බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Sunday, June 20, 2010
උපුල් ගැන තවත් එක් කතාවක්......
උපුල් මල්ලී ගැන මම කලින් කතාවක සදහන් කලා... ඒ ප්‍රාදේශීය විවිධත්වය 2 කියන කතාවෙදි... ඒකෙදි මම ඔහු ගැනත් සදහන් කලා කියලා මට මතකයි.... මම යන චාරිකා අතරින් මම කැමතිම මේ උපුල්ගෙ ගෙදර යන්න... කොළඹ ඉදන් ගාල්ලට ගිහින් ගාල්ලෙ ඉදන් අකුරැස්සට ගිහින් අකුරැස්සෙ ඉදන් දාම්මලට ගිහින් තවත් විනාඩි 20ක් විතර පයිනුත් යන්න ඕන... අක්කර 7ක තේ වත්තක් මැද පිහිටලා තියෙන ඒ ගෙදරට නිවැසියන්ගේ සෙනෙහෙබර ආගන්තුක සත්කාරය එකතු උනාම එතන සැබෑම සොදුරු තැනක්...
උපුල් හරිම විනෝදකාමීයි කියලා මම කියල තියෙනවනෙ... ඒක නිසා උපුල්ට වෙන ඇබැද්දිත් ගොඩාක් වැඩියි... මේ එක සිද්දියක් විතරයි..... තව ඒවා මතු කාලයකදී කියන්නත් බලාපොරොත්තු වෙනවා....
බාලදක්ෂ ව්‍යාපාරය තුලින් හදුනාගත්ත යාලුවො එක් දවසක අපේ ගමට ආවා... ඒ ආවහම නවාතැන් ගන්නෙ දමින්ද මල්ලිලාගෙ ගෙදර.. (මෙයා ගැනත් කතා තියෙනව ගොඩාක්...) මේ ගෙදරට යද්දි පොඩි අතුරු පාරක් දිගේ මීටර් 900ක් විතර ඇවිදගෙන යන්න තියෙනවා... දැන් අපි 15ක් විතර ඇවිදගෙන යනවා.. කොල්ලො 15ක් ඉන්න තැනක විනෝදය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?
අවාසනාවක මහත.. ගෑණු ළමයි දෙන්නෙක් එනවා ඉස්සරහට... එතකොට ඉතින් ඔන්න අපේ උන් ටික උපුල්ට කිව්වා... පුලුවන්නම් ගිහින් ඔය කෙල්ලො දෙන්නත් එක්ක කතා කරපන්... උපුල් කියනවා කෙල්ලො දහදාහකට වැඩියෙන් කතා කරපු මට මුන් දෙන්න කවුද කියලා.. එහෙම කියලා මූ පුරුෂ ධෛර්යය අරගෙන ගියා ගෑණු ළමයි දෙන්න ගාවට... ඔන්න ඇහුව මෙහෙම...
නංගී, මේ පාර දිගටම තියෙනවද?
කෙල්ලො දෙන්නටත් තේරුනා මුට වැරදුනා තමයි කියලා... වෙනදට මේ වගේ ඒවට රවන බනින ගැණු ළමයින්ට අද යන එන මං අමතක වෙලා හිනා වෙන්න පටන් ගත්තා... අපේ කොල්ලො ටිකත් උඩ පැන පැන හින වෙනවා... මූටත් දැන් හෙනම ලැජ්ජාව...
මම පස්සෙ හෙමීට මෑන්ගෙන් අහුවා උඹ මොකක්ද අහන්න ගියේ කියලා.. ඌ කිව්ව මම අහන්න ගියෙ අයියේ, මේ පාර දිගටම ගිහින් වැටෙන්නෙ කොහෙටද? කියල... ඒත් ඇහුනෙ අර විදිහටනෙ කියලා....
අන්තිමට උනේ පොර වෙන්න ගිහින් මෙලෝ තේරුමක් නැති ප්‍රශ්නයක් අහලා ඔක්කොම චා කරගත්ත එක..... (හසිතගෙ චා ගෲප් එක ගැන නෙමෙයි මේ)....
ප.ලි. මේ කතාවට හිනා යන්නෙ නැතිවෙයි කියලත් කීප දෙනෙක් කිව්වා.. එත් ඔන්න ඔහෙ කමක් නෑ කියලා මම දැම්මා....
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
හික්ස් :)
ReplyDeleteවාහනේක ගිය පොරක් පාරේ හිටිය කොල්ලෙක්ගෙන් පොර ටෝක් එකෙන් ඇහුවලු මල්ලි මේ පාර කොහෙටද යන්නේ කියලා. කොල්ලත් හිනාවෙලා කිව්වලු මේ පාර ඉස්සරහටනේ යන්නේ මහත්තයා කියලා.
තවත් දවසක ඔහොම අහපුවාම් කිව්වාලු දවල්ට නම් මේ පාර කොහෙවත් යන්නේ නැහැ මහත්තයා රෑට නම් කොහේ යනවද කියලා දන්නේ නැහැ මහත්තයා කියලා කිව්වාලු :) :) :)
"මෙයා ගැනත් කතා තියෙනව ගොඩාක්..." මළා........
ReplyDeleteපාර දිගටම තියෙනවො..........
ReplyDeleteපව් කොල්ලා
ReplyDeleteඇත්තටම හිනා යන්නෙ නම් නෑ ... හැබැයි මරු බයිට් එක
ReplyDeleteමරු "පාර" බං!
ReplyDeleteමේක්නං මක්කැයි නේ අභීත අයියෙ..
ReplyDeleteහික් හික් හික් මරු කතාව..........
ReplyDeleteඅපේ ඩයල් එකකටත් ඔහොම සීන්ස් එකක් උනා අපිගිය ට්‍රිප් එකකදී. මිහිහට අපි කිව්ව මේ පාරෙන් ගියහම නුවර පාරට වැටෙනවද කියල පාරේයන කෙනෙක්ගෙන් අහන්න කියල ( මිනිහ ඉස්සරහ සීට් එකේ හිටපු හන්දා ).
ඔන්න ඉස්සරහින් අංකල් කාරයෙක් එනවා. අපෙ වාහෙනේ ස්ලෝ කොලා.
ඔන්න අපේ ඩයල් එක පැනපු ගමන් අහපි "අංකල් මේ පාරද කියලා". අංකල්ටත් එකපාරටම හිනාගිහින් මෙහෙම කිව්වා.....
ඔව් මහත්තයා මේක පාරතමයි " ඇයි මහත්තයට පේන්නෙ මොකක්වගේද ? " කියල ඇහුවෙ නැතෑ. හික්ස්......
කොලටි පාර :P
ReplyDelete