා මයෙ පුතේ කියලා.. අද නාමල් බාප්පේ, උඹ අපි ඔක්කොටම ඉස්සර වෙලා... සැමගෙම මුව හිනාවෙන් සරසවපු නාමල් ඔහු දන්න අදුරන හැමෝගෙම නෙත් වලට කදුළු එක්කරලා පොලව යට සැගවුනා.... නාමල් බාප්පගෙ වියෝව ගැන කියන්න වචන අපේ හෝඩියෙ නෑ....

නාමල්ගෙ නංගි නාමල් භූමදානයට ගෙනියන වෙලාවෙ මෙහෙම කියනවා මට ඇහුනා
"මගෙ දරුවෙක් වෙලා මගෙ බඩේම ඉපදියන් මයෙ අය්යේ"

නාමල්ගෙ භූමදානය ඉවර වෙලා ආපහු නාමල්ගෙ ගෙදරට පයින් ආපු මට ඇහුන, පස්සෙන් ආපු නැන්ද කෙනෙක් තව කාත් එක්කදෝ මෙහෙම කිව්වා...
"මිනිස්සු ඕනවට වඩා හොද වෙන්න හොද නෑ නංගියේ, එහෙම උන් හරි ඉක්මනට අපිව දාල යනව"

නාමල් බාප්පගෙ තුන් මාසෙ දානෙ 20 කියල ඒ කිරි අම්ම අද කෝල් කරල කිව්වා.. නාමල් වෙනුවෙන් උපන් කදුලක් අදටත් මගෙ හදවතේ තැන්පත්. ඒත් මේ දවස්වල කාර්යාලයෙ තියෙන අධික කාර්ය බහුලකම නිසා මට යන්න වෙන්නෙ නැතිවෙයි කියල තමයි හිතෙන්නෙ... බැරි වෙලාවත් යන්න බැරි උනොත් එදාට පන්සල් ගිහින් නාමල් වෙනුවෙන් පහනක් පත්තු කරනවා... මගේ සිත නාමල් වෙනුවෙන් තවමත් මුමුනන්නෙ මෙහෙම දෙයක්.

නාමල් බාප්ප මචන්, උඹල අපි නිවන් දකින්නෙ නෑ කියල කිව්වෙ ඔයාමයි.. සංසාරය පුරාවට උඹ, මම ලගින්ම ඉපදියන්.

මම තවමත් මේ ගැටළුවට උත්තරයක් හොයනවා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

"අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සූ"

9 comments:

  1. ඔබ නිවැරදියි, අවසන් ප්‍රශ්නෙට පිලිතුරක් මම ගාවත් නෑ!

    ReplyDelete
  2. අපෙත් මාස දෙක තුනකට උඩදි බාප්ප කෙනෙක් මැරුණ අයියේ..... ඒ බාප්ප බැදපු පුංචිගේ ඉඳන්ම හොඳ ගුණ ගම පුරාමත් ඇසුරු කල හැමටත් බෙදුව........ තමන්ට පිළිකාවක් තියන බව දැන දැනත් කිසිම ගානක් නැතුව කවුරුත් මැරෙනවනේ කියල ජීවත් උනා.....

    ගමේ මිනිස්සු මරණ දැන්වීමට ලියපු පද පෙළ මට මේක දැක්කම මතක් උනා.....

    "මිනිසෙක් මළා නම් අප කිසි දුකක් නැත, දෙවියෙක් වන් මිනිසෙක් මළ නිසයි දුක....."

    අවසන් එකට මට කියන්න හිතුනේ ගිය ආත්මේ හොඳ කන්දරාවක් මැද්දට එක පාපයක් නොදැනුවත්ව හරි කරල ඇති කියලයි.......

    ReplyDelete
  3. ඔයා අහපු ප්‍රශ්නෙට නම් මටත් උත්තරයක් නැහැ අයියේ. ඒත් මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ නාමල් බාප්පා මචන්ට නිවන් සුව ලැබේවා කියලා.

    ඒ වගේම එයා සිහිපත් කරලා කරන්න පුලුවන් පිනක් දහමක් කරන එක තමා දැන් ඔයාලගෙන් වෙන්න ඕනේ යුතුකම.

    ReplyDelete
  4. ගස් ගල් වගේ හිටපු මිනිස්සු හිටී ගමන් මෙලොව හැරදා යනෝ..මේ ඉන්න අපිටත් කොයිවෙලේ, මොනවිදියකින් හෝ මෙලොව හැරදා යන්න වෙනෝ.අපි ඉහලට ගත් හුස්ම පිටකරන්න කලින් අපි මැරෙන්න ඉඩතියෙනෝ.ඒත් සමහරු ජීවත්වෙන්නේ නොමැරෙන උන් වගේ..කරන්න තියෙන සක්කිලි වැඩ ඔක්කො ම කරලා සමාජයට බරක්වෙලා සත්තු වගේ අවුරුදු ගණන් ජීවත්වෙන උන්ට වඩා ඒ බාප්පා ජීවත්වෙලා හිටපු ටික කාලෙදී කොච්චර හොඳින් මනුස්සයෙක් වගේ ජීවත්වෙලා තියෙනව ද...ඉතින් අපි ඒ ගැන සතුටුවෙමු..
    ජීවිතේ හැටි ඔහොම තමා..උපදින ආත්මයක ආයිත් මේ වගේ අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු!!!
    ජයවේවා!!!

    ReplyDelete
  5. හොද මිනිස්සු හරි ඉක්මනට අපෙන් ඈත් වෙනවා... අද මේ වගේ කතාවක් කියවපු දෙවැනි පාර. ඉබ්බගෙ සෑම් සර් ගැන කතාවත් මේ වගේම හුඟක් සංවීදී එකක්.

    නිවන් දක්කින්නෙ නැහ කිව්ව නාමල් බාප්පට නිවන් යන්න කියන්න බැහ...

    ඒත් උබල ගාවම ඒ වගේම හොඳ මනුස්සයෙක් වෙලා උපදින්න ලැබෙන්න කියල පතනවා :ස්

    ReplyDelete
  6. ටිකක් හිනාවෙන්න කිව්වට දැන් ඇඬෙන කතාත් දානවනේ, කවදා හරි අපිටත් ඔය ටිකම තමයි අය්යේ, ජීවිතය කියන්නේ උඩට ගත්ත හුස්ම ටික පාතට දානකන් sure නෑ.කොයි වෙලාවෙද කියලා කියන්න බෑ.

    ReplyDelete
  7. ඇත්තටම මචන් මේක කියවනකොට මගෙ ඇසටත් කඳුලක් ආව.

    ReplyDelete
  8. නාමල් බාප්පා හොඳ තැනක උපදීවි.ඒ වෙනුවෙන් මගෙනුත් ප්‍රාර්ථනාවක්!

    ReplyDelete
  9. බ්ලොග් කියවන්න පටන් අරගෙන එච්චර කාලයක් න්වුනට කථා සියගානක් කියවලා හිනාවෙලා ඇති.... බ්ලොග් එකක් කියවල ඇහට කදුලක් ආව පලවෙනි වතාව... නාමල් බාප්ප හොද තැනක ඉපදේවි...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...